නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ආදරය කිරීමයි සිප් එක ඇරීමයි ලටපවාගන්න එපා
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

ආදරය කිරීමයි සිප් එක ඇරීමයි ලටපවාගන්න එපා

Published October 16, 2023

sex ඇරියස් අයගෙන් බේරෙන්න

මිනිස්සුන්ගෙ හැඟීම් ගැන, හැසිරීම් ගැන ලෝකෙ රිසර්ච් කරනවා. ආදරය ගැනත් අදටත් ලෝකෙ රිසර්ච් සිදුවෙමින් පවතිනවා. ආදරයක් කියන්නෙ මානවයන් දෙන්නෙක් අතර ඇති වන බැඳීමක්නෙ. නමුත් ඒක සමලිංගික වෙන්නත් පුළුවන් විෂම ලිංගික වෙන්නත් පුළුවන්. ආදරයකදී ආකර්ෂණය, ලිංගිකත්වය කියන්නෙ අනිවාර්ය දෙයක් තමයි.

ඒක නිකන් අඩුම කුඩුම එකතු වෙලා රෙසිපියකින් හැදෙන රසවත් කෑමක් වගේ දෙයක්. අපි ඔය රෙසිපියක් ගැන කතා කරනකොට කියන්නෙ මේ දේ දැම්මොත් මේකෙ රහ වැඩි වෙනවා කියල. මේක ඕනවට වඩා දැම්මොත් රහ නැති වෙනවා කියල. ඒ වගේම තමයි මනෝවිද්‍යාව ඇතුළෙ ආදරය ගැන කතා කරන්නෙ. ආදරය කියන රෙසිපියේ අවසන් ප්‍රතිඵලය රස වෙන්නනම් ලිංගිකත්වය අවශ්‍යයි.

අපිට කොයි මොහොතකවත් මානව ප්‍රේමය ලිංගිකත්වයෙන් ගලවලා ඉවත් කරන්න බෑ. ‘ප්‍රේමයනම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි, පරිශූදයි, සුරම්‍යයි’ කියන ප්‍රේමය වෙනම ප්‍රේමයක්. ඒක ජේසුස් වහන්සේ, බුදුන් ගාව තිබුණ මෛත්‍රීය හා මුසු වෙච්ච ප්‍රේමයක් මිස වෙන ප්‍රේමයක් නෙවේ. අවුරුදු 70 – 80 වෙද්දි දෙන්නෙක් අතර ලිංගිකත්වය මුසු වුණ ප්‍රේමයෙන් ටික ටික ඈත් වුණත් යෞවන ප්‍රේමය ගැන අපිට ආකර්ෂණය, ලිංගිකත්වයෙන් තොරව කතා කරන්න බෑ.

ඇතැම් සම්බන්ධතා ලිංගිකත්වය මත පමණක්ම පවත්වගෙන යන කෙටි කාලීන සම්බන්ධතා වෙන්න පුළුවන්. ප්‍රේමයම විතරක් අභිමතාර්ථය වෙච්ච සම්බන්ධතා තියෙන්නත් පුළුවන්. පහුගිය දවසක පොලිස් නිලධාරියො කඩාපැන්නෙ පෙම්වතුන් කිහිපදෙනෙක්ව අල්ලන්න ඉඩමකට. එතනත් ඔය දෙපැත්තටම අදාළ යුවලවල් ඉන්න ඇති.

ලංකාවෙ ගොඩක් කපල්ස්වලට හරියට ලිංගික අධ්‍යාපනයක් නෑ. මොළය වගේම හදවතත් ආදරයෙදි එකට වැඩ කරන්න ඕනෙ. ඒකනෙ හදවතට උඩින් මොළය දීලා තියෙන්නේ. හදවතට විතරක් වහල් වෙලා වැඩ කරන්න බෑ. ලිංගිකත්වය එක්ක සංවේදීකම විතරක්නම් එළියට එන්නෙ අනවශ්‍ය ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ඔය හේතුව නිසා තමයි අර සිදුවීමෙදි පොලිස් නිලධාරියා කිව්වෙ ‘සිප් එක අරින එකයි ආදරය කරන එකයි දෙකක්’ කියල. හැබැයි ඒකෙ දෙපැත්තක් තියෙනවා.

