නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හිතේ ගින්දර වැඩිකරපු බඩුමිල පොඩ්ඩක්හරි පාලනය කරගන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

හිතේ ගින්දර වැඩිකරපු බඩුමිල පොඩ්ඩක්හරි පාලනය කරගන්න

Published November 13, 2023

මේ වනවිට ලංකාවේ භාණ්ඩවල මිල සීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒ නිසාම දවසින් දවස ඉහළ යන ඔබේ ජීවන වියදමත් පාලනය කළ නොහැකි තත්ත්වයකට දැන් පත් වෙලා ඇති. මේ කාරණාව දැන් අපේ රටේ පොදු ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා භාණ්ඩවල මිල ඉහළ යන මේ කාලයේ ඔබේ සිල්ලර බඩුවල බිල පාලනය කරගන්න පුළුවන් ටිප්ස් කිහිපයක් ඔබට කියන්න අපි හිතුවා…

මුලින්ම සැලසුමක් සකස් කරන්න

මෙය ඔබ අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕන කටයුත්තක්. සැලසුමකට අනුව ඔබ භාණ්ඩ මිලදී ගැනීම සිදු කරනවා නම් අනවශ්‍ය මිලදී ගැනීම් බොහෝමයක් වළක්වා ගන්නට ඔබට පුළුවන්. ඒ වගේම මේ සැලසුම සකස් කිරීම ඔබ ඉතා නිදහසේ කළ යුතුයි. නිවසේ මේ වන විටත් ඔබ සතුව ඇති සිල්ලර බඩු පරික්ෂා කර බලා ඉදිරි දින කිහිපය හෝ ඉදිරි සති කිහිපය වෙනුවෙන් ඔබට අවශ්‍ය කරන භාණ්ඩවල ලැයිස්තුවක් සකස් කරගන්න.

ප්‍රමුඛතාවලට ඉඩ දෙන්න

ඔබේ නිවසේ ආහාර අවශ්‍යතාවලට ඔබට අනිවාර්යයෙන්ම වුවමනා මොනවද කියලා ඔබ හොඳින්ම දන්න නිසා ඔබ භාණ්ඩ මිලදී ගන්නට පෙර සකස් කරන ලයිස්තුවේ ඔබට අත්‍යවශ්‍යම භාණ්ඩ මොනවද කියලා තීරණය කරලා ඒවාට ප්‍රමුඛතාවය ලබාදීම සිදු කරන්න ඕන. ඔබේ එදිනෙදා අවශ්‍යතාවලට එතරම්ම වුවමනා නොවෙන ද්‍රව්‍ය හැකිතාක් ඔබේ ලැයිස්තුවෙන් ඉවත් කිරීමට උත්සාහ කරන්න. මේ උපක්‍රයත් ඔබේ මුදල් ඉතිරි කර ගැනීමට හොඳ මාර්ගයක්

Meal Plan එකක් අනුගමනය කරන්න

අපි ඉහත කී කාරණා දෙක තවත් පහසු කර ගන්නට පුළුවන් මාර්ගයක් තමයි මේ. ඔබ සාප්පු සවාරි යන්නට කලින් ඔබ සතුව ඒ වන විටත් Meal Plan එකක් තිබෙනවා නම් එයට අවශ්‍ය කරන අඩුපාඩු ඇති දේවල් මොනවද කියලා ඔබ දන්නවා. එවිට ඔබට මිලදී ගන්නට අවශ්‍ය දේවල්වල ලයිස්තුව සකස් කරගන්නට ඔබට පහසුයි. ඒ විතරක් නෙවෙයි ඔබට කුමන භාණ්ඩයෙන් කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද කියලා අදහසක් තියෙන නිසා මිලදී ගැනීම් පවා ඉතා පහසුවෙන් කරන්නට පුළුවන්.

මිල ගණන් අඩු වෙළඳසැලක් තෝරාගන්න

මෙය ඔබට ඉතා පහසුවෙන් කළ හැකි දෙයක්. බොහෝ වෙළඳසැල්වල ඇතැම් දිනවල සුවිශේෂී වට්ටම් සහිතව භාණ්ඩ විකිණීමට තිබෙනවා වගේම තවත් වෙළෙඳසැල්වල සුපිරි වෙළඳසැල්වලට වඩා අඩු මිල ගණන් යටතේ භාණ්ඩ තිබෙනවා. මෙවැනි වෙළඳසැලක් ඔබ තෝරා ගන්නවා නම් එය ඔබට වඩාත් වාසිදායකයි.

ඒකක මිල පරික්ෂා කරන්න

බොහෝමයක් කුඩා ප්‍රමාණයේ අයිතම වල මිල තරමක් වැඩි අතර ඒ නිෂ්පාදනයේම විශාල ප්‍රමාණයේ අයිතමය මිලදී ගැනීම වඩා වාසිදායක වනවා. සීරියල් වර්ග, කිරිපිටි වර්ග, සීනි, ලුණු ආදි වියළි ආහාර ද්‍රව්‍ය වල කුඩා පැකට්ටු මිලදී ගන්නවාට වඩා විශාල පැකට් මිලදී ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න ඔබට පුළුවන්.

හොඳින් පරීක්ෂාකර මිලදීගන්න

බොහෝ සුපිරි වෙළෙඳසල්වල ඇති රාක්ක මත භාණ්ඩ අසුරා තිබෙන්නේ සුවිශේෂී වූ ක්‍රමයකටය. හොඳ සහ ප්‍රසිද්ධ වෙළඳ නාම යටතේ ඇති මිල අධික භාණ්ඩ රාක්ක වල ඇස් මට්ටමේ ගබඩා කර තිබෙන අතරම සාමාන්‍ය වෙළඳ නාම යටතේ පහසු මිල ගණන් වල තිබෙන භාණ්ඩ අසුරා තිබෙන්නේ රාක්කවල ඉහළම සහ පහළම කොටස් වලයි. ඒ නිසා ඔබ භාණ්ඩ තෝරා ගන්නා විට ඇස් මට්ටමේ ඇති භාණ්ඩ වෙත පමණක් අවධානය යොමු නොකර අනෙක් භාණ්ඩ සහ ඒවායේ මිල ගණන් ද හොඳින් පරීක්ෂාකර මිලදී ගැනීම් සිදු කරන්න.

තොග වශයෙන් මිලට ගන්න වියළි ආහාර ද්‍රව්‍ය සඳහා මේ ක්‍රමය

අනුගමනය කරන්න ඔබට පුළුවන්. බොහෝ ආහාර ද්‍රව්‍යවල අද පවතින මිල දින කිහිපයකින් වැඩි වීමට ඉඩ තිබෙන නිසා මේ ක්‍රමය ඔබට තරමක් වාසිදායක වෙයි. හාල්, පරිප්පු, සීනි, ධාන්‍ය වර්ග සහ තුන පහ වර්ග තොග වශයෙන් මිලට ගෙන ආරක්ෂාකාරී ලෙස ගබඩා කර තබන්නට ඔබට හැකියාව තියෙනවා.

ආදේශකවලට යොමු වෙන්න

ඔබ මීට පෙර දිනපතා මස් මාළු අනුභව කළ අයෙක් වුණත් වර්තමානයේ පවතින තත්ත්වය අනුව දිනපතාම ආහාරයට ගැනීම සඳහා මස් මාළු මිලට ගැනීම ඔබට අපහසු විය හැකියි. නමුත් ඔබේ දෛනික ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරා ගැනීම අනිවාර්ය නිසා ඒ සඳහා ඔබට ආදේශක වෙත යොමු වන්නට පුළුවන්. ටෝෆු, සෝයා වර්ග වැනි දේවල්ද මස් මාළු සමග ම මිලට ගන්නවා නම් ඔබට මස් මාළු වෙනුවෙන් වැයවන මුදල තරමක් හෝ අඩු කරගන්නට හැකි වේවි.

ඉතිරි වන දේවල්වලින් පවා ප්‍රයෝජන ගන්න

බොහෝ විට ඔබේ ශීතකරණයේ තිබෙන එළවළු අපතේ යන අවස්තා ඕනෑ තරම් ඇති. වර්තමානයේ පවතින තත්ත්වය අනුව එසේ ආහාර ද්‍රව්‍ය අපතේ යැවීම ඒ තරම් සුදුසු නැහැ. ශීතකරණයේ ඉතිරිව ඇති එළවළු යොදාගෙන සුප් වර්ග, නූඩ්ල්ස් හෝ බත් වර්ග සකස් කරන්නට පුළුවන් වගේම ඔබ ඉවතලන්නට සූදානම් වන පලතුරු වලින් අතුරුපස, ජෑම් වර්ග හෝ චට්නි වර්ග වුණත් සකස් කරන්නට ඔබට පුළුවන්.

මේවාට අමතරව ඔබට අවශ්‍ය එළවළු පලතුරු ඔබේ ගෙවත්තේම වගා කරගන්නත් ඔබට පුළුවන්. නමුත් ඔබේ අනෙක් අවශ්‍යතා සහ මිලදී ගැනීම් වෙනුවෙන් මේ උපක්‍රම කිහිපය අනුගමනය කිරීමෙන් ඔබේ සිල්ලර බඩු වල බිල්පත් පාලනය කර ගන්නට හැකියාව තියෙනවා.

(  Smartlady.lk ඇසුරෙන් )

අර්චිත ඉඳුවර

 

TAGGED: Budget, lifestyle, Meal Plan, plan, price
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?