නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: හොස්ස ළගින් මැස්සෙක් යන්න බැරි අයට නිවෙන්න හොදම ක්‍රමයක්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

හොස්ස ළගින් මැස්සෙක් යන්න බැරි අයට නිවෙන්න හොදම ක්‍රමයක්

Published September 11, 2023

මිනිස්සුන්ට තරහ යන එක සාමාන්‍ය දෙයක්. නමුත් නිතර තරහින් කෑගහන එකනම් සාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒ නිසා තරහ යන්න හේතුව හොයාගෙන තරහ පාලනය කරගන්න එක වැදගත්.

කතා කරන්න කළින් හොඳට හිතන්න

තරහ ගිය වෙලාවට තීරණ ගන්න එපා. සතුටින් ඉන්න වෙලාවට පොරොන්දු දෙන්න එපා කියල කතාවක් අහලා ඇතිනෙ. අපිට තරහ ගිහින් ඉන්න වෙලාවක අපේ කටින් පිටවෙන වචන තව කෙනෙක්ගෙ හදවත පසාරු කරගෙන යන තියුණු උණ්ඩ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට එලියට එන අදහස් හා හැඟීම් පසු කලෙක අපේම අවාසියට හිටින්න පුළුවන් අවස්ථා බොහොමයි.

ඒ වගේ අවස්ථාවල පුළුවන් තරම් නිහඩව සිටීමයි කරන්න ඕනේ. ඒ වගේම පුළුවන් තරම් සන්සුන් ආකාරයට කතා කරන එකත් මාර වටිනවා. එහෙම මනස හදාගන්න පුළුවන් නම් තරහ යන එක ඔබට පාලනය කරගන්න පුළුවන්.

තරහා යන අවස්ථා හෝ පුද්ගලයින් අතහරින්න

ඔයාව නිතරම තරහ ගස්සන අවස්ථාවන් පුළුවන් තරම් මඟහරින්න. ඔයාව නිතර තරහා ගස්සන අයව ඇසුරු නොකර ඉන්න. ඒක ඔයාගෙ මනසටත් සැහැල්ලුවක්. ඒ වගේම ඔයා සහභාගි වෙන්න අකමැති අවස්ථා මඟහරින්න. ඔයාගෙ මනසෙ තියන පීඩාකාරී සිතුවිලිවලට සහනයක් ගෙන දෙන දේවල් කරන්න. එවන් පුද්ගලයින් ඇසුරු කරන්න.

1 සිට 10 දක්වා ගණන් කරන්න

අධික ලෙස තරහ ගිහින් එය පාලනය කරගන්න බැරි මොහොතක ඇස් පියාගෙන 1 සිට 10 දක්වා ගණන් කරන්න. ඉතාම තදින් තරහා ගිහින් නම් මේක 100 දක්වා වැඩි කරන්න. ඊළඟට නැවත මේක 100 සිට 1 දක්වා ගේන්න. ඒ විදියට ඇස්පියාගෙන ටිකක් වෙලා ඉඳලා වෙන වැඩකට මාරු වෙන්න. හැබැයි මේ ක්‍රමය තරහා ගිය ගමන්ම කරන්න ඕනෙ. එතකොට අපේ අවධානය කාලයත් එක්ක වෙනතකට යොමුවෙන නිසා ඉක්මනින් කෝපය පාලනය කරගන්න පුළුවන්.

හිතවත් කෙනෙකුට කතා කරන්න

ඔයාට තරහක් හිතට ආව වෙලාවක හිතට ලොකු බරක් දැනෙනව නම් ඒක නිදහස් කරගන්න ඔයාගෙ ලඟම හිතවතෙක්ට කතාකරන්න. ඔයාගෙ හිතේ තියන ඒ හැඟීම් රිලීස් කරගන්න හොඳම ක්‍රමයක් මේක. හැබැයි ඔයාට ඒ වගේ අවස්ථාවක ඇහුම්කන් දෙන සහ යෝග්‍ය උපදෙස් දෙන යාළුවෙක් තෝරගන්න අමතක කරන්න එපා.

ස්වයං සන්සුන්වීමේ කට්ටලයක් සාදාගන්න

ඔයා නිතරම තරහ යන කෙනෙක් නම් ඔයා විසින්ම තරහ ගිය වෙලාවට බලන්න වගේම අහන්න දේවල් ටිකක් හදාගෙන ඉන්නවනම් ඒක සෑහෙන්න වටිනවා. කැමති සින්දු ටිකක්, ලස්සන පින්තූර, සිත සන්සුන් කරන වීඩියෝවලින් පිරි ෆෝල්ඩර් එකක් ෆෝන් එකේ තියාගන්න. ඒ වගේ අවස්ථාවක කන්න පුළුවන් මින්ට් හෝ ආස රසැති චුවින්ගම් එකක් වගේ දේවල් ළඟ තියනව නම් ගොඩක් හොඳයි.

( අන්තර්ජාලය ඇසුරෙන්)

අර්චිත ඉඳුවර

 

TAGGED: life style
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගස් එක්ක කතාකරන්නත් QR කේතයක්

May 19, 2025

දැන් ට්‍රෙන්ඩින් Open pantry Area කුස්සිය

May 19, 2025

නවකයින්ට කැම්පස් එපා කරවන නවක වදය

May 19, 2025

අවශ්‍ය අයට නොමිලේ සේවා සපයන නිශාන්තගේ කැලේ කඩේ

May 19, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?