නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: දත් බෙහෙත්වලින් කරන්නේ දත් මදින එක විතරද
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

දත් බෙහෙත්වලින් කරන්නේ දත් මදින එක විතරද

Published November 6, 2023

ඔබ ගෙදර තියෙන දත් බෙහෙත්වලින් මොනවාද කරන්නෙ?

වෙන මොනවද ඉතින් දත් මදිනව මිසක්. ඔබටත් එහෙම හිතෙනවා ඇති නේද? එහෙනම් අද ඉඳල ඒ මතය වෙනස් කරගන්න වෙනවා ඔබට. ඔබේ ගෙදර තියෙන දත් බෙහෙත්වලින් ඔබ නොසිතන තරම් ප්‍රයෝජන රැසක් ගන්න පුළුවන්.

අවපැහැ ගැන්වුණු ඉලෙක්ට්‍රික් බඩු පිරිසිදු කිරීමට

කාලයක් යනකොට අපේ ඉලෙක්ට්‍රික් බඩුවල ප්ලාස්ටික් කොටස අවපැහැයක් ගන්නවා. ටූත්පේස්ට් ටිකක් තෙත මිරිකපු රෙදි කෑල්ලකට අරගෙන අතින් තද කරලා අතුල්ලලා අවපැහැ ගැන්වුණ කොටස පිහදාන්න. බඩුවල අවපැහැය නැති වෙලා යනවා දැකගන්න ඔබට පුළුවන්.

වීදුරු, වාහන වින්ඩ්ස්ක්‍රීන්, හෙඩ්ලයිට් පිරිසිදු කිරීමට

වීදුරුවල මතුපිට තියන කුණු දූවිලි වගේ දේවල් ඉවත් කර පැහැදිලි කරගැනීමට, වාහනවල වින්ඩ්ස්ක්‍රීන් එක පිරිසිදු කරගන්න මෙන්න මේ විදියට කරන්න. මුලින්ම වීදුරු මතුපිට සෝදලා දූවිලි සහ වැලි අංශු ඉවත් කරගන්න. ඊළඟට තෙත ඉවත් කරගන්න වියළි රෙද්දකින් පිහිදන්න. මෘදු රෙදි කෑල්ලකට ටූත්පේස්ට් චුට්ටක් අරගෙන රවුමට තප්පර 30-40 ක් පිහදාන්න. පසුව තෙත රෙදි කෑල්ලකින් පිහදලා ටූත්පේස්ට් අයින් කරගෙන නැවත වියළි රෙද්දකින් පිහිදාගන්න.

බිත්තිවල ඇති චෝක් පැල්ලම් ඉවත් කිරීමට

පොඩි අය ඉන්න ගෙවල්වලට නම් මේක ගොඩක් වැදගත් වෙන්නෙ. ඒ ගෙවල්වල බිත්ති ගන්න දෙයක් නෑ පොඩි අය චෝක්වලින්ම පේන්ට් කරලනේ. ඉතින් ඔයාලා එහෙම බිත්තියක් පේන්ට් කරන්න හිතනව නම් ඊට කලින් චෝක් පැල්ලම් ටික අයින් කරගන්න වෙනවා. ඒකට ටූත්බ්‍රෂ් එකකට ටූත්පේස්ට් ටිකක් දාලා චෝක් පාරවල් දිගේ තදින් බ්‍රෂ් කරන්න. ඊළඟට තෙත රෙදි කෑල්ලකින් හෝ ස්පොන්ජ් එකකින් පිහදාන්න.

කැන්වස් සපත්තුවල සීරීම් ඉවත් කිරීමට හා පොලිෂ් කිරීමට

කැන්වස් සපත්තුවල දීප්තිමත් පැහැය ගන්න නම් රෙදි කෑල්ලකට ටූත්පේස්ට් දාලා සපත්තුවේ රබර් කොටස පිරිසිදු වෙනකල් පිහදාන්න. ඒ වගේම සීරීම් පාරවල් තියන තැන්වල ටූත්පේස්ට් වැඩිපුර ගාලා රවුමට පිහදාගන්න. මතක ඇතුව මේකට තනි සුදු ටූත්පේස්ට් එකක් පාවිච්චි කරන්න. පාට පාට කොටස් තියෙන ටූත්පේස්ට්වලින් සුදු සපත්තුවල පැල්ලම් හිටින්න පුළුවන්.

ඇලුමිනියම් මතුපිට පොලිෂ් කිරීමට

ඇලුමිනියම් භාණ්ඩ සහ කුස්සියේ ස්ටේන්ලස් ස්ටීල් බඩුවල දීප්තිය වැඩි කරගන්න නම් වියළි රෙදි කෑල්ලකට ටූත්පේස්ට් දාලා රවුමට පිහදාන්න. ඊළඟට ටිශූ එකකින් තවත් හොඳට පිහදාගන්න. ඔබට එවිට දීප්තිමත් පෙනුමක් ලබාගන්න පුළුවන්.

අත් යට කළු පැහැය ඉවත් කිරීමට

ටූත්පේස්ට් අඳුරු පැහැ වුණ අත් යට ගාලා විනාඩි 10ක් වගේ තියලා සෝදන්න. මේක සතියට දෙපාරක් වගේ කළාම අවපැහැ ගතිය ටික ටික අඩුවෙලා යනවා.

කෝප්පවල තියන කහට පැල්ලම් ඉවත් කිරීමට

කෝප්පවල තියන පැල්ලම් ඉවත් කිරීමට අපිට විවිධාකාර ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. තේ කහට ඉවත් කිරීමට කෝප්පවලට ටූත්පේස්ට් දාලා වතුර ටිකක් දමා හොඳට බ්‍රෂ් කරගන්න.

මුහුණේ බ්ලැක් හෙඩ්ස්වලට සත්කාරයක් ලෙස

ජෙල් නොවන ටූත්පේස්ට් තේ හැඳි 1/2 කට ලුණු කුඩු තේ හැඳි 1/2ක් මිශ්‍ර කරගන්න. ආලේප කරන්න පහසු වෙන්න වතුර බිංදු කීපයකුත් එකතු කරගන්න. මූණට ගාලා විනාඩි 5 කින් වගේ රවුමට ස්ක්‍රබ් කරගන්න. බ්ලැක් හෙඩ්ස් ඉවත් කිරීමේ හැකියාව ටූත්පේස්ට්වල තියනවා. මේක දිනපතා කරන්න හොඳ නෑ. ටූත්පේස්ට්වලින් සම වියළෙන්න බලන නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන.

අයන් එක පිරිසිදු කරගන්න

ඔයාලගෙ අයන් එකේ යට කොටස කළු පැහැ වෙලානම් ජෙල් නොවන ටූත්පේස්ට් එකක් අරගෙන මුළු පෘෂ්ඨයම වැහෙන්න ගාලා, විනාඩි 2-3 ක් තියලා කපු තුවායකින් රවුමට පිහදාගන්න.

නේල් පොලිෂ් ඉවත් කිරීමට

නේල් පොලිෂ් රිමූවර් ඉවර වෙලානම් ටූත්පේස්ට් වලට බේකින් සෝඩා හා ලෙමන් යුෂ ටිකක් මිශ්‍ර කරලා නියපොතු වල ගාලා රෙදි කෑල්ලකින් හෝ පුළුන් වලින් අතුල්ලලා නේල් පොලිෂ් රිමූ කරගන්න පුළුවන්.

ලෙදර් වල සීරීම් ලකුණු ඉවත් කරගැනීමට

සීරීම් සලකුණු තියෙන ලෙදර් බෑග් හෝ සපත්තු ඔබට තියෙනව නම් ඔන්න දත් බෙහෙත් වලින් ඒ සඳහා විසඳුමක් ලබාගන්න පුළුවන්. මුලින්ම සීරිම් තියෙන තැන්වල දත් බෙහෙත් ස්වල්පයක් ආලේප කරලා මෘදු රෙදි කැබැල්ලකින් එතන පිරිමදින්න. ඊට පස්සෙ තෙත රෙදි කැබැල්ලකින් දත් බෙහෙත් ඉවත් කරගෙන පිරිසිදු කරගන්න.

කෘමීන් දෂ්ඨ කළ සමට වගේම කුරුළෑ සහිත සමේ ආලේප කිරීමත් හොඳ ප්‍රතිඵල ලබාදෙනවා

මදුරුවන් වැනි කෘමි සතුන් දෂ්ඨ කළ පසු ඇතිවන කැසීම් වළක්වා ගන්නත් කුරුළෑ ඉක්මණින් ඉවත් කරන්නත් දත් බෙහෙත් වලට පුළුවන්. මේ සඳහා කෘමීන් දෂ්ඨ කළ ස්ථානයේ දත් බෙහෙත් ස්වල්පයක් ආලේප කරන්න. ඒ වගේම රාත්‍රී කාලයේ කුරුලෑ මත ජෙල් නොවන සහ සම්පූර්ණ සුදු පැහැ නොවන දත් බෙහෙත් ආලේප කර තැබීමෙන් උදේ වන විට කුරුලෑවල විශාලත්වය අඩුවීම සහ ඉක්මණින් වේලීයාමත් සිදුවෙනවා.

( අන්තර්ජාලය ඇසුරෙන් )

අර්චිත ඉඳුවර

TAGGED: clean, Electrical goods, toothpaste, toothpaste trickes
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඉවතලන හාල් නිවුඩ්ඩෙන් දියවැඩියා – කොලෙස්ටරෝල් අයටත් අයිස්ක්‍රීම්

December 4, 2023

පුංචි කාලෙම කොන්ද කඩලා ලොකු වෙනකොට සාර්ථක කෙනෙක් බලාපොරොත්තු වෙන්න එපා

December 4, 2023

බොන්සායි ගසක පැරණි පෙනුම පෙන්නන හැටි

December 4, 2023

ස්මාට් විදිහට ගෙදර වැඩකරවන ඇප්

December 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?