නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ජපානෙන් උපන් බොන්සායි
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

ජපානෙන් උපන් බොන්සායි

Published October 30, 2023

13 වන කොටස

ජපන් වැසියන් අනෙකුත් සියලු දේ වාගේම බොන්සායි කලාවටද උපන් හපන්කම් දක්වයි. චීනයේ උපන් බොන්සායි කලාවක් බවට පරිවර්තනය කරමින් එය තම රට තුළ ප්‍රචලිත කරවීමට ඔවුන් දක්වා ඇත්තේ අපරිමිත කැපවීමකි. ඒ වාගේම එම කලාව ව්‍යාප්ත කරවීමට මහත් වෙහෙසක් දරා ඇති බැව් ජපන් බොන්සායි කලාව අධ්‍යයනයේදී අපට සනාථ කරගැනීමට පුළුවන්. ඔවුන් මෙම කලාව වැළඳගත් මුල් කාලයේ දී ඉතා සීමිත පිරිසක් මේ කටයුතු කළද පසුව කෙමෙන් බොන්සායි ලෝලීන් බිහිවී ඇති බව වර්තමාන බොන්සායි කලාව තුළ පැහැදිලි ලෙස දැක ගන්නට පුළුවන්.

මොවුන් බොන්සායි කලාව තව තවත් තීව්‍රර කොට ඉදිරියට රැගෙන යාමට දිනෙන් දින නව ක්‍රමයන් සොයන්නට විය. එක් එක් ශාකයන්ට ගැළපෙනම හැඩය යොදා නිර්මාණය සිදු කරලීමටත්, එයටම ගැළපෙන පස් මාධ්‍යයක් ක්‍රමාණුකූලව සකසා ගැනීමටත් ඔවුන් සමත් විය. එවැනි සාර්ථකත්වයක් ලබා ගැනීමට වසර ගණනාවක් ගත වුවත් කෙදිනක හෝ සාර්ථකත්වය කරා යන තුරුම ඔවුන් මේ හා මහත් සටනක නිරත විය. සියල්ල ක්‍රමානුකූල ලෙස අත්හදා බැලූ පසු සාර්ථකත්වය උපරිම මට්ටමකට ගෙන ඒමට ඔවුනට හැකි විය. පසුව තමන්ගේ රටෙහි විවිධ සංවිධාන දියත් කළහ.

මේ හා සබැඳි විවිධ වැඩමුළු ආරම්භ වන්නට විය. යම් කාලයකදී බොන්සායි කලාවක් ලෙස ව්‍යාප්ත කළ යුතු යැයි ඔවුන් ගත් තීරණයත් සමඟ ලෝකයේ බොහොමයක් රටවල් තුළට බොන්සායි කලාව හඳුන්වා දීමට මොවුන් කටයුතු කළේය. ඔවුන් දැරූ ඒ උත්සාහය මල් ඵල ගන්වමින් අද වන විට ලෝකයේ ඉතා දියුණු රටවල් තුළ ද මේ බොන්සායි කලාවක් ලෙස හදාරනු ලබයි. ඒ ව්‍යාපෘතියත් සමග ලෝකය පුරා දක්ෂ නිර්මාණකරුවන් තව තවත් බිහි වෙමින් පවතී.

නේපාලය, තායිලන්තය, ඉන්දුනීසියාව, කොරියාව, ශ්‍රී ලංකාව, බුරුමය, ඉන්දියාව, ජපානයෙන් පසු ව්‍යාප්ත වූ රටවල් අතුරින් කිහිපයකි. මේ රටවල් තුළද සිටින නිර්මාණකරුවන් ජපානය තරමටම තවමත් හැකියාවන් වර්ධනය කර නොමැති වුවත් ජපනුන්ගේ ක්‍රම ශිල්පයන් ඉගෙන ගනිමින් සහ තමන්ටම ආවේනික වූ ක්‍රමයන් අත්හදා බලමින් පන්නරය ලබයි. ජපානයද “ජපනා හපනා” යන කියමන පසක් කරමින් දිනෙන් දින බොන්සායි කලාව තුළ නව ශිල්පීය ක්‍රමයන් සොයා ගැනීමට උත්සාහ දරයි. ඒ වගේම සොයා ගන්නා ක්‍රම ශිල්ප ගුරු මුෂ්ඨියකින් තොරව සියලු නිර්මාණකරුවන් හට ලබාදීම දීමට ඔවුන් කටයුතු කරයි.

