නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කැඩුණු බිඳුණු බුදු පිළිම පන්සලට විසිකරල ඔයත් සිත නිදහස් කරගෙනද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

කැඩුණු බිඳුණු බුදු පිළිම පන්සලට විසිකරල ඔයත් සිත නිදහස් කරගෙනද

Published November 13, 2023

අපේ නිවසක පරිහරණය කරන වටිනාකමක් ඇති භාණ්ඩයක් කැඩුණොත් එය නැවත අලුත්වැඩියා කරනවා. රත්රන් වගේ අගය එකතු වෙන දෙයක් කෑල්ලෙන් කෑල්ල කැඩුණත් විසි කරන්නේ නැහැ. ඒ විතරක් නොවෙයි ගෙදර ඇති කරන වටිනාකමක් ඇති බල්ලෙක්, බළලෙකුගේ පැටවු පාරට ගිහින් දාන්නේ කලාතුරකින්. නමුත් වටිනාකමක් නැති බලු, බළල් පැටව් ගෙනත් පන්සල ළඟින් තියෙනවා. අන්න ඒ වගේ නිවසේ වන්දනාමාන කරන බුදුපිළිමය කැඩුණාමත් පන්සලේ බෝධිය ළඟින් තියලා ගිහින් හිත නිදහස් කර ගන්න අපි පෙළබීලා.

බුදුපිළිම වන්දනාව ආරම්භ වුණේ

බුදුරජානණ්වහන්සේ ජීවමානව සිටියදී පිළිම නිර්මානය වුණේ නැහැ. බුදුරජාණන්වහන්සේ අපට දේශනා කළේ මට සිදු කරන හොඳම ගෞරවය නම් මා විසින් අනුදැන වදාළ ධර්මය අනුව ජීවිතය සකස් කර ගන්න. බුදුහාමුදුරුවෝ කොතැනකදීවත් ආමිස පූජාවට මුල්තැන දුන්නේ නැහැ.

බුදුපිළිමවහන්සේනමක් නිර්මාණය කිරීමේ මුල්ම ආරම්භය කණිෂ්ක රාජ්‍යත්වය කාලයේදී වාර්තා වෙනවා. බුදුහාමුදුරුවන්ගේ මහා පෞරෂය නිසා කිසිම කෙනෙක් උන්වහන්සේගේ රූපය පිළිමවහන්සේ නමක් ලෙසින් හෝ නිර්මාණය කරන්න යොමු වුයේ නැහැ. නෙළුමක් මඩේ පිපිලා මඩ තවරා ගැනීමක් නැතුව ඉස්මතු වන්නා සේ බුදුහාමුරුවෝ මිනිස් ලොව උපත ලබා උත්තරීතර මනුස්සයෙක් ලෙසින් පූජණීයත්වයට පත් වුණා.

නිවසකට බුදුපිළිම වහන්සේනමක් තබා ගැනීම

නිවසක බුදුරජාණන්වහන්සේට වන්දනාමාන කිරීමට තැනක් තිබීම වැදගත්. හැම දෙනාම එකට එක්ව, එකම වේලාවක බුද්ධ වන්දනාව සිදු කරනවා නම් එය සැබෑ බෞද්ධ නිවසක තිබිය යුතු වටපිටාවක් විදිහට අගය කරනවා. වන්දනා කිරීම, සම්බුද්ධ පූජාවන් පැවැත්වීම නිසා පිං රැස් වෙනවා. දරුවන් සහ දෙමව්පියන් එකට එක්ව ගාථා සජ්ජායනා කිරීම නිසා දරුවන් යහමගට යොමු වෙනවා. මේ නිසාම නිවසක් තුළ බෞද්ධ පරිසරයක් නිර්මාණය වෙනවා. නිවසෙන් ගොඩනැගෙන සදාචාරය නිසා එවැනි පවුලකින් සමාජගත දරුවන්ද විනයගරුක පිරිසක් ලෙසින් ජීවිතය සකස් කර ගන්නවා.

ඒ වගේම බුදුපිළිමවහන්සේනමක් නිවසේ ඉහළින්ම තැන්පත් කර තබා ගැනීමට අමතක කරන්න එපා. දේවරූප නිතරම තැන්පත් කළ යුත්තේ බුදුපිළිමවහන්සේට වඩා පහතින්. බුදුරජාණන්වහන්සේ දෙවියන්ට ධර්මය පවා දේශනා කළේ මැදියම් රාත්‍රියේදී ඒ වගේම සම්‍ය දෘෂ්ටික දෙවිවරු වගේම මිථ්‍යා දෘෂ්ටික දෙවිවරුත් සිටිනවා.

අද අපේ බෞද්ධයන් විවිධ දෙවිවරු මුල් කරගෙන වැඳුම් පිඳුම් කරන ප්‍රවණතාවයක් දැන් ගොඩ නැගිලා. ආර්ථික සම්පත් ලබා ගැනීම වෙනුවෙන් සිදු කරන වන්දනාවන් නිසා නිවසක පවා බුදුරජාණන්වහන්සේ වෙනුවෙන් වූ ගරුත්වය අඩුවෙන රටාවක් ගොඩ නැගෙනබවක් පෙනෙනවා.

