නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සාංඝික දානය දිය යුත්තේ උපසම්පදා හාමුදුරුවන්ටද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සාංඝික දානය දිය යුත්තේ උපසම්පදා හාමුදුරුවන්ටද

Published October 9, 2023

බෞද්ධයන් වන අපි තවමත් පන්සල් ඇසුරු කර ගෙන ජීවත් වන ජන සමාජයක්. ඒ වගේම දානය හෙවත් දීමට අපි බොහොම උනන්දුයි. ඒ අතරිනුත් අපි සාංඝික දානයක් දීම ගැන වැඩි උනන්දුවක් දක්වනවා.

සාංඝික දානයක් දීමේදී වැඩම කළ යුතු ස්වාමින්වහන්සේලාගේ සංඛ්‍යාත්මක සීමාවක් තිබෙනවාද?

සාංඝික දානයක් පිරිනැමීමේදී උපසම්පදාව ලත් භික්ෂුන් වහන්සේලා හත් නමක් හෝ අවම වශයෙන් පස් නමක්වත් වැඩම කිරීම අවශ්‍ය බැව් අපි සිතුවත් එවැනි සීමාවක් ගැන බුද්ධ දේශනාවේ කොතැනකවත් සඳහන් වන්නේ නැහැ. එක් භික්ෂුන්වහන්සේ නමක් වුවත් සාංඝික දානයක් වෙනුවෙන් ප්‍රමාණවත්.

සාංඝික උපසම්පදා භික්ෂුන්වහන්සේලා දානයක් වෙනුවෙන් සම්බන්ධ කර ගත යුතුය යන සංකල්පය ඇති වුණේ ඇයි?

අතීතයේ භික්ෂුන්වහන්සේලා වනගතව වාසය කරමින් ඉතා අඩු වයසේදී රහත් ඵලයට පත් වුණා. රහතුන්වහන්සේලා මානසික විවේකය ප්‍රිය කරන නිසා වන සෙනසුන්හි වැඩ වාසය කළා. මේ නිසා ප්‍රත්‍යන්ත ප්‍රදේශයන්හි වාසය කළ භික්ෂුන්වහන්සේලාට උපසම්පදා විනය කර්ම වෙනුවෙන් උපසම්පදා භික්ෂුන්වහන්සේලා සොයා ගැනීම දුෂ්කර කාර්යක් වුණා. ඒ නිසා විනය කර්ම වෙනුවෙන් උපසම්පදා භික්ෂුන්වහන්සේලාගේ සංඛ්‍යාව වෙනස් කරන ලෙස බුදුරජාණන්වහන්සේගෙන් භික්ෂුන්වහන්සේලා ඉල්ලා සිටියා.

ඒ අනුව උපසම්පදා විනය කර්මය වෙනුවෙන් මධ්‍ය දේශයේදී නම් උපසම්පදාව ලත් භික්ෂුන්වහන්සේලා දස නමක් සහ ප්‍රත්‍යන්ත දේශයේදී උපසම්පදාව ලත් භික්ෂුන්වහන්සේලා පස් නමක් විනය කර්ම වෙනුවෙන් සුදුසු බැව් බුදුරජාණන්වහන්සේ තීරණය කළහ. මෙම සඳහන බෞද්ධයන් වැරදි විදිහට අවබෝධ කර ගෙන සිටිනවා. සාංඝික දානයක් වෙනුවෙන් උපසම්පදා භික්ෂුන්වහන්ස්ලා පස් නමක් අවශ්‍ය බවට වූ සංකල්පය මේ විදිහට ගොඩ නැගී තිබෙනවා.

සාංඝික යන සංකල්පය ආරම්භය සිදු වුණේ මේ විදිහටයි

මහා ප්‍රජාපතී ගෝතමී බුදුරජාණන්වහන්සේ වෙත සිවුරක් පූජා කළ අවස්ථාවේදී මෙය භික්ෂු සංඝයාට පිරිනමන්න යැයි බුදුරජාණන්වහ්නසේ වදාළ සේක. දානයක් සංඝ සතුකරමින් පූජා කිරීමේ ආරම්භය එයයි.

කර්ම වාක්‍ය සජ්ජායනා කිරීම

සාංඝික දානයක් පූජා කිරීමේදී “ ඉමං භික්ඛං භික්ඛුසඞ්ඝස්ස දේම” යන කර්ම වාක්‍ය භික්ෂුන්වහන්සේලා විසින් සජ්ජායනා කරනු ලැබේ. නමුත් මේ ගාථා පාඨය සැබැවින්ම සජ්ජායනා කළ යුත්තේ ගිහි පින්වතුන් විසින්ය.අපේ බෞද්ධ ඉතිහාසයේ සෙල් ලිපි සාක්ෂි අනුව පුරාණ රජවරුන් පවා පූජාවන් පවත්වා ඇත්තේ “අනත අනගත චතුසදිග සදස” යනුවෙන් සතර දිසාවෙන් වැඩම කරවන මහා සංඝරත්නය වෙනුවෙන්ය.

සාංඝික යනුවෙන් අදහස් කරන්නේ සංඝ සමූහයක් එහෙමනම් මෙම සංඝ සමූහය කවුද?

බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කළ අන්දමට සැරියුත් මුගලන් පරම්පරාවෙන් පැවතෙන අතීතයේ වාසය කළා වුද, වර්තමානයේ වාසය කරන්නා වුද, අනාගතයේ පහළ වන්නා වුද සිල්වත්, ගුණවත් සංඝයා වහන්සේලා මෙම ත්‍රෛකාලයටම අයත් වේ. ඒ අනුව අපි සැබැවින්ම දානයක් දෙන්නේ නම් මේ සම්මුති සංඝ රත්නය මුල් කර ගෙන සිදු වේ. මජ්ජිම නිකායේ දක්ෂිණ විභංග සුත්‍රයට අනුව සංඝික දාන.

පළමු සාංඝික දානය එක් පැත්තකින් භික්ෂුන් වහන්සේලාද, අනෙක් පැත්තෙන් භික්ෂුනීන් වහන්සේලාද, මධ්‍යයේ බුදුරජාණන්වහන්සේද වැඩ හිඳුවා දෙනු ලබන්නේ පළමු සාංඝික දානයයි.

දෙවන සාංඝික දානය බුද්ධ පරිනිර්වාණයෙන් පසු උභය සංඝයා පිරිවරා ගෙන සිදු කරන ලද දානය

තෙවැනි සාංඝික දානය භික්ෂු සංඝයාට පමණක් ලබා දෙන දානය

සිව්වැනි සාංඝික දානය භික්ෂුණී සංඝයාට පමණක් ලබා දෙන දානය

පස්වැනි සාංඝික දානය මා විසින් දෙනු ලබන දානයට මෙපමණ භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාවක්ද, මෙපමණ භික්ෂුණීන් වහන්සේලා සංඛ්‍යාවක්දැයි කල් තබා තීරණය කර ගෙන දෙනු ලබන දානය

හයවැනි සාංඝික දානය මාගේ දානයට මෙපමණ සංඛ්‍යාවක් භික්ෂූන් වහන්සේලාට ආරාධනා කරමි යැයි සංඛ්‍යාත්මකව තීරණයක් ගැනීමෙන් සිදු කරන දානය

හත්වැනි සාංඝික දානය මාගේ දානයට මෙපමණ සංඛ්‍යාවක් භික්ෂූණීන් වහන්සේලාට ආරාධනා කරමි යැයි සංඛ්‍යාත්මකව තීරණයක් ගැනීමෙන් සිදු කරන දානය

සාංඝික දානයක් මහත්ඵල මහානිශංස වීමට බලපාන කරුණු

දන් දෙන තැනැත්තා සිල්වත් වීම
දාන වස්තුව ධාර්මිකව උපයා ගැනීම
පැහැදුන සිතින් යුක්තව දීම
කර්මඵලය විශ්වාස කිරීම

සාංඝික දානයක් පිරිනැමීමේදී අපි මෙම දානය පිළිගන්වනු ලබන සංඝයා වහන්සේ සිල්වතෙක්ය, ගුණවතෙක්ය කියා සිත සතුටු කර ගැනීම හෝ දුස්ශීලයෙන් කියා සිත නොසතුටු කරගෙන දෙන්නේ නම් ඔහුගේ දානය සාංඝික නොවේ.

