නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලුණු අඩුවෙන් කෑවොත් ලෙඩ ගොඩයි
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ලුණු අඩුවෙන් කෑවොත් ලෙඩ ගොඩයි

Published November 6, 2023

ලුණු වැඩියෙන් කෑමේ අගුණ පෙන්වා දීම නිසා සමහරු ලුණු කෑමට බියවෙයි. එහෙත් ලුණු අඩුවෙන් ගැනීමද සිරුරට අහිතකරයි. ඒ පිළිබඳ විශ්වාසදායක මූලාශ්‍ර මත පදනම්ව ලියැවුණු ලිපියක් මේ ලිපිය ලිවීමට පාදකකරගෙන ඇත. ඔබට අධි රුධිර පීඩනය ඇත්නම් සෝඩියම් වැඩිවීම අගුණය. එහෙත් සිරුරට අවශ්‍ය ප්‍රමාණයෙන් ලුණු නොගතහොත් ඉන්සියුලින් කෙරෙහි සිරුර දක්වන ප්‍රතිරෝධය ඉහළ යන අතර LDL කොලෙස්ටරෝල් මට්ටම් ඉහළ යා හැකිය. ඔබේ වෛද්‍යවරයා විසින් ඔබට ලුණු අඩු ආහාර වේලක් අනුගමනය කිරීමට නිර්දේශකර ඇතිවිටෙක මේ ගෙන එන තොරතුරු ඔබට අදාළ නොවේ.

සෝඩියම්

සෝඩියම් යනු ලුණුවල වැදගත් ඉලෙක්ට්‍රොලයිටයක් වන අතර ලුණුවල ප්‍රධාන සංරචකයකි. සෝඩියම් අධික ආහාර රුධිර පීඩනයට අහිතකර නිසා සෞඛ්‍ය සංවිධාන මගින් සෝඩියම් සීමා කිරීමට නිර්දේශ කෙරේ. ඔවුන්ගේ මෑතකාලීන නිර්දේශ අනුව දිනකට සෝඩියම් මිලිග්‍රෑම් 2,300කට අඩුවෙන් ආහාරයට ගතයුතුය.

සෝඩියම් ඕනෑවට වඩා අඩු වුණොත්

අධ්‍යයන කිහිපයකින්ම සෝඩියම් අඩු ආහාර නිසා සිරුරේ ඉන්සියුලියන් ප්‍රතිරෝධය වැඩිකෙරෙන බව සනාථකර ඇත. ඉන්සියුලින් ප්‍රතිරෝධය යනු සිරුර ඉන්සියුලින් හෝමෝනයේ සංඥා වලට හොඳින් ප්‍රතිචාර නොදක්වන විට ඉන්සියුලින් සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ යෑමයි. එය 2 වන වර්ගයේ දියවැඩියාව සහ හෘදරෝග ඇතුළු බරපතල රෝග සඳහා දායකවෙයි.

හෘදරෝග සහ ආඝාත අවදානමක්

හෘදරෝග සහ ආඝාත මරණ අවදානම කෙරෙහි අඩු සෝඩියම් ආහාරවල බලපෑම අධ්‍යයන කිහිපයක් මගින්ම තහවුරු කර ඇත. දිනකට සෝඩියම් මිලිග්‍රෑම් 3000 ට අඩුවෙන් ගැනීම හෘද සහ ආඝාත මරණ අවදානම වැඩිකරන බවද සෝඩියම් පරිභෝජනය අඩුකිරීම හෘද සහ ආඝාත මරණ අවදානමට හේතුවන බවද විවිධ අධ්‍යයන මගින් තහවුරුකර ඇත.

LDL (නරක කොලෙස්ටරෝල්) සහ ට්‍රයිග්ලිසරෝල් මට්ටම් වැඩිකරයි

අඩු සෝඩියම් ආහාර නිසා නරක කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරෝල් යන දෙකම වැඩිවන අතර මෙමගින් හෘද රෝග අවදානම වැඩිකරන බව අධ්‍යයන වාර්තා පෙන්නුම් කරයි.

දියවැඩියා රෝග මරණ අවදානම වැඩිකරයි

දියවැඩියාව මගින් හෘදරෝග සහ ආඝාත අවදානම වැඩිකරන නිසා අඩු සෝඩියම් පරිභෝජනය දියවැඩියා මරණ අවදානම වැඩිකරන බව පරීක්ෂණ වාර්තා බොහොමයක් පෙන්වාදී තිබේ.

Hyponatremia රෝග අවදානම ඇතිකරයි

Hyponatremia යනු රුධිරයේ සෝඩියම් මට්ටම අඩුවීමයි. විජලනය නිසා ඇතිවන රෝග ලක්ෂණ වලට සමාන ආබාධ මෙහිදී ඇතිවේ. වඩා බරපතල තත්ත්ව වලදී මොළය ඉදිමීම, හිසරදය, වලිප්පුව, කෝමා තත්ත්ව සහ අවසානයේදී මරණය උදාකරයි. වැඩිහිටියන්ට මෙම රෝගය වැළඳීමේ වැඩි අවදානමක් ඇත.

වැඩිපුර සෝඩියම් සකස්කළ ආහාර වලින්

ඔබ නිරෝගී නම් මේ ගැන කරදර විය යුතු නැත. එහෙත් අධික ලෙස පැකට් කළ ආහාර අනුභවයෙන් වැළකීම සිරුරේ සෝඩියම් අධික වීමට හේතු විය හැකිය

(https://www.healthline.com/ ඇසුරෙන්)

සුනිල් අල්ගම

TAGGED: Cholesterol, health, LDL, salts, Sodium
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy1
Sleepy0
Angry1
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?