නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: උළුවස්ස හරියට නොතිබ්බොත් වැඩ ටික ගැස්සෙන්න පුළුවන්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

උළුවස්ස හරියට නොතිබ්බොත් වැඩ ටික ගැස්සෙන්න පුළුවන්

Published October 16, 2023

නිවසක අලංකාරය සඳහාත් වාතාශ්‍රය හොඳින් ලබා ගැනීමටත් පැහැදිලි ආලෝක තත්ත්වයක් පවත්වා ගැනීම සඳහාත් එකී නිවසට තබන ලද දොර ජනේල වලින් සිදු වන්නේ සුවිශේෂී කාර්යයක්. අද බොහෝ විට මෝස්තරය අලංකාරය ගැන පමණක් සිතා ඊට මුල් තැන දෙමින් නිවසක දොර ජනේල ඉදිකිරීම සිදු වුවත් අපේ පැරණි මුතුන් මිත්තන් තම නිවාසවල දොර ජනේල සඳහා අවශ්‍ය ලී දඬුවලට ගසක් කපා ගැනීමේ ක්‍රියාවලියේ සිට විවිධ සුබවාදී ක්‍රියාදාමයන්ට යොමුව ඒ අනුව කටයුතු කර බොහෝ සුබ පල ලබාගත් බවට අදටත් සාක්ෂි පවතී.

නිවසකට තැබිය යුතු දොර ජනේල සංඛ්‍යාව, ඒ සඳහා යොදා ගන්නා ලී වර්ග, එම ලී වර්ග සපයා ගන්නා ස්ථාන මෙන්ම ඒවා සකස් කිරීමේදී අනුගමනය කළ යුතු වාස්තුවිද්‍යානුකූල කරුණු කාරණා රාශියක් ඇති අතර ඒවා නිසි පරිදි අනුගමනය කිරීම තුළ සැපසේ සතුටින් ජීවත් විය හැකි සිරිකත කැන්දන නිවසක උරුමය ඕනෑම කෙනෙකුට හිමිකරගත හැක

ආශ්වාස ප්‍රාශ්වාස කිරීම අප මෙන්ම සත්ත්ව සංහතියටම පොදු ලක්ෂණයකි. එම ක්‍රියාවලිය අසාර්ථක නම් අපගේ ජීවයේ පැවැත්මක් නොමැත. එසේම අප නිර්මාණය කර ගන්නා නිවස තුළ ද මෙම ක්‍රියාවලිය සිදුවිය යුත්තේ දොර ජනෙල් වලිනි. පිටතින් ඇති ශුභ ශක්තීන්, කිරණ, වාතය ප්‍රධාන ද්වාරයෙන් ඇතුළට ගන්නා අතර අනෙකුත් දොරටු මගින් නිවස තුළට විසුරුවා හැරීම සිදු වේ. නිවසක දොරක් ඇතුළට විවෘත වන අතර සෑම නිවසකම ජනේල විවෘත වන්නේ පිටතටය.

එය මෙම ශක්තීන්ගේ ගලනයට ඉවහල් වේ. මෙසේ දොර ජනෙල්වලින් නිවසට ඇතුළු වන වාතය හා අනෙකුත් ශක්තීන් නිවස තුළ ගමන් කිරීමට පහසුවන සේ ඇඳ, පුටු, මේස ආදිය කකුල් හතරක් සිටින සේ නිර්මාණය කර ඇත. මෙම ශක්තීන්ට ගමන් කිරීමට අවහිරතා ඇතිවුවහොත් ඉන් නිවසේ දියුණුව අඩාලවනවා සේම ඔබට හුස්ම ගැනීමට ශ්වසන මාර්ගය හා ශ්වසන පද්ධතිය තුළ අවරහිතා මතුවනු ඇත.

