නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: මැද මිදුල හදනවානම් උතුරෙන් හදන්න
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

මැද මිදුල හදනවානම් උතුරෙන් හදන්න

Published October 23, 2023

නිවසක මැද මිදුල යනු බොහෝ විට අහසට විවෘත වූ වෙනත් ගෘහ අංග වලින් වට වූ ප්‍රදේශයක් වන අතර මෙම මැද මිදුල නිවසක් ඇතුළත ඇති ගෘහස්ථ සහ එළිමහන් යන පාරිසරික සාධක එකතු වූ අතරමැදි ගෘහ අංගයකි.අතීතයේ අන්තර් මණ්ඩල වශයෙන් හඳුන්වා දී ඇති මැද මිදුල වසර ගණනාවක ඈත අතීතය හා සම්බන්දව පවතී.

ශ්‍රී ලංකාව තුළ ඉදිවූ වලව් සම්ප්‍රදාය තුළින් ඉස්මතු වූ මැද මිදුල් සංකල්පය වර්තමානය තුළ සාමාන්‍ය ජනතාවගේ නිවාස තුලටද ඇතුළත්ව ඇත.නිවස තුළට ආලෝකය, වාතාශ්‍රය ලබා ගැනීමට මෙන්ම නිවසේ අභ්‍යන්තර අලංකරණය සඳහා මහඟු පිටිවහලක් වන මෙම මැද මිදුල නිර්මාණය කිරීම වාස්තු ශාස්ත්‍ර සිද්ධාන්ත මත කළ යුතුය.

නිවසට අමතර ද්වාරයක් වශයෙන් බලපාන මෙම මැද මිදුල සුබ දිශාවන්හි පිහිටීමෙන් සුබ ශක්තීන් ද අසුබ දිශාවන්හි පිහිටීමෙන් අහිතකර බලපෑම් වලට ද නිවැසියන් ලක්වේ.තවද මෙම මැද මිදුලත් සමඟ ඇති අලංකාරය වැඩි කිරීමට සිතා නිවස තුළ පොකුණු නිර්මාණය කරයි. නමුත් නිවස තුළ පොකුණු නිර්මාණය කිරීම ඉතාම අහිතකර දෙයකි.

නිවසේ මැද මිදුල නිර්මාණය කර ඇති දිශාවන් පිළිබඳ සලකා බැලුවිට උතුරු දිශාවෙහි මැද මිදුලක් තිබිම ඉතාම ශුභ දායකය. කුඩා ඉඩම් වලට බොහෝ අවස්ථාවලදී වැට මායිමේ (Blind wall) යොදා නිවාස සැලසුම් කරයි. මෙම හේතුව නිසා එම බිත්ති මත ජනෙල් සහ දොරවල් පිහිටුවීම කළ නොහැකිය. එම නිවසට උතුරු දිශාවෙන් ලැබෙන ධනාත්මක ශක්තීන්, ප්‍රාණ ශක්තීන් සම්පූර්ණයෙන්ම වැළකී යයි. නමුත් මෙවැනි අවස්ථාවක උතුරු දිශාවට වන්නට අහසට විවෘත වූ මැද මිදුලක් තිබීම මගින් එම නිවසට නොලැබී යන සුබ ශක්තීන් නොඅඩුව ලැබෙනු ඇත.

නැගෙනහිර දිශාවේ මැද මිදුලක් තිබීම ඉතාම සුදුසුය. පෙර සඳහන් කළ පරිදිම නැගෙනහිර දිශාවේ ඇති බිත්තිය වැට මායිම මත පිහිටා ඇති විට නැගෙනහිර දිශාවෙන් ලැබෙන ජීව ශක්තිය මෙම නිවසට ලැබීම සම්පූර්ණයෙන්ම වැළකීයයි. මෙවැනි අවස්ථාවකද නැගෙනහිර දිශාවට අහසට විවෘත වූ මැද මිදුලක් තිබීම මගින් නොලැබෙන සුබ ශක්තීන් නිවසට ලබාගත හැකිය.

