නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: වස් කාලයේ දෙන දානයේ පින වැඩිද
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

වස් කාලයේ දෙන දානයේ පින වැඩිද

Published September 18, 2023

ඇසළ මාසයෙන් එළැඹෙන වස් තුන් මාසය බෞද්ධ බැතිමතුන්ට ඉතාම වටිනා කාල පරිච්ඡේදයක්. කඨින පිංකම් පවත්වන තෙක්ම වස් වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලා වෙනුවෙන් සිව්පසයෙන්
උපස්ථාන කිරීමට ගිහි පින්වතුන් බැඳී සිටිනවා. ගමේ පන්සලට සලාක දානයක් නොදුන්නත්, අවම වශයෙන් වස් තුන්මාසයේදී වස් සමාදාන වී සිටින භික්ෂුන් වහන්සේ වෙනුවෙන් දානයක් බාර ගැනීමට බොහෝ දෙනා උනන්දු වෙනවා. ඒ වගේම වස් කාලයේ භික්ෂුන්වහන්සේ නමක් වෙනුවෙන් ලබා දෙන දානයේ ආනිශංස වැඩි බවටත් වූ විශ්වාසයක් ගිහියන් අතර පවතිනවා.

වස් කාලයේ ලබා දෙන දානයක් අනිශංස වැඩිද?

වස් කාලයේ දානයක් දීම ආනිශංස වැඩි යැයි කියන්න බැහැ. අපි පූජා බුද්ධියෙන් වගේම අනුග්‍රහ බුද්ධියෙන් හෝ අනුකම්පා බුද්ධියෙන් දිය යුත්තෙකුට ලබා දෙන දානයේ ආනිශංස තිබෙනවා. නමුත් වස් කාලයේදී භික්ෂුන්වහන්සේලා වෙනදාටත් වඩා විනය මත පිහිටා කටයුතු කරනවා. බුදුන්වහන්සේ වැඩ සිටි කාලයේදී හිත දියුණු කරගෙන මාර්ගඵල ලබා ගැනීම වස් කාලයේදී සිදු වුණා.

වස් කාලයේදී භික්ෂුන්වහන්සේලා පන්සලෙන් බැහැරට වඩිනවා අඩුයි. එසේ වඩිනවා නම් අනුගමනය කළ යුතු විනය නීතිත් තිබෙනවා.සති කරණය – වස් සමාදන් වුණ භික්ෂුන්වහන්සේ නමක් පන්සලෙන් බැහැරට වඩිනවා නම් මම නැවත පන්සලට පැමිණෙන්නෙමි යන අධිිෂ්ඨානයෙන් යුක්තව බැහැරට වැඩම කළ යුතුය.

සත්තාහකරණය
අනුජානාමි භික්ඛවේ සත්තතාහං සත්තාහ කරණීයෙන
පහිතො ගන්තුං

වස් සමාදන්ව සිටින භික්ෂුන්වහන්සේ නමකට හදිසි අවස්ථාවක් වෙනුවෙන් විහාරස්ථානයෙන් පිටතට වැඩීමට
අවසරය ඇත.

එසේ වැඩම කිරීමට අනුමත අවස්ථාවන්

● රෝගීව සිටින භික්ෂුන් වහන්සේ නමකට උපස්ථාන පිණිස
● සසුනෙහි කලකිරුණ භික්ෂුන් වහන්සේ නමකට උපදෙස් ලබා දීමට
● මිථ්‍යා මත දුරු කිරීමට
● මව, පියා, සහෝදර සහෝදරින් ඥාතීන් රෝගීව සිටින විට

අද වනවිට පන්සලක ස්වාමින්වහන්සේලා දෙතුන් නමක් වැඩ සිටිනවා. ඒ වගේම ගිහි පින්වතුන්ගේ දාන, පිංකම්, පිරිත් දේශනාවන් සහ පාංශකූල කටයුතු වෙනුවෙන් බැහැරට වඩින්න සිදු වෙනවා. කඨින සිවුර පූජා කිරීමේදී ඒ කටයුතු වෙනුවෙන් පන්සලේ වස් සමාදන් වුණ භික්ෂුන්වහන්සේනමක් සිටින නිසා බැහැරට වඩින්න අවසරය තිබෙනවා.

භික්ෂුන්වහන්සේ නමකට වස් සමාදන් වීම බුද්ධ නීතියක්

වස් සමාදන් වීම භික්ෂුන්වහන්සේ නමකගේ  භික්ෂු ජීවිතයට වටිනාකමක් ලැබෙනවා. දස වස් සමාදන් වුණ භික්ෂුන් වහන්සේ නමක් ‘ස්ථවිර’ නමක් හඳුන්වනවා.ඒ වගේම විසි වස් සමාදන් වුණ භික්ෂුන්වහන්සේ නමක් ‘මහ ස්ථවිර’ යනුවෙන් හඳුන්වනවා. රහතන්වහන්සේ නමක් වුණත් උන්වහන්සේට වඩා වැඩියෙන් වස් සමාදන් වුණ භික්ෂුන්වහන්සේට දණ නමස්කාර කරනවා.

වස් කාලයේදී ගිහි පින්වතුන් පන්සලට වෙනදාට වඩා සම්බන්ධ වෙනවාද?