තමන් දැනගන්න ඕනෙ තමන් ප්‍රේම සම්බන්ධයක් ලිංගිකත්වය එක්ක පවත්වගෙන යනවනම් ඒ ගැන තමන්ට කොච්චර දැනුමක්, අවබෝධයක් තියෙනවද කියල. දෙන්නෙක් ආදරය කර කර ඉන්න තැනකට වෘත්තිමය මිනිස්සු කැමරා උස්සගෙන කඩා පනිනවා කියන්නෙ එතන තියෙන්නේ ලොකු මානසික ගැටලුවක්. මොකද අපි දන්නෙ නෑ එතන හිටපු මිනිස්සු මොන මොන මානසික මට්ටම්වල හිටපු අයද කියල. සමහරවිට ඉක්මනින් සියදිවි හානිකරගන්න හිතෙන පිරිස් එතන ඉන්න තිබුණා.

මේ වෙද්දිත් එහෙම දෙයක් වෙලාද කියලත් අපි දන්නෙ නෑ. ඕවා හරි සංවේදී කාරණා. ඒ වගේ තැන්වලට පැනලා වීඩියෝ කරලා සමාජගත කරන අයත් දැනගන්න ඕනෙ එතනින් පස්සෙ වෙන දේ ගැන. මොකද එකිනෙකාට තියෙන්නෙ එකිනෙකට වෙනස් පෞරුෂයන්. එතකොට එයාලා ප්‍රශ්නෙකට ප්‍රතිචාර දක්වන විදිහත් වෙනස්. ලංකාවෙ තරම් ලිංගිකත්වය සම්බන්ධව ඇරියස් තියන මිනිස්සු නෑ ලෝකෙ වෙන කිසිම රටක.

ආදරය කරන දෙන්නා දැනගන්න ඕනෙ එයින් විපාකයක් සිද්ධ වෙනවද හොඳක් සිද්ධ වෙනවද කියල. අවබෝධයක් නැතුව කරන ප්‍රේමයක් ගබ්සාවක් දක්වා දුර යන්න හොඳ නෑ. ඒකයි මුලිනුත් කිව්වෙ ආදරයකදි තාර්කික මනසයි සංවේදී මනසයි දෙකම බැලන්ස් එකේ තියෙන්න ඕනෙ. සමහර අයට තියෙන්නේ තාර්කික මනසක් විතරයි. එහෙම අයට තමයි ප්‍රේමය සහ ලිංගකත්වය ලොකු වැරැද්දක් විදිහට පේන්නෙ.

ඇරගෙන ඉන්න සිප් එක බලෙන් වස්සවන එක නෙවෙයි වැඩේ. එතන සිද්ධ වෙන දේට සම්පූර්ණ වගකීම ගන්න ඕනෙ ඒ ආදරේ කරන දෙන්නා මිසක් පිටින් කඩාපනින අය නෙවේ.

මනෝ විද්‍යාඥ, ආචාර්ය
අශෝක් ප්‍රියදර්ශන

එරංදි කෞශල්‍යා

TAGGED: Love, Relationship, sex
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

වචනයෙන් පවා පහර දෙන අසත්පුරුෂයන්

December 4, 2023

අත ළඟ එන සීත කාලෙට සම පරිස්සම් කරගන්න

December 4, 2023

ඕනම සන්ධියක් ආශ්‍රිතව කැල්සියම් තැන්පත් වීම සිද්ධවෙන්න පුළුවන්

December 4, 2023

Swimming Pool වල මුත්‍රා කිරීම හදවතටයි පෙනහලුවලටයි හොඳ නැහැ

December 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?