නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: සම්මත නීති රීති කැඩුවොත් ඒක බොන්සායි නෙවෙයි
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

සම්මත නීති රීති කැඩුවොත් ඒක බොන්සායි නෙවෙයි

Published September 4, 2023

05 කොටස

බොන්සායි කලාව තුළ සිදුකරන සියළු ක්‍රියාකාරකම් තුළ එයට අදාල නීතියක් අන්තර්ගත වනවා. මේ නීති රීතීන් ට අනුකූලව නිර්මාණය අවසන් මොහොත දක්වා ගෙන යාමේදී ඉතා කල්පනාකාරී විය යුතුයි. ශාකයේ හැඩය, උස, අතු විහිදිය යුතු දිශාවන්, අතු නැවිය යුතු දිශාවන්, අත්ත ක්‍රමයෙන් සිහින් කිරීම, අතු පහළට නැඹුරු කළ යුතු ආකාරය, සුදුසු හැඩය යෙදීම, පස් මාධ්‍ය සැකසීම, අවශ්‍ය පරිදි බඳුනක් තෝරාගත යුතු විලාසය මෙයට ඇතුළත් වේ. මේ සෑම කරුණකටම එකිනෙකට ආවේණික වූ ලොව පුරා සම්මත නීති රීති මාලාවක් ඇත.

සාමාන්‍ය වශයෙන් බොන්සායි කලාව තුළ ලෝකය පිළිගත් බොන්සායි නීති රීතීන් 15ක් පමණ අන්තර්ගත වේ. මෙමගින් කෙරෙන්නේ නිර්මාණය කරන ශාකය ස්වභාවික හැඩති, එයට අදාල පස් මාධ්‍යක පමණක් සහ සුදුසුම බඳුනක් තුළ අලංකාරව නිර්මාණය සිදු කරලීමයි. තවද මේ නීතිරීතින් තුළින් ඔබ්බට ගොස් සිදු කරන සියළු නිර්මාණයන් බොන්සායි නිර්මාණයන් බව තහවුරු නොකරයි. එක් එක් ශාකයට උචිත ලෙස එයට අදාළ නීති අනුගමනය කරමින් නිර්මාණය අවසානය කරා යා යුතුය.

ලෝකයේ සම්මත බොන්සායි නීති

  1. බොන්සායි ශාකයේ සමස්ථ හැඩය අසමමිතික ත්‍රිකෝණාකාර හැඩයක් ගත යුතුය.
  2. ශාකයේ අතු විහිදීම ආරම්භ කල යුත්තේ එහි මුළු උසින් 1/3 පමණ යාමෙන් පසුවය.
  3. ශාකයේ බහල සිට පලමු අත්ත දකුණට විහිදුනහොත් දෙවන අත්ත වමටත් තෙවන අත්ත පසුපසටත් විහිදිය යුතුය. (මෙම අතු පිහිටුවන ආකාරය ශාකයේ ඉහළට යන තුරුම පවත්වාගත යුතුය)
  4. කිසිම විටෙක එකම ස්ථානයකින් අතු දෙකක් නොවිහිදිය යුතුය.
  5. නිර්මාණය සිදු කරන හැඩය (Style)මත ශාකයේ නැවුම් (Bends) පවතීනම් අතු ආරම්භ විය යුත්තේ නැවුමේ උත්තල (Convex) පැත්තේ පමණක් ය.
  6. ශාකයේ පහල සිට ඉහලට යනවිට අතුවල මහත ප්‍රමාණය ක්‍රමයෙන් අඩු විය යුතු අතර අතු අතර පරතරය ක්‍රමයෙන් අඩුවිය යුතුය.
  7. මේ එක් එක් අතු තුළද අනුශාකා සමඟ ත්‍රිකෝණාකාර හැඩයක් ගත යුතුය.
  8. ශාකය තුළ අනුශාකා තිරස්ව දෙපසට පමණක් විහිදිය යුතුය. (එනම් ඉහලට හෝ පහලට නොවිහිදිය යුතුය.) එවිට අතු වලට අදාලව අලංකාර පත්‍ර මාලාවක් (Foliage Pad) නිර්මාණය වේ.
  9. ශාකයේ පහළම අතු ඉහළම අතු ඇති අතු වලට සාපේක්ෂව වැඩිපුර පහළට නැඹුරු කළ යුතුය.
  10. ශාකය වැඩීමත් සමඟ ශාක කඳ ඉහලට යනවිට ක්‍රමයෙන් සිහින් විය යුතුය.
  11. ශාකයේ (නිර්මාණයේ) මුළු පෙනුම සමබර විය යුතුය.
  12. ශාකයට එක් අග්‍රස්ථයක් පමණක් තිබිය යුතුය.
  13. බොන්සායි වල විවිධ රූපකායන්ට ගැලපෙන හැඩය සහිත බදුනක් යොදාගත යුතුය.
  14. අග්‍රස්ථය මදක් එය නරඹන්නා දෙසට නැඹුරු විය යුතුය.
  15. නිර්මාණ බදුන්ගත කිරීම සඳහා සිමෙන්ති, මැටි, පෝසිලේන් වලින් පමණක් සෑදූ නොගැඹුරු බඳුන් පමණක් යොදා ගත යුතුය.

නිර්මාණය කරන ශාකයට ත්‍රිකෝණාකාර හැඩයක් ගෙන දීම මඟින් එහි ඇති අලංකාර බව වැඩි වනවා වගේම ස්වාභාවික පරිසරයක් තුළ හැදෙන වැඩෙන විශාල ශාකයක උඩ කොටසේ ඇති ගති ලක්ෂණ මෙමගින් නිරූපණය කෙරේ.

