නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: මුරුංගා,තෙබු,යකිනාරං කොළ මීටපස්සෙ කනවා වෙනුවට තේ කෝපි වගේ බොන්න
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

මුරුංගා,තෙබු,යකිනාරං කොළ මීටපස්සෙ කනවා වෙනුවට තේ කෝපි වගේ බොන්න

Published November 13, 2023

මොරටුව සරසවියෙන් තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමාව හදාරා දුරකථන සමාගමක ඉංජිනේරුවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු ඒ අතරතුර කුළුබඩු ව්‍යාපාරයකද හිමිකරු වනවා. මහේෂ් ජයරත්න නම් වූ ඔහු ඉංජිනේරු රැකියාව හොබවන අතරේ කුළුබඩු ව්‍යාපාරයක හිමිකරු වූ අන්දම මේ විදියට නවලියට කිව්වා….

හිටි හැටියේ නියැළුණ වෘත්තිය වෙනත් අංශයකට යොමු කරන්න හිතුවෙ ඇයි?

පසුගිය කොරෝනා උවදුරත් එක්ක අපේ රටේ හැම ක්‍ෂේත්‍රයක්ම යම් යම් පසුබෑම් වලට ලක් වුණා. ඒ වෙද්දි මම ඉංජිනේරුවරයකු ලෙස ඩයලොග් ආයතනයට අනුබද්ධව සුපර්ෆයින් ඉංජිනියරින් නමින් මගේම කාර්යාලයක් පවත්වාගෙන ගියා. එහි සේවකයන් හැටකට අධික පිරිසක් සේවය කළා. නමුත් රටේ ඇතිවුණු ආර්ථික ප්‍රශ්නත් එක්ක එය තවදුරටත් පවත්වාගෙන යෑම අසීරු වෙලා සේවක පිරිස අඩු කරන්නත් සිද්ධ වුණා. ඒ විදියට අපේ රැකියා ගැන ඇතිවුණු අවිනිශ්චිතභාවය නිසා මම කල්පනා කළා සෙකන්ඩ් ප්ලෑන් එකටක යන්න.

ඒ සඳහා කුළුබඩු නිෂ්පාදනයම තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණද?

ව්‍යාපාර අංශ ගණනාවක් මගේ හිතේ තිබුණා. ඒ අතරේ මම හිතුවා දේශීය දේ ප්‍රයෝජනයට අරගෙන අපනයනය කිරීමේ කටයුත්තක් ඇරඹුවොත් මමත් රැකෙන අතරෙ තවත් පිරිසක් රැකගෙන ඉදිරියට යන්න පුළුවන් කියලා. එතනදි මම කුළුබඩු ව්‍යාපාරය තෝරගෙන මීරිගම ගොවිජන සේවා කාර්යාලයට ගොස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සම්බන්ධ නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගත්තා. ඒ හරහා තමයි සුපර්ෆයින් ඇග්‍රි එක්ස්පෝර්ට් ආයතනය බිහි වෙන්නෙ.

මුල්ම නිෂ්පාදනය වුණේ කහ කුඩු…

ඔව්. හිතපු නැති විදිහට රට තුළ එදිනෙදා ඉවුම් පිහුම් කටයුතුවලට අවශ්‍ය කහ කුඩු වල හිඟයක් ඇතිවුණා. ඒත් එක්කම පාන් පිටි වලට ඩයි යොදා කහ කුඩු ලෙස ව්‍යාජ නිෂ්පාදන වෙළඳපොළට එකතු වෙලා ඒ දේවල් වලට අපි රැවටුණා. අනිත් අතට හැමෝම ගෙවතු වගාවට යොමු වුණ නිසා අමු කහ අස්වැන්න විකුණා ගැනීමට නොහැකි ලෙස ගොඩ ගැහුණා. අන්න එතෙන්දි මං කල්පනා කළා දෙපාර්ශ්වයටම සාධාරණයක් වෙන විදිහට කහ අස්වැන්න මිල දී ගෙන පිරිසිදු කහ කුඩු නිෂ්පාදනය කරන්න.

බලාපොරොත්තු වූ අපනයන කටයුත්ත අත්හැරියද?

මුලින්ම කහකුඩු නිෂ්පාදනය කරල මගේ පියාට අයත් සිල්ලර වෙළඳසැලට තමයි ඒවා ඉදිරිපත් කළේ. ඇත්තටම හිතුවට වඩා ලොකු ඉල්ලුමක් ඇතිවුණා. ඒත් එක්කම අවට වෙළඳසැල් වලින් වගේම අසල්වාසීන්ගෙන් මගේ කහ කුඩු නිෂ්පාදනයට ඉල්ලුම වැඩිවෙලා අපනයන කටයුතු ටිකෙන් ටික ප්‍රමාද වුණා.

එතැනින් පස්සෙ…

මම කල්පනා කළා මේ විදියේ ඉල්ලුමක් ඇති වුණේ නිෂ්පාදනවල ගුණාත්මක බව නිසා කියන එක. එහෙම හිතල ගෙදරක කුස්සියට අවශ්‍ය අනෙක් කුළුබඩු වර්ගත් නිෂ්පාදනය කරන්න. අද වෙනකොට මිරිස්කුඩු වගේම තුනපහ කුඩුත් නිෂ්පාදනය කර බෙදා හරිනවා.

මෙවැනි නිෂ්පාදන සඳහා විවිධ උපකරණ අවශ්‍ය වෙනවා…

ඔව්. ඒ සඳහා මූලිකව මම අමුද්‍රව්‍ය විජලනයට අවශ්‍ය මැෂින් එකක් මිලදීගෙන මගේ කාර්යාලය පවත්වාගෙන යන ස්ථානයේම මේ කටයුත්ත කරගෙන යෑමට ඉඩකඩ වෙන්කළා.

ව්‍යවසායකයෙකු ලෙස ඔබ සාර්ථක වුණා…

ඒක එකපාරටම වුණ දෙයක් නෙමෙයි. අදාල නිලධාරීන්ගෙන් ලබාගත් උපදෙස් වලට අනුව පරීක්ෂණ මට්ටමින් තමයි හැමදේම කළේ. මිරීගම ගොවිජන සේවා කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ ගම්පහ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් අධීක්ෂණ කටයුතු සිදු කරමින් අවශ්‍ය උපදෙස් දුන්නා ඒ අනුව නිසි ප්‍රමිතියට අනුව ගුණාත්මක දේ වෙළඳපලට දෙන්න මට හැකි වුණා. මොන දේ කළත් කෙනෙක් තව කෙනෙකුට වංචාවක් නොකළ යුතුයි කියන තැන තමයි එදා වගේම අදත් මම ඉන්නෙ. ඒක හෙටත් එහෙමමයි. ඒ නිසා මගේ කිසිම නිෂ්පාදනයකට අහිතකර රසයානික ද්‍රව්‍ය බිංදුවක්වත් එකතු නොකරන බව මම වගකීමෙන් කියනවා.

මේ අතර ඔබ තවත් නිෂ්පාදන රැසකට අත තබනවා…

ඇත්තටම ලැබෙන ප්‍රතිචාර වගේම ඉල්ලුම නිසා මා ඇතුළු මගේ කණ්ඩායම දිරිමත් වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඖෂධ වර්ග නිෂ්පාදනයට අපි යොමු වෙන්නෙ. ඒ යටතේ ශරීර සුවතාවයට හැම අතින්ම උපකාරීවන දිව්‍ය ඖෂධය ලෙසින් හැඳින්වෙන මුරුංගා කොළ, සෙම් රෝග නසන යකිනාරං කොළ, දියවැඩියාව මර්දනයට සමත් තෙබු කොළ, ලේ ධාතුව පිරිසිදු කරන කොහොඹ කොළ, ධාතු ශක්තිය වර්ධනය කර ජීර්ණ පද්ධතියට සහනය ලබාදෙන වැල් පෙනෙල, පිළිකා නාශක කටුපිල, කොලෙස්ටරෝල් නසන කරපිංචා වගේම ශරීරයේ විස නසන හීන් බෝවිටියා කොළ වියලා පවුඩර් එකක් ලෙස සකස් කර උතුරන වතුරට හැන්දක් එකතු කර තේ කෝපි ලෙස පානය කිරීමට සකස් කර තිබෙනවා ඒ සඳහාත් විශාල ඉල්ලුමක් පවතිනවා. අපේ සියලු නිෂ්පාදන මේ වන විට ඩරාස් ආයතනය හරහා දෙස් විදෙස් ජනතාවට සමීප කරමින් සිටිනවා.

ඉදිරියේදී නව නිෂ්පාදන වෙළෙදපොලට ඉදිරිපත් කිරීමේ අදහසකුත් ඇති…

අවාරයේ දී ප්‍රයෝජනයට ගත හැකි අයුරින් කිරි කොස් සහ පොළොස් වෑංජනය සියලු කුළුබඩු සහිතව වෙළඳපොළට ඉදිරිපත් කරන්න කටයුතු කර අවසානයි. ලබා ගන්නා කෙනෙකුට කරන්න තියෙන්නෙ පොල් කිරි දමා පිස ගැනීම පමණයි.

අවශ්‍ය අමුද්‍රව්‍ය ඔබට ලැබෙන්නේ කොහොමද?

තවමත් අපි ජීවත් වෙන්නෙ කීනදෙණිය, අඹේපුස්ස කියන නිස්කලංක ගැමි පරිසරයේ. මේ අවට ගම්වල ඔය හැම ඖෂධයක්ම සුලභව වැවෙනවා. හොඳ සැපයුම් කරුවන් පිරිසක් මා වටා සිටින අතරෙ ඔවුන් සපයන දේ නිෂ්පාදනයට වෙනම පිරිසක් ඉන්නවා. ඒ උදව්වෙන් මගේ මූලික පරමාර්ථය වූ මමත් රැකිලා තවත් පිරිසක් රැකගෙන ඉදිරියට යන්නේ බොහොම සතුටින්.

ධම්මික හේවාවසම්
 

TAGGED: entrepreneur, mahesh jayarathna, moringa, spices, turmeric powder
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy3
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඉන්දියාවෙන් ගේන දෙළුම් තමයි කන්නම හොද නැත්තෙ

December 4, 2023

සක්‍රීය ශුක්‍රාණුවක් හඳුනාගැනීමට රොබෝ තාක්ෂණය

December 4, 2023

වචනයෙන් පවා පහර දෙන අසත්පුරුෂයන්

December 4, 2023

අත ළඟ එන සීත කාලෙට සම පරිස්සම් කරගන්න

December 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?