නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: නෝනා කැමති පාට වෙන්නත් ඕන වාස්තුවලට ගැළපෙන්නත් ඕන
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

නෝනා කැමති පාට වෙන්නත් ඕන වාස්තුවලට ගැළපෙන්නත් ඕන

Published November 6, 2023

වාස්තු ශාස්ත්‍රයට අනුව නිවසක, කාර්යාලයක, ව්‍යාපාර ස්ථානයකට සුබ වර්ණ ආලේප කිරීම පිළිබඳව අදහස මතු වී ඇත්තේ මෑත කාලයේ නොව අතීත ශිෂ්ටාචාරයේ සිටය. ඒ සඳහා හොඳම උදාහරණයක් ලෙස අතීත ශිෂ්ටාචාරවල සිතුවම් කරන ලද චිත්‍ර සඳහා භාවිත කර ඇති වර්ණයන් උදාහරණ ලෙස පෙන්විය හැකිය. වර්ණ යනු සොබාදහමේ මනරම් නිර්මාණයක් වන අතර එම වර්ණ මත පදනම් වන වෙනම ශක්තීන්, ගුණයන් හා හැඟීම් පවතී. උදාහරණ ලෙස සූර්ය ශක්තිය පදනම් කරගත් වර්ණාවලිය තුළ නිල් වර්ණය ශාකවල මුල් ඇදීමටත්, කොළ වර්ණය ශාකවල පත්‍ර හට ගැනීමත්, කහ වර්ණය පුරුක් ඇදීමටත් තැඹිලි වර්ණය අතු බෙදීමටත් රතු වර්ණය මල් හටගැනීමටත් ඉන්දිගෝ වර්ණය පල හට ගැනීමටත් දම් වර්ණය මුල් වර්ධනයටත් හේතු වනවා.

තවදුරටත් ඒ පිළිබඳව සොයා බැලීමේදී කහ වර්ණය ඇති ආහාරවල ඇති විටමින් ආදියද කොළ වර්ණ ඇති ආහාරවල විටමින් ආදියද එකිනෙකට වෙනස් වේ. විවිධ රෝගයන් සඳහාද මෙම වර්ණ සහිත ආහාර ගුණ අගුණතාව බලපායි. හැඟීම් පිළිබඳව බැලීමේදී උදාහරණ ලෙස ලා කොළ, නිල් නිසංසල ගතියක් ඇති කරවයි. රතු වර්ණය කලහකාරී ස්වභාවයත් ආහාර රුචියත් ආදිය වර්ධනය කරයි.

මෙම උදාහරණ සලකා බැලීමේදී වර්ණයන්ගෙන් ඇතිවන බලපෑම හොඳින් තේරුම්ගත හැකිය. එම හේතුව මත වර්ණයන්ගෙන් ඇතිවන බලපෑම තමා ජීවත් වන නිවසටද යොදාගත හැකිය. මෙහිදී තවත් ප්‍රධානම සාධකයක් ලෙස විවිධ දිශාවන් නියෝජනය කරන වර්ණයන්ගෙන් නිවසට ලැබෙන ශක්තීන් හා බලපෑම් සඳහන් කළ හැකිය.

නිවසක් ඉදිකිරිමෙන් පසුව එම නිවසේ සක්‍රියභාවය සහ ජීවීභාවය විදහාපාන දෙයක් ලෙස වර්ණ භාවිතය හැඳින්විය හැකිය. මෙහිදී ප්‍රධාන දිශාවන් නියෝජනය වන පරිදි උතුරු දිශාවට නිල් වර්ණයත් දකුණු දිශාවට රතු වර්ණයත් නැගෙනහිර දිශාවට කොළ වර්ණයත් බටහිර දිශාවට අළු වර්ණයත් සුදුසුය. නිවසේ වර්ණයන් පමණක් නොව ගෙවත්තේ පැළ කරනු ලබන විවිධ වර්ණයන්ගෙන් යුක්ත මල්පැළ ආදියද මෙම වර්ණ හා දිශාවන්ට ගැළපෙන ලෙස උද්‍යාන අලංකරණය කර ගැනීමද අමතර වාසියක් ලෙස දැක්විය හැකිය.

