නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: පැය හතරකට වරක් රිය අනතුරු නිසා කෙනෙකු මිය යනවා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

පැය හතරකට වරක් රිය අනතුරු නිසා කෙනෙකු මිය යනවා

Published October 9, 2023

“ අනිල්ගේ බයික් එක හැප්පිලා’’’ ඉක්මනට හොස්පිටල් එකට ගෙනිච්චා නම් එයාගේ කකුල බේරගන්න තිබුණා කියලයි එතන හිටපු කවුරුත් කිව්වෙ”

“ හප්පා’..කවුරුත් ඒ වෙලාවේ එයාට උදව් කරල නැද්ද?”

“ උදව් කරල’ ඒත් හොඳටම බ්ලීඩ් වෙලා’ තව පැය කාලක් ඉක්මන් වුණා නම් එයාගේ කකුල නොකපා බේරගන්න තිබුණා’ මම හිතන්නේ ගෙනියන්න පරක්කු වෙලා’”

ඔන්න ඔය වගේ කතා ඔයාලා අපි ඕන තරම් අහලත් ඇති. ඇහිලත් ඇති. අනතුර මොකක් වුණත් ලබාදෙන ප්‍රථමාධාර,රෝගියා ප්‍රවාහනය,කරන ප්‍රතිකාර, පුනරුත්ථාපනය වැනි කාරණා මොන තරම් වැදගත් වෙනවද කියල දන්නේ හදිසි අනතුරකට මුහුණ දුන්න කෙනෙක්ම තමයි. එහෙමත් නැත්නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ඉන්න අයම තමයි. ඒ නිසා කොළඹ ජාතික රෝහලෙන් පටන් අරගෙන රටම එක තැනකට එකතු කරගන්න හදන හදිසි අනතුරු වළක්වා ගැනීමේ ජාත්‍යයන්තර වැඩසටහනක් ගැන අපට ආරංචි වුණා…

ඒ ගැන ඔබ වෙනුවෙන් ලියන්න අපි සිතුවා. මෙම ජාත්‍යන්තර වැඩසටහන පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ එම කර්තව්‍ය සඳහා උරදෙන ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ යන අය නවලියට මෙලෙස කතාකළා.

සමස්ථයක් වශයෙන් බැලූ විට පසුගිය අවුරුදු 10 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ රෝහල්වලට වැඩියෙන්ම ඇතුළත් කර ඇත්තේ හදිසි අනතුරුවලට ලක්වූ රෝගීන්. එය අපි වෙනත් විදිහකින් කියනවානම් Leading Course of Hospitalization Is TRAUMA ලෙස හඳුනවන්නත් පුළුවන්. මෙලෙස වන අනතුරු අතර පාරෙදී වන අනතුරුවලට අමතරව නිවසේදී සිදුවන වැටීමේ සිට සේවාස්ථානයෙදීත් පාසලේදීත් වෙනත් ඕනෑ තැනකදී වන අනතුරු ඇතුළත් වෙනවා.

එම නිසා මේවා පුළුල් පරාසයක විහිදෙන අනතුරු ලෙස හඳුන්වන්න පුළුවන්. හොඳින් අධ්‍යනය කර බැලූ විට පෙනීයන්නේ ඉහත අනතුරුවලට ලක්වූ බොහෝදෙනා නිවෙස්වල අර්ථිකයට සහ රටේ අර්ථිකයට සක්‍රීය දායකත්වය දක්වන පිරිසක් වන බවයි. මෙම තත්ත්වය ලෝකයටම පොදු කාරණයක්. ඔවුන් වයස අවුරුදු 15 සිට 44 දක්වා කාණ්ඩයට අයත් පිරිසක්.

ඔබ දැනුවත් වුවත් නැතත් මේ වන විටත් ශ්‍රී ලංකාවේ පමණක් වාහන අනතුරු නිසා පැය 4 කට වරක් කෙනෙකු මියයනවා. මේවා මරණ ලෙස වාර්තා වුණත් තාවකාලික අබාධිත තත්ත්වයට සහ පූර්ණ කාලීනව අබාධිත තත්ත්වයට පත්වන රෝගීන් සංඛ්‍යාව කිසිදු ලේඛනයකට ඇතුළත් වන්නේ නැහැ.

මෙසේ අර්ධකාලීන සහ පූර්ණකාලීන අබාධිත තත්ත්වයන්ට පත්වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ පුනරුත්ථාපනයට රජයකට විශාල මුදලක් වැය කිරීමට සිදුවෙනවා. එතැනින් නොනවතින මෙම ක්‍රියාවලිය නිවසේදීත් ඔවුන්ව බලාගැනීම සඳහා වැඩි මුදලක් වැය කිරීමට පවුලේ අයට සිදුවෙනවා.

විශේෂයෙන් අනතුරට භජනය වෙන පිරිමි පාර්ශ්වය මරණයට පත්වූවහොත් එහෙමත් නැත්නම් අර්ධ කාලීන අබාධිත තත්ත්වයට හෝ පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයට පත්වුවහොත් ඔවුන්ගේ බර කරට ගෙන ඔවුන්ව නඩත්තු කිරීමේ වගකීම පැවරෙන්නේ මවට හෝ ගෘහනියට. ඒ විතරක් නෙමෙයි පවුලේ නඩත්තු කිරීමේ වගකීමත් ඇයට පැවරෙනවා. එවැනි තත්ත්වයක් පවුලක් තුළ බොහෝ ගැටලු නිර්මාණය කිරීමට සමත් වනවා.
ලෝක බැංකු වාර්තා පෙන්වා දෙන්නෙ ශ්‍රී ලංකාවේ අනතුරු නිසාවෙන් දළ ජාතික නිෂ්පාදනය 7% සිට 21% අතර ප්‍රමාණයක් අහිමි වන බවයි.

මේ අනුව අප සියලු දෙනාම එකතු වී සිදුවන අනතුරු ප්‍රමාණය 50% එනම් හරි අඩක් අඩු කරගැනීමට කටයුතු කළහොත් ඉහත සඳහන් දළ ජාතක නිෂ්පාදනය ඉහළ නංවාගැනීමට හැකිවෙනවා. අප හොදාකාරව දන්නා පරිදි ලංකාවේ වටිනාම සම්පත වන්නෙ මානව සම්පත. එසේ බලන කළ අනතුරුවලින් නැති වෙන්නේද මේ මානව සම්පත.

ලංකාවේ වැඩිම ප්‍රමාණයක් අනතුරු වන්නේ නිවසේ සිදුවන වැටීම්වලින්. එයට පොළොව මට්ටමේ වැටීම් සහ ඉහළින් වැටීම් යන දෙකම ඇතුළත් වෙනවා. ඊළගට වැඩියෙන් අනතුරු සිදුවන්නෙ වාහන අනතුරුවලින්. එයින් 60% ක් 70% ක් යතුරුපැදි අනතුරු ලෙසයි වාර්තා වෙන්නේ. මෙම තත්ත්වයට අනාරක්ෂිත ආකාරයට යතුරුපැදි ධාවනය, රාත්‍රී කාලයේ නොපෙනීම, මානසික ආතතිය වැනි කාරණා බලපානවා. ඉහත කාරණා සියල්ල මවගේ

හෝ ගෘහනියන්ගේ අවදානය යොමු කිරීමෙන් බොහෝ දුරට වළක්වාගත හැකි අනතුරුයි. තවත් නොකළ යුතු කාරණයක් වන්නෙ යතුරුපැදි පදින පිරිස ඔවුන්ගේ ජංගම දුරකථනය හෙල්මට් එක අස්සෙ රඳවා භාවිත කිරීමයි. යම් හෙයකින් එවැනි කෙනෙකු අනතුරකට ලක්වූයේ නම් ජංගම දුරකථනය නිසාම කන, මුහුණ වැනි කොටස් තවත් බරපතළ අනතුරුවලට ලක්විය හැකිය.

මෙවැනි තැන්වලදී සිදුවන්නෙ ආරක්ෂාව ගැන නොතකමින් අවශ්‍යතාවන් කලබලෙන් ඉටුකරගැනීමට යාමයි. මේ වන විටත් කාන්තාවන් ස්කූටි පැදීම නිසාද ඔවුන් අතරත් යතුරුපැදි අනතුරු බහුල වී තිබෙනවා. බීමත්ව රියපැදීමෙන් සිදුවන අනතුරු බහුල වී ඇත්තේ සිකුරාදා සහ සතිඅන්ත දිනවලදීයි. දීර්ඝ සතිඅන්තවලදි හෝ දීර්ඝ නිවාඩුවලදී බීමත්ව සිදුවන රිය අනතුරු ප්‍රමාණය අඩු වී ඇත්තෙ කොළඹින් බැහැරව පිරිස් සිටින නිසයි.

පහුගිය සිංහල අවුරුදු සමයේ අපට වාර්තා වූ ගිනිකෙළි අනතුරු ප්‍රමාණය ඉතාමත් පහළ අගයක් ගත්තේ ජනමාධ්‍ය හරහා කරන ලද දැනුවත් කිරීමේ සත්කාරයේ ප්‍රතිඵලයක් වශයෙන්. උදාහරණයක් විදිහට කියනව නම් කොළඹ ජාතික රෝහලට ගිනිකෙළිවලින් වූ අනතුරුවලින් ප්‍රතිකාර ගැනීමට පැමිණියේ රෝගීන් 3 දෙනෙකු පමණයි.

නමුත් කණගාටුවට හේතුව වන්නෙ ගිනිකෙළිවලින් සිදුවන අනතුරු සංඛ්‍යාව වැඩි කාලවලදී ඒවා මාධ්‍ය හරහා වර්තා වුවත් මාධ්‍ය දායකත්වයම ලබාදීම නිසා එවැනි අනතුරු අවම වූ වේලාවක එවැනි ප්‍රවෘත්ති සදහා මාධ්‍යවලින් සැළකිය යුතු ඉඩක් ලබානොදීමයි. නමුත් වියයුත්තෙ මේවා සාර්ථක කතා ලෙස මහ ජනතාව අතරට රැගෙන යෑමයි.

සාමාන්‍යයෙන් ඕනෑම අනතුරුකට මුහුණ දෙන කෙනෙකු සදහා උදව් කළ යුතු පිළිවෙළක් තියෙනවාද ?

අනතුරක් සිදුවුණාම උදව් කිරීමට යෑම බොහෝම හොඳ දෙයක්. අනතුරක් සිදුවූ වහාම කළ යුත්තේ කළබල නොවී සිටීමයි. ඉන්පසුව කළ යුත්තේ අනතුරට මුහුණ දුන් තැනැත්තා හෝ තැනැත්තිය බේරාගැනීම සඳහා එතැනට ළඟාවීමට කලින් එතැන තවදුරටත් අනතුරක් නොවෙනවා යැයි තහවුරු කරගැනීමයි.

වෙනත් විදිහකින් කියනවා නම් තමන්ගේ ආරක්ෂාව ගැන තහවුරු කරගැනීමයි. ඉන්පසු බැලිය යුත්තේ කළ යුතු ප්‍රතිකාරය ගැන අවබෝධය ලබාගැනීමයි. එතනදී ඔබට උදව් කළ හැකි අවස්ථාවක්ද අන් අයගෙන් උදව් ඉල්ලනවාද නැති නම් සුවසැරිය වැනි ගිලන්රථ සේවාවක් ආධාරයෙන් ළඟම ඇති රෝහලට ප්‍රවාහනය කරනවාද යන්න තීරණය කළ යුතුයි.

මේ පිළිබඳව අපේ සමාජය දැනුවත්ද ?

එවැනි වැඩපිළිවෙළක අවශ්‍යතාව දැනී තිබේ. මන්ද අනතුරු ඇතිවීම අපට සම්පූර්ණයෙන් වළක්වාලිය නොහැක. එවිට අනතුරුවලින් සිදුවන තීවෘතාව අඩු කිරීම සහ සංකූලතා සහ මිය යෑම අඩු කරගත හැකිය. එහිදී සමාජයේ සිටින මිනිසුන් මූළික ප්‍රතිකාර ගැන දැනුවත් කිරීමත්, රෝගියෙකු ප්‍රවාහනය කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමත් වඩාත් වැදගත් වේ.

බරපතළ අනතුරකට මුහුණ දුන් රොගියෙකු නම් වහාම කළ යුත්තේ සුවසැරිය වැනි ප්‍රවාහන සේවයක් ආධාරයෙන් රෝගීයා ළඟම තියෙන රෝහලට රැගෙන යෑමයි. මේ සඳහාද මාධ්‍යවල සහයෝගය අපට අවශ්‍ය වේ.

ඒ සඳහා ළඟදීම කොළඹ ජාතික රෝහල විසින් සමාජයේ විවිධ පිරිස් ලබාදිය යුතු ප්‍රථමාධාර පිළිබඳව දැනුවත් කිරීම සඳහා වැඩසටහන්වලට එකතුකර ගැනීමට අපේක්ෂා කෙරේ. තවද රෝගීන්ගේ ප්‍රවාහන පද්ධතිය ශක්තිමක් කිරීමද අරමුණක් වී තිබේ.

මේ සඳහා ඉදිරියේදී ප්‍රථමාධාර ලෙස භාවිත කළ හැකි ප්‍රථමාධාර කට්ටලයක් සෑම යතුරුපැදියකටම, සෑම ත්‍රීරෝද රථයකටම සහ සෑම පොදු ප්‍රවාහන සේවයකටම ලබදීමත් එය භාවිත කරන ආකාරය ගැන දැනුවත් කිරීමත් අරමුණ වේ.

මෙම වැඩසටහන දැනටමත් ඇමරිකා එක්සත් ජනපදයේ Stop The Bleed යනුවෙන් ක්‍රියාත්මක කරනවා. මෙම ප්‍රථමාධාර කට්ටලය ලංකාවේ නිර්මාණය කරමින් අවශ්‍ය පුද්ගලයන්ට ලබාදීම ජාතික රෝහලේ හදීසි අනතුරු අංශයේ අවශ්‍යතාව වී තිබේ.

අනතුරට ලක්වන රෝගීන් වහාම ප්‍රවාහනය සඳහා නව ක්‍රමවේද හඳුන්වා දෙනවාද ?

හදිසි අනතුරට ලක් වූ රෝගියෙකු රෝහලකට ගෙන ඒමේ කාලය අවම කරගැනීම සඳහා වාහනවලින් රැගෙන ඒම සහ ඒ සදහා GPS තාක්ෂණය යොදාගැනීම, රෝගියා ගුවන් මඟින් ප්‍රවාහනය වැනි තත්ත්වයන් වර්ධනය කිරීම අපේ බලාපොරොත්තුවයි. විශේෂයෙන්ම ඔළුවට අනතුරක් වූ විට රෝගියා පැය 4-6 ත් අතර කාලයකින් කොළඹ ජාතික රෝහලට ප්‍රවාහනය සිදුවුණොත් ඔහුගේ හෝ ඇයගේ

ජීවිතය සුරක්ෂිත කළ හැකියි. මේවා සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාවේ Adventure Tourism ප්‍රවර්ධනය කිරීමටත් සංචාරයක කර්මාන්තය නඟාසිටුවීම සඳහාත් යොදාගත හැකියි. ඒ සඳහා ජාතික රෝහල, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ පෞද්ගලික අංශයේ ගුවන් ප්‍රවාහන සේවා සමාගම් සමඟ කටයුතු කිරීමටද බළාපොරොත්තු වේ.

වෛද්‍ය ඉන්දික ජාගොඩ
අධ්‍යක්ෂ – හදිසි අනතුරු අංශය

වෛද්‍ය අසේල ගුණවර්ධන
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

හරින්දී ලියනගේ













 

TAGGED: car accidents, health, Hospitalization, TRAUMA
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?