නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: නිදාගන්න හොදම පැත්ත දකුණු පැත්ත
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

නිදාගන්න හොදම පැත්ත දකුණු පැත්ත

Published October 9, 2023

සුවබර නින්දක් සඳහා බලපාන්නා වූ අංශ කිහිපයක් තිබේ. මානසික ඒකාග්‍රතාවය, ශරීර සෞඛ්‍යය, නිදන යහන, කාමරය මෙන්ම කාමරය පිහිටි දිශාවත් හිස දැමිය යුතු දිශාවත් ඉන් ප්‍රධාන වේ.

කෙනෙකු නිදා ගැනීමේදි හිස දැමීමට සුදුසු දිශාව සහ හිස දැමීමට නුසුදුසු දිශාව වශයෙන් වාස්තු ශාස්ත්‍රය තුළ සිද්ධාන්ත පවතී. මෙම සිද්ධාන්ත නූතන විද්‍යාවන් තුළින් ද තහවුරු කර ඇත.නින්ද පිළිබඳව බුදු දහමෙහි තෘප්ත රහිත සේවනයන්ගෙන් එකක් ලෙස හඳුන්වාදී ඇති අතර බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑමට ආසන්න වෙත්ම පින්වත් ආනන්ද තථාගතයන් වහන්සේට උතුරට හිසලා ආසනයක් සකස් කර දෙන ලෙසට වදාළ සේක.

මෙහිදී උතුරු දිශාව යනු නිදා ගැනීමේදී හිස හැරවීමට නුසුදුසුම දිශාව ලෙස හඳුන්වා දිය හැකි අතර මරණාසන්න රෝගියෙකු උතුරට හිස දැමීම මගින් ඔවුනගේ මරණ වේදනාව යම් හෝ ප්‍රමාණයකින් අඩු වන බවට විශ්වාස කෙරේ.

පෙර සඳහන් කළ පරිදි බුදු දහමෙහි තෘප්ත රහිත සේවනයන් හෙවත් මිනිසා විසින් ස්වභාවිකවම ඉතා අධික ආශාවක් දක්වන ක්‍රියාවක් ලෙස නින්ද හඳුන්වා දී ඇති අතර ආයුර්වේදය තුළද ප්‍රභේද ගණනාවකින් දක්වා ඇති නින්ද ශරීරයට හිතකර ලෙස ලබා ගත යුතුය. මන්දයත් දහවල් කාලය තුළදී සහ අනවශ්‍ය පරිදි ලබා ගන්නා නින්ද යම් යම් අවස්ථාවලදී ශරීරයට අහිතකර බැවිනි. දහවල් කාලයේ නිදා ගැනීමෙන් අධික ස්ථුලතාවය, සෙම් අධික වීම වැනි රෝග තත්ත්වයන් වැළඳිය හැකි අතර දිවා නින්ද අධික වෙහෙසට පත්වූවන්ට, කුඩා දරුවන්ට සහ ඇතැම් රෝග ඇති අයට හිතකර වේ.

මිනිසාගේ සිරුරේ නීරෝගී පැවැත්මට අවශ්‍යවන හෝමෝන නිපදවීමේ ක්‍රියාවලියට නින්ද බොහෝ සෙයින් බලපානු ලබයි.තවද මානසික පීඩනයටද නින්ද ඉතාම ගුණදායකය. මනස විඩාබරවීමට විරුද්ධව ක්‍රියාත්මක වන බැවින් යම් මානසික පීඩනයක් ඇති විට මනස විසින් ව්‍යාජ ලෙස ශරීරයේ තුළ නිදිමත ගතියක් ඇති කරවනු ලබයි.

මෙයට උදාහරණයක් ලෙස යම්කිසි විභාගයක් ඇති විටක එම කාලය තුළ අධිකව නිදිමත ස්වභාවයක් දැනුන නමුත් එම විභාගය අවසන් වීමත් සමග නිදිමත නැති වී යයි. මෙම ස්වභාවය ඇතිවන්නේ පීඩනයන් දරා ගැනීමට අකමැති බැවින් මනස විසින් ව්‍යාජ ලෙස නිදිමත ස්වභාවයක් ඇති කිරීම මගිනි.

කෙසේ වෙතත් අලුත උපන් කුඩා දරුවාගේ සිට වයස්ගත වැඩිහිටි අය සඳහා ද නින්ද යනු පෙර සඳහන් කළ පරිදිම අත්‍යවශ්‍යම දෙයකි. මේ අනුව පුද්ගලයෙකුට සුවපත් නින්දක් ලැබීමේ ප්‍රතිලාභ ගණනාවක් ඇත. එනම් සිරුරේ බලය වැඩිවීම, බුද්ධි වර්ධනය, මානසික හා කායික සුවය, නීරෝගීකම, රුව අලංකාරය,

රෝගී තත්ත්වයන්ට ගුණ ලැබීම දැක්විය හැකි අතර සුවපත් නින්දක් නොලැබීම හේතුවෙන් අහිතකර ප්‍රතිඵල ද ඇති වේ. මානසික ආතතිය, වයසට වඩා වියපත් බවක් ඇතිවීම, මතකය දුර්වල වීම රෝගී තත්ත්වයන් ඇතිවීම දැක්විය හැකිය.

