නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වාසි ගන්න හරියට යෝගා කරන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

වාසි ගන්න හරියට යෝගා කරන්න

Published October 23, 2023

යෝග අභ්‍යාස කියන්නෙ ඉතා ඈත අතීතයේදී ආරම්භ වුණා යැයි විශ්වාස කරන සරල ව්‍යායාම, හුස්ම පාලනය සහ භාවනාව යන කොටස්වල එකතුවක්. අද වෙද්දී අන්තර්ජාලය ඔස්සෙ විවිධ ප්‍රතිඵල ලබාදෙන බොහෝ යෝග ව්‍යායාම් ක්‍රම ප්‍රසිද්ධ වෙමින් තිබුණත් ඔබ ඒ ක්‍රම සියල්ලම අනුගමනය කරන්නට යාම නම් එතරම් ගුණාදායක නැහැ. මොකද නිවැරදිව කරන යෝග ව්‍යායාම්වලින් ඔබ නොසිතන තරම් යහපත් ප්‍රතිඵල ඔබට ලැබෙනව වගේම වැරදි යෝග ව්‍යායාම් නිසා ගැටලු රාශියකට මුහුණ දෙන්නත් ඔබට සිදුවෙනවා.

ඉරියව් නිවැරදි කරයි

යෝග ආසන බොහොමයක් ඔබේ ශරීරය සෘජුව සහ සමබරව පවත්වා ගනිමින් සිදුකළ යුතු විදිහට නිර්මාණය කරලා තිබෙනවා. ඒ නිසා ඔබේ වැරදි ඉරියව් නිවැරදි කරගන්න හොඳ අවස්ථාවක් ඔබට ලැබෙනවා.

ශරීරයේ අනවශ්‍ය බර අඩුකර හැඩැති සිරුරක් ලබාදෙයි

මාංශපේෂී මත පීඩනයක් ලබා දෙමින් මෙම ව්‍යායාම ක්‍රියාත්මක වන නිසා අනවශ්‍ය ලෙස තැම්පත් වී ඇති මේදය දහනය කර මාංශපේෂී හැඩ කරන්න යෝග අභ්‍යාසවලට පුළුවන්.

හොඳ හෘද ක්‍රියාකාරීත්වයක් ඇති කරයි

යෝග අභ්‍යාසවල යෙදෙන විට පවත්වා ගෙනයන යෝග ආසන බොහෝවිට සමමිතික වෙනව. ඒ නිසා මාංශපේෂී හා ඉරියව් නිවැරදිව පවතින විට මිනිත්තු කීපයක් ඒ මාශපේෂීවලට පීඩනයක් එහෙමත් නැත්නම් ආතතියක් ලබා දී රුධිර සංසරණය වගේම හෘදයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වාගෙන යන්නත් ඔබට උදව් වෙනවා.

ආහාර ජීර්ණ පහසු කරයි

රුධිර සංසරණ පද්ධතිය ක්‍රමවත් වීම සහ ආහාර ජීර්ණ පද්ධතිය අසල මාංශපේෂීවලට පීඩනයක් ඇති කරන නිසා මාංශපේෂීවල ක්‍රියාකාරීත්වය ක්‍රමවත් වීම සිදුවෙනවා. ඒ නිසා ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාකාරී වීමෙන් බඩ පිපීමේ තත්ත්වයන් සහ ආහාර ජීර්ණය ආශ්‍රිත ගැටලු ඇතිවීම අවම කරනවා.

අස්ථි හා මාංශපේෂී ශක්තිමත් කරයි

යෝග අභ්‍යාසවල යෙදෙන විට සන්ධි සහ මාංශපේෂී ඉතාමත් සෙමින් සහ ඒවට හැකි උපරිමයෙන් චලනය කරවීමක් සිදු කරනවා. සන්ධිවල නම්‍යශීලි බව වැඩිකරන අතරම නිවැරදි ඉරියව්වෙන් මිනිත්තු කීපයක් රැඳී සිටින නිසා සන්ධි හා මාංශපේෂී ශක්තිමත් කරමින් දරා ගැනීමේ හැකියාව වැඩි කරනවා.

මානසික සහනය සලසයි

මානසික පීඩනය සහ ආතතිය දුරු කර හිතේ සහනය ලබා ගන්නත් යෝග අභ්‍යාසවල යෙදීම ඔබට උදව් කරනවා.

( අන්තර්ජාලය ඇසුරෙන් )

අර්චිත ඉඳුවර



 

TAGGED: exercise, health, Yoga
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?