බොන්සායි නිර්මාණයක් කිරීමේදී ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වන සියලුම බොන්සායි ආම්පන්න ඔවුන් විසින් නිෂ්පාදනය කර ගැනීමට මෙහි මූලාරම්භයේ සිටම විශාල උත්සාහයක් දරා ඇති අතර එය ඉතා සාර්ථක වීමත් සමග ඔවුන් නව ක්‍රමයන්ට අනුකූල වූ සහ එක් එක් නිර්මාණයන්ට උචිත අයුරින් ආයුධ නිර්මාණය කර ගනී. පසුව ජපන් බොන්සායි ආයුධ ලෝකය පුරා බෙදා හැරීමට මොවුන් සමත් විය.

අද වනවිට වෙළෙඳපලේ ගුණාත්මකභාවයෙන් උසස් වටිනාකමකින් වැඩි බොන්සායි ආයුධ තිබේ නම් ඒ ජපන් බොන්සායි ආයුධ පමණක්ම වේ. ඒ ආයුධ නිර්මාණය කර ඇත්තේ බොන්සායි නිර්මාණකරුවෙකු හට තම ජීවිත කාලය පුරාම භාවිතයට ගත හැකි අයුරිනි. බොන්සායි කලාව තුළ මෙවැනි දස්කම් දක්වමින් එහි ඉදිරියෙන්ම වැජඹීමට ඔවුන්ට හැකි වී තිබේ.

එපමණක් නොව බොන්සායි කලාව නිර්මාණශීලීභාවය උදෙසා ගසෙහි කඳ මත කැටයම් කැපීම, මැරුණු කඳන් නිර්මාණය කිරීම සහ යම් ද්‍රව්‍යයන් මත මූල මණ්ඩලය වර්ධනය කරවීම වැනි නිර්මාණශීලී අලුත් ක්‍රමයන් මොවුන් සතු වේ. මේ වන විටත් චීන බොන්සායි කලාවෙන් ඔබ්බට ජපන් බොන්සායි කලාව වර්ධනය වී ඇති බව සනාථ කිරීමට මෙය හොඳම නිදසුන වේ.

මේ සියලු කාරණා කැටි කොට තම දස්කම් ලෝකයා ඉදිරියේ විදහාපාමින් වර්ෂ 1780 දී ජපානයේ කියෝතෝ නගරය තුළ වාර්ෂික බොන්සායි ප්‍රදර්ශනයක් පැවැත්වීමට මොවුන් කටයුතු කළහ. එම ප්‍රදර්ශනය ඉතා සාර්ථක ලෙස පැවැත් වූ අතර වර්ෂයක් පාසා එය සිදු කිරීම ඔවුන්ගේ අරමුණ විය. මේ සඳහා බොහෝ ප්‍රදේශ තුළ සිටින නිර්මාණකරුවන්ගේ නිර්මාණ ඉදිරිපත් කෙරිණි. මේ ආකාරයෙන් තම රට තුළ බිහි වෙමින් පවතින ආධුනික නිර්මාණ ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කරවීමට මොවුන් විසින්ම වග බලා ගත්හ.

බොන්සායි නිර්මාණයක් සිදු කරලීම එතරම් පහසු නොවන්නා සේම අපහසු ද නොවේ යන පාඨය මත මොවුන් නිතරම ක්‍රියා කළහ. බොන්සායි ශාකයක් නිර්මාණය කිරීම ආරම්භක මොහොතේ සිටම අවසානය දක්වාම ඔවුනටම අනුගත වූ ක්‍රමයන්ට එය සිදු කරලීම සහ ඔවුන්ගේම ආයුධ උපයෝගී කරගනිමින් නිර්මාණය අවසානය කරා යාමට තිබෙන අවස්ථාව ඔවුන්ගේම වාසනාවට හිමි වූවක් බව අපට සනාථ කළ හැකිය. බොන්සායි කලාව තුළ පවතින ආයුධ අතුරින් කිහිපයක් චීන බොන්සායි කලාව මූලාරම්භයේ සිටම තිබූ ආයුධ වුවද අනෙකුත් සියලු ආයුධ ජපන් ජාතිකයින් විසින්ම විවිධ පරීක්ෂණ කොට නිපද වූ ආයුධ වේ.

