නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: එයාගෙ හදවත වෙනස් කරන්න ඔයාට අයිතියක් නෑ
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

එයාගෙ හදවත වෙනස් කරන්න ඔයාට අයිතියක් නෑ

Published September 4, 2023

මේ ලෝකෙ හැම මනුස්සයෙක්ටම තමන්ටම කියල සිතුවිලි තියෙනවා. තමන්ගෙ සිනාව, තමන්ගෙ කඳුළු, තමන්ගෙ හැසිරීම් රටා වගේ තමන්ටම ආවේණික දේවල්. නමුත් වටේ ඉන්න අය, උදාහරණයක් විදිහට ගත්තොත් ස්වාමියා සමහර වෙලාවට බලාපොරොත්තු වෙනවා මට ඉන්න ඕන මෙන්න මේ වගේ බිරිඳක් කියල. බිරිඳත් බලාපොරොත්තු වෙන්න පුළුවන් මගේ ස්වාමියා මෙන්න මේ වගේ කෙනෙක් වෙන්න ඕනෙ කියල. එතකොට තමන් ඉන්න ඕන රටාව තීරණය කරන්නෙ වෙන පුද්ගලයෙක්. අනිත් කෙනා ඉන්න ඕන තමන් කියන විදිහට කියල හිතපු පළවෙනි වතාවෙම එතන නිර්මාණය වෙන්නෙ ගැටුමක්

මේ ලෝකෙ ගැටුමක් නැති තැනක් නෑ. ඒ හැම ගැටුමකටම හේතුව සිතුවිලි. සමහර වෙලාවට ඒවා ඉවරවෙන්නෙ ජීවිතයෙන් වන්දි ගෙවන තැනින්. රාජකාරි ජීවිතේ, යහළු මිත්‍රයො අතරේ, පෞද්ගලික ජීවිතේ, සමාජයේ මේ හැමතැනම එක්කෙනෙක් තවත් කෙනෙක්ව තමන්ට ඕන විදිහට හිතන්න උත්සාහ කරවනවා. ඔබ අහල ඇති මෙහෙම සින්දුවක කොටසක්…

‘පරවි තුඩකින් විලඳ දුන්නට
ගිරවියක වළදන්නෙ නෑ
කඳුළු බිඳුවක රැඳෙන ගින්දර
හිනාවක් හඳුනන්නෙ නෑ…’

තමන්ගෙ සිතුවිලි තවත් කෙනෙකු හරහා මුදුන්පත් කරගන්න ගොඩක් අය උත්සාහ කරනවා. ඒක ඔබටත් මටත් මේ ලෝකෙ සියල්ලටමත් පොදුයි. අනුන්ගෙ සිතුවිලි තමන්ට ඕන විදිහට හසුරුවන්න යනවා කියන්නෙම ඒ කෙනාගෙ මානසික නිදහස නැති කරන එක. සිතුවිලි වෙනස් කරන්න කොච්චර උත්සාහ කළත් තව කෙනෙක්ගෙ හදවතක් වෙනස් කරන්න කාටවත් බෑ. මොකද ඒක ඒ කෙනාගෙ හදවත, ඒ හදවත හසුරුවන්නෙ ඒ කෙනාට උවමනා විදිහට.

ඔය ප්‍රේම සම්බන්ධතා පටන්ගත්තු කොල්ලො කෙල්ලො අතරේ හරි ප්‍රසිද්ධයිනෙ තමන් ප්‍රේම සම්බන්ධ කරගෙන යන කෙල්ලව කොල්ලව තමන්ට ඕන විදිහට හදාගන්න යන එක. ගොඩක්ම කොල්ලො තමයි කෙල්ලව හිර කරල නීති දාලා තමන්ගෙ විදිහට හදාගන්න උත්සාහ කරන්නෙ. ඒ වගේම විවාහ ජීවිතයෙදි සමහර අම්මල, නැන්දලා ඉන්න තරම් සේරම ඇවිත් දුවට, පුතාට උපදෙස් දෙන්නේ ගෑනිව, මිනිහව තමන්ට ඕන විදිහට හදාගනින් කියල. එතකොට මොකද වෙන්නෙ? තමන්ට ඕන විදිහට අනිත් කෙනාව හදන්න ගිහිල්ලා තමන්ට තමන්ගෙ ජීවිතෙ සතුටත් නැති කරගන්නයි සිද්ධ වෙන්නෙ.

ජීවිතේ සහ කාලය විනාස වුණා කියන්නෙ ආයෙ අපිට ඒක හදන්න බෑ කවදාවත්. මනුස්සයෙක්ගෙ හදවතක් වෙනස් කරන්න කාටවත් හැකියාවකුත් නෑ. අයිතියකුත් නෑ. හදවත තමයි ඒ හදවතේ අයිතිකාරයගෙ සදාතනික සාමය පවතින තැන. පවුලෙ සතුට වෙන්න පුළුවන්, තමන්ගෙ මානසික සතුට වෙන්න පුළුවන් මොන ආකාරයේ හෝ සතුටක් වේවා ඒ සතුට රැකගන්නනම් එයාගෙ හදවතට, එයාගෙ කැමැත්තට ඔයාට ගරු කරන්නම වෙනවා.

පිරිමි වගේම සමහර කාන්තාවනුත් උත්සාහ නොකරනවා නෙවෙයි තමන්ගෙ ස්වාමියව තමන්ගෙ විදිහට හදාගන්න. පස්සෙ පවුල ඇතුළෙ ගැටුම් ඇති වෙනවා. නමුත් කාලයක් යද්දි අර බිරිඳට තේරෙනවා ස්වාමියා තමන් කියන විදිහට හැදිලා කියලා. ඒක එයාට විතරයි පේන්නෙ. හැබැයි ස්වාමියා ඇත්තටම බිරිඳගේ විදිහට හැඩගැහිලා නෑ. හැඩගැහිලා වගේ රඟපානවා. එතකොට ජීවිතේ තවත් ආගාධයකට වට්ටගෙන ඉවරයි. තව කෙනෙක්ගෙ හදවත සිතුවිලි මෙහෙයවන්න ගිහින් අන්තිමේ ගතකරන්න වෙන්නෙ දෙන්නටම කිසිම හැඟීමක් දැනීමක් නැති රොබෝ ජීවිත.

මහලොකුවට කියන්න පුළුවන් අනිත් අයට ඇහෙන්න “මමනම් මගේ මිනිහව හදාගෙන තියෙන්නේ, මම මගේ ගෑනිව මට ඕන විදිහට හදල තියෙන්නේ” කියල. හැබැයි ඇත්තටම කවුරුත් හැදිලා නෑ. දෙන්නා දෙන්නව රවට්ටගන්නවා විතරයි. මොකද හිත් දෙකක තියෙන්නෙ කතන්දර දෙකක්. එක කතන්දරයක් අස්සට තව කතන්දරයක් ඔබන්න බෑ.

ඒ නිසා සමාජය ඇතුළට යන්න කලින් තමන්ගෙ පවුලෙ ඇතුළෙ ගනුදෙනු කරද්දි අනෙකාගේ හදවතට ