නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ඔයාගෙ Ex ආයෙ ඔයාට හම්බ වුණොත් ඔයා මොකද කරන්නේ
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

ඔයාගෙ Ex ආයෙ ඔයාට හම්බ වුණොත් ඔයා මොකද කරන්නේ

Published September 25, 2023

අපි Ex කියලා කියන්නෙ හිටපු පෙම්වතාට හෝ පෙම්වතියටනෙ. හැබැයි හිටපු කෙනා ආයේ ජීවිතේට මුනගැහෙන එකක් නෑ කියල අපිට කොහොමවත් හිතන්න බෑ. එහෙම සම්භාවිතාවක් තියෙනවා වගේම එහෙම අත්දැකීම් ඕන තරම් මිනිස්සුන්ට තියෙනවා. ලංකාවෙනම් කොහොමද දන්නෑ. නමුත් පිට රටවලනම් තමන්ගෙ Ex ආයෙ පාරක් හම්බවෙන්න දින වෙන්කර ගන්න අයත් ඉන්නවා. එයාලා නැවත වතාවක් හමුවෙලා කෝපි කෝප්පයක් බොනගමන් ආගිය තොරතුරු කතා කරනවා. කොහෙහරි ඇවිදින්න යනවා. නමුත් අපේ රටේ Ex ව හම්බවුණොත් මොනවා වෙයිද? කියලා විශේෂයෙන්ම හිතන්න ගන්නවා.

ගොඩක් අය Exලා ගැන තරහක්, වෛරයක්, ඊර්ෂ්‍යාවක් කරේ තියාගෙන තමයි යන්නේ. කලාතුරකින් තමයි මේ දේවල් වෙනුවට විරහවේදීත් ආදරයම විතරක් අරගෙන යන කෙනෙක් හම්බවෙන්නේ. ආදරය කියන දේ හරි විදිහට නිර්වචනය කර ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. හුණුවටයේ කතාවේ ආදරේ තිබුණේ අත්හැරීම තුළ. අතහැරියොත් විතරයි දරුවා වේදනාවෙන් මිදෙන්නෙ. තමන්ටම නතු කරගැනීම ප්‍රේමය නෙවෙයි. එතනින් එහාට ගියාම අනිත් මනුස්සයාගේ සුභ පැතීමක් එක්ක ආදරෙන් සමුගන්න මිනිස්සු හරි අඩුයි. ගොඩක් ඉන්නේ ඔය වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව පැකේජ් පිටින් අරන් යන අය.

අපි ලංකාවේ විරහ ගීත අහුරක් අහඹු ලෙස තෝරගත්තොත් ඒ අතරේ ‘හන්තානට පායන සඳ’ වගේ ගීතයක් ඇරුණුකොට ගොඩක් ගීතවල තියෙන්නේ තමන්ට වෙච්ච අගතිය ගැන මිසක් අනිත් කෙනාට වෙච්ච සුබසිද්ධිය ගැන නෙවෙයි. ආදරේ කියන්නෙ තමන්ටම අයිති කර ගැනීමක් කියලා අපි අර්ථ නිරූපණය කරගන්න තැනම ප්‍රශ්නයක් තියෙනවා. අපි කියනවනෙ ආදරය සහ වෛරය අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක් කියලා. ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්.

ඒ මොකද ආදරය තියෙන තැනක වෛරයක් කොහෙත්ම තියෙන්න විදිහක් නෑ. ආදරයක් නම් එතන තියෙන්න ඕන ආදරයම විතරයි. ආදරය වෛරයකට පෙරළෙනවනම් එතන තිබිලා තියෙන්නෙ ආදරයක් නෙවෙයි නතු කර ගැනීමක්.

ආදරයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගහකට සමාන නම් ඇයි Exලා ආයෙ ආයෙ මුණගැහෙන්නෙ? ඇයි මුණගැහිලා කෑමකට එළියට යන්නේ? පාරෙදි දැක්කම හිනා වෙන්නෙ? එහෙම අය ගාව ප්‍රේමය ඇතුළේ නතු කරගැනීම කියන පටු චින්තනය තිබිලා නෑ.

මට මේ මාතෘකාව ගැන කතා කරද්දි හොඳ කතාවක් මතක් වෙනවා. මම ඉගෙනගත්තේ පේරාදෙණිය සරසවියේ. පේරාදෙණිය සරසවිය කියන්නේ ප්‍රේමයත් එක්කම තියෙන තැනක්නේ. අපි කැම්පස් එකෙන් අවුට් වුණත් අවුරුද්දකට සැරයක් යාළුවෝ ටික හම්බෙනවා. මං දන්න දෙන්නෙක් ඉන්නවා කැම්පස් කාලේ ආදරේ කරලා පස්සේ වෙන් වුණ. නමුත් ඒ දෙන්නා අවුරුද්දක් පාසා ගෙට් ටුගෙදර් එකේදි හම්බෙනවා. ඒ එයාලගෙ සහකරු, සහකාරිය සහ ළමයි එක්ක.

ඉතින් එයාලා එකට කනවා, බොනවා හිනා වෙනවා, එකට සුබපතා ගන්නවා. ඉතින් මේ එක කතාවක් විතරයි. මේ වගේ වෙන් වෙලා ගියත් හිතේ කිසි කහටක් නැතුව ආයේ ආයේ මුණ ගැහිලා කතා කරලා හිනා වෙන්න පුළුවන් Exලා ලංකාවේ තව ඇති. එහෙම Exලා හම්බෙන එක වාසනාවක්. හැබැයි අවාසනාවකට වැඩිපුරම අපි දකින්නේ ‘මට නැත්තං උඹටත් එපා’ මානසිකත්වයේ ඉන්න අය.

අපි ඕනතරම් අහල තියෙනවා තමන් යාළු වෙලා හිටපු කොල්ලා කෙල්ල දාල ගියාම “අනේ හොඳක්නම් සිද්ධ වෙන්න එපා” කියල සාප කරනවා. ඒත් ඇත්තටම ආදරේ කළානම් එහෙම හිතන්නවත් පුළුවන්ද? බෑ. ආදරය කොන්දේසි විරහිත විය යුතුයි.

වේදනාවක් කේන්තියක් හිත් ඇතුළෙ තියාගෙනනම් වෙන් වෙලා යන්නෙ නැවත අහම්බෙන් හෝ මුණගැසීම ඔවුන්ට වේදනාකාරී වෙන්න පුළුවන්. ඒත් ඔයාට පුළුවන්නම් වේදනාකාර මතකයන් තිබුණත් පස්සෙ කාලෙක Ex එක්ක හොඳට හිනාවෙලා කතා කරන්න ඔයා ඒ පරීක්ෂණයෙන් සමත් වෙනවා.

මනෝ විද්‍යාඥ, ආචාර්ය
අශෝක් ප්‍රියදර්ශන

එරංදි කෞශල්‍යා

TAGGED: Ex, Love
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඉන්දියාවෙන් ගේන දෙළුම් තමයි කන්නම හොද නැත්තෙ

December 4, 2023

සක්‍රීය ශුක්‍රාණුවක් හඳුනාගැනීමට රොබෝ තාක්ෂණය

December 4, 2023

වචනයෙන් පවා පහර දෙන අසත්පුරුෂයන්

December 4, 2023

අත ළඟ එන සීත කාලෙට සම පරිස්සම් කරගන්න

December 4, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?