නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ලස්සනට ගහන ටැටූ මාරාන්තික වෙන ලකුණු
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

ලස්සනට ගහන ටැටූ මාරාන්තික වෙන ලකුණු

Published September 25, 2023

ටැටූවලට යොදාගන්න නිල් සහ කොළ වැඩි වශයෙන් පිළිකාකාරක බව ඇමරිකාව කියයි.

ටැටූ අද තරුණ පරම්පරාව අතර ඉතා ජනප්‍රිය විලාසිතාවක් වුවත් ටැටු ගැසීමට පෙරාතුව එයින් ලැබෙන ආදීනව ගැනත් දැනුවත්වීම සැබැවින්ම වැදගත්.ටැටූ වෙනුවෙන් යොදා ගන්නා තීන්තවල ඇති azo රසායනික සංයෝග සූර්යාලෝකයේ ඇති පාරජම්බුල කිරණ මගින් විකෘති වී මිනිස් සිරුරේ සෛල තුළට ඇතුළු වීමට ඉඩ තිබෙනවා.

අද වනවිට ඇමරිකානුවන් අතරින් පුද්ගලයන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් ටැටූ කොටා ගත් පුද්ගලයන් බැව් හඳුනා ගෙන තිබෙනවා. ටැටූ වෙනුවෙන් යොදා ගන්නා නිල් සහ කොළ වර්ණයන්හි වැඩි වශයෙන් පිළිකාකාරක අන්තර්ගත බවටත් දැන් හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරියේදී නිල් සහ කොළ වර්ණ යොදා ගැනීම තහනම් කිරීමේ වැඩි අවදානයක් තිබෙන බවට පර්යේෂකයන් විසින් ඇමරිකානුවන් දැනුවත් කර තිබෙනවා.

ටැටූ සිතුවමක් අදියර දෙකකින් යුක්තයි

ප්‍රධාන අදියර ලෙස සැලකෙන්නේ වර්ණකයයි.

නිල් වර්ණය වැනි ඝන සංයෝගයක් හෝ ටයිටේනියම් ඩයොක්සයිඩ් වැනි තරලවලින් සමන්විත වෙනවා.

සමේ ස්ථර දෙකක් අතරට ටැටූ සිතුවම ඇතුල් කිරීම දෙවන අදියරයි.

ලේබලයේ සඳහන් නොමැති සංයෝග යොදාගැනීම

මෙම අධ්‍යයනයේදී පර්යේෂකයන් විසින් තීන්ත වර්ග 36 ක් අධ්‍යයනයට සම්බන්ධ කර ගත්තා. සාමාන්‍යයෙන් ඕනෑම නිෂ්පාදනයක එහි අන්තර්ගත දේ පිළිබඳව සටහනක් තිබීමත් ඒ සටහනට අනුව අන්තර්ගත දේවල් නිෂ්පාදනයේ අඩංගු වීමත් වැදගත්. නමුත් මෙම ටැටූ තීන්තවල අන්තර්ගත බවට සටහනක් තිබුණත් සටහනට අදාළ සංයෝග තීන්තවල අඩංගු වී නැහැ.

ඒ වගේම තීන්ත පරීක්ෂා කිරීමේදී ඒවායේ එතනෝල් අන්තර්ගත බැව් පෙනී ගියා. එතනෝල් වලින් සිරුරට ඇති විය හැකි බලපෑම ගැන පර්යේෂකයන් කිසිවක් සඳහන් කර නැහැ. නමුත් ටැටූ නිසා ඇතිවන තුවාලය වටා වූ රුධිර කැටි ගැසීම වළක්වා ගැනීමට එතනෝල් යොදා ගෙන ඇති බවටත් මෙහිදී පෙනී ගියා.

වර්ණ 23 ක් අහිතකරයි

කෙසේ නමුත් ඔවුන් විසින් අධ්‍යයනයට විශේෂයෙන් ගත් නිල් සහ කොළ වැනි වර්ණක 23 කම azo සංයෝග අන්තර්ගතව තිබුණා. මෙම වර්ණක වලින් ටැටූ සහිත සිරුරක් ඇති පුද්ගලයෙක් සූර්යාලෝකයට සහ බැක්ටීරියාවන්ට වැඩි වශයෙන් නිරාවරණය වුණොත් ඒ පුද්ගලයාට පිළිකාකාරක ඇති වීමේ අවදානමක් නොදැනීම ගොඩ නැගෙනවා.

