නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: Dyson Zoneවලින් පිරිසිදු වාතය ලබා ගැනීම වැඩි ඈතක නොවේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

Dyson Zoneවලින් පිරිසිදු වාතය ලබා ගැනීම වැඩි ඈතක නොවේ

Published September 18, 2023

පරිසර දූෂණයේ ප්‍රතිවිපාක නිසා අද වනවිට අපට හුස්ම ගැනීමට පවා පිරිසිදු වාතයක් නොමැති බැව් රහසක් නොවේ. අනාගතයේදී ඔක්සිජන් ටැංකි සමග ගමන් කරන පිරිසක් නිර්මාණය වීමට වැඩි ඉඩකඩක් තිබෙන බවට විද්‍යාඥයන් පවා අනාවැකි පළ කර ඇත.

ස්වසන රෝග වැඩි වීම…

දූෂිත වාතය ආඝ්‍රානය කිරීම නිසා අද වනවිට ලෝකයේ බොහෝ දෙනෙක් ශ්වසන ආශ්‍රිත රෝග සහ පෙනහළු ආශ්‍රිත පිළිකාවන්හි ගොදුරක් බවට පත්ව සිටිනවා. ඒ නිසා හුස්ම ගැනීමට පිරිසිදු වාතය සොයා ගැනීමත් අද ලෝකයට ගැටලුවක් වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන අන්දමට අද වනවිට පරිසරයේ පවතින අහිතකර තත්ත්වය මිනිසාට ඔරොත්තු නොදෙන තරම් බරපතල බව පිළිගෙන අවසානයි.

මුඛ ආවරණයකින් ලැබෙන සීමිත ආරක්ෂාව

බාහිර පරිසරයට නිරාවරණය වනවිට අපි මුඛ ආවරණයක් පැළඳ ගියත් අපට පරිසරයේ වාතය පිරිසිදු වී ලැබෙන්නේ නැහැ.

විකල්ප සෙවීමට කාලය ඇවිත්

මේ නිසා අද වනවිට මිනිසාට පිරිසිදු වාතය ආශ්වාස කිරීම වෙනුවෙන් විකල්ප සොයා යන කාලයක් අප ඉදිරියේ පවතිනවා. ඒ සඳහා බි්‍රතාන්‍ය ඉංජිනේරු සමාගමක් විසින් නවතම මාදිලියේ හෙඩ් ෆෝනයක් හඳුන්වා දී තිබෙනවා.

එය අශ්ව සැඩලයකට සමානයි

මෙම හෙඩ් ෆෝනය අශ්වයාගේ පිට මත ඇති සෑදලයට (Saddle) සමානයි. බර අශ්වයාගේ කොන්දට නොව හිස දෙපැත්තට බෙදී යන ආකාරයට අශ්ව සැඩලය නිර්මාණය වී තිබෙනවා. එම ආකෘතිය යොදා ගෙන නිර්මාණය කරන ලද මෙම නව උපාංගය Dyson Zone යනුවෙන් නම් කර තිබෙනවා.

සෞඛ්‍යාරක්ෂිත බව

මේ නිර්මාණය එළි දැක්වීමට පෙරාතුව ආකෘති 500 ක් පමණ අත්හදා බැලීමට ඔවුන්ට සිදු වූ බව මෙම හෙඩ් ෆෝන් ආකෘතියේ අයිතිකරු ජේක් ඩයිසන් සඳහන් කරනවා.

Dyson Zone උපාංගවල ක්‍රියාත්මකවීම

Dyson Zone උපකරණයේ කන දෙපස පිහිටා තිබෙන කුඩා සම්පීඩකවලට එහි තිබෙන පෙරන උපකාර කරගෙන ආශ්වාස වාතය හරහා ලැබෙන සියලු ආසාත්මිකතා අංශු පෙරා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මෙසේ පෙරා ගැනීමෙන් පසුව පුද්ගලයාගේ නාසය, මුඛය සමීපයට පිරිසිදු වාතය ලැබෙනවා.ඒ වගේම මෙම පෙරනවලට නාසයේ හා උගුරේ ඇති අසාත්මිකතා අංශු පිළිබඳව ගණනය කිරීමේ හැකියාවත් තිබෙනවා.

උපරිම කාර්යක්ෂමතාවය

මෙම උපාංගයේ කාර්යක්ෂමතාවය අධ්‍යයනය කිරීම සඳහා පර්යේෂකයන් විසින් MS2 bacteriophage හා H1N1 influenza යන වෛරස දෙක යොදාගෙන ස්වසන මාර්ගයෙන් පැතිරෙන වෛරසවලින් ආරක්ෂාවට මේ උපාංගය පැළඳ සිටීම ඉතා ආරක්ෂිත පියවරක් බැව් ඔවුන් සඳහන් කරනවා. එහෙත් තවම කොවිඩ් වෛරසය මෙම පෙරනවලින් ඉවත් වන්නේදැයි ගැන අධ්‍යයනයන් සිදු වී නැහැ.

මෙම පෙරන කොතරම් සාර්ථකද කිවහොත් වාතයේ ඇති අහිතකර අංශුවලින් 99% ක්ම පෙරා ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම මයික්‍රෝන 0.1 % ක් තරම් කුඩා අංශු පවා පෙරා ගැනීමේ හැකියාව තිබෙනවා.

මෙම පෙරනයන්ට පොටෑසියම් මිශ්‍ර කාබන් ස්ථරයක් යොදාගෙන තිබෙනවා. මෙම කාබන් ස්ථරය මගින් වාතයේ තිබෙන නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් වැනි අහිතකර අංශු පෙරාගෙන පිරිසිදු වාතය ආශ්වාස කිරීම වෙනුවෙන් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

මෙම සමාගම විසින් මෙම උපාංග සඳහා වූ අත්හදා බැලීම් Breathing Manikins යනුවෙන් හඳුන්වා දුන්නා. සංවේදන උත්තේජනය කරමින් ඔබට පිරිසිදු වාතය ආශ්වාස කිරීමේ හැකියාව ලැබෙනවා. සම්ප්‍රදායික මුහුණු ආවරණ භාවිත කරන විට ඇති වෙන දද, කුෂ්ට වැනි අතුරු සංකුලතාවයන්ද නැහැ. ඔබ නිවසේ සිටියත්, කාර්යාලයේ සිටියත්, පයින් ගියත්, පොදු ප්‍රවාහනයේ ගමන් ගත්තත් අපිරිසිදු වාතයෙන් බේරී සිටින්න බැහැ. ඒත් ඉදිරියේදී වෙළඳ පොළට හඳුන්වා දෙන Dyson Zone මගින් ඔබට පිරිසිදු වාතය ආශ්වාස කිරීමේ අයිතිය ලැබෙනවා.

www.designweek.co.u ඇසුරෙන්

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Dyson Zone, health
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?