නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ගිහි ජීවිතයේදීත් බය නැතුව අතහරින්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ගිහි ජීවිතයේදීත් බය නැතුව අතහරින්න

Published November 6, 2023

සත්වයා මේ ලෝකයේ උපත ලබන්නේ තනියම. මේ ලෝකය හැර යන්නේත් තනියම. උත්පත්ති, විපත්ති යන දෙකටම කොටස් කාරයෙක් නැහැ. නමුත් අපි ජීවත්වෙන කෙටි කාලය තුළ පුද්ගලබද්ධව වගේම විවිධ භෞතික සම්පත් මුල් කරගෙන බැඳීම ගොඩනගා ගන්නවා. ජීවත්වෙන කාලය තුළ බැඳීම නිසා තමන්ගේ පිනට හානි වෙනවා නම්, කුසලයට හානි කරනවා නම් අපි මේ අන්දමින් බැඳීම් ඇති කර ගන්නේ ඇයි කියලා හිතනවා. අත්හැරීම සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා බෝසත් ගුණ ඇති උතුමෙකුට පහළ වෙන සිතුවිලි වෙනස්.

බෝධිසත්ව සම්පත්

මහා බෝධිසත්වයෙකු සතු සම්පත් හතරක් තිබෙනවා.

අධ්‍යාස සම්පත්තිය

පාරමී ගුණ පිරීමට ඇති බලවත් උනන්දුව සහ කැමැත්ත අධ්‍යාස සම්පත්තිය ලෙස සැලකෙනවා.

ඉන්ද්‍රිය සම්පත්තිය

නිවන් අවබෝධයට අවශ්‍ය අධිති ධර්ම හෙවත් ඉන්ද්‍රිය ධර්ම වන ශ්‍රද්ධාව, විර්යය, සතිමත් බව, චිත්ත ඒකාග්‍රතාවය සහ ප්‍රඥාව බලවත්ව තිබීම.

ප්‍රතිත්ති සම්පත්තිය

ආත්මාර්ථකාමී බව පසෙක තබා පරාර්ථකාමී බව හෙවත් අනුන් වෙනුවෙන් කැපවීමට ඇති බලවත් උවමනාව.

කෞශල්‍ය සම්පත්තිය

ස්ථානෝචිත ප්‍රඥාව හෙවත් තැනට සුදුසු නුවණින් කටයුතු කිරීම. අධ්‍යාස සම්පත්ති හයක් අතුරින් මුල්ම සම්පත්තිය නෙක්ඛමම් අධ්‍යාසය ලෙස සැලකෙනවා. අපි නිතරම බැඳීම් අත්හැරීම් ගැන කතා කරනවා. ඕනෑම ලෞකික බැඳීමක් අත්හැරීම ඉතාම උතුම් ගුණයක්. ජාතක කතා පාළියේ සඳහන් වෙන අන්දමට මහාජනක රජතුමා ගිහි ජීවිතයේ තමන්ගේ රාජ්‍ය, ප්‍රිය බිරින්දෑවරු රටවැසියන් පවා අතහැරියා. ඒ වෙනුවෙන් හේතු වුණේ ඉතාම සුළු සිදුවීමකි.

ඵල ඇති ගහට ගල් මුල් වැඩියි

අපි වචනයටත් කියනවා. ඵල ඇති ගහට ගල් මුල් එල්ල වෙනවා වැඩියි කියලා. අන්න ඒ වගේ සිදුවීමක් නිසා මහා ජනක රජතුමා මේ බැඳීම ගැන තේරුම් ගත්තා. දවසක් රජතුමා උද්‍යානයේ ඇවිද යන විට අඹ ගස් දෙකක් දකිනවා. එක අඹ ගසක ගෙඩි පිරිලා. අනිත් ගහේ අඹ නැහැ. රජතුමා සමග ගිය පිරිස ගෙඩි තිබුණ ගහට ගල් මුල් ගැහුවා. ටික වේලාවක් යන විට අඹ ගෙඩි සියල්ල බිම වැටිලා ගස හිස් වුණා. රජතුමා සමග ගිය පිරිස අඹ සේරම අහුලා ගත්තා. රජතුමා මෙහෙම හිතුවා. අහෝ මේ ගසේ ගෙඩි තිබුණ නිසා සියල්ලෝම එකතු වෙලා ගල් මුල් ගැහුවා.

නමුත් ගෙඩි නැති ගසට කවුරුත් වැලි කැටයක් හෝ ගැහුවේ නැහැ. අපේ සාමාන්‍ය ජීවිතයේදීත් මේ තත්ත්වය ඉතාම සුලබයි. ඵල ඇති අඹ ගහ වගේ යම් පුද්ගලයෙක් සාර්ථක නම්, ඔහුගේ ජීවිතය දින දින දියුණු වෙනවා නම් සමාජයෙන් ඇති වෙන ප්‍රශ්න වැඩියි. ඒ පුද්ගලයාට ඊර්ශ්‍යා කරන පිරිසක් බිහි වෙනවා. නින්දා කරනවා. ආක්‍රෝශයෙන් බලනවා. කුහක සිත් ඇති පිරිස් සංවිධානය වෙලා ඒ පුද්ගලයා කෙසේ හෝ ඇද දැමීමට උත්සාහ කරනවා.

අසම්පූර්ණ පුද්ගලයෙකුට කිසිම කෙනෙක් ඊර්ශ්‍යා කරන්නේ නැහැ. කුහකකම් කරන පිරිසක් නැහැ. ඔවුන්ට ඊර්ශ්‍යා කිරීමට කිසිම හේතුවක් නැහැ. අත්ථාණෝ ලෝකෝ අනිභිස්ස රෝති” බැඳීම් සමග අපට රැකවරණයක්, පිළිසරණක් නැහැ. රට්ඨපාල සුත්‍රයේදී රට්ඨපාල රහතන්වහන්සේ රජතුමාට මෙසේ කියනවා. රජතුමෙනි, ඔබට බඩේ වේදනාවක්, හිසේ වේදනාවක් ඇති වුණොත් මහජනතාව ඇවිත් මෙහෙම කියනවාද? රජතුමෙනි, ඔබේ වේදනාවෙන් කොටසක් අපට දෙන්න. ඔබතුමා සුවපත් වෙන්න. එහෙම කිව්වත් කිසිම දවසක ඒ වගේ අපේ වේදනාවක් කාටවත් දෙන්න බැහැ. ඒවා අපිම දරන්න ඕන. සත්වයා මේ ලෝකයේ අනාරක්ෂිතයි. හැම දෙනාම ඉන්නේ හිත තාවකාලිකව රවටා ගෙන.

බැඳීම බාධාවක් වෙනවා නම් එය අත්හැරීම සැනසීමක්

අත්හැරීම සම්බන්ධයෙන් අපට ලෝබ කමට වඩා ඇත්තේ වගකීමක්. ඔබට නිතරම මේ වගේ සංවාද ඇහෙනවා. තවම දරුවන් පුංචියි. ඒ නිසා පිනකට හිත යොමු කරන්න බැහැ. පොහොය දවසක සිල් ගන්නවත් විදිහක් නැහැ. මෙතැන ඇත්තේ වගකීම සමග එකතු වුණ බැඳීමක්. තමන්ගේ සැමියා අසනීපයෙන් නම් ඔහු නිවසේ තනියම තබා අටසිල් රකින්න බැහැ. එතැන ඇත්තේ වගකීමක්

බැඳීම ඇති විට ගැටීමත් වැඩියි

ඔබට සමීප පුද්ගලයෙක් ඔබට හිත රිදෙන දෙයක් කිව්වොත් ඔබ ඒ ගැන නැවත නැවත සිහිපත් කරමින් තැවෙනවා. සමීප මිතුරෙක් දුරස් වුණොත් මානසිකව පීඩාවට පත් වෙනවා. ඒත් ඔබට හදවතින් බැඳීමක් නැති පුද්ගලයෙක් හිත රිදෙන දෙයක් කිව්වොත් ඒ ගැන එතරම් තැවීමක් නැහැ. ඔබ අප්‍රිය කරන පුද්ගලයෙක් ඔබෙන් දුරස් වුණාම සතුටු වෙනවා. ඔබ ඒ පුද්ගලයා සමග කිසිමි බැඳීමක් නැහැ.

ලෝබකම නිසා ඇතිවන බැඳීම

ගිහි ජීවිතයේදී අපි ලෞකික සම්පත් වෙනුවෙන් තදින් බැf​ඳනවා. උදාහරණයක් විදිහට සුලබ සිදුවීමක් ගැන හිතන්න. වැට මායිමේ තිබෙන ඵල දරණ කොස් ගහ සහෝදරයාගේ ඉඩම් කොටසට අයත් වුණොත් ඊට විරුද්ධව නඩු කියනවා. මෙතැන හේතුව විදිහට කියන්නේ හොඳට ඵල දරණ කොස් ගහක්. ඔබ දැන් ලෝබයෙන් කොස් ගසට බැඳුණා. සහෝදරයාට ඇති බැඳීම වෙනුවට ලෝභය, ද්වේශය ඉදිරියට ආවා. මේ කොස් ගස කවදා හෝ මැරෙනවාය යන්න තේරුම් ගැනීමට නොහැකි තරම් මෝහය බලවත් වුණා.

රාජකීය පණ්ඩිත පූජ්‍ය
කන්දේගෙදර සෝභිත ස්වාමින්වහන්සේ
ජයසුමනාරාම පුරාණ විහාරය
රත්මලාන

පුන්‍යා චාන්දනී ද සිල්වා


 

TAGGED: buddhism, Buddhist, Lord Buddha
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?