නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හරියට තිබ්බොත් හොඳවෙන නැත්නම් ප්‍රශ්න මතුවෙන මුල්ගල
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

හරියට තිබ්බොත් හොඳවෙන නැත්නම් ප්‍රශ්න මතුවෙන මුල්ගල

Published November 20, 2023

නිවසක් ඉදිකිරීමේදී අපේ ප්‍රධානම බලාපොරොත්තුව වන්නේ එම නිවස ඉක්මනින් ඉදිකර එහි සුවසේ ජීවත්වීමය. විවිධ ගැටලු මධ්‍යයේ තමා විසින් උපයාගත් මුදලින් තමන් විසින් ඉදිකරන්නට සැරසෙන නිවස සඳහා සුබ නැකතින් මුල්ගල තබා නිවසේ වැඩ ඉක්මනින් අවසන් කරගැනීම සියලුම දෙනාගේ බලාපොරොත්තුවයි.

එහෙත් නිවසේ වැඩ අතරමග නතරවීමට යම් යම් හේතු කාරණා එල්ල වන්නේ අප නොසිතන ආකාරයෙනි. එසේ නොවීමට නම් මූලික වශයෙන් අප කළ යුත්තේ සුබ නැකැත් වේලාවකට නිවැරදි ක්‍රමවේද අනුගමනය කරමින් මුල්ගල තැබීමය.මුල්ගල යනු නිවසක් ඉදි කිරීමේ දී එහි අත්තිවාරමට තබන මුල්ම ගල වේ. මෙය මංගල ශිලාව හෝ නිධන්ගල ලෙසද හඳුන්වනු ලබයි. මෙය නිධන් වස්තු තැන්පත් කරන ලද මංජුසාවක් ලෙසත් ඇතැමුන් සලකයි.

කෙසේ වෙතත් මුල්ගල් තැබීමද නියමිත දිශාවක් සහ වාස්තු ශාස්ත්‍රනුකූල ක්‍රමවේදයකට අනුව සිදුකළ යුතුය. නිවසක් නිර්මාණය කිරීමේදී හෝ ඉන්පසුවද නිවසක යම් යම් දෝෂ ඇති විය හැකිය.

මෙම දෝෂයන් ප්‍රධාන වශයෙන් 05 කි.ඒවා

01. ආරම්භක දෝෂ

02. නිර්මාණ දෝෂ

03. පරිසර දෝෂ

04. හැසිරීමේ දෝෂ

05. අනියම් දෝෂ

වශයෙන් හැඳින්විය හැක.

මෙහිදී නිවසක් ඉදි කිරීමේදී එය ආරම්භ කරන අවස්ථාවේ ඇතිවන දෝෂ ආරම්භක දෝෂ වශයෙන් හඳුන්වයි. මෙහිදී සුබ වේලාවකට සිටුවනු ලබන පළමු මංගල කූඤ්ඤයේ සිට පළමු පස් පිඩැල්ල කැපීමත් ඉන්පසුව මුල්ගල තබන සුබ වේලාව දක්වා ඇතිවන සියලු සිදුකිරීම්වල වැරදි ආරම්භක දෝෂ ලෙස හැඳින්වේ.

මෙම ආරම්භක දෝෂ නොමැති නම් ඉතාම ඉක්මනින් නිවසක් ඉදිකර ගතහැකිය. නමුත් මුල්ගල තබා අත්තිවාරම පමණක් ඉදිකර වැඩ නතර වී ඇති අවස්ථාවන්ද මුල්ගල තබා අත්තිවාරම ඉදිකර බිත්ති පමණක් බැඳ ඇති අවස්ථාවන්ද තවත් විටක බිත්ති බැඳ වහළයද ඉදිකර වැඩ නතර වී ඇති අවස්ථාවන්ද, දොර ජනෙල්ද තබා ඉන් එහාට වැඩ නතර වී ඇති අවස්ථා දක්නට ඇතත් ඔබ අප සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව වන්නේ නිවසේ වැඩ ඉක්මනින් අවසන් කරගැනීමය.

එමෙන්ම වැඩි මුදලක් නොමැතිව තමාට හැකි කුඩා කොටසක් පමණක් ඉදිකිරීමට සිතා ඉදිකිරීමට පටන්ගන්නා නිවාස ඉතා ඉක්මනින් විස්මිත ලෙස සාදා නිම කරගන්නා අවස්ථාවන්ද බොහෝ ඇත.

මෙහිදී නිවසක අත්තිවාරමේ බල කේන්ද්‍රය ලෙස මුල්ගල බලපායි. මෙය විදුලි පරිපථයක විදුලිය ගමන් කිරීම හා සමානය. එනම් නිවැරදි ලෙස තැබූ මුල්ගල ශක්ති පරිපථයක් ලෙස ක්‍රියාත්මක වේ. නියමිත ප්‍රමාණයකින් එනම් දිග අඟල් 09 ක් උස අඟල් 05 ක් පළල අඟල් 04 ක් ද වන මුල්ගලක රන් රිදී ආදී පස්ලෝද නවරත්න ආදී මැණික්ද උඳු මුං ආදී ධාන්‍යයන්ද සඳුන් ආදී ඖෂධයන්ගෙන්ද සමන්විත වන අතර මුල්ගලට මෙම සියලු දේ දමා හිස්වන ප්‍රමාණය සරු වී ඇටවලින් පුරවා පියන වසා සුබ හෝරාවේදී එය ගෘහ මූලිකයාගේ අතින් තැන්පත් කළ යුතුය.

එසේ නැතහොත් අදාළ නිවස තැනීමට මුදල් යොදවන තැනැත්තා, නිවසේ ස්වාමිදුව හෝ දරුවකු මේ සඳහා සුදුසුය. පළමුව තම ආගමට අනුව සිදුකෙරෙන වතාවත්වලින් ආශිර්වාද ගැන්වූ මුල්ගල පුරාණ සෘෂි මතය අනුව පූර්ව දක්ෂිණ දිශාව හෙවත් ගිනිකොණ දිශාවේ තැබිය යුතුය. මෙම අවස්ථාව තම ආගමික ආශිර්වාද මැද සිදුකිරීම ඉතාම සුදුසුය.

ගිනිකොණ දිශාවේ මුල්ගල තැබීම මගින් එම නිවස සෑදීමට නිවැසියන් තුළ වැඩි උනන්දුවක් ඇතිකරවයි. තවද නිවස ඉක්මනින් සාදා නිමකළ යුතුය යන හැඟීම නිවැසියන්ගේ සිත් තුළ ඇතිකරවයි.ඊසාන දිශාවද මුල්ගල තැබීමට සුදුසුය. මරු නොමැති දිශාව වශයෙන්ද පිරිසිදුම දිශාව වශයෙන්ද හැඳින්වෙන ඊසාන දිශාවේ මුල්ගල තැබීමෙන් බොහෝ සුබපල උදාකරගත හැකිය

මීට අමතරව උපරිම වශයෙන් නිවසකට මුල්ගල් 08 ක් තැන්පත් කළ හැකිය. ඒ අනුව පිළිවෙළින් පළමු මුල්ගල ගිනිකොණ දිශාවේද දෙවැන්න දකුණු දිශාවේද තුන්වැනි ගල නිරිත දිශාවේද හතරවෙනි ගල බටහිර දිශාවේද පස්වන ගල වයඹ දිශාවේද හයවන ගල උතුරු දිශාවේද හත්වන ගල ඊසාන දිශාවේද අටවන ගල නැගෙනහිර දිශාවේද තැබිය හැකිය. මෙය පුරාණ සෘෂි මතයන්ට අනුව දකුණු දිශාවට කැරකැවෙන ආකාරයට දිශාගතව තැබිය යුතු බව පැහැදිලිය.

මෙහිදී අනෙකුත් මුල්ගල් තැබීමට ආරාධනා කරන හිත මිතුරන් සිටී නම් තම නිවස සෑදීමට ආධාර උපකාර කරන හෘදයාංගමව දියුණුව පතන අය ඒ සඳහා තොරාගැනීමට කල්පනාකාරී වන්න.මේ අතර මුල්ගල තැබීමේ දී සුදුසු ස්ථාන හා නුසුදුසු ස්ථාන ඇත. කිසිවිටෙකත් මුල්ගල පෑගෙන ස්ථානයක එනම් දොරක් යට, විශාල ජනේලයක් යට තැබීම නුසුදුසුය. එමගින් විශේෂයෙන් ගෘහ මූලිකයාට හා නිවැසියන්ට පාද ආශ්‍රිත රෝග ඇතිවිය හැකිය.

