නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම වළකන Transurethral water-jet ablation තාක්ෂණය
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම වළකන Transurethral water-jet ablation තාක්ෂණය

Published November 20, 2023

මොකක්ද මේ පුරස්ථි ග්‍රන්ථිය

පිරිමි පුද්ගලයන්ගේ මුත්‍රා මාර්ගය පුරස්ථි ග්‍රන්ථිය තුළින් වැටී තිබෙනවා. පුරස්ථි ග්‍රන්ථියේ විශාල වීම නිසා මුත්‍ර ප්‍රණාලය මත ඇතිවන පීඩනයෙන් මුත්‍රා පහ කිරීමේදී අපහසුතාවයක් ඇති වෙනවා. මේ අවහිරතාවය නිසා විවිධ රෝග ලක්ෂණ මතු වෙනවා. පුරස්ථි ග්‍රන්ථිය කුඩා වුණත් රෝග තත්ත්වයන්ට පත් වීම වගේම පුරස්ථි ග්‍රන්ථිය විශාල වුණත් රෝග තත්ත්වයන්ට පත් නොවන්නට පුළුවන්. මෙතැනදී බලපාන්නේ ග්‍රන්ථියේ ප්‍රමාණය නොව එයින් ඇති වෙන අවහිරතාවයයි.

පිරිමින්ගේ වයසට යෑම නිසා අවදානම වැඩිවීම

Benign Prostatic Hyperplasia, (BPH)  යනුවෙන් හැඳින්වෙන පිළිකාවක් නොවන පුරස්ථි ග්‍රන්ථි විශාල වීම ආශ්‍රිත රෝග තත්ත්වයකදී රෝගියාට වේදනාවක් හෝ කැක්කුමක් ඇති වන්නේ නැහැ. නමුත් මුත්‍රා කිරීම පිළිබඳව යම් වෙනස්කම් දැක ගන්න පුළුවන්. මුත්‍රා කිරීම ආශ්‍රිතව සිදුවන වෙනස්කම් නිසා BPH රෝග තත්ත්වයට පත් පිරිමි පුද්ගලයන් දැඩි සේ පීඩාවට පත් වෙනවා. එක්සත් ජනපදයේ පිරිමින් අතරින් මිලියනයක් පමණ පිරිසක් පුරස්ථි ග්‍රන්ථි විශාල වීම ආශ්‍රිත රෝග තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින බැව් වාර්තා වෙනවා.

බොහෝ දෙනෙක් මෙය පුරස්ථි ග්‍රන්ථියේ ඉදිමීමක් විදිහට පෙන්වා දුන්නත් ඇත්තටම මෙතැන සිදු වන්නේ ඉදිමීමක් නොව ග්‍රන්ථිය ප්‍රමාණයෙන් විශාල වීමක් බව සඳහන් කළ යුතුයි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 30 න් පසුව මෙම ග්‍රන්ථිය විශාල වීම ආරම්භ වෙනවා. වයස අවුරුදු 60 ඉක්ම වූ පිරිමින් අතර 60% ක් රෝගීන් වුණත් එයිනුත් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ 40% ක පමණ පිරිසක් වීමත් විශේෂත්වයක්.

පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත සංකුලතාවයන් වෙනුවෙන් ප්‍රතිකාර

සුළු රෝග තත්ත්වයන් (mild) සඳහා චර්යාමය වෙනස් කිරීම රෝගියා පිළිකා නොවන රෝග තත්ත්වයේ වුණත් අවම රෝග ලක්ෂණ සහිත නම් චර්යාමය ලෙසින් යම් යම් වෙනස්කම් සිදු කිරීමට උපදෙස් ලබා දෙනවා. රාත්‍රි කාලයේදී වරින් වර අවදි වී මුත්‍රා බර පාලනය කර ගැනීමට අපහසු නම් රාත්‍රි කාලයේ වතුර පානය සීමා කිරීම වැනි ජීවන රටාවේ යම් යම් වෙනස්කම් ඇති කර ගැනීමට උපදෙස් ලබා දෙනවා.

ඖෂධ ලබාදීම

මේ වෙනුවෙන් ලබා දෙන ඖෂධ කාණ්ඩ කීපයක් තිබෙනවා. මෙම ඖෂධ මගින් පුරස්ථි ග්‍රන්ථිය සහ මුත්‍රා මාර්ගයට විවෘත වන මෘදු පේශි සෛල ඖෂධ මගින් ඉහිල් (relax) කිරීම නිසා මුත්‍රා අවහිරතාවයන් අඩු කරනවා. සමහර ඖෂධ මගින් ග්‍රන්ථියේ විශාලත්වය අඩු කිරීමට උපකාර වෙනවා. ඒ වගේම මෙම ඖෂධ අඛණ්ඩව ලබා ගත යුතුයි. රෝග තත්ත්වය අඩු වූ විට ඖෂධ නතර කළොත් නැවතත් රෝග තත්ත්වය වැඩි වෙන්න ඉඩ තිබෙනවා. මෙහිදි ඖෂධීය ප්‍රතිකාර ලබා දුන්නත් එයින් සහනයක් ලැබෙන්නේ 30% කට පමණ රෝගීන් සංඛ්‍යාවකට බැව් National Institute for Health and Care Excellence හි මුත්‍රා ජන්‍ය ශල්‍ය වෛද්‍ය විශේෂඥ නීල් බාබර් සඳහන් කරනවා.