මෙම දිශාවන් දෙකට මැදි වූ ඊසාන දිශාවට මැද මිදුලක් තිබීම ද ඉතාම සුදුසුය. මෙහිදී උතුරු දිශාවෙන් ද නැගෙනහිර දිශාවෙන් ද ලැබෙන සුබ ශක්තීන්ගේ එකතුවක් වන ප්‍රාණ ජීව ශක්තිය නිවසට ලැබීමට එය මහඟු පිටිවහලකි.තවද හැකි සෑම අවස්ථාවකදීම නිවසක් සැලසුම් කිරීමේදී උතුර, ඊසාන, නැගෙනහිර යන දිශාවන් වැට මායිම මත ඉදි නොකර සිටීම ඉතාම සුබදායක වන අතර එලෙස කිරිමට නොහැකි වන අවස්ථාවලදී කුඩාවට හෝ මෙම දිශාවන් නියෝජනය වන පරිදි මැද මිදුලක් සැලසුම් කර ගැනීම ඉතාම සුබ දායකය.

නමුත් ආපෝ ධාතුව නියෝජනය කරන මෙම දිශාවන් වල ඇති මැද මිදුල්වල පොකුණු නිර්මාණය කිරීම සුදුසු නොවේ. මෙහිදී නිවසේ අභ්‍යන්තරය අලංකාර වුවද මෙම දිශාවන් තුළ ජලය තිබීම මගින් එම නිවස තුළ සිසිල් ගතිය වැඩි කරයි. එම හේතුව නිසා නිවැසියන්ට සිසිලස ආශ්‍රිතව ඇතිවන සෙම් රෝග, ඇදුම, පීනසය ආදී රෝග වලට ගොදුරු වීමේ හැකියාව පවතී.

නිවසක මැද මිදුල ගිනිකොණ දිශාව තුළ තිබීමද සුදුසු නොවේ. මෙමගින් නිවැසියන්ට කේන්ති සහගත සිතුවිලි ඇති වන අතර ශරීරය තුළ ලෞකික ශක්තීන් ද දුර්වල වන අතර දරුවන්ටද ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවේ.තවද ගිනිකොණ දිශාවේ ඇති මැද මිදුල තුළ පොකුණක් නිර්මාණය කිරීමද ඉතාම අසුබ ප්‍රතිඵල ගෙන දෙන්නකි. මන්ද ආපෝ ශක්තියත් තේජෝ ශක්තියත් ලෙස හඳුන්වන ජලය හා ගින්දර එකිනෙකට මුසු කිරීමට උත්සහ ගැනීමකි. මෙය ඉතාම අසුබ කරුණකි. මෙම හේතුව මත ඉහත සඳහන් කළ අසුබ කරුණු තවත් වැඩි කරන අතර ගිණිබිය, නීති ගැටලු වලටද නිවැසියන් ගොදුරු විය හැකිය.

දකුණු දිශාවට මැද මිදුලක් පිහිටීම එතරම් ගැටලු සහගත නොවන නමුත් මෙම දිශාවේ පොකුණු සඳහා සුදුසු නොවේ. එම නිසා දකුණු දිශාවේ මැද මිදුලක් තිබුණද එහි පොකුණු ඉදිකිරීම මගින් ධන හානි සහ නිවසේ කාන්තාවන්ට අහිතකර බලපෑම් ඇති කරයි.
නිරිත දිශාව යනු නිවසේ සුබ ශක්තීන් තැන්පත් කර ගන්නා දිශාව වේ. සාමාන්‍යයෙන් නිවසේ ප්‍රධාන නිදන කාමරය සැලසුම් කළ යුතු දිශාව වන මෙම නිරිත දිශාවේ බර භාණ්ඩ තිබීම ද සුදුසුය.

තවද ඉතා උස් වූ ශාක සඳහාද මෙම දිශාව සුදුසු දිශාව වේ. මෙම හේතුන් මත නිරිත දිශාව තුළ පවතින මැද මිදුල අහසට විවෘත වීම ඉතාම අසුබ කරුණක් වන අතර නිවසේ සියලුම සුබ ශක්තීන් ඉතා වේගයෙන් ඉවත්වනු ඇත. එහි ප්‍රතිඵලය වශයෙන් නිවැසියන් නිතර ආර්ථික ප්‍රශ්න වලටත් රෝග තත්ත්වයන්ටත් මුහුණපාන අතරම අනවශ්‍ය වියදම්ද යෙදෙයි. නිවැසියන් එකිනෙකා නුරුස්සන ගති ඇති කරවන අතර නිරිත දිශාවේ ඇති මැද මිදුල තුළ පොකුණු නිර්මාණය කිරීම ද ඉතාම අසුබය.