නිවස ඉදිකිරීමද අතරමග නැවතිය හැකිය. මීට අමතරව නිවසක විකර්ණ රේඛා කැපෙන ස්ථානවල මුල්ගල තැබීමද සුදුසු නොවේ. තවද බිත්තියක මුල්ලකට වන්නට මුල්ගල තැබීමද නුසුදුසුය. සාමාන්‍යයෙන් අධික බරක් යෙදෙන නිවාස ඉදිකිරීමේදී යොදන අඩි 3’× 3’ හෝ ඊට වැඩි කණුවලට යටවන පරිදිද මුල්ගල තැබීම නුසුදුසුය. මෙය ආරම්භක දෝෂයක් වන අතර මුල්ගලේ ඇති බලය අඩුවීමට හේතුවකි.

තවද නිවසේ නාන කාමර හෝ වැසිකිළිය ඇති ස්ථානයක මුල්ගල තැබීමද ඉතාම නුසුදුසුය. මෙයද නිවසේ වැඩ අඩාල වීමට හේතුවකි. නිවසේ අත්තිවාරම සම්පූර්ණයෙන්ම යොදා නිවසේ කොටසක් සාදා ඇතිවිටෙක නිවසේ සාදා නොමැති කොටසක මුල්ගල ඇත්නම් එම ස්ථානය අව් වැසි ආදියෙන් පීඩාවට ලක්වන්නේ නම් එවැනි ස්ථානද ඉතාම නුසුදුසුය.

එනම් පෙර සඳහන් කළ පරිදිම මුල්ගලේ ඇති බලය අඩුවීමටද එය හේතුවකි. නිවසේ පෝරණුව හෝ උඳුනක් ඇති ස්ථානයකට යටවන පරිදි මුල්ගල තැබීමත් නුසුදුසුය. මුල්ගල තැබීමේදී එය හරි කෙලින් කිසිදු ඇදයක් නොමැතිව තැබිය යුතු බවද සඳහන් කළ යුතුය.

ඉහත සඳහන් කළ ආකාරයට නිවසේ මුල්ගල නිවැරදිව තැන්පත් කිරීම මත නිවස තැනීම අඩාල නොවී නිවැසියන්ගේ බලාපොරොත්තු ඉටු වී සැපෙන් සතුටින් එහි වාසය කිරීමට වාසනාව උදාවනු ඇත .තවද ප්‍රායෝගික කරුණක් ලෙස මුල්ගල තැබූ ස්ථානය හොඳින් මතකයේ තබාගැනීම මෙන්ම එම ස්ථානය නිවාස සැලසුමේ සටහන් කර තබාගැනීම වඩා සුදුසුය. මන්ද යත් වසර ගණනාවකට පසුව වුවද නිවසේ යම් වෙනස්කමක් සිදුකිරීමට අවශ්‍ය වුවහොත් ඒ මගින් මුල්ගල ඇති ස්ථානය පහසුවෙන් ඕනෑම පුද්ගලයෙකුට හඳුනාගත හැකිවනු ඇත.

තවද නුසුදුසු ස්ථානයක මුල්ගල තබා ඇත්නම් හෝ දැනට තබා ඇති ස්ථානයෙන් ඉවත් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහාද සුදුසු ක්‍රමවේදයක් ඇත. එනම් සුබ වේලාවක් ලබාගෙන පැරණි මුල්ගල ඉවත් කරගෙන පසුව එය තම ඉඩමෙන් ඉවත් කර ගලාගෙන යන ජලයට දැමිය යුතුය.

පසුව තම ආගමික වතාවත්වලින් අනතුරුව පෙර සඳහන් කළ පරිදි නව මුල්ගල තබාගැනීම සුදුසුය. මේ අනුව බලන විට මුල්ගල නිවැරදිව තැබීම නිවසක් ඉදිකිරීමේ දී ඉතාම වටිනා වාස්තු ශාස්ත්‍රනුකූල සංකල්පයක් බව පෙන්වාදිය හැකිය.මේ ආකාරයට නිවැරදි ලෙස මුල්ගල තබා ඉදිකරගන්නා ඔබගේ සිහින නිවස තුළ ප්‍රීතිමත් ජීවිතයක් ගතකිරීමට ඔබට වාසනාව උදාවනු ඇත.

වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැලසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes- මිනුවන්ගොඩ

ධම්මික හේවාවසම්

TAGGED: aloka homes, Architecture, house, mulgala, wasthu dosha
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?