අද වනවිට ඔබේ හොඳම මිත්‍රයා බවට ජංගම දුරකථනය පත්ව සිටින බැව් රහසක් නොවේ. උදේ අවදි වුණ මොහොතේ පටන් රාත්‍රි නින්දට යන තෙක් ජංගම දුරකථනය සමග ඔබ පවත්වන සම්බන්ධතාවය අවසන් වෙන්නේ නැහැ. ඒ නිසාම ජංගම දුරකථනය පිරිසිදුව තබා ගැනීමත් ඉතාම වැදගත්. ජංගම දුරකථන පිළිබඳ විශේෂඥයින් සඳහන් කරන අන්දමට ඔබේ අත තිබෙන දුරකථනයේ වැසිකිළියකටත් වඩා විෂබිජ තිබෙන්න පුළුවන්. ඒ නිසා ජංගම දුරකථනය පිරිසිදු කිරීමට විනාඩි කීපයක් වැය කිරීමටත් ඔබ උනන්දු වීම වැදගත්.
ජංගම දුරකථනයක් පිරිසිදු කරන පිළිවෙල
- මෘදු Microfiber Cloth රෙදි කැබැල්ලකින් මතු පිට සීරෙන්නේ නැති අන්දමින් පිසදාන්න.
- මද උණුසුම් සබන් වතුර බිංදු කීපයක් යොදා ගන්න. ඔබේ ජංගම දුරකනථනය ඇපල් වර්ගයේ නම් 70% ක ප්‍රතිශතයකින් Isopropyl Alcohol හෝ Clorox Disinfecting සහිත කඩදාසි වලින් පිසින්න.
- එසේ නොමැති නම් අවම වශයෙන් 70% ක් පමණ මද්‍යසාර රහිත පිසදැමීමේ ද්‍රව්‍ය යොදා ගන්න.
- ජංගම දුරකථනයේ Ports කොටස පිරිසිදු කර ගැනීමට Toothpick යොදා ගන්න. ලෝහ කොටස් යොදා ගත් විට දුරකථනය අභ්‍යන්තරයේ කොටස්වලට හානි සිදු වීමට පුළුවන්. ඒ වගේම කපු cotton swabs වැනි දේ යොදා ගත් විට කෙඳි වැනි කොටස් ඉතිරි වීමට පුළුවන්.
- දුරකථනය පිරිසිදු කිරීමට විෂබීජ රහිත පරිසරයක් තෝරා ගන්න. බොහෝ දෙනෙක් වැසිකිළියේදී ජංගම දුරකථනය සමග කටයුතු කළත් එය කොහොත්ම සුදුසු නැහැ. වැසිකිලියේ තිබෙන විෂබීජ ඔබේ ජංගම දුරකථනයේ රැදෙන්නට වැඩි අවස්ථාවක් තිබෙනවා.
- ජංගම දුරකථනය පිරිසිදු කිරීමේදී සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කරන්න ඒ වගේම දුරකථනය චාර්ජ් කරමින් පිරිසිදු කිරීමත් නොකළ යුතුයි.
- බොහෝ දෙනෙක් තමන් ඇඳ සිටින ඇඳුමෙන් දුරකථනය මතු පිට පිස දැමීම සිදු කරනවා. එය කිසි දිනක නොකළ යුතුයි. ඒ මන්ද ඔබේ ඇඳි වස්ත්‍රයේ තිබෙන දූවිලි අංශු දුරකථනයේ මතු පිට තැවරීමට ඉඩ තිබෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා