නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සිනාවක තරම්ව්වත් ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන්න එපා
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සිනාවක තරම්ව්වත් ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන්න එපා

Published October 2, 2023

සමාජයේ ජීවත්වන අපට සත්පුරුෂයන් වගේම අසත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබීමට ද සිදුවනවා. එය වළක්වන්න බැහැ. මිනිසුන් බොහෝම විවිධයි. විෂමයි. නමුත් අපිට මේ විෂම සමාජයේ මේ සෑම පුද්ගලයකු සමගම සහජීවනය ගොඩනාගෙන ජීවත්වීමට සිදුවනවා.නමුත් ඔබ යම් පුද්ගලයෙක් ඉතා සමීපව ඇසුරු කරනවා.

ඒත් ඔහුගේ සැබෑ ස්වරූපය හඳුනාගැනීමට බැහැ. ඔබට යම් ගැටලුවක් ඇතිවුණ විටදී මෙතෙක් කාලයක් හදවතින්ම බැඳී සිටි පුද්ගලයාගේ සැබෑ ස්වරූපය ඉස්මතු වෙනවා. ඒ වගේ අවස්ථාවක අනේ මම මෙච්චර කාලයක් ආශ්‍රය කළේ අසත්පුරුෂයෙක් නේද කියල හිතෙනවා. නමුත් ඔබට මේ අසත්පුරුෂයා හරියාකාරව හඳුනාගැනීමට අපහසු වුණා.

අසත්පුරුෂයා හඳුනාගන්නේ කොහොමද?

එය පහසු කාර්යක් නොවෙයි. නමුත් ඔබ ඇසුරු කරන පුද්ගලයන් අතර පවතින අසත්පුරුෂ ගතිපැවැතුම් ඔවුන් සමග ආශ්‍රය කරන විට යම් පමණකින් හෝ තේරුම් ගන්න පුළුවන්.

ඔබ බලවත් නම්…

ඔබ ඇසුරු කරන සමීපතම තැනැත්තාට වඩා සමහර විට ඔබ බලවත් විය හැකියි. එය මුදල් අතින් පමණක් නොව අධ්‍යාපනය, සමාජ පිළිගැනීම, හැකියාව ආදී විවිධ ශක්තීන්ගෙන් වෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවක ඔබ ඇසුරු කරන්නේ අසත්පුරුෂයෙක් නම් ඔහු තුළ ඔබ ගැන ඇති වෙන්නේ ඊර්ෂ්‍යාවක්.

අනේ මගේ මිත්‍රයා මෙතරම් උගතෙක්, ධනවතෙක් යැයි සිතන්න තරම් උපේක්ෂා සහගත සිතක් ඔහුට නැහැ. ඒ නිසා අසත්පුරුෂ ගති ඉස්මතු වී ඔහු ඔබට ඊර්ෂ්‍යා කිරීමට යොමුවනවා.

අසුරු කරන අය ඔබට සමාන නම්…

සමාජයේ අපට සමාන පුද්ගලයන් ඇසුරු කිරීමේදී යම් යම් සමානකම් තිබෙන විට සමානම් සමග වාද විවාද ගොඩනගාගන්නවා. සමහර විට ඔබට මේ ගැන හොඳ අත්දැකීිම් ඇති. ආයතනයක වුණත් කෙනෙකුට යම් යම් වරප්‍රසාද ලැබීමේදී ඇයි අපිටත් ඔය සුදුසුකම් තිබෙනවා අපිත් අදාළ සියලුම විභාග සමත් එයාට විතරක් වැඩි වරප්‍රසාද ලබාදෙන්න බැහැ යනුවෙන් තර්ක විතර්ක ගොඩනගනවා.

ඒත් ඔබ නොදැන සිටියාට ඔබ විසින් ඒ පුද්ගලයා සමාන කර ගැනීමට ගියත් ඉහළ කළමනාකාරීත්වය විසින් ඔහු ගැන ගොඩනගාගත් විශ්වාසයක් ඇත. ඒ නිසා ඔබ කොතෙක් තර්ක විතර්ක ගොඩනැගුවත් සමානකම් අතරින් සුවිශේෂී චරිතයක් ලෙසින් වූ පිළිගැනීමක් තිබෙන්න පුළුවන්. නමුත් අසත්පුරුෂයා ඒ ගැන වාද විවාද ගොඩනගනවා මිස තමාගේ පවතින හැකියාවන් දියුණු කරගැනීමට උත්සාහ ගන්නේ නැහැ.

අසත්පුරුෂයා බලවත් නම්…

අසත්පුරුෂයෙක් වුණත් සමහර විට ඔහු බලවතෙක් වෙන්න පුළුවන්. ආයතනයක නම් ඔහු ආයතනයේ ප්‍රධානියෙක් වෙනවා. ඒත් මේ පුද්ගලයා අසත්පුරුෂ නම් ඔහුගේ බලයෙන් උඩඟු වීම නිසා තමාගේ යටත් පිරිසට පවා හිරිහැරකාරී චරිතයක් විය හැකියි.ඔහුගේ අත්සන බලවත්. සමහර ආයතනයන්හි අසත්පුරුෂ පාලකයන් නිසා යටත් සේවකයින් දරුණු විදිහට අසහනයට පත්වනවා.

