නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ඉඩමේ අඩුපාඩු මකන වාස්තු බැම්ම
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

ඉඩමේ අඩුපාඩු මකන වාස්තු බැම්ම

Published October 30, 2023

ජීවත් වීම සඳහා නව ඉඩමක් මිලදී ගැනීමේදීත් නව නිවසක් ඉදිකිරීමේදීත් අප විසින් වාස්තු ශාස්ත්‍රනුකූල සුබ අසුබ කෙරෙහි අවධානය යොමු කරයි. මෙහිදී ජීවත්වන ස්ථානයේ සජීවී භාවයත් ප්‍රාණවත් භාවයත් නිර්මාණය කිරීම සහ කළමනාකරණය කිරීම එනම් ජීවත් වීම සඳහා ස්ථානයක් සමතුලිත කිරීම වාස්තු ශාස්ත්‍රය මගින් සිදු කරනු ලබයි.යම් ස්ථානයක ගැටලු පවතී නම් එම ගැටලු වලට යෙදිය යුතු ප්‍රතිකර්ම මෙම වාස්තු ශාස්ත්‍රය තුළදී මනාව පැහැදිලි කර ඇත. එනම් එම ස්ථාන ප්‍රතික්ෂේප කිරීම හෝ අතහැර දැමීම නොව එම ස්ථානයට අදාළ ප්‍රතිකර්ම යොදා පවතින දෝෂයන් හෝ ගැටලු නිවැරදි කර ගැනීමයි.මෙහිදී මෙම ගැටලු සඳහා ඇති ප්‍රධාන සහ සරල මෙන්ම සාර්ථක ප්‍රතිකර්මයක් ලෙස වාස්තු බැම්ම හැඳින්විය හැකිය. එමෙන්ම වැටක්ද මේ සඳහා යොදා ගත හැකිය.

මෙම වාස්තු බැම්ම පිළිබඳව සලකා බැලීමේදී

යම්කිසි ඉඩමක ඇති නුසුදුසු හැඩයක් නිවැරදි කර ගැනීම මෙන්ම අෂ්ඨ දස වේධ දෝෂ සඳහාද භාවිත කළ හැකි සරල මෙන්ම සාර්ථක ප්‍රතිකර්මයකි මෙම වාස්තු බැම්ම.මෙම ප්‍රතිකර්මය මගින් සිදු කරනු ලබන්නේ ඉඩමේ මායිම්වලට හොඳින් සම්බන්ධ වන ලෙස වාස්තු බැම්ම යොදා ගෙන නුසුදුසු හැඩය මගින් ඇතිවන අහිතකර බලපෑම ඉඩමට ගලාගෙන ඒම වළක්වා ගැනීම සඳහා ශක්ති බාදකයක් එසේත් නැතිනම් ආවරණයක් වශයෙන් යොදා ගැනීමයි. එමෙන්ම අෂ්ඨ දස වේධ දෝෂ වලටද එනම්, නිවසේ ප්‍රධාන දොර, මුදුන් යට ලී, මුල පරාල ආදියට ඉදිරියෙන් ඇති වෙනත් වස්තූන් සහ නිවස අවරණය වන පරිදි හෝ වෙන් වන පරිදි ශක්ති බාධකයක් ලෙසද වාස්තු බැම්ම යොදා ගත හැකිය.

අතීතයේදී සීමා වෙන් කිරීම සඳහා චුල සීමාව සහ මහා සීමාව වශයෙන් වෙන්කර ඇති මෙම වැට හෝ බැම්ම උසින් අඩි 3 ත් අඩි 6 ත් අතර විය යුතුයි. පොළව තුළට අවම වශයෙන් අඟල් 6 ක ගැඹුරකට යෙදිය යුතුයි. මෙම සීමාවන් වෙන් කිරීම වැටක්, බැම්මක්, මල් වැටක් හෝ විය යුතුය.

නමුත් මෙලෙස වෙන් වන ඉඩම් කොටස් තුළ තමාට අවශ්‍ය වගා කටයුතු, දිශා අනුව සුදුසු ඉදිකිරීම් කිසිදු ගැටලුවකින් තොරව සිදු කර ගත හැකියි.වර්තමානයේ ඉඩම් කොටස් වශයෙන් විකිණීමට බොහෝ ගම්, නගරවල ඇත. මෙහිදීද එම ඉඩමේ ඇති “L” හැඩැති සහ ත්‍රිකෝණ හැඩැති ඉඩම් විකිණීමට තරමක් අපහසුය. ඒ මෙම හැඩයේ ඉඩම් අසුබ බැවිනි.

මෙවැනි ඉඩමක් බොහෝ අවස්ථාවල මිලෙන්ද අඩු අගයක් ගන්නා අතර දැනටමත් මෙවැනි ඉඩමක හිමිකාරීත්වය ඇති අයට වාස්තු බැම්ම හෝ වැටක් මගින් මෙම දෝෂයන් මග හැරවිය හැකි ආකාරය බලමු. “L” හැඩැති ඉඩමක් අසුබ හැඩති නමුත් මෙම ඉඩමේ පාද යුගල වෙන්වන ලෙස වාස්තු බැම්මක් හෝ වැටක් ඉදිකර මෙම හැඩය වෙනස් කර ගත හැකිය.

ඉඩමේ හැඩය මත හිස් වන ප්‍රමාණය පිහිටා ඇති දිශාව ඊසාන නම් එම නිවැසියන්ට ලැබෙන සුබ ශක්තීන් සම්පූර්ණයෙන්ම නොලැබී යයි. නිරිත දිශාවට වන්නට ඉඩමේ හිඩස ඇති නම් එම නිවැසියන් ආර්ථික වශයෙන් පරිහානියට පත්වීම සිදුවේ. වාස්තු බැම්ම ප්‍රතිකර්මය මගින් මෙම දෝෂය ඉතා සරලව මෙන්ම සාර්ථකව විසඳා ගත හැකිය.

ත්‍රිකෝණාකාර ඉඩම

මෙම ඉඩමද අසුබ ඵල ගෙනදෙන ඉඩමක් බැවින් සකස් කර ගත යුතුය. බහු දිශාවන් වුණ මෙම ඉඩමේ සිටින නිවැසියන්ට ආර්ථික හානි ලෙඩ රෝග ආදියට නිතර මුහුණ දීමට සිදුවේ. තවද නීති ගැටලුවලට ද මුහුණ පෑමට සිදු වේ. වාස්තු බැම්මක් හෝ වැටක් යොදාගෙන මෙම ත්‍රිකෝණ හැඩය සමචතුරස්‍ර හෝ සෘජුකෝණාස්‍ර හැඩයකට සකසා ගත හැකිය.

දණ්ඩාකාර හැඩැති ඉඩම

මෙම ඉඩමද අසුබ ඵල ගෙන දෙන ඉඩමකි. සාමාන්‍යයෙන් සෘජුකෝණාස්‍ර හැඩ පෙන්නුවද පළල මෙන් දෙගුණයට වඩා වැඩි දිගක් ඇති ඉඩමක් දණ්ඩාකාර ඉඩමකි. මෙහිදී සඳහන් කළ පළල මෙන් දෙගුණයක් ඇති දිග අඩුවන පරිදි වාස්තු බැම්මක් හෝ වැටක් ඉදිකර මෙම අසුබ හැඩය නිවැරදි කර ගත හැකිය.

විෂමාකාර හැඩැති ඉඩම

මෙම ඉඩමද නිවැසියන්ට මානසික අසහනය ඇති කරවන නියමිත අපේක්ෂාවකින් ජීවත්විය නොහැකි අසුබ ඉඩමකි. නියමිත හැඩයක් නොමැති විෂමාකාර හැඩගත් ඉඩම්වල මෙම හැඩ වෙනස් කර ගැනීම සඳහා වාස්තු බැම්මක් හෝ වැටක් යොදා හතරැස් හැඩැති ඉඩමක් බවට සකස් කර ගත හැකිය.