බොන්සායි නිර්මාණයක් තුළ මැරුණු කඳක් නිර්මාණය කිරීමේදී එයට අවශ්‍ය කෙමිකල් ඔවුන් විසින්ම නිෂ්පාදනය කලේය. එය ආලේපනයක් වශයෙන් මේ වන විටත් වෙළඳපොල තුළ මිලදී ගැනීමට හැකි අතර ඒවා ඉතාමත් මිල අධික වේ. ඒ වාගේම බොන්සායි ශාකයක් තුළ අනවශ්‍ය අතු රිකිලි ඉවත් කළ විට ශාකයේ ඇති ජලය කැපුම නිසා වාෂ්ප වීමට ඇති ඉඩකඩ වැඩිය. මොවුන් මේ සඳහාද එය වැළැක්වීමට ඇති උපක්‍රමයක් ලෙස කැපුම් ස්ථානය සඳහාම වූ ආලේපනයක් ( Cut Past ) නිෂ්පාදනය කළේය. බොන්සායි කලාව ලෝකය පුරා ඉතා ජනප්‍රිය වනවාත් සමඟම මොවුන්ගේ මෙම නව සොයාගැනීමද ඉතා ජනප්‍රිය විය. වර්තමානය තුළදී ලෝකය පුරා සිටින නිර්මාණකරුවන් තම තමන්ගේ නිර්මාණයන් සඳහා මෙම ආලේපනයන් මිල දී ගැනීමට පෙළඹෙමින් සිටී.

බොන්සායි කලාව තුළදී වැදගත්ම අංගයක් තමයි බොන්සායි බඳුන. මොවුන් විසින් අනෙකුත් බොන්සායි බඳුන් වලට වඩා නිර්මාණශීලීත්වයෙන් උසස් බොන්සායි බඳුන් නිර්මාණය කරයි. විවිධ කැටයම් යොදමින් අලංකාරත්වයෙන් වැඩි සහ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු බඳුන් නිර්මාණයෙහිලා මොවුන් ඉතා කැපවීමක් කරයි. බොන්සායි ශාකයක් නිර්මාණය කිරීමේදී මොවුන්ගේ ක්‍රම ශිල්පයන් භාවිත කරමින් නිර්මාණයන් සිදු කළහොත් ඔබගේ නිර්මාණය ද ඉතා අලංකාර සහ ගුණාත්මකභාවයකින් යුතු බොන්සායි නිර්මාණයක් වනවා නිසැකයි.

(තායිලන්තයේ බොන්සායි කලාව සිදු කෙරෙන්නේ කෙසේද සහ ඔවුන්ගේ නව ක්‍රමයන් පිළිබඳව ඉදිරි ලිපිය තුළින් දැනුවත් කෙරේ.)

තායිලන්ත බොන්සායි සංගමයේ
ශ්‍රී ලංකා සාමාජික
නඳුන් පියුමාල් තිලකරත්න

එරංදි කෞශල්‍යා

 

TAGGED: bonsai, japan, thailand bonsai
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

වචනයෙන් පවා පහර දෙන අසත්පුරුෂයන්

December 4, 2023

අත ළඟ එන සීත කාලෙට සම පරිස්සම් කරගන්න

December 4, 2023

ඕනම සන්ධියක් ආශ්‍රිතව කැල්සියම් තැන්පත් වීම සිද්ධවෙන්න පුළුවන්

December 4, 2023

Swimming Pool වල මුත්‍රා කිරීම හදවතටයි පෙනහලුවලටයි හොඳ නැහැ

December 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?