නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සිමෙන්ති බුදු පිළිම වහන්සේලාට පබළු ඇමිණීම හොඳද නරකද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සිමෙන්ති බුදු පිළිම වහන්සේලාට පබළු ඇමිණීම හොඳද නරකද

Published October 16, 2023

ළදරු පාසල් යන පුංචි දරුවන් කළු ඩ්‍රෝවින් පොත්වල රවුමට පරිප්පු ඇට, මදටිය ඇට, වට්ටක්කා ඇට අලවනවා. එහෙමත් නැත්නම් පාට පාට කඩදාසි ඉරලා අලවන කොලාජ් චිත්‍ර දැක ඇති නේද? අන්න ඒ වගේ තත්ත්වයක් දැන් අපේ බුදු පිළිම වහන්සේලාට අත් වෙලා. මම මේ ගැන කතා කරන්නේ හිතේ පුදුම සංවේගයකින්.

ත්‍රිවිධ බෝධින් වහන්සේලා අතරට වෙහෙර වහන්සේ බෝධින් වහන්සේ සහ බුදු පිළිම ගෙය ඇතුළත්. ඒ අනුව පිළිම වහන්සේ අපි වන්දනා කරන්නේ ජීවමාන බුදුන්වහන්සේට වන්දනා කරනවා හා සමානව හිතේ පවතින ශ්‍රද්ධාවකින්. හිතේ සැනසිල්ල ලබා ගන්න අපි බුදු පිළිම වහන්සේ දෙස බලා සිටිනවා.

අජීවි වුණත් බුදු පිළිම වහන්සේ නමක් යනු වන්දනීය පූජා වස්තුවක්. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? බුදු පිළිම වහන්සේ වටා පබළු අල්ලනවා. බුදු හාමුදුරුවෝ කියන්නේ අදෘශ්‍යමාන බලයක් නොවෙයි. නෙලුම් මලක් මඩේ හැදිලා මඩ තවරා නොගෙන දියෙන් මතුවුණා වගේ උත්කෘෂ්ට චරිතයක්. එවැනි අසමසම චරිතයක් අද තොරොම්බොල් කරත්තයක් වගේ සරසනවා.

බුදු රජාණන් වහන්සේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ඇති චරිතයක්. අපි නරසීහ ගාථා ගායනා කරද්දී බුදු හාමුදුුරුවන්ගේ කාය ලක්ෂණ වර්ණනා කරනවා. බුදු හාමුදුරුවෝ මිනිස් කය දැක්කේ දෙතිස් කුනුපයෙන් යුක්ත, වරක් බැලූවිට තවත් වරක් නොබලන තරම් අප්‍රසන්න දෙයක් විදිහටයි. පිරිසිදුව සිටීම අනුමත වුණත් විකාර දස්සනවලින් සැරසෙන්න කොතැනකවත් සඳහන් කිරීමක් බුදු දහමේ නැහැ.

සරල බව සහ සැහැල්ලුව

බුදු රජාණන්වහන්සේ ඇසළ පොහොය දවසේ රජමාලිගාවෙන් නික්මුණේ සංසාර විමුක්තිය ලබාගන්න. අභිනිෂ්ක්‍රමණය කළ බෝසතාණන් වහන්සේ සියලු ආභරණ ඡන්න ඇමැති අත මාළිගාවට එව්වා. හිස කෙස් කපාදමා මහණ වුණේ සියලු බැඳීම් අතහැර දැමීමටයි. සිවුර කියන්නේ අපේ බුද්ධ ශාසනයේ අනන්‍යතාවක්. සිවුරක් පිළියෙළ කරනවිට පවා එහි සමානාත්මතාව, අල්පේච්ඡතාව පිළිඹිමු වෙනවා. බුදු සසුන සරල බව පදනම් කරගෙන පවතින දර්ශනයක්.

අතීතයේ බුදු පිළිම බොහොමයක් ගලින් නෙලා ඇති බැව් අපි දන්නවා. කලාකරුවෙකුට නිර්මාණයක් කිරීමේදී ස්වාධින අයිතියක් තිබෙනවා. නමුත් අතීතයේ ගල්වඩුවෙක් පවා අපේ බුදු රජාණන් වහන්සේගේ බුදු සිරුරට අගෞරවයක් කළේ නැහැ. ඇටවැල් මාල ඇමිණුවේ නැහැ. අවුකන බුදු පිළිම වහන්සේ දෙස බැලුවොත් චීවරයේ රැළි පවා අපූරුවට නිර්මාණය වී තිබෙනවා.

අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා ධාරා..

අනුරාධපුර මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිම වහන්සේ ලෝකයක ආකර්ෂණය ලබා ගත් සමාධි පිළිම වහන්සේ නමක්. ඒ ආකර්ෂණය ලැබුණේ උන්වහන්සේගේ ආධ්‍යාත්මික ශාන්තිය කළු ගලකින් ඉස්මතු කළ හින්දයි. ඒ නැතුව පාට පාට පබළු වැල් ගැටගහලා නොවෙයි.

මේ තරම් සියුමැලිද කළුගල්
හිතන්නටවත් බැරි නිසා…
මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා…

මේ ගී පද ඔබට හොඳින් හුරු පුරුදු ඇති. එදා කළු ගලටත් ඇස් දුන්නේ අපේ සිංහල අත්වලින්. බුදු රජාණන්වහන්සේගේ අසිමිත ගුණ සාගරය ඉස්මතු වුණේ ඒ අත්වලින් නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අපේ මුතුන් මිත්තෝ කළුගලින් පිළිම නෙළුවා කිය කියා අපි සිමෙන්ති බුදු පිළිම වහන්සේලාට පබළු අමුණනවා. ඇත්තටම ලැජ්ජයි. පබළු බුදු පිළිම විතරක් නොවෙයි අද මේ විනාසය හැම තැනම පැතිරිලා. සංඝයා වහන්සේලාට පාවහන් පළඳින්න බුදු රජාණන් වහන්සේගේ විනය නීති තුළ අනුමැතියක් නැහැ.

නමුත් කාලානුරූපව යම් යම් වෙනස්කම් වෙනවා.ඒ වෙනුවෙන් බුදුදහම තුළත් යම් අවසරයක් තිබෙනවා. නමුත් පබළු වැල් අමුණපු පාවහන් ගැන කොතැනකවත් නැහැ. අද පූජා කරන්නේ විකාරරූපි පාවහන්. ඊටත් වඩා පාවහන් පූජා කරන්නේ චෛත්‍යයේ පේසා වළල්ල මත එහෙම නැත්නම් මල් ආසනය මත. මේවා පව් රැස් කරන කටයුතු.

අන්ධානුකරණයට ගැතිවෙලා

ජාතියක් විදිහට අපිට තවම නැගිටින්න බැරි ඇයි? අපි තවමත් අන්ධ භක්තියෙන් කාලය ගෙවනවා. අපේ තියෙන්නේ තරගයක්. ඒක දියුණු වෙන්න නොවෙයි අල්ලපු ගෙදරට වඩා ඉදිරියෙන් ඉන්න විතරයි.එක උපාසක අම්මා කෙනෙක් පබළු බුදු පිළිමයක් පූජා කළොත් අනිත් පසළොස්වක පොහොයට පබළු පිළිම වහන්සේලා දහ දොළොස් නමක් මල් ආසනයේ වැඩ ඉන්නවා. ගෙදර උදවියට කන්න නැතැත් ටවුමේ ඇවිදලා කොහෙන් හරි පබළු පිළිම වහන්සේ නමක් පූජා කරනවා. නැත්තම් හිතට ලොකු අඩුවක්නෙ.

අපේ පන්සලේ පබළු පිළිම වහන්සේලා පූජා කරන්න අවසර නැහැ. අපි පිනක් කළත් විචාර බුද්ධියෙන් කිරීම අත්‍යවශ්‍යයි. පොඩ්ඩක් හිතන්න කිසිම ආගමක තමන්ගේ ශාස්තෘන්වහන්සේට විලාසිතා කරන්නේ නැහැ. ඉතින් මේ තරමටම සරල බව සැහැල්ලුව අගය කළ බුදුදහමට නිගරු කරන්නේ ඇයි? සිවුරක් සකස් කිරීමේ පටන් එය පරිහරණයෙන් පසුව ගොම මැටිවලට මැදි කරන තෙක් අනුගමනය කරන ක්‍රියාවලියෙන් අපට පෙන්වා දුන්නේ අල්පේච්චතාවයි.

නිර්මාණ කිරීමට අයිතියක් ඇති බව ඇත්ත. ජීවමාන බුදු රජාණන්වහන්සේ දුටු කෙනෙක් දැනට ලෝකයේ නැහැ ඒකත් ඇත්ත. ඒ නිසාම ලෝකයේ විවිධ රටවල බුදු පිළිම වහන්සේලාගේ වෙනස් කම් තිබෙනවා. මහායාන සංකල්පයේ බුදු හාමුදුරුවන්ගේ රූපය නිර්මාණය වෙලා තියෙන්නේ වෙනස් විදිහකට.

ඒ වෙනුවෙන් සාධාරණ හේතු තිබෙනවා. නමුත් බුදුදහමේ හරයට නිගරු වෙන විදිහට බුදු පිළිම වහන්සේලා සරසන්න කාටවත්ම අයිතියක් නැහැ. එය අපේ නිර්මල බුදුදහමේ හරයට පවා හානියක්. බුදුදහම තුළ ඇති සිතීමේ නිදහස අපි අයුතු විදිහට භාවිත කරනවා.

වෙනත් ආගම්වල වගේ මුකවාඩම් නැහැ. ධර්මය විවේචනය කළට රටින් පිටුවහල් කරන්නේවත් මරණ දඬුවම පමුණුවන්නේවත් නැහැ. ඉතින් බය සැක නැතුව ධර්මය විනාශ කරනවා. ඥානවන්තයා පය නොගසන තැන මෝඩයා පහරනවා කියල කතාවක් තියෙනවා.

ඊටත් වඩා ලස්සන කතාව මෝඩයෝ බිම පහරන විට අනිත් අය කෂාය බිව්ව ගොඵවන් වගේ බලාගෙන ඉන්නවා.මෙවැනි විනාශයන් තව දුරටත් පැතිරෙන්නට ඉඩ නොදී සමාජයෙන් අතුගා දමන්නට අප සියලු දෙනා එකාවන්ව කටයුතු කරමු

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති
කපුගම සරණතිස්ස ස්වාමින් වහන්සේ
ශ්‍රී අභිනවාරාමය කතරගම

පුන්‍යා චාන්දනී ද සිල්වා

 

TAGGED: buddhism, Buddhist
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?