නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: දෙමව්පිය – ළමා සබඳතාව වැදගත් වන්නේ ඇයි?
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

දෙමව්පිය – ළමා සබඳතාව වැදගත් වන්නේ ඇයි?

Published September 11, 2023

දරුවකුගේ චිත්තවේගීය, කායික හා සමාජයීය බැඳීම සංවර්ධනය වීමේදී මව්පිය-දරු සබඳතා වැදගත් වේ. දරුවාගේ අනාගත පෞරුෂය, හැසිරීම, සබඳතා සහ ජීවිතයේ තෝරාගැනීම් සඳහා එය සෘජුවම බලපායි.හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයිකින් පෙන්වාදෙන්නේ දෙමව්පිය-දරු ආදරණීය සබඳතාව දරුවකුගේ සාර්ථකත්වයේ ප්‍රබලතම හේතුව බවයි.

සුරක්ෂිතම බැඳීම

මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන්නේ යම් පුද්ගලයකුගේ ජීවිතයේ වඩාත් සුරක්ෂිතම, ශක්තිමත්ම හා ධනාත්මකම බැඳීම විය යුත්තේ දෙමව්පිය-දරු සබඳතාවය බවයි. එසේ වර්ධනය වූ දරුවන් සමාජය සබඳතාවලට හොඳින් ඔරොත්තු දෙයි. අභියෝග වලදී ඉවසයි. ඉහළ ආත්මාභිමානයක් ඇති ඔවුන්ගේ අධ්‍යයන කාර්යසාධනයද ඉහළයි. එසේම ඔවුන් ඇතිවන චර්යාත්මක ගැටලු අඩුය. ඔවූහු ධනාත්මක සමාජ සබඳතා තුළින් සමාජ කුසලතා දක්ෂ ලෙස වර්ධනය කරගනිති.

සමාජ-චිත්තවේගීය නියාමනය Social-Emotional Regulation

මුල් ළමාවියේදී දෙමවිපිය-දරු අන්තර්ක්‍රියා මගින් සමාජ සංවර්ධනයේ පදනම ඇතිකරයි. කුඩා දරුවෝ තම දෙමව්පියන් අනුකරණය කිරීම මගින් ස්වයං-නියාමය උගෙනෙති.

මානසික සෞඛ්‍ය හා යහපැවැත්ම Mental Health and Well Being

පර්යේෂකයින් පෙන්වා දෙන්නේ දෙමව්පිය-දරු දුර්වල සම්බන්ධතා දරුවාගේ මානසික අවපීඩනය ඇතිකරමින් ප්‍රීතිමත්, සෞඛ්‍යසම්පන්න හා සමෘද්ධිමත් වැඩිහිටයකු බිහිකිරීමට අකුල්හෙළන බවයි.

ස්වයං-අභිප්‍රේරණය Self-Motivation

හොඳ දෙමව්පිය-දරු සබඳතා නිසා දරුවා තමුන් හා සම්බන්ධ පුද්ගලයින් අගය කරන කටයුතු සහජයෙන් හඳුනාගෙන ඒවා නිසියාකාරයෙන් ඉටුකිරීමට කටයුතු කරයි.අවශ්‍යවන්නේ ගුණාත්මක කාලයකි.

පිටුපසින් සිට ළමයා නිතර බදාගැනීමම සමීප සබඳතාව නොවේ’ ඒ සඳහා වැඩිපුර කාලය ගතකිරීම ගැන නොසිතා ඔබ දරුවා සමග ගතකරන කාලය දරුවාගේ හැඟීම් ගැන සංවේදී වීමට වැයකරන්නේ නම් අනාගත ඉලක්ක සපුරාගත හැකිවනු ඇත.

ගෞරවය හා ස්වයං තීරණ ගැනීමේ සහාය

නිදහස ලබාදෙන විට මිනිසා දියුණු වේ. එසේම ගෞරවය අප කවුරුත් අපේක්ෂා කරන්නකි. ආරක්ෂාව සහ සෞඛ්‍යයට සම්බන්ධ නොවන දේවලදී දරුවාට ස්වයංතීරණ ගැනීමට ඉඩදෙන්න. ධනාත්මක වීම යනු සියලුදෙයට ඉඩදීම නොවේ. සාධාරණ තීරණ ගැනීමට ඔබ පවත්වන ගෞරවනීය නිදහස උපකාරී වේ. විනය යනු ඉගැන්වීම මිස දඬුවම් කිරීම නොවේ. ධනාත්මක විනය යනු දරුවාට කාරුණික හා තිරසාර ලෙස ඉගැන්වීම, මගපෙන්වීම හා නිවැරදිකිරීම මිස දඬුවම නොවේ.

විවෘත සන්නිවේදනයට ඉඩදෙන්න

දරුවන්ට කතාකිරීමට ඉඩ දෙන්න. එමගින් විශ්වාසනීයත්වය ගොඩනැගේ.ඔවුන්ගේ ගැටලු ගැන කරුණාවෙන් නොබලා නිශේධාත්මක මත පළකෙරුවොත් දරුවා ඉන්පසු ගැටලු පැවසීමෙන් වළකිනු ඇත.

ආදර්ශවත් වෙන්න

දරුවකුට කොන්දේසි විරහිතව ආදරය කරන්න. ඔවුන් ගෙදරවැඩ නොකර ඔබ අකමැති හැසිරීම් රටාවක් පවත්වාගෙන යන විටත්, විභාග අසමත් වී ඔබ උමතු වූ විටත්, ඔබව ඔවුන් කෝපගන්වන විටත් ඔබ ඔවුන්ට ආදරය කරන බව පෙන්වන්න’ ඒ දෙමව්පියන්ගෙන් දරුවකුට ලැබෙන අසීමිත ආදරය දරුවකුට ලැබෙන වටිනාම තෑග්ගයි.

( https://www.parentingforbrain.com/ඇසුරෙන් )

සුනිල් අල්ගම

 

TAGGED: Parent-Child Relationship, දෙමව්පිය - ළමා සබඳතාව
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගෲප් චැට්වලදී වාතයක් නොවන්න

September 25, 2023

සත්තුන්ගේ ඇටසැකිලි එකතු කරන පුංචි සත්ත්ව විද්‍යාඥයෙක්

September 25, 2023

මොනව කළත් තාමත් හිත යන්නෙ නටන්න – නලින්ද කුමාර

September 25, 2023

නොබිව්වත් හැදෙන සිරෝසිස්

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?