නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පොතු කබර ඇති අයට හාට් ඇටෑක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පොතු කබර ඇති අයට හාට් ඇටෑක්

Published November 27, 2023

පොතු කබර ගැන කී විට අපේ සිතට ඇති වෙන්නේ සම ආශ්‍රිත රෝග තත්ත්වයක් පමණක් බැව් ඔබ සිතනවා නම් ඒ අදහස දැන් ඉවත් කර ගැනීමට සිදු වෙනවා. පොතු කබර රෝගීන්ට වෙනත් ආකාරයේ හෘද රෝග සංකුලතාවයන් ඇති වීමේ අවදානමක් ඇති බැව් දැන් හඳුනාගෙන තිබෙනවා. බ්‍රි‍තාන්‍ය වැනි රටවල පුද්ගලයන් 50 දෙනෙක් අතර එක් අයෙකු පොතු කබර රෝග තත්ත්වයෙන් පසු වෙනවා. මේ රෝග තත්ත්වය නිසා සමේ නීරෝගී සෛල ආසාදනය වෙන අතරම, සම රතුවීම, කැසීම, පොතු ගැලවී යෑම වැනි අහසුතාවයන් ඇති වෙනවා. ඒ වගේම පොතු කබර රෝගීන් මෙම අහසුතාවයටත් වඩා සමාජය වෙතින් තමා ප්‍රතික්ෂේප වෙතැයි වූ බිය නිසාම දැඩි මානසික පීඩනයට පත් වෙනවා.

අවදානම් කණ්ඩායමක්

හෘද රෝග නිසා ජීවිතයේ යම් අවදානමක් ඇති කරන අතරම පුද්ගලයෙකුගේ ජීවිතයේ ගුණාත්මක බවටත් හානි ඇති කරනවා. අප සෑම දෙනාම දන්නා පරිදි අහිතකර කොලස්ටරෝල් ගිණුම, තරබාරුව, දුම්පානය, ශරීර ස්කන්ධ දර්ශකයේ අගය අනුව අවදානම් කාණ්ඩයේ පසු වීම හෘදරෝග සහ ආඝාත තත්ත්වයට හේතු වෙනවා. එක්සත් රාජධානියේ 50 හැවිරිදි Anna McFadyen නැමැති කාන්තාවක් හදිසියේ හෘද රෝග තත්ත්වයකට පත් වුණා.

හදවත් රෝග සංකුලතාවයන්ට හේතු කාරක සියලු සාධකයන්ගෙන් තමා නිදහස් බව ඇය වෛද්‍යවරුන්ට තරයේ කියා සිටියා. නමුත් ඇගේ රුධිර පරීක්ෂණ වාර්තාවේ Lipoprotein අගය ඉහළ මට්ටමකින් පැවැති නිසා වෛද්‍යවරුන් විසින් මේ කාන්තාව ultrasound scan පරීක්ෂණයක් සඳහා යොමු කළා. ඒ වාර්තාවට අනුව ඇගේ කිරීටක ධමනීන් අවහිර වී තිබුණ අතර බෙල්ල ප්‍රදේශයේ සිට මොළයට රුධිරය රැගෙන යන රුධිර වාහිණියක් සිහින් වී තිබුණා.

පොතු කබර රෝගයෙන් පෙලෙන බව වෛද්‍යවරුන් පැවසුවා

මම නිතර ව්‍යායාම කරනවා. මගේ ශරීර ස්කන්ධ දර්ශකය 22 ක් වැනි නීරෝගී අගයක තිබෙනවා. මද්‍යසාර හෝ දුම්පානයෙන්ද බැහැරයි. ඇය එසේ සඳහන් කළත් පොතු කබර රෝගය නිසා ඇයට මෙම සංකුලතාවයන් ඇති වී තිබෙන බැව් වෛද්‍යවරුන් විසින් පැහැදිළි කළා.

පොතු කබර සහ හෘදයාබාධ අතර අන්තර් සම්බන්ධතාවයක්

ඇමරිකා එක්සත් ජනපදයේ චර්ම රෝග පිළිබඳ මහාචාර්ය ජෝල් ජෙල්ෆන්ඩ් සඳහන් කරන අන්දමට පොතු කබර රෝගීන්ට හෘදයාබාධ ඇති වීමේ ඉහළ අවදානමක් තිබෙනවා. 2006 වසරේ පටන් මේ සංසිද්ධිය මුල් කරගෙන සිදු කරන ලද අධ්‍යයනයන් මගින් ඒ බැව් තහවුරු වී තිබෙනවා.

ඒ වගේම 2018 වසරේදී Global Healthy Living Foundation මගින් සිදු කරන ලද අධ්‍යයනයක් මගින්ද පෙන්වා දෙන අන්දමට පොතු කබර රෝගීන්නේ 96% ක්ම රෝගය වෙනුවෙන් නිසි ප්‍රතිකාර ලබා ගන්නේ නැහැ. ඔවුන් ප්‍රතිකාර වෙත යොමු වුණේ ප්‍රමාද වී බැව් මේ රෝගීන් විසින් සඳහන් කර තිබුණා.

නමුත් පොතු කබර රෝගීන්නේ 30% ක් නිවැරදි ලෙසින් රෝගය හඳුනාගෙන ප්‍රතිකාර වෙත යොමු වී තිබුණ බැව් මෙම සමීක්ෂණ වාර්තවේ සඳහන්. ප්‍රතිකාර ප්‍රමාද වුණ රෝගීන් බොහෝ දෙනෙක් පසුකාලයේදී සන්ධි ආශ්‍රිත නිදන්ගත රෝග තත්ත්වයට පත්ව සිටින බවත් මෙම අධ්‍යයනයේදී තහවුරු වුණා.

ඉතාලියේ Padua විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට පොතු කබර රෝග තත්ත්වය නිසා ඇති වෙන ප්‍රදාහයන් නිසා කුඩා රුධිර නාල අවහිර වෙනවා. මේ නිසා රුධිර ගමනාගමනයේ ඇති වෙන යම් යම් අවහිරතාවයන් නිසා කාලයත් සමග කිරීටක ධමණීන්ගේ අවහිරතාවයටත් බලපෑම් ඇති වෙනවා.

ඒ වගේම මේ රෝගීන්ට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර හදිසියේම ඇති වෙන අහසුතාවයක් නිසා සිදු කරනු ලබන වෛද්‍ය පරීක්ෂණ වලින් මේ බව හඳුනා ගන්නවා. ඒ නිසා සෙසු රෝග තත්ත්වයන් නිසා ඇති වෙන හෘදයවස්තුව ආශ්‍රිත සංකුලතාවයන්ට වඩා පොතු කබර රෝගියෙක් නිහඬ හෘදයාබාධ තත්ත්වයකට ගොදුරු වීමට වැඩි අවදානමක් තිබෙන බැව් මෙම අධ්‍යයනයන් මගින් සනාථ වී තිබෙනවා.

සුබ ආරංචියක්

ලන්ඩනයේ කින්ස් රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය Chris Griffiths සඳහන් කරන අන්දමට පසුගිය වසර 20 කාලයේදී පොතු කබර රෝගීන් වෙනුවෙන් වූ ප්‍රතිකාර අතර ගල් අඟුරු තාර ආලේපන සහ අධෝරක්ත කිරණ ප්‍රතිකාර භාවිත කළා.

නමුත් දැන් ඊට වඩා වැඩි දියුණු කරන ලද ප්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධ වෙනුවෙන් විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබෙනවා. සජීවි මිනිස් හෝ සත්ත්ව ප්‍රෝටීන් යොදාගෙන නිෂ්පාදනය කරන මෙම ඖෂධ මගින් පොතු කබර රෝගීන්ට තමන්ගේ රෝග තත්ත්වය සඳහා පෙර පැවැති ප්‍රතිකාරවලට වඩා ඉදිරි පියවරක් බලාපොරොත්තු විය හැකි බවට විද්‍යාඥයන් විසින් අනාවැකි පළ කර සිටිනවා.

( mail online ඇසුරෙන් )

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️

 

TAGGED: Anna McFadyen, Lipoprotein, Psoriasis, scantest
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

භාග්‍යවතුන්වහන්සේ දුටුවා මෙන් පහන් සිත උපදවාගත හැකි ස්ථාන නමදින්න

May 12, 2025

දැනගත යුතුම නව අරහාදී බුදුගුණ

May 12, 2025

මහා තොරණ්වලට බයක් සැකක් නැතුව ලයිට් දෙන අක්ක නගෝ

May 12, 2025

වෙසක් පෝය ලෝකෙට ගෙනිච්ච කදිරගාමර්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?