සිහින් තුඩක (උල් වූ) ස්වරූපයක් ගත් ඉඩම

ඉඩම ගිනිකොණ දිශාවට ඇති නම් ඉතාම අහිතකර තත්ත්වයන් ආර්ථික ගැටලු, පවුලේ අසමගිය මෙමගින් ඇති කරන අතර වාස්තු බැම්මක් එම උල් වූ ප්‍රදේශයට යොදා මෙම ඉඩම සකස් කර ගත හැකිය.නමුත් ඉඩමේ උල් වූ ප්‍රදේශය ඊසාන දිශාවට යොමු වී ඇත්නම් එනම් ඊසාන දිශාවට දික් වූ ඉඩමක් නම් එය ඉතාම සුබ ප්‍රතිඵල ගෙන දෙන ඉඩමකි. මෙවැනි අවස්ථාවක වාස්තු බැම්මක් හෝ වැටක් ඉදි කිරීමට අවශ්‍ය නොවේ.

ඉඩමේ ඇති වාස්තු දෝෂ පමණක් නොව නිවස අවට ඇති අනෙකුත් වස්තූන්ගෙන් ද නිවැසියන්ට ඇති වන බාධාවන් මෙම වාස්තු බැම්ම මගින් වළක්වා ගත හැකිය. උදාහරණ වශයෙන් අෂ්ඨ දස වේධ දෝෂ වලින් වන බලපෑමට ප්‍රතිකර්මයක් ලෙසද මෙම වාස්තු බැම්ම යොදා ගත හැකිය.

මෙහිදී නිවසක දොරට ඉදිරියෙන් ළිඳක් පිහිටීම කූප වේධ දෝෂය වශයෙන් හඳුන්වන අතරම එම ළිඳ සහ දොර විනිවිද නොපෙනෙන ලෙස වාස්තු බැම්මක් ඉදි කිරීම මගින් මෙම දෝෂය මගහරවා ගත හැකිය. තවද මුදුන් යට ලීයකට ඉදිරියෙන් හෝ නිවසක කොනකට හෝ මූල පරාලයකට ඉදිරියෙන්ද ළිඳ පිහිටා ඇති නම් මෙම ප්‍රතිකර්මය සරල මෙන්ම නිවසේ දොරකට ඉදිරියෙන් වැසිකිළි වළවල්, කුණු වළවල් ඇත්නම් එම වර්චස්ථාන වේධ දෝෂයටද වාස්තු බැම්ම ප්‍රතිකර්මයක් වේ

තුන් මංසන්ධියක් මාර්ගයට ඉදිරියෙන් ඉඩමක් ඇති විට ද එය මාර්ග වේධ දෝෂය වශයෙන් හඳුන්වන අතර එම මාර්ගය නොපෙනෙන ලෙස වාස්තු බැම්මක් ඉදි කිරීම මගින් මෙම දෝෂය මග හරවා ගත හැකිය.බොහෝ අවස්ථාවලදී ඉඩමේ මායිමට වන්නට මායිම් වෙන් කිරීමට ඉදි කරනු ලබන තාප්පද වාස්තු බැම්මක් වශයෙන් බලගැන්වී මෙම දෝෂයන්ට සාර්ථක ප්‍රතිකර්මයක් වශයෙන් ක්‍රියාත්මක වේ.මෙවැනි බොහෝ දෝෂයන්ට සාර්ථක මෙන්ම සරල ප්‍රතිකර්මයක් වන වාස්තු බැම්ම යොදාගෙන මෙම දෝෂයන් ඉතා පහසුවෙන් මග හරවා ගත හැකිය.

වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes
මිනුවන්ගොඩ

ධම්මික හේවාවසම්

TAGGED: aloka homes, Architecture, arosha, land
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

වචනයෙන් පවා පහර දෙන අසත්පුරුෂයන්

December 4, 2023

අත ළඟ එන සීත කාලෙට සම පරිස්සම් කරගන්න

December 4, 2023

ඕනම සන්ධියක් ආශ්‍රිතව කැල්සියම් තැන්පත් වීම සිද්ධවෙන්න පුළුවන්

December 4, 2023

Swimming Pool වල මුත්‍රා කිරීම හදවතටයි පෙනහලුවලටයි හොඳ නැහැ

December 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?