අධ්‍යයනයේ කර්තෘ රසායන විද්‍යාඥ ජෝන් ස්විරික් සඳහන් කරන්නේ මෙම වර්ණක ක්‍රියාත්මන වන ආකාරය නම් තව ඉදිරියට සිදු විය යුතු පර්යේෂණයක්. කෙසේ හෝ දැනටමත් මෙම වර්ණක නිසා ඔබේ සෞඛ්‍ය සඳහා අනතුරු දැන්වීමක් තිබෙන බැව් පැහැදිලියි.

පදාර්ථයේ ප්‍රමාණය

දෙවන අදියරේදී මෙම පර්යේෂකයන් විසින් වර්ණක වෙනුවෙන් යොදා ගත් පදාර්ථයන්ගේ ප්‍රමාණය ගැන අධ්‍යයනයන් සිදු කළා. මෙහිදී ටැටූ වෙනුවෙන් යොදා ගත් වර්ණක 16 ක නියැදි අධ්‍යයනයට යොදා ගත්තා.එහිදී හඳුනා ගත් අන්දමට කළු වර්ණකයට ඔවුන් යොදා ගෙන තිබුණේ මිලි මීටර් 100 කටත් වඩා අඩු පදාර්ථ ප්‍රමාණයක්. මේ තත්ත්වය නිසා සෛල පටලයට හානි වීමට වැඩි ඉඩක් තිබෙන බැව් පර්යේෂකයන් විසින් පෙන්වා දුන්නා. මෙම නැනෝ අංශු සෛල න්‍යෂ්ටිය විනිවිද යෑම නිසා පිළිකා ඇති වීමට තිබෙන අවදානම තව දුරටත් වැඩි කරන බව මාධ්‍යයට අදහස් ඉදිරිපත් කරමින් ජෝන් ස්විරික් සඳහන් කරනවා.

විශාල සමාගම් රෙදි පිළි සහ වෙනත් කටයුතු වෙනුවෙන් තීන්ත නිෂ්පාදනය කරනවා. ටැටූ කලාවේ යෙදෙන්නන් එම තීන්ත ටැටූ වෙනුවෙන් යොදා ගන්නවා. නමුත් සමාජ ආරක්ෂාව ගැන වගකීමක් මෙතැනදී ගිලිහී යනවා. මේ නිසා ඇමරිකා එක්සත් ජනපදය ටැටූ වෙනුවෙන් භාවිත කරන වර්ණවල අන්තර්ගත සංයෝග සහ පදාර්ථ අළලා දත්ත පද්ධතියක් ආරම්භ කිරීමට ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

ටැටූ ඉවත් කිරීමේ ගැටලු

ඒ වගේම යම් පුද්ගලයෙකු විසින් සිරුරේ ඇඳ ගත් ටැටූ සිතුවමක් ලේසර් තාක්ෂණයෙන් ඉවත් කිරීමේ ගැටලු ගැන තවමත් පර්යේෂකයන්ගේ අවධානය යොමු වී නැහැ. 2020 වසරේදී සිදු කරන ලද අධ්‍යයනයකට අනුව පිළිකා කාරක නිල් වර්ණක 15 ක් සහ කොළ වර්ණක 7 ක් හඳුනාගෙන තිබෙනවා’ යුරෝපා සංගමයට අයත් රටවල් විසින් ටැටූ වෙනුවෙන් යොදා ගන්නා මෙම වර්ණක භාවිත කිරීම ඉදිරියේදී තහනම් වීමට ඉඩ තිබෙනවා.

වර්ණක පමණක් නොවේ

ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ අධිකාරිය සඳහන් කරන අන්දමට ටැටූ විලාසිතා කිරීමේදී පුද්ගලයෙකුට හානිකර වන්නේ වර්ණක පමණක් නොවේ ඔබ නොසිතන අන්දමේ හානි කීපයක්ම සිදු වීමට ඉඩ තිබෙනවා.

සම සිදුරු වීම නිසා රුධිරයට බැක්ටීරියා ඇතුළු වීම

ඉතා කලාතුරකින් MRI ස්කෑන් කිරීමේදී ගැටලු ඇති වීම

( daily mail ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා
 

TAGGED: health, tatoo
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?