නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සෝෆාව ගණන් වැඩි වුණාට වැඩක් නෑ තැනට ගැළපෙන්නෙ නැත්නම්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සෝෆාව ගණන් වැඩි වුණාට වැඩක් නෑ තැනට ගැළපෙන්නෙ නැත්නම්

Published September 25, 2023

ඕනෑම පිළිවෙල ගෙදරක තියෙන ගෘහ භාණ්ඩක් තමයි සෝෆා කට්ටලය කියන්නෙ. ගෙදරට ඕන කරන සෝෆා එක හිතුමනාපයට මිලට ගන්න එකනම් නුවණට හුරුදෙයක් නෙවෙයි. එයින් වෙන්නෙ ඔබේ මුදල් අපතේ යෑම සහ ඉඩ ඇහිරීම පමණයි. ඔබ සෝෆාවක් මිලට ගැනීමට පෙර සැලකිල්ලට ගත යුතු කාරණා කීපයක්ම තියෙනවා.

මුලින්ම සාලයේ ප්‍රමාණය ගැන හිතන්න…

ඔබ මිලදී ගන්නා සෝෆා එක බොහෝ විට තියන්නෙ සාලයේ නැත්නම් කාමරයක. සෝෆා කට්ටලයක් මිලදී ගැනීමේදී සෝෆාවට අමතරව තවත් අසුන් දෙකක් හෝ කිහිපයක් සමග ටීපෝ එකකුත් ඔබට ලැබෙනවා. මේ හැම එකක්ම තියන්න පුළුවන් වෙන්න ඕන ඔබ තෝරාගන්න කාමරයේ.

ඔබට අවශ්‍ය සෝෆා ස්ටයිල් එක තීරණය කරන්න..

සෝෆා කට්ටලයක් මිලදී ගන්න ඔබ ප්‍රදර්ශනාගාරයට ගිහින් අතරමං වෙන්න ඕන නැහැ. ගෙදරදීම ඔබට පුළුවන් අන්තර්ජාලය භාවිත කරලා Loveseat,Lounge, Tuxedo, Camelback And Knole, Sectional වගේ සෝෆා කට්ටල අතරින් එකක් තෝරාගන්න.

අනිවර්යයෙන්ම සෝෆාව නිම කර ඇති අමුද්‍රව්‍ය වර්ගය බලන්න…

සෝෆා විවිධ අමුද්‍රව්‍යවලින් නිර්මාණය කරලා තියෙනවා. ඒවායින් කීපයක් Silk, Microfibers, Textures Fabric,Leatherette, Leather, Canvassilk,Microfibers, Textures Fabric ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මේවායින් ඔබට ගැළපෙන්නේ කුමන වර්ගයද කියලා තීරණය කරන්න.

Silk සෝෆා වල පෙනුම ඉතාමත් සියුමැලියි. එයින් ඔබේ නිවසට සුඛෝපභෝගී පෙනුමක් ගෙන එන්න පුළුවන්. හැබැයි Silk සෝෆා නඩත්තු කරන්න නම් අපහසුයි. මේ වර්ගයෙ සෝෆා නඩත්තු කරන්න ඔබට් විශාල වෙහෙසක් වගේම වියදමක් දරන්න සිදු වෙනවා.

Fiber සෝෆාවල පෙනුම ඉතාමත් ආකර්ෂණීයයි. ඒ වගේම පිරිසිදු කරන්නත් ඔබට පහසුයි.

● Leather හෝ Leatherette සෝෆා වර්ගවලින් ඔබේ සාලය හෝ කාමරයට නවීන පෙනුමක් ගෙන දෙන්න පුළුවන් වෙනවා.

ඒ වගේම Leather හෝ Leatherette වර්ගයෙ සෝෆා වර්ණ රැසකින් ඔබට මිලදී ගන්න පුළුවන්.

සෝෆාවේ සැකිල්ල…

සෝෆා කට්ටලයේ ගුණත්වය තීරණය කරන සාධකයක් තමයි සැකිල්ල කියන්නෙ. සාමාන්‍යයෙන් ඉහළ ඉල්ලුමක් තිබෙන්නෙ ලී සැකිල්ලක් සහිත සෝෆා වලටයි. ඒවායේ වටිනාකම සහ ශක්තිමත් බව ඉහළ බව සාමාන්‍ය පිළිගැනීමයි. නමුත් වර්තමානය වෙද්දී ලෝහවලින් සකසන ලද සෝෆා වර්ගයනුත් තිබෙනවා. ඒවාත් ශක්තිය අතින් ඉහළ අගයක් ගන්නවා. හැබැයි Particle Board හෝ Plywood වලින් සකසන ලද සෝෆා මිලදී ගන්න එපා. ඒවා ශක්තිමත් නැති නිසා ඉක්මනින් බිඳීම්වලට ලක් වෙලා විනාශ වෙලා යන්න පුළුවන්.

සෝෆා එකේ වර්ණය…

සෝෆාවක් මිලදී ගනිද්දි ඔබ අනිවර්යයෙන්ම ඔබේ නිවසේ බිත්තිවල වර්ණය ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕන. කාලයෙන් කාලයට ඔබ බිත්තිවල වර්ණය වෙනස් කරනවා නම් ඒ ගැනත් තරමක් සිතන්න වෙනවා. සෝෆාව කියන්නේ අපි දිගු කාලීනව පාවිච්චි කරන්න මිලදී ගන්න උපකරණයක් නිසා වඩාත් සුදුසු වෙන්නෙ මධ්‍යස්ථ වර්ණයකින් තෝරා ගන්න එකයි. ඕනෑවට වඩා ලා වර්ණත් සෝෆාවක් ඒ සඳහා ගැළපෙන්නේ නැහැ. ඔබ රටාවන් ප්‍රින්ට් සෝෆා එකක් මිලදී ගන්නවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. නමුත් වඩා සුදුසු වන්නෙ තනි පාට සෝෆාවක් තෝරා ගැනීමයි.

සෝෆාවේ ගුණාත්මක බව…

සෝෆාවක ගුණාත්මක බව ප්‍රධාන වශයෙන්ම තීරණය වෙන්නෙ කරුණු 2 ක් මතයි. එයින් එක් කරුණක් සැකිල්ල, දෙවන කරුණ සෝෆා එක සඳහා යොදා ගෙන ඇති කුෂන් වර්ගයයි.කුෂන් එකේ ගුණාත්මක බව මත එහි හැඩය ආරක්ෂා වීම රඳා පවතිනවා. කල් ගත වෙද්දී කුෂන් එක ඇතුළට එබිලා තියෙනවා නම් ඉන් වැඩක් නැහැ. ඒ වගේම කෙනෙක් සෝෆා එක මත අසුන් ගත්තම ඇතුළට එබිලා යන ආකාරයේ කුෂන් වර්ගක් නම් තියෙන්නෙ එයක් එතරම් සුදුසු වෙන්නෙ නැහැ. එය අසුන් ගත් පුද්ගලයාට අපහසුවක්. Spring කුෂන්වල මෙවැනි ගැටලු ඇති වෙන්නෙ නැහැ.

( අන්තර්ජාලය ඇසුරෙන් )

අර්චිත ඉඳුවර



 

TAGGED: life style, Sweet home, සෝෆා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

භාග්‍යවතුන්වහන්සේ දුටුවා මෙන් පහන් සිත උපදවාගත හැකි ස්ථාන නමදින්න

May 12, 2025

දැනගත යුතුම නව අරහාදී බුදුගුණ

May 12, 2025

මහා තොරණ්වලට බයක් සැකක් නැතුව ලයිට් දෙන අක්ක නගෝ

May 12, 2025

වෙසක් පෝය ලෝකෙට ගෙනිච්ච කදිරගාමර්

May 12, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?