නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හෑන්ඩ් බෑග් එක නිසා ලෙඩ වෙන ගෑනු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

හෑන්ඩ් බෑග් එක නිසා ලෙඩ වෙන ගෑනු

Published September 25, 2023

ඔබ අත් බෑගයක් පාවිච්චි කිරීමේදී වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ එහි විලාසිතව ගැනයි. ඒ වගේම අවශ්‍ය හැම දෙයක්ම තබා ගත හැකි අත්බෑගයේ පරිමාව ගැනත් සැලකිළිමත් වෙනවා. නමුත් අත්බෑගයක් පාවිච්චි කරන විට ඔබේ සෞඛ්‍ය ගැන නොදැක්වුවොත් නොදැනීම රෝගී තත්ත්වයන් පවා ඇති වීමට පුළුවන්. ඒ නිසා අත්බෑගය පාවිච්චි කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු ගැනත් දැන ගැනීම වැදගත්.

එකම උරහිස එපා

අපි නිතරම අත්බෑගයක් එකම අතක උරහිසෙන් පමණක් එල්ලාගෙන සිටීම හොඳ නැහැ. එසේ එල්ලාගෙන සිටින විට ඔබට පහසුවක් දැනෙනු ඇති. නමුත් දිගින් දිගටම එකම උරහිසක අත් බෑගය එල්ලා ගෙන සිටින්න එපා. ඔබ ඇවිදින විට එය විටින් විට උරහිසෙන් උරහිසෙට මාරු කරන්න. කොටින්ම දකුණු උරහිසේ ඇති අත්බෑගය පැය කීපයකින් වම් උරහිසට ගන්න මේ අන්දමින් විටින් විට උරහිස මාරු කරන්න.

වැඩි බරක් එපා

ඒ වගේම ඔබේ අත්බෑගය ශක්තිමත් වූ නිසාම ඔබේ ශරීර බරෙන් 10% ක් ඉක්මවන ලෙසින් බඩු පටවන්න එපා. සමහර විට ඔබේ සියලුම රූපලාවන්‍ය ආම්පන්න, වතුර බෝතලය, දිවා ආහාරය වැනි සියලු දෙයින් සමන්විත වෙන අත්බෑගය ඒ බර ඉවසා දරා සිටියත් අවසානයේදී මේ බර ඔබේ සිරුරට පීඩනයක් වෙනවා.අත්බෑගය නිසා උරහිසට ඇතිවන පීඩනය බෙල්ල, පිට ප්‍රදේශයේ සිට හිස දක්වා පැතිරෙන්න ඉඩ තිබෙනවා.මේ පීඩනය නිසා ඔබට නිතරම හිසරදය, මාංශ පේශි වේදනාව වැනි අපහසුතාවයන් ඇති වෙනවා.

හිසකෙස් පරිස්සමින්

අත්බෑගය නිසා හිසකෙස් අවුල් වීම වගේම කැඩෙන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා නිතරම ඔබේ හිසකෙස් උරහිස මතට වැටෙන සේ සකස් කර ගැනීම වෙනුවට අත්බෑගයේ පටිවල ගැටී ඒවා නොකැඩෙන සේ සකස් කර ගන්න.

විෂබීජ වලත් අඩුවක් නැහැ

අත්බෑගය නිසා විෂබීජත් ලැබෙනවා. ඔබ බොහෝ විට ප්‍රසිද්ධ ස්ථානයන්හි ගැවසෙනවිට පොදු වැසිකිළියකට යෑමේ අවශ්‍යතාවය ඇති වෙනවා. ඒ වගේම මුදල් සමග ගනුදෙනු කිරීමේදී ඉතිරි මුදල් නිතරම අත් බෑගය ඇතුළට දැමීම සහ ආපසු ගැනීම සිදු වෙනවා. මෙවැනි අවස්ථාවන්හිදී විෂබීජ සම්ප්‍රේෂණය වීමට වැඩි ඉඩක් තිබෙන නිසා ඔබේ අත්බෑගයත් දින දෙක තුනකට වතාවක් හෝ පිරිසිදු කිරීමටත් අමතක කරන්න එපා.

අත්බෑගය පිස්සිගේ පලා මල්ල වුණොත්?

අද මනෝවිද්‍යාඥයන් පවා සඳහන් කරන අන්දමට කාන්තාවකගේ මානසික තත්ත්වය අත්බෑගය පරීක්ෂා කළොත් දැන ගැනීමට හැකියාවක් තිබෙනවා. බොහෝමයක් කාන්තාවන්ගේ අත් බෑගය කිසිම පිළිවෙලක් නැහැ. ගමනාන්තය අවසාන වුණත් බසයේදී ලබා ගත් ප්‍රවේශ පත්‍රයත් තමන්ගේ අත්බෑගයේ මාස ගණනක් තිස්සේ තබා ගන්නවා.

දිනුම් ඇදීමෙන් පසු ලොතරැයි පත්, වෙළඳසැලෙන් මිලට භාණ්ඩවල බිල් ආදී අවශ්‍ය සහ අනවශ්‍ය දේ ගොඩ ගැසී අත්බෑගයේ තිබෙනවා. අපිළිවෙල නිසාම තමන්ගේ දෛනික කටයුතුවලට පවා බාධා ඇති වෙනවා. ඒ නිසා නිතරම අත් බෑගයේ අවශ්‍ය දේ පමණක් තබා ගන්න. අනවශ්‍ය දේ ඉවත් කරන්න එවිට ඔබේ මනසත් නිරවුල්.

(http://0.gravatar.com ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Hand bags, health
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?