එක බුදුපිළිමයක් නිවසකට ඇතිවිට

නිවසක බුදු පිළිමවහන්සේනමක් තැන්පත් කර තිබෙන ස්ථානය ශුද්ධ භුමියක්. ඒ වගේම නිවසකට එක බුදු පිළිමවහන්සේනමක් හොඳින්ම ප්‍රමාණවත්. කාමර ගනණට බුදු පිළිමවහන්සේලා අවශ්‍ය නැහැ. සැබෑ බෞද්ධයෙක් නම් බුදුපිළිමයක් නොමැතිව වුණත් වන්දනාමාන කරන්න හැකියාව තිබෙනවා. නව අරහාදී බුදුගුණ සජ්ජායනා කරද්දී බුදුරජාණන්වහන්සේ හිතේ මැවෙනවා.

“ශ්‍රද්ධා බීජ තපෝ වුට්ඨි ” අපේ හිතේ බුදුරජානණ්වහන්සේ මුල් කරගෙන ශ්‍රද්ධාව ගොඩනගාගැනීම අවශ්‍යයි. එහෙම නැතුව වාහනේ “I am Budddhist” කියන ස්ටිකරය අලවා ගත්තාට බෞද්ධයෙක් වෙන්නේ නැහැ. වාහනේ “නමෝ බුද්ධාය” ස්ටිකරය අලවා ගෙන ඒ ලොරියෙන් හොර හරක් පටවනවා නම් එතැන බෞද්ධකමක් තිබෙනවාද?

සැබෑ බෞද්ධයෙක් බුදු පිළිමවහන්සේනමක් තැන තැන විසි කරන්න නෑ

බුදුපිළිමවහන්සේ නමක් වුණත් කැඩෙන්න බිඳෙන්න පුඵවන්. “සබ්බේ සංඛාරා අනිචාචත” සියලු සංස්කාර අනිත්‍යයි. කියන ධර්මතාවය බුදු පිළිමවහන්සේනමක් සම්බන්ධයෙනුත් සත්‍යයි. විවිධ ද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කළ බුදු පිළිමවහන්සේනමක් වුණත් කැඩෙන්න බිf​ඳන්න පුළුවන්. අලුත්වැඩියා කළ හැකි නම් එය අලුත්වැඩියා කරන්න. නැත්නම් ගෞරවයක් සහිතව ආදාහනය කරන්න. එහෙම නැතුව වටපිට බලලා කවුරුත් පේන්න නැත්නම් පන්සලේ බෝධින්වහන්සේ වෙත තැන්පත් කරලා යෑමෙන් හිත නිදහස් වුණත් පවෙන් නිදහස් වෙන්න බැහැ.

පන්සලෙත් පිළිම වහන්සේලා කැඩෙනවා

පන්සල්වල තැන්පත් කර තිබෙන බුදු පිළිමවහන්සේලා අපි අලුත්වැඩියා කරනවා. වර්ණ අඩුවෙන විට වර්ණ ගල්වනවා. හොඳින්ම කැඩි බිඳි ඇත්නම් ගෞරවාන්විතව ආදාහනය කරනවා. ගමේ තිබෙන කැඩුණ, බිඳුන බුදු පිළිමවහන්සේලා ගෞරවාන්විතව ආදාහනය කරන්න පුළුවන්.

මාර්ග මං සන්ධිවල පිළිම වහන්සේලා නිර්මාණය කිරීම

අද බොහෝ මාර්ගවල හෝ සන්ධියකම බුදු පිළිමවහන්සේනමක් අඹනවා. එතැන පිං කැටයකුත් තබනවා. මේවායේ යටින් තිබෙන්නේ වාණිජ අරමුණු පමණයි. හැම තැනකම බුදු පිළිමවහන්සේලා අවශ්‍ය නැහැ. මස් කඩය තියෙන සන්ධියෙත් බුදු පිළිමවහන්සේනමක් අඹනවා. මේ විදිහට තැන නොතැන නොබලා බුදු පිළිමවහන්සේලා තැන්පත් කිරීම සුදුසු නැහැ. නිවසේ ඉවත දමන දෙයක් වගේ බුදු පිළිමවහන්සේනමක් බැහැර කිරීම සුදුසු නැහැ.

බුද්ධිමත්ව සිතන්න

බුදුදහම කියන්නේ ප්‍රඥා ගෝචර වුණ ධර්මයක්. කාලාම සුත්‍රයේදී අපේ බුදුහාමුදුරුවෝ අපට චින්තනය වෙනුවෙන් සම්පූර්ණ නිදහස ලබා දුන්නා. සර්පයෙක් වලිගයෙන් අල්ලනවා සේ තවත් කෙනෙක් කළ කී නිසා තීරණ ගන්න එපා. බෝධින්වහන්සේ සමීපයේ කැඩුණ බුදු පිළිමවහන්සේනමක් දුටුවොත් පසුවදාට නිවසේ තිබෙන සියලුම කැඩුණ, බිඳුණ බුදු පිළිමවහන්සේලා ගෙනත් එතැන තැන්පත් කරනවා. නව අරහාදී බුදුගුණ වචනයෙන් සජ්ජායනය පමණක් ප්‍රමාණවත් නැහැ.ඒ අනන්ත ගුණයෙන් පිරුණ මහාකාරුණික බුදුරජානණ්වහන්සේ ගැන සිතේ ගෞරවයක් ඇත්නම් මේ අන්දමින් බුදු පිළිමවහන්සේනමක් තැන තැන වීසි කිරීමට ඔබේ අත ඉස්සර නොවනු ඇත.

රුහුණු මාගම් පත්තුවේ
ප්‍රධාන අධිකරණ සංඝනායක
ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ
ශ්‍රි අභිනවාරාමය, කතරගම


පුන්‍යා චාන්දනී ද සිල්වා




 

TAGGED: buddha, Buddha statue, buddhism, Buddhist
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?