නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ජීවිතය දිනන්නනම් හැමදේකම හොඳ දකින්න
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

ජීවිතය දිනන්නනම් හැමදේකම හොඳ දකින්න

Published September 18, 2023

කරදර පිරුණු ලොවක හොඳක් දැකිය හැක්කේ කෙසේද යන්න ඔබට ගැටලුවක් ඇති විය හැකියි. කරදරවලට එසේම තිබෙන්නට ඉඩ හරින්න. ඔබ විසින් කළ යුත්තේ කරදර ගැන කරදර නොවීමයි. ඒ සඳහා පහසුම මග වන්නේ සෑම දෙයකම හොඳ දැකීමයි

මොළයත් පුරුදු කළ යුත්තක්

අපි සියලු දෙනාම රැකියාවක නියුක්ත විය යුත්තෝ වන්නෙමු. එහෙත් රාජකාරී කටයුතු වලදී වෘත්තීය ගැනම සිතමින් අපි අවිනිශ්චිත තත්ත්වයන් ගැන සිතමු. එහෙත් වෘත්තියෙන් ඔබ්බට මනස මෙහෙයවමින් සතුට ගැන අපි සිතිය යුතුය. එසේම පෞද්ගලික ජීවිතයේදීත් අපට අභියෝග ඇත.

සිතැඟි පරිදි වෘත්තියක් තෝරා ගැනීමේ සිට තරඟකාරීත්වය, නෑදෑයින් මිතුරන් සමඟ ඇතිවන විරසක නැතිකර ගැනීමට ඇති හොඳම දෙය වන්නේ සෑම දෙයකම යහපත් පැත්තක් ඇති බව දැකීමට ඔබගේ මොළය පුහුණුකර ගැනීමයි. එමගින් සෑම අභියෝගයක් දෙසම සතුටින් බැලිය හැකිවනු ඇත.

කෘතඥතාවය පළකරන්න

හදවතින් පැන නගින ලස්සනම පුෂ්පය කෘතඥතාව පළකිරීමයි. ජීවිතයේ සියලුදේ වරදින විට ආසන්නතම සතුටුවිය හැකි දේ ගැන සිතන්න. එවැනි දේ කොළයක සටහන් කර ඔබටම කෘතඥතාව පළ කරන්න. ඔබට අමාරු විෂයයකට වැඩි ලකුණු ලබාගැනීම, ඔබට උදව්කරන මිතුරකු හෝ පවුලක් ලැබීම, රැකියා අවස්ථාවක් ආදී බොහෝ දෑ ඒ අතර විය හැකිය. මෙම ලැයිස්තුව සකස් කිරීමේදීම ඔබේ මනෝභාවය සම්පූර්ණයෙන් යහපත් භාවයකට පැමිණීමට ඉඩ ඇත.

භාවනාව

මොහොතක ශාන්තිය ඔබ අත්විඳිනු නිසැකය. ගැඹුරු හුස්ම ගැනීම, මල්වත්තක ඇවිදීම, සන්සුන් සංගීතය ආදී ලෙසින් භාවනාවට විවිධ ක්‍රම ඇත. මේ සුළු විවේකය ඔබව දවසම ප්‍රාණයෙන් පුරවනු ඇත. සතුට පැමිණෙන්නේ ඇතුළාන්තයෙනි.

අන් අයට උදව් කරන්න

සෘජුවම උදව් කිරීම හෝ හොඳ දෙයක් කිරීම යන දෙකම මේ ගණයට වැටේ. ඔබ පහනක් දල්වන්නේ නම් අවට සිටින්නන්ටද එළිය වැටෙනු ඇත. එහෙත් ඔබව පහත් ලෙස සලකන අයට උදව් කිරීමේන් වළකින්න.

ඔබව ආදරයෙන් වැළඳගන්න

විශ්වයේ ඇති අනෙක් සෑම දෙයකට මෙන්ම ඔබටද ආදරය අවශ්‍යයය. ඔබ අතපසුවීම් ගැන ඔබටම දොස් පැවරීම වෙනුවට මෘදු ලෙස ඔබව අමතමින් ඔබව ධෛර්යවත් කරන්න. සෑමවිටම හිස ඉහළට ඔසවා, නිකට ඉහළට තබාගැනීමෙන් ඔබ ගැන ඔබ තබන විශ්වාසය වැඩිවෙයි.

ධනාත්මක ප්‍රතිඥා නිතරම සිදුකරන්න

ධනාත්මක සිතිවිලිවලට ධනාත්මක ප්‍රතිඵල ආකර්ශණය වෙයි. සෘණාත්මක සිතිවිල්ලක් පහළ වූ විගස එයට අභියෝග කර පළවා හරින්න.

නැවත නැවත නොසිතන්න

නැවත නැවත සිතීම යනු මනසෙහි නොපවතින අවස්ථා ගොඩනැගීමයි. යථාර්ථය නොවන මෙම සිතිවිලි නිසා පසුතැවිල්ලට හේතුවන ගැටලු මතුකරයි.

(https://idreamcareer.com ඇසුරෙන්)

සුනිල් අල්ගම

 

TAGGED: lifestyle, Positive Thinking
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

පිළිකා නසන ඉඟුරු තේ

September 25, 2023

ලෝකයා ඉදිරියේ ක්‍රිකට් පරාජය වැසූ ප්‍රේමදාස පිටියේ සැබෑ වීරයන්

September 25, 2023

උරහිස ගල්වෙලා වගේ ඔයාලටත් දැනෙනවාද

September 25, 2023

ඔයාගෙ Ex ආයෙ ඔයාට හම්බ වුණොත් ඔයා මොකද කරන්නේ

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?