බටහිර දිශාවේ මැද මිදුලක් නිර්මාණය කිරීමද මධ්‍යස්ත ප්‍රතිඵල ඇති කරවන්නකි. නමුත් මේමගින් නිවස තුළ දැඩි උණුසුමක් ඇති විය හැකි බැවින් බටහිර දිශාවේ අහසට විවෘත වූ මැද මිදුල් ඉදිකිරීමේ දී තරමක් සැලකිලිමත් විය යුතුය. බැස යන හිරුගේ රශ්මිය වැඩි වශයෙන් මෙම නිවස තුළට ඇතුළු වේ.

වයඹ දිශාවේ මැද මිදුලක් නිර්මාණය කිරීමේදී මෙම දිශාවේ ඇති වායෝ ගුණය ගැන සලකා බැලිය යුතුය. වයඹ දිශාවේ අහසට විවෘත වූ මැද මිදුලක් නිර්මාණය කිරිමේ දී එම නිවැසියන් නිවස තුළ රැඳීමට වැඩි කැමැත්තක් නොදක්වයි. නිවසින් පිටතට යෑමට නිතර සිත් ඇතිවන අතර මෙම හේතුව නිසා නිවාස පාළු තත්ත්වයකට පත් වේ.

නිවස මැදට වන්නට මැද මිදුලක් තිබීම එතරම් ගැටලුවක් නොවූවත් එම ස්ථානයේ පොකුණු නිර්මාණය කිරීම ඉතාම අහිතකරයි. නිවසේ මැද යනු කිසිදු බරක් නොතිබිය යුතු ස්ථානයකි. මෙම ස්ථානයේ පොකුණු නිර්මාණය කිරීමෙන් ගෘහ මූලිකයා ඇතුළු  නිවැසියන්ට හදවත ආශ්‍රිත රෝග පීඩා ඇති කරවන අසුබ පිහිටීමකි.

කෙසේ වෙතත් යම් යම් අවස්ථාවල වර්ෂාව මඟින් ඇතිවන කරදර, එනම් නිවාස තෙමීම මත පුද්ගලයින් මැද මිදුල අහසට විවෘත වීම වළක්වමින් වහළ නිර්මාණය කරයි. මෙමගින් නිවසට ලැබෙන පෙර සඳහන් කළ සුබ හා අසුබ ශක්තීන් පාලනය කරයි. තවද මැද මිදුල තුළ ශාක රෝපණය කිරීමේදී සුදුසු ශාක වර්ග පමණක් රෝපණය කිරීමද සිදු කළ යුතු බව ද සඳහන් කළ යුතුය.

සුබ හා අසුබ ශක්තීන් නිවසට ලැබීමට ප්‍රධානම ගෘහ අංගයක් වන මැද මිදුල සුදුසු දිශාවන්වලට සැලසුම් කර ගැනීම මගින් සොබාදහමේ හැසිරීම හා නිවසක් ඉදිකිරීමේ තාක්ෂණය තුලනාත්මකව යොදා ගෙන සාර්ථක නිරෝගී ජීවිතයක් ගත කළ හැකිය.

වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes
මිනුවන්ගොඩ

ධම්මික හේවාවසම්

TAGGED: aloka homes, Blind wall, Good energies, Middle yard
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඉවතලන හාල් නිවුඩ්ඩෙන් දියවැඩියා – කොලෙස්ටරෝල් අයටත් අයිස්ක්‍රීම්

December 4, 2023

පුංචි කාලෙම කොන්ද කඩලා ලොකු වෙනකොට සාර්ථක කෙනෙක් බලාපොරොත්තු වෙන්න එපා

December 4, 2023

බොන්සායි ගසක පැරණි පෙනුම පෙන්නන හැටි

December 4, 2023

ස්මාට් විදිහට ගෙදර වැඩකරවන ඇප්

December 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?