නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: හදිසියේ හදවත ලෙඩ වුණොත්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

හදිසියේ හදවත ලෙඩ වුණොත්

Published September 11, 2023

හෘදයාබාධ යන්න සුළුකොට තැකිය යුත්තක් නොවේ. මේ නිසා ඔබට හෝ ඔබ හිතවතකුට හදිසි හෘදයාබාධයක් ඇති වුවහොත් ගතයුතු ක්‍රියාමාර්ග ගැන දැනගැනීම අප සැමටම වැදගත්.

හෘදයාබාධයක්දැයි නිසැකව හඳුනා ගනිමු

පපුවේ වේදනාව, රුධිර පීඩනය අධික බව, පපුවේ තද ගතිය, පපුව මැද මිරිකන ස්වභාවයක් දැනීම, බෙල්ල, හකු, දත් හෝ සමහරවිට උදර ප්‍රදේශය හරහා පැතිරෙන වේදනාව ගැන විමසිලිමත් වන්න. ඕක්කාරය, අජීර්ණය, පපුවේ දැවිල්ල සහ උදර වේදනාවට හෘදයාබාධයක ලක්ෂණ ලෙස මතුවිය හැකියි. මේ හැරුණුකොට හුස්ම හිරවීම, හිසරදය, ක්ලාන්ත ගතිය සහ දහඩිය දැමීමද ඇතිවිය හැකිය.

අවධානයෙන් සිටින්න

හෘදයාබාධයක් ඇතිවීමේදී සාමාන්‍යයෙන් විනාඩි 15 කට වැඩි පපුවේ වේදනාකාරී තත්ත්වයක් ඇතිකරයි. මෙහිදීද විශේෂත්වයක් ඇත. එනම් සමහර අයට මෙම වේදනාව මෘදු එකක් වන අතර සමහරුන්ට දැඩි පීඩාකාරී එකක් වෙයි. සමහරුන්ට මෙය වැළඳීමේදී පීඩනයක් හෝ පපුවේ වේදනාවක් නොදැනුණත් එය පීඩනයක් සහ පපුවේ බරගතියක් ලෙස දැනෙනු ඇත. එහෙත් කාන්තාවන් සම්බන්ධයෙන් කතා කිරීමේදී ඔවුන්ට හෘදයාබාධ වැළඳීමේදී ඕක්කාරය හෝ හකු හෝ කොන්දේ වේදනාව වැනි නොපැහැදිලි රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකිය.

විශේෂයෙන් මතක තබාගන්න

සමහරුන්ට එක්වරම හෘදයාබාධයක් වැළඳුණත් බොහෝ අයට අනතුරු හැඟවීම් ලැබෙන්නේ පැය ගණනකට හෝ දින ගණනකට පෙරය. ඒවා නොසලකා හරින්න එපා.

ඔබ විසින් කළ යුතු දේවල්

පළමුව සුවසැරිය ගිලන්රථ සේවාවට දැනුම් දෙන්න. හදිසි සේවාව ලැබෙන තෙක් ඇස්ප්‍රින් පෙත්තක් හපන්න. එසේත් නැත්නම් ගිලින්න. එමගින් රුධිරය කැටි ගැසීම වළක්වා හදවතට විය හැකි හානිය අඩුකරය.

කෙසේ වෙතත් ඇස්ප්‍රින් ඔබට ආසාත්මික බව හෝ කිසිදා ඇස්ප්‍රින් නොගත යුතු බව ඔබට පවුලේ වෛද්‍යවරයා විසින් ඔබ දැනුවත් කර ඇති විටෙක ඇස්ප්‍රින් නොගන්න. එසේ වුවත් බලාපොරොත්තු අත්හැරගන්න එපා. ඔබ වෛද්‍යවරයා විසින් කලින් ඔබට Nitroglycerin, නියමකර ඇත්නම් හදිසි වෛද්‍යාධාර පැමිණෙන තෙක් ඔබට එම ඖෂධය ලබාගත හැකිය.

CPR – හෘද පුනර්ජීවන ප්‍රතිකාරය අරඹන්න

පුද්ගලයා සිහිසුන් හෝ හුස්ම ගැනීමෙන් තොර නම් හදිසි ප්‍රතිකාර ළඟාවන තෙක් හුස්ම වැටීම පවත්වා ගතයුතුයි. තරමක් වේගයෙන් හා රිද්මයකට අනුව පුද්ගලයාගේ පපුව මැදින් වේගයෙන් හා තදින් තෙරපන්න. විනාඩියකට තෙරපුම් 100-120ත් අතර වාර ගණනක් එය සිදුකරන්න.

(https://www.mayoclinic.org/ ඇසුරෙන් )

සුනිල් අල්ගම

TAGGED: asprin, heart, හදවත
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ඔබව හිගන්නෙක් කරන්න වාස්තුවලට පුළුවන්

September 18, 2023

ත්‍රිල් එකේ ගෙදර Clean කරන්න මේ ක්‍රම අනුගමනය කරන්න

September 18, 2023

විසිතුරු මාළු විතරක් නොවේ ජලජ පැළෑටි පිටරට යවල සල්ලි හොයන්න පුළුවන්

September 18, 2023

ජීවිතය දිනන්නනම් හැමදේකම හොඳ දකින්න

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?