නිවසකට ඇතුළුවීමට පෙර පළමුව හමුවන ගේට්ටුව පිළිබඳ බැලීමේදී රත්තරන් හෝ රිදි වර්ණයන් සහිත හැඩතල ඇති කොටස් ගේට්ටුවේ සවිකර ඇත. මෙය ඉතාම සුදුසුය. නමුත් සම්පූර්ණයෙන්ම කළු වර්ණය ගේට්ටුවට ආලේප කිරිම නුසුදුසුය. තවද කොළ වර්ණයත් ගේට්ටුවට සුදුසු වර්ණයක් ලෙස දැක්විය හැකිය. නිවසේ ආරක්ෂාව සඳහා ඉදිකරනු ලබන තාප්ප සඳහා උණුසුම් වර්ණ ලෙස රතු, කහ වැනි වර්ණ ආලේප කිරිම නුසුදුසුය. නමුත් සුදු හෝ කොළ වර්ණයේ ප්‍රභේදයක් තාප්පය සඳහා සුදුසු වේ.

නිවසේ වර්ණ ගැන්වීමේදී ද වර්තමානයේ බොහෝ අවස්ථාවල සුදු වර්ණය භාවිත කරයි. නමුත් ඇතැම් අවස්ථාවල නිවාස සම්පූර්ණයෙන්ම වෙනත් තද හෝ ලා පැහැති තැඹිලි, අළු, ලා කොළ කහ වැනි වර්ණයන් ආලේප කරයි. මීට අමතරව නිවසක එක් බිත්තියක් එක් වර්ණයකින් අනෙක් බිත්තිය තවත් වර්ණයකින් ආලේප කරමින් වෙනම අලංකරණයක් ලබාදෙයි.මෙවැනි අවස්ථාවලදී ඉහත සඳහන් කළ ආකාරයට එම දිශාවන් නියෝජනය වන වර්ණය භාවිත කිරීම ඉතාම වැදගත්ය. මෙහිදී එම අදාළ දිශාවන්ගෙන් ලැබෙන ශුභ ශක්තීන් එම නිවසට ලැබීමට මහඟු පිටිවහලක් දක්වයි.

නිවස ඇතුළත හෝ පිටත සුදු වර්ණ ආලේප කිරීම උදාසීන වර්ණයක් ලෙස සලකන සුදු වර්ණය නිවසක අලංකාරය හා දීප්තිමත් ස්වභාවය හොඳින් පෙන්වන වර්ණයකි. නිවස තුළ ඇති ආලෝකය වර්ධනය කිරීමටත් නිවසක ඇතුළත ඉඩකඩ වැඩිකර පෙන්වීමටත් ගැළපෙන වර්ණයකි. නිවැසියන්ට සෞම්‍ය ගුණ ඇති කරවන සහ නිවැසියන් තැන්පත් ගති ඇතිකරවන වර්ණයකි.

නිවස ඇතුලත හෝ පිටත නිල් වර්ණය ආලේප කිරීම

උතුරු දිශාවට ඉතාම සුදුසු වර්ණයකි. සිසිල් වර්ණයක් වන නිල් වර්ණය නිවස ඇතුළත ජලය සහිත ස්ථානවලට සුදුසුය. ලා නිල් වර්ණය නිදන කාමරවලට සහ කුඩා දරුවන්ගේ අධ්‍යාපන කාමරවලටද ඉතාම සුදුසුය. නිවැසියන් ආගමට ලැදි අය වන අතර ඉතාම නිදහස් ගති පැවතුම් ඇති අය වේ.තවද ධනයට අදාළ උතුරු දිශාවේ නිල් වර්ණය ආලේප කිරීම ඉතාම සුදුසුය.

නිවස ඇතුළත හෝ පිටත කොළ වර්ණය ආලේප කිරීම

නැගෙනහිර දිශාවට ඉතාම සුදුසු වර්ණයකි. පරිසරය හා සම්බන්ධ, පරිසර හිතකාමි, මහන්සිය, විඩාව සහ මානසික පීඩනය දුරු කරවන සිසිල් වර්ණයකි. ආරෝග්‍යශාලාවලටද බහුලව කොළ වර්ණය යොදාගනී. නිවැසියන්ට සාමකාමී ගති පැවතුම් ඇතිකරවන අතර ඉතාම සෞම්‍ය ගති සහිත සිතුම් ඇතිකරවයි. නිදන කාමරවලට හා කුඩා දරුවන්ගේ අධ්‍යාපන කාමරවලට ලා කොළ පැහැති වර්ණය ඉතාම සුදුසුය.

නිවසක ඇතුළත හෝ පිටත රතු වර්ණය ආලේප කිරීම

දකුණු දිශාවට ඉතාම සුදුසු වර්ණයකි. උණුසුම් වර්ණයක් වන රතු වර්ණය තුළින් කලහකාරී ගති ඇති කරවයි. විශේෂයෙන්ම කුසගිනි ඇති කරවන වර්ණයකි. අවන්හල්වලටත් භෝජනාගාරවලටත් ඉතා සුදුසු නමුත් නිවසක මෙම වර්ණය අනවශ්‍ය පරිදි ආලේප කිරිම තුළින් එම නිවැසියන් ඉතා කේන්ති සහගත ගති පෙන්වයි. නමුත් චීන වාස්තු ක්‍රමයට අනුව රතු පැහැය මුදල් ධනය හා සබැඳිව පවතින වර්ණයකි. මුදල් පසුම්බියත් එම මුදල් පසුම්බිය නිවසේ තබන ස්ථානයත් රතු පැහැයෙන් තිබිම සුදුසුය.තවද රතු වර්ණයට සුදු වර්ණය වැඩි වශයෙන් යොදාගත් රෝස වර්ණය තුළින් බොහෝම සාමකාමි ගතිපැවතුම් ඇති කරවයි. ඉතාම මෘදු සෞම්‍ය ගතිපැවතුම් නිවැසියන්ට ඇතිකරවයි.

නිවසක ඇතුළත හෝ පිටතට කඵ  හෝ අඵ වර්ණය ආලේප කිරීම

මෙම වර්ණයන් බටහිර දීශාව නියෝජනය කරයි. අළු පැහැ වර්ණය මෑත කාලයේ නිවාස වර්ණ ගැන්වීමට වැඩි වශයෙන් යොදා ගනී. නමුත් සම්පූර්ණයෙන්ම අනවශ්‍ය පරිදි අළු වර්ණය නිවසට යොදාගැනීම නුසුදුසුය. නිවැසියන් තුළ අලස ගති පෙන්වන සමාජශීලී නොවන සහ ආත්මර්ථකාමී ගති ඇතිකරවන වර්ණයකි.

කළු වර්ණය බිත්ති මත ආලේප කිරීම සිදු නොවුණත් නිවසේ ඉදිකරීම්වලට යොදන කණු වල අලංකාරයට යොදාගනී. නමුත් පොළොවට යොදා ගන්නා ටයිල් සහ බිම ආලේප කරන පොලිෂ් වර්ග සඳහා කළු වර්ණය බහුලව යොදාගනී. මෙය ඉතාම නුසුදුසු ක්‍රියාවකි. මෙමඟින් නිවස තුළ ඇති ආලෝකය අඩුවීමත් නිවස තුළ කලඑළියක් නොමැතිවීමත් කරවයි. පෙර සඳහන් කළ පරිදි නිවැසියන් තුළ අලස හා ආත්මාර්ථකාමි ගති ඇතිකරවයි.

නිවස ඇතුළත හෝ පිටත කහ වර්ණය ආලේප කිරීම

කහ හෝ එම වර්ණයේ ප්‍රභේදයන් උණුසුම් වර්ණ ගණයට අයත් වන අතර ආලෝකමත් වර්ණයකි. මෙය ප්‍රීතිමත් වර්ණයක් වන අතර නිවැසියන් අතර මෛත්‍රිය වඩවන සහ ඉවසීමේ ගුණය ඇති කරවන බව සඳහන් වේ. මෙම වර්ණයේ ප්‍රභේද නිවසක සාලයට ආලේප කිරීම වඩාත් සුදුසුය.

වර්ණ සහ එම වර්ණයන් නියෝජනය කරන දිශාවන් පදනම් කරගෙන පෙර සඳහන් කළ පරිදි වර්ණ තුළ පවතින ශක්තීන්, ගුණයන් හා හැඟීම් ඉස්මතු වන ආකාරයට නිවසකට යොදාගැනීම තුළින් ශාරීරික හා මානසික සුවය ළඟා කරගෙන සුවසේ ජීවත් විය හැකිය.

වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැලසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes- මිනුවන්ගොඩ

ධම්මික හේවාවසම්

TAGGED: arosha, arosha jayawardana, colors, home
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සක්‍රීය ශුක්‍රාණුවක් හඳුනාගැනීමට රොබෝ තාක්ෂණය

December 4, 2023

වචනයෙන් පවා පහර දෙන අසත්පුරුෂයන්

December 4, 2023

අත ළඟ එන සීත කාලෙට සම පරිස්සම් කරගන්න

December 4, 2023

ඕනම සන්ධියක් ආශ්‍රිතව කැල්සියම් තැන්පත් වීම සිද්ධවෙන්න පුළුවන්

December 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?