මෙහිදී ශරීරයට අවශ්‍ය නින්ද ලබා ගැනීම සඳහා වාස්තු ශාස්ත්‍රය තුළ කරුණු ගණනාවක් දක්වා ඇත. ප්‍රථමයෙන්ම නිදා ගැනීම සඳහා හිස හැරවිය යුතු දිශාවන් පිළිබඳව සලකා බලමු.දකුණු දිශාවට හිස හරවා නිදා ගැනීමෙන් ධනය, සතුට සහ ධනාත්මක බව හිමිවන බැවින් වාස්තු ශාස්ත්‍රයට අනුව නින්දේදී හිස හැරවීමට සුදුසුම දිශාව දකුණු දිශාව ලෙස හැඳින්විය හැකිය. එම දිශාව පෘථිවියේ ඇති චුම්බක බලය හා සම්බන්ධීකරණය වන අතර එමගින් ධනාත්මක කම්පනයන් ඇති කරවයි. තවද දකුණු දිශාවට හිස හරවා නිදා ගැනීමට පටන් ගත් පසු සැලකිය යුතු දියුණුවක්ද ඇතිවනු ඇත.

සූර්යයා උදාවන නැගෙනහිර දිශාවට හිස හරවා නිදා ගැනීමෙන් හිරු කිරණ මෙන් සියලු සුබ ශක්තීන් අප වෙත ළඟාවනු ඇත. එබැවින් නැගෙනහිරද නිදා ගැනීමේදී හිස හැරවීමට සුදුසු දිශාවකි. එමගින් සුව නින්දක් ලබා ගැනීමට මෙන්ම උදෑසන ප්‍රබෝධමත්ව අවදිවීමට හැකිවන අතර සෞන්දර්ය හැකියාවන් වැඩි දියුණු වී ඒ හා සම්බන්ධ මතකයන් දියුණු වීමටද උපකාරී වේ. මේ අනුව පාසල් දරුවන්ට නැගෙනහිර දිශාවට හිස හරවා නිදා ගැනීම ඉතාම සුදුසුය.

බටහිර දිශාවට හිස හරවා නිදා ගැනීම නැගෙනහිර හෝ දකුණු දිශාවට හිස හරවා නිදා ගැනීම තරම් සුදුසු නොවුණත් බටහිර දිශාව තුළින්ද බොහෝ වාසි හිමිවනු ඇත. එම දිශාවට හිස හරවා නිදා ගැනීමෙන් තම ව්‍යාපාරවල හෝ රැකියාවල සාර්ථකත්වය මෙන්ම ජීවිතයේ යහපත් අවස්ථාවන් ලබා ගැනීමටද උපකාරි වේ.

නමුත් වර්තමානය තුළ මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීරයන්හි හිස බටහිරට හරවා තබන බැවින් මෙම දිශාවට හිස හරවා නිදා ගැනීමට බොහෝ දෙනෙක් අකමැත්තක් දක්වයි. එහෙත් එම දිශාවට හිස හරවා නිදා ගැනීමෙන් කිසිදු අයහපතක් සිදු නොවනු ඇත.

උතුරු දිශාව යනු නිදා ගැනීමේ දී හිස හැරවීමට නුසුදුසුම දිශාවක් වේ. චුම්බක බලය හේතුවෙන් යකඩ අධික වූ රුධිරය ඇතිවන බැවින් හදවතට හා මොළයට ආතතියක් ඇති වේ. ස්නායු රෝග ඇතිවිය හැකි අතර දිගු කාලීනව නින්ද නොයාමට හේතු විය හැකිය.පෙර සඳහන් කළ පරිදි සම්බුද්ධ පරිනිර්වාණයේදී ද උතුරු දිශාවට හිසලා ආසනයක් සකස් කළ බව සැලකේ.

හින්දු සම්ප්‍රදායට අනුව මළ සිරුර ආදාහනය කරන තෙක් මෙම දිශාවට හරවා තබනු ලැබේ. මෙහිදී වාස්තු ශාස්ත්‍රයට අනුව නිදා ගැනීමේදී උතුරු දිශාවට හිස හරවා නිදා ගැනීම සම්පූර්ණයෙන්ම වැළකී සිටීම වඩාත් සුදුසුය.

මෙම වාස්තු ශාස්ත්‍ර සිද්ධාන්ත අනුගමනය කරමින් සුව නින්දක් ලබා ගැනීමෙන් තම දියුණුව මෙන්ම නීරෝගිමත් ජීවිතයක් හිමිවන බැවින් ඒ තුළින් කෙනෙකුට යහපත් දිවි පෙවෙතක් ගත කිරීම අවස්ථාව උදාවනු ඇත.

වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes
මිනුවන්ගොඩ

ධම්මික හේවාවසම්

TAGGED: Architecture, good sleep, Housing plans
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy2
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?