එබැවින් නිවසේ දොර හා ජනෙල් නිසියාකාරව ස්ථානගත කිරීම සිදුකළ යුතු වේ. විශේෂයෙන්ම දොර ජනෙල් ශුභ පාදවල තැබිය යුතුය. එසේ ශුභ පාදවල තබන දොර ජනෙල් කිරි වෘක්ෂයකින් සාදා ගැනීම ඉතා වැදගත් වේ. කොස්, වල් දෙල් වැනි වෘක්ෂ භාවිත කර උළුවහු තැනීමට අතීතයේ මිනිසුන් කටයුතු කළ අතර අනෙකුත් කිරි වෘක්ෂ ද මේ සඳහා භාවිත කර ඇත. මෙහිදී කොස් ලීයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කිරි වෘක්ෂයෙන් දොර ජනෙල් නිර්මාණය කර ගැනීමෙන්

නිවැසියන්ට සෞභාග්‍යමත්, අග හිඟකම්වලින් තොර ජීවතයක් ගතකිරීමට හැකියාව ලැබෙනු ඇත. පුරාතනයේ මෙම දොර ජනෙල් සඳහා අවශ්‍යය ලී සඳහා ගස් කැපීමට පවා පිටත් වූයේ අස්විද, රෙහෙණ, මුවසිරස, පුනාවස, පුෂ, මා, උත්‍රපල්, හත, සිත, සා අනුර, මුල, උත්‍රසල, සුවණ, දෙනට, උත්‍රපුටුප, රේවතී වැනි ශුභ නැකැත් අනුගමනය කරමිනි. ශුභ දින ලෙස සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා වැනි දින භාවිත කළ අතර අඟහරුවාදා, සෙනසුරාදා, ඉරිදා ඒ සඳහා භාවිත නොකරන ලදී.

තවද ශුභ තිථි කාරණ හා යෝග පිළිබඳව ද සොයා බලා කටයුතු කළ අතර පුර සහ අව පක්ෂය පිළිබඳව ද ඔවුන් අවබෝධයෙන් කටයුතු කර ඇත. මෙම කටයුතු සිදු කර ඇත්තේ පංච ශුද්ධිය ඇති දිනවලදී බව පොත පතෙහි සඳහන් වේ. කෝණ මාස අතහැර ගෘහ මූලිකයා සහ ගෘහයේ ජීවත් වන අනෙක් අයට සීහෙන නැකතකට අනුව උළුවහු තැබීම සිදුකරනු ලබයි. වස් දොස් දුරු වීම පිණිස උළුවහු පැනීමේ චාරිත්‍රය පවා එදා අකුරටම ඉටු කර ඇත.

වර්තමානය වනවිට මෙම කටයුතු නොදැනුමත්කමින් හෝ දැනුම අඩුකමින් මඟ හැර ඇත. තවද මෙම උළුවහු සඳහා අකුණු සර වැදුනු ගස්වල ලී, බෙන සහිත ගස්වල ලී, කුරුළු කුඩු, සත්ත්ව වාසස්ථාන ආදිය තිබූ ගස්වල ලී භාවිත නොකළ අතර ඒ සඳහා කිරි වෘක්ෂ පමණක් භාවිත කර ඇත.

තවද, ප්‍රධාන දොර උළුවහු සැකසීමේදී දිග පළල පිළිබඳ සැලකිලිමත් වූ අතර සැමවිටම පළලට වඩා දෙගුණයක් වැඩියෙන් උස ගැනීම සිදු කර ඇත. මෙම වර්ග ක්‍රමය නිවසේ දියුණුවට හේතු වේ. අඩි 4 ක් පළල හා අඩි 8.6 ක් උස උළුවස්ස ඉතා ප්‍රබල වර්ගයකි. එම ප්‍රමාණයට වඩා තරමක් කුඩා වුව ද සෑම විටම පළලට වඩා දෙගුණයකින් දිග වැඩිවිය යුතුය. මෙම ක්‍රම ඇතුළත කාමරවල උළුවහුවලට ද අදාළ වේ.

තවද ප්‍රධාන උළුවස්ස සඳහා පළලින් වැඩි ලී භාවිත කිරීමෙන් නිවසක ප්‍රතාපවත් බව වැඩි වන අතර නිවසේ ජීවත් වන අයට පවා අභිමානවත් ලෙස ජීවිතය ගත කිරීමට හේතු වේ. එසේම, උළුවහු කඳන බද්ධ කොට සැකසීම අශුභ වේ. නිවසේ දොර උළුවහු ඔත්තේ හා ජනෙල් ඉරට්ටේ සංඛ්‍යාවලින් සැකසිය යුතුය. උළුවහු ප්‍රමාණයට වඩා ජනෙල් ප්‍රමාණය වැඩිවිය යුතු අතර දොර ජනෙල්වල එකතුව ඔත්තේ විය යුතුය. දිශා 3 කට පිටවීමේ දොරවල් තැබීම ඉතා ශුභ වේ.

මෙම උළුවහු තැබීමේදී උළුවහුවල දෙපැත්තට හා මැදට යට ලී බාල්ක නොයෙදෙන අයුරින් තැබිය යුතුය. විශේෂයෙන් උළුවහු ගිණි කතුර රේඛාවලට හසු නොවන අයුරින් තැබිය යුතුය. එසේ නොදැනුවත්කමින් හෝ ගිණි කතිරයට හසු වුවහොත් බලාපොරොත්තු නොවූ කරදර විපත් ආදියට මුහුණ දීමට සිදු වන අතර එක එල්ලේ උළුවහු 3 ක් තිබීම අශුභ පිහිටිමකි. එයද නිවැසියන්ගේ පරිහානියට හේතු වේ.

අතීතයේදී ප්‍රධාන දොර, දොර පියන් දෙකකට ගෙන ඇති අතර, දකුණු පැත්තට විවෘත වන දොර තරමක් ප්‍රමාණයෙන් වැඩි වන අයුරින් ගෙන ඇත. පැරණි පොත පතේ සඳහන් පරිදි අතීතයේ උළුවහු තැනීමේදී පොළවට ස්පර්ශ වන ආකාරයට උළුවහු කඳක් උළුවස්සට නිර්මාණය කරගෙන ඇත. පසුකාලීනව එම කොටස ඉවත්ව උළුවහු සකස් කෙරුණ ද දැනට දළදා මාලිගාවේ හා පැරණි වලව්වල මෙම උළුවහු දැකගත හැක.

වර්තමානය වනවිට ලී දඬු හිඟ වීමත්, ලී දඬුවල මිල අධික වීමත් මත කොන්ක්‍රීට් උළුවහු ජනෙල් හෝ ඇලුමිනියම් දොර ජනෙල්වලට ඇති නැඹුරුව වැඩි වී ඇත. කෙසේ භාවිත කළ ද ප්‍රධාන උළුවස්ස කිරි වෘක්ෂයකින් තැනූ උළුවස්සක් දොරක් වීම ඉතා යහපත් වේ. මන්ද, අප ඕනෑම කටයුත්තකට පිටත් වන්නේ ප්‍රධාන ද්වාරයෙනි.

වාස්තු විද්‍යා විශාරද
සුබසෙත ජ්‍යොතිෂ මධ්‍යස්ථානය
දොම්පෙ
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශමාන්‍ය
අජිත් මද්දුමආරච්චි

ධම්මික හේවාවසම්

TAGGED: design, doorway
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

බොන්සායි ගසක පැරණි පෙනුම පෙන්නන හැටි

December 4, 2023

ස්මාට් විදිහට ගෙදර වැඩකරවන ඇප්

December 4, 2023

ඉන්දියාවෙන් ගේන දෙළුම් තමයි කන්නම හොඳ නැත්තෙ

December 4, 2023

සක්‍රීය ශුක්‍රාණුවක් හඳුනාගැනීමට රොබෝ තාක්ෂණය

December 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?