අටුවා කතාවක මෙහෙම සඳහන් වෙනවා

සංඝාවාසයක දායකයෙක්ව සිටි එක් උපාසක මහතෙක් විහාරයට ගොස් සාංඝික දානයක් සඳහා භික්ෂුන්වහන්සේ නමක් වැඩම කරවන මෙන් ඉල්ලා සිටියා. ඒ උපාසක මහතාගේ දානයට වැඩම කරනු ලැබුවේ දුස්ශීල භික්ෂුන්වහන්සේ නමකි. උපාසක මහතා කිසිදු වෙනසක් නොපෙන්වා භික්ෂුන්වහන්සේ පිළිගෙන පා දෝවනය කර, උතුම් අසුනක වැඩ හිඳුවා දානය පිළිගන්වන ලදී. එදිනම සවස් භාගයේ මේ භික්ෂුන්වහන්සේ උදැල්ලක් සොයා දවල් දානය පිරිනමන ලද උපාසක මහතා වෙත වැඩියා.

උපාසක තෙමේ භික්ෂුන්වහන්සේ වෙතට උදැල්ල විසි කළා මිස අඩුම වශයෙන් වාඩි වී සිටි අසුනෙන් හෝ නැගිට්ටේද නැත. මේ දුටු තවත් අයෙක් මෙසේ විමසා සිටියා. ඔබ අද කාලයේ ඉතා ගරු බුහුමනින් යුක්තව දානය පිළිගැන්වූ මේ භික්ෂුන්වහන්සේට දැන් මේ අන්දමින් නිගරු කොට සලකන්නේ ඇයි දැයි විමසා සිටියා.

මම දවාලේ දන් පිළිගැන්වූයේ මහා සංඝරත්නයට යැයි පිළිතුරු දුන්නා. ඒ අනුව පෙනී යන්නේ සාංඝික දානයක් දීමේදී එය මහා සංඝරත්නය මුල් කරගෙන පිරිනැමීම හැර වෙනත් දුර්වලතාවයන් විමසීමට ලක් කිරීමෙන් දානයෙන් ලැබිය හැකි ආනිශංසත් නැති වෙන බැව් පෙනේ.

සාංඝික බවට පත් කරන ලද දානය ගිහියන් ආහාරයට ගැනීම සුදුසුද?

සංඝයා වහන්සේලාට වුණත් ආහාර ගැනීමේදී යම් සීමාවක් තිබෙනවා. ගිහියන් විසින් පිළිගන්වන සියලුම දාන, ව්‍යංජන, පලතුරු, කැවිලි වළඳන්න බැහැ. ඒ නිසා සාංඝික වුණත් ඉතිරි වන ආහාර ගිහි පින්වතුන් අනුභව කිරීම වරදක් යැයි හිතන්නේ නැහැ.

භුක්තානුමෝදනාව

සාංඝික දානයකින් පසුව භුක්තානුමෝදනාව සජ්ජායනා කිරීමෙන් සාංඝික දානමය පිංකම අවසාන වෙනවා. සාංඝික දානයක් දීමේදී අලෝභ, අදෝෂ සහ අමෝහ යන කුසල මූලයන්ගෙන් ඔබේ සිත පහදවා ගන්න.

කෝට්ටේ කළ්‍යාණ සාම ශ්‍රී ධර්ම
මහා සංඝ සභාවේ අනුනායක
ධුරන්ධර රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
මකුරුප්පේ සෝමාලංකාර ස්වාමින්වහන්සේ

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: buddhism, monks, sanghika daanaya, upasampada
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?