ඖෂධීය ප්‍රතිකාර මගින් සුවය නොලබන විට හෝ වෙනත් හඳුනාගත් සංකුලතාවයක් තිබුණොත් ශල්‍ය කර්මයක් සිදු කිරීම අවශ්‍ය වෙනවා. මේ වෙනුවෙන් සිදු කරන සැත්කම TURP (Trans Urethral Resection of Prostate) යනුවෙන් හැඳින්වෙනවා. දැනට සිදු කරන මෙම ශල්‍ය කර්මය වසර 50 ක පමණ ඉතිහාසයක් සහිත සාර්ථක සැත්කම් ක්‍රමයක්. මෙම සැත්කම සිදු කිරීමේදී රෝගියා අර්ධ Spinal anesthesia නිර්වින්දයක් යටතේ අදාල සැත්කම සිදු කරනවා.

TURP සැත්කමින් පසුව ඇති වෙන සංකුලතාවයන්

මෙම සැත්කම සිදු කිරීමෙන් පසුව විවිධ අතුරු සංකුලතාවයන් ඇති වීමට ඉඩ තිබෙනවා.

මුත්‍රා පාලනය කර ගැනීමේ ගැටලු

ලිංගික සම්බන්ධතාවයන්හිදී ඇති වෙන අපහසුතාවයන්

ලිංගික බෙලහීනතාවය

සැත්කමෙන් පසුව ඇතිවන මෙවැනි අපහසුතාවයන් නිසා පුරස්ථි ග්‍රන්ථි විශාල වීමේ රෝග තත්ත්වයට පත් පිරිමින් වෙනුවෙන් නව ප්‍රතිකාර ක්‍රමයක් National Institute for Health and Care Excellence (NICE) ආයතනය මගින් හඳුන්වා දී තිබෙනවා. මෙය Transurethral water-jet ablation එහෙම නැත්නම් aquablation යනුවෙන් හැඳින්වෙනවා.

Transurethral water-jet ablation ක්‍රියාකාරීත්වය

මෙම ප්‍රතිකාර ක්‍රමයේදී රෝගියා සම්පූර්ණයෙන්ම නිර්වින්දනය කිරීමත් හෝ කොඳු ඇට පෙළ නිර්වින්දනයක් කිරීම සිදු වෙනවා. අල්ට්‍රාසවුන්ඩ් probe උපකරණය යොදා ගනිමින් ගුද මාර්ගය සහ පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව පිහිටීම පරිලෝකනය කර පරිගණක තාක්ෂණය යොදා ගනිමින් සැලසුම් කරනු ලබනවා. තවත් probe උපකරණයකින් මුත්‍රාශය සහ පුරස්ථි ග්‍රන්ථි පරිලෝකනය සිදු කරනු ලැබේ. ඒ අනුව අධි වේග ජල ප්‍රහාරයක් ( water jet ) ඇතුළු කිරීම සිදු වෙනවා. එහිදී කුඩා පටක සේදී යන අතර ඒවා probe උපකරණයේ පිහිටි port ඔස්සේ ඉවත් කර ගැනීමට හැකියාවක් ලැබෙනවා.

මේ තාක්ෂණය වෙනුවෙන් විනාඩි 45 – පැයක් පමණ කාලයක් ගත වෙනවා. ඒ වගේම රෝගියාට පැය 24 ක කාලයින් පසුව රෝහලෙන් පිටව යන්නත් පුළුවන්. මෙහිදී රෝගියාට තාවකාලික කැතීටරයක් සවි කරන අතර දින කීපයක් මුත්‍රා සමග රුධිරය පිටවීම, නිතර මුත්‍රා පිට කිරීමේ අවහ්‍යතාවය සහ මුත්‍රා දැවිල්ල වැනි සුළු රෝග තත්ත්වයන් ඇති වුණත් ඒවා දින කීපයකින් යථා තත්ත්වයට පත් වෙනවා.නමුත් පුරස්ථි ග්‍රන්ථි විශාල වීමේ රෝග තත්ත්වය වෙනුවෙන් සිදු කරන Trans Urethral Resection of Prostate ශල්‍ය කර්මය සමග සංසන්දනාත්මකව බලන විට මෙම Transurethral water-jet ablation තාක්ෂණයේ සංකුලතාවයන් ඉතාම අවම මට්ටමක පවතින බැව් NICE හි මුත්‍රා ජන්‍ය ශල්‍ය වෛද්‍ය විශේෂඥ නීල් බාබර් සඳහන් කරනවා.

( ඩේලි මේල් ඇසුරෙන් )

පුන්‍යා චාන්දනී ද සිල්වා















 

TAGGED: Benign Prostatic Hyperplasia, health, Prostate gland, Transurethral water-jet ablation, TURP
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?