වැටුප් වර්ධකයක් අනුමත කර ගැනීමට, උසස් වීමක් වෙනුවෙන් නිර්දේශයක් ලබාගැනීම වැනි අවස්ථාවන්හිදී ඔහු තම යටත් සේවකයන් දැඩි සේ පීඩනයට පත්කරනවා. එවැනි අවස්ථාවන්හිදී “අනේ මහ අසත්පුරුෂයෙක්” යැයි ඔබ විසින් කී වතාවක් නම් කියන්නට ඇතිද?

වරදක් පෙන්වා දුන් විට…

සත්පුරුෂයා තමන්ගේ වරද පෙන්වාදෙන පුද්ගලයන්ට කැමැතියි. වරදක් පෙන්වා දෙන්නේ සුමගට යොමුකිරීමට බැව් ඔහු දන්නවා. පුංචි රාහුල පොඩි හාමුදුරුවෝ වැලි දෝතක් අරගෙන උඩ දමා අද දවසට මට මේ තරම් අවවාද ලැබේවා යැයි ප්‍රාර්ථනා කළ බැව් අපි දන්නවා. වරදින් මුදවා ගැනීමට ලබාදෙන අවවාද ගැන සත්පුරුෂයා ප්‍රතිචාර දක්වනවා.

සමහර අවස්ථාවලදී ඔවුන් මේ විදිහට කියනවා. එදා ඔබ මට වැරදි මාර්ගය පෙන්වා මාව වරදෙන් මුදාගත් නිසා තමයි මම අද මෙතැන ඉන්නෙ. නැත්නම් මගේ ජීවිතය හිරේ විලංගුවේ වැටිලා. නමුත් අසත්පුරුෂයාට එවැනි අවවාදයක් ලබාදුන් විට ඒ ගැන කිසිම තැකීමක් නැහැ.

අද තරුණ දරුවන් අතර පවා නොමගට යන විට ඔබ යන්නේ වැරදි මාර්ගයක ඔය මිතුරන් ආශ්‍රය එපා යැයි අවවාද කළ විට සිදුවන්නේ කුමක්ද? එදා හවසට පාසලේ මැර යැයි සම්මත දරුවන් ලවා වැරදි මාර්ගයට නොයන්නැයි කී මිතුරාට පහර දෙනවා. අපහාස කරනවා. ඒ තරමටම අසත්පුරුෂ සිතුවිලි දරුණුයි. අගය කිරීමක් ඉදිරියේ අපි කටුස්සාගේ කරේ රත්රන් දැම්මා වගේ යන උපමාව දන්නවා.

මේ ගැන පාදක වුණ ජාතක කථාවක් තිබෙනවා. අසත්පුරුෂයාත් රජතුමා රත්රන් ගෙල පැළඳි කටුස්සා වගෙයි. යම් අගය කිරීමක් ලද තැන උඩඟු වෙනවා. මානයෙන් සිත උදුම්මා ගන්නවා. අධිමානයක් ගොඩනගා ගන්නවා. අගය කිරීම උපේක්ෂාවෙන් දරාගැනීමට හැකියාවක් නැහැ.

සත්පුරුෂ ඇසුරම ලැබෙන්නෙ නැහැ…

සත්පුරුෂ සේවනය පෙර කුසල කර්මයක් බැව් සැබෑ නමුත් සමාජයේ අපට සත්පුරුෂයන් වගේම අසත්පුරුෂයන්ගේ ද ඇසුර ලැබෙනවා. අපි පුන්‍ය කර්මයක් කළත් මට බාලයන්ගේ ඇසුර නොලැබේවා සත්පුරුෂයන්ගේම ආශ්‍රය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරනවා. එහෙත් අපි අතර සිටින අසත්පුරුෂ ගති පැවැතුම් බොහෝ විට ප්‍රදර්ශනය නොවන තරම් ගුප්තයි. ඒ නිසා අපි මේ දෙපාර්ශ්වය සමගම එකට ජීවත්විය යුතුයි.

එසේ නම් කොහොමද?

සමාජයේ පුද්ගලයන් ඇසුරු කිරීමේදී පමණට වඩා බැඳීම් තබාගන්න එපා. ඒ වගේම ඔබ උපකාරයක් කරන්නේ නම් ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තු වෙන්නත් එපා. බොහෝ විට ඔබට තැවීම ඇතිවන්නේ එවිටයි. ඔහු රෝගී වෙලා සිටි අවස්ථාවේ මම බොහෝ සේ උදව් කළා නමුත් මම දින දහයක් රෝහලේ සිටියා එක දවසක්වත් මා බලන්න ආවේ නැහැ යනුවෙන් සිතීමෙන් ඔබේ සිතේ ඇතිවන්නේ කලකිරීමක්.

නමුත් ඔබ ඔහුට උපකාර කළේ ඒ අවස්ථාවෙ ඔහුට උපකාරයක් අවශ්‍ය වූ නිසයි. ප්‍රතිඋපකාර කිරීම සත්පුරුෂ ගතියක් වුණත් අසත්පුරුෂයෙකුගෙන් එවැනි ගුණයක් අපේක්ෂා කරන්න බැහැ. ඒ නිසා සත්පුරුෂයන් සේම අසත්පුරුෂයන් අතරද අපි ජීවත්විය යුතුයි. ඒ ගැන සිත තබාගෙන ජීවත් වන්න.කිසිම කෙනෙකුගෙන් හිනාවකින් තරම්වත් ප්‍රති උපකාරයක් අපේක්ෂා කරන්න එපා.

රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
කන්දේගෙදර සෝභිත
ස්වාමින්වහන්සේ
ජයසුමනාරාම පුරාණ විහාරය,
රත්මලාන

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: buddhism
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?