වස් කාලයේදී ගිහි පින්වතුන් පන්සලට වෙනදාට වඩා වැඩියෙන් සම්බන්ධ වෙනවා. පන්සල පිරිසිදු කිරීම වැනි කටයුතු ගිහි පින්වතුන්ගේ පැත්තෙන් සිදු වනවිට ධර්ම දේශනාවන්, පිරිත් දේශනාවන් සහ බෝධි පූජා පැවැත්වීම ගමේ පන්සලේ ස්වාමින්වහන්සේගෙන් ඉටු වෙනවා.

කඨින චීවරය ගමේ වස් තුන්මාසය පුරාවටම ගිහි පින්වතුන්ගේ නිවෙස්වල එක් රාත්‍රියක් බැගින් වැඩ හිඳුවා බුද්ධ පූජාවන් පවත්වනවද?

කඨින චීවරය නිවෙස්වල තබා පුද පූජාවන් පැවැත්වීම නම් බුදුදහමේ කොතැනකවත් සඳහන් වී නැහැ. එවැනි දේ වර්තමානයේදී අලුතින් එකතු වී තිබෙනවා.කොහොම වුණත් මේ වගේ අවස්ථාවන් නිසා ගිහි පින්වතුන් සහ පන්සල අතර සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා.

නමුත් කඨින චීවරය ගමේ නිවෙස්වල වැඩ හිඳවනවා නම් පන්සලේ වස් සමාදන් වී සිටින කඨින සිවුර භාර ගැනීමට සිටින භික්සුන්වහන්සේ ඒ කටයුතුවලින් දුරස් වී සිටීම වැදගත්.අතීතයේදී කඨින චීවරය ගමේ පන්සලේ මසා, පඬු පොවාගෙන පූජා කිරීම සිදු වුණා. අද වනවිට ඒ චීවර පූජා සම්ප්‍රදාය අපේ පන්සල්වලින් දකින්න ලැබෙන්නේ නැහැ.

කඨින චීවර පූජාව ක්‍රම කීපයකට සිදු කරන්න පුළුවන්.කඨිනය සඳහා සිවුර සකස් කර ගැනීම

කඨිනය සඳහා සිවුර සකස් කර ගැනීම මහා වග්ග පාළියේ මේ අන්දමින් දක්වා තිබේ. ඒ අනුව කඨිනය සඳහා තෝරා ගත හැකි වස්ත්‍ර) වර්ග 17 කි.

● අලුත් තාන් වස්ත්‍ර (අහතෙන)
● අලුත් වස්ත්‍රයට සමාන රෙදි කඩක් (අහන කප්පේන)
● රෙදි කැබැල්ලකින් කළ සිවුර (පිලොනිකාය)
● පාංශකූල වස්ත්‍රය (පාංශකූලය)
● වෙළඳසැලේ දොරටුවේ අතහැර තිබී අහුලාගත් වස්ත්‍රය (පාසනිකෙන)
● කලින් ඇඟවීමක් නැතුව ලැබුණ වස්ත්‍රය (අනිමිත්තෙන)
● කලින් අනුසස් නොකීමෙන් ලද වස්ත්‍රය(අපරිකථාතනෙ)
● තාවකාලික නොවූ වස්ත්‍රය(අසන්හිටිතෙන)
● කලින් තැන්පත් කොට නොතිබුණ වස්ත්‍රය( අසන්තිටිතෙන)
● නිසඟි නොවූ වස්ත්‍රය (අකුක්කුතෙන)
● කප් බින්දු තැබූ වස්ත්‍රය (අනිස්සග්ගියෙන)
● තනිපට සිවුරෙන් (උත්තරා සංසේන)
● දෙපට සිවුරෙන්(අන්තරාවාස කෙන)
● අඳනයෙන් (අන්තරවාසභෙන)
● වස්ත්‍ර දානය – මෙහිදී සුදු රෙදි කඩක් චීවරය ලෙසින් සකස් කර මසා පඬු පොවා පූජා කිරීම. ගමේ ගිහි පින්වතුන් එක් වී සුදු රෙදි අවශ්‍ය ප්‍රමාණයට අනුව ගෙන එය සිවුරක ආකාරයකට සකස් කරනවා.
● චීවර දානය – සකස් කරන ලද චීවරයක් කඨින සිවුරු ලෙස පූජා කිරීම.

මේ අතරින් අද බොහෝ විට කඨින චීවරය වෙනුවෙන් සකස් කරන ලද චීවරයක් තෝරා ගන්නවා. මේ චීීවරය ගමේ නිවෙස්වල එක් එක් දිනයන්හි තබා පුද පූජාවන් පැවැත්වීම සිදු කරනවා.
මේ අනුව සඳහන් කළොත් ගිහි පින්වතුන් සහ පන්සල අතර ඉතාම හොඳ අන්තර් සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම වස් කාලයේදී සිදු වෙනවා. වස් ආරාධනා අවස්ථාවේ පටන් කඨින චීවර පූජාව සිදුවන තෙක්ම අපේ ගිහි පින්වතුන් සහ පන්සල අතර ඇති අඛණ්ඩ සම්බන්ධතාවයක් අදටත් පවතිනවා.

ශාස්ත්‍රපති පූජ්‍ය
කොළොන්නාවේ නාරද ස්වාමින් වහන්සේ
ශ්‍රී බෝධිරාජාරාමය
කොළඹ 10

පුන්‍යා චාන්දනී ද සිල්වා



 

TAGGED: buddhism, dhammapadha
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?