ශාකයේ අතු විහිදීම මුළු උසින් 1/3 පමණ යෑමෙන් පසු සිදු කරනු ලබන්නේ එසේ නොවුනහොත් එහි ඇති කඳ කොටස නරඹන්නා දෙසට පැහැදිලි පෙනුමක් ගෙන නොදෙන නිසාය. ශාකයට සුදුසුම බඳුන තෝරා ගැනීමේදී වනාන්තර (Forest) වැනි නිර්මාණයන් තුලද එයට උචිත පරිදි බදුන් නොවන තැටියක් පමණක් තුළද එය නිර්මාණය කළ හැකි අතර අවශ්‍ය ඕනෑම භූමි දර්ශනයක් එහි නිර්මාණය කරගත හැකිය.

මේ ආකාරයෙන් සිදු කරන සියලුම නිර්මාණයන් තුළ එකම ස්ථානයකින් අතු දෙකක් යොදා නොගනී. එසේ කිරීම තුලින් අතු තුල තිබිය යුතු පරතරය සහ වෙන් වෙන් වශයෙන් අතු ශාකාවන් නොපෙනීමට ඉඩ ඇති නිසාවෙන් එහි ඇති අලංකාරත්වය ගිලිහී යයි.

තෝරාගත් ශාකය නැවුම් (Bends) සහිතව නිර්මාණය කරන්නේ නැවුමේ උත්තල පැත්තේ (Convex) අතු පමණක් වර්ධනය කර ගත යුතුය. එයට විරුද්ධ දිශාවට අතු වර්ධනය කරගන්නේ නම් නිර්මාණයෙහි ඇතුල් පැත්තෙ සිදුවන අතු වර්ධනය නිසා එහි ඇති හැඩය, සමබරතාවය, අලංකාරත්වය යන මේ සියල්ල ද ගිලිහී යයි.

බොන්සායි ශාකයක් නිර්මාණය කර අවසානයේ දී සිමෙන්ති, මැටි හෝ පෝසිලේන් වලින් පමණක් සෑදූ බඳුන් යොදා ගනු ලබන්නේ ශාකයට අවශ්‍ය තෙතමනය රඳා පවතිනවා වගේම වැඩි කාලයක් ශක්තිමත් ලෙස එය පැවතීම නිසාය. (ප්ලාස්ටික් බඳුන් බොන්සායි ශාකයක පුහුණු කාලය තුළ භාවිතා කිරීමට පමණක් යොදා ගනී.)

ඉහත සඳහන් නීතීන්ට අනුකූලව බොන්සායි ගසක් නිර්මාණය කිරීමෙන් ඉතා උසස් තත්ත්වයේ සහ නීතීන්ට අනුගත වූ බොන්සායි කලාව තුළ පිළිගත් නිර්මාණයක් බිහි කිරීමට හැකියාව ලැබේ. තවද මේ නීතීන් තුල යමින් සිදු කළ බොන්සායි නිර්මාණයන් ලෝකය පුරා ඉහළ වටිනාකමකින් යුතුව අලෙවි කරනු ලබයි.

එවන් ඉහළ වටිනාකමක් හිමි වන්නට ප්‍රධානතම කාරණයක් වන්නේ ද මේ නීතීන් තුළ යම් නිර්මාණයන් සිදු කර තිබීමයි. ජපන්, චීන නිර්මාණකරුවන් විසින් සිදු කරන සියළු නිර්මාණ පාහේ මෙම නීති රාමුව තුල සිදු කරලීමට ඔවුන් වැඩි උනන්දුවක් දක්වයි.

ඔබ බොන්සායි ශාකයක් නිර්මාණය කරන්නේ නම් එහි මුල් අවස්ථාවේදී සිටම නීතිරීතීන්ට යටහත්ව එය නිර්මාණය කළ යුතු වේ. නිර්මාණය අතරමඟදී මෙම නීති පිලිවෙත අනුගමනය කිරීම ආරම්භ කළහොත් ඔබේ නිර්මාණය ද තරමක් දුරට අසාර්ථක විය හැකිය. මුල් අවස්ථාවේදීම නීතීන් පිළිබඳ සැලකිලිමත් වී නිර්මාණය සිදු කිරීම තුළින් ඔබට ද ඉතා ඉහළ වටිනාකමකින් යුතු අංග සම්පූර්ණ බොන්සායි නිර්මාණයක් සතු හිමිකරුවකු වීමට අවස්ථාව ලැබේ.

(බොන්සායි ශාකයක් සඳහා සුදුසු පස් මාධ්‍ය සකසාගන්නා ආකාරය ඉදිරි ලිපිය තුලින් දැනුවත් කරනු ලබයි.)

තායිලන්ත බොන්සායි සංගමයේ
ශ්‍රී ලංකා සාමාජික
නඳුන් පියුමල් තිලකරත්න

එරංදි කෞශල්‍යා

TAGGED: Style, බොන්සායි
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

අත් හැරීම පුරුදු කළ සිත්වලට ඕනම දේත් අතහරින්න පුළුවන්

September 18, 2023

එයාලට පාඩම් වැඩවලදී අම්මෙක් නොවී යාළුවෙක් වෙන්න

September 18, 2023

මගේ චූටි මැණික කොහේහරි ඉඳන් අපි දිහා බලාගෙන ඇති

September 18, 2023

Dyson Zoneවලින් පිරිසිදු වාතය ලබා ගැනීම වැඩි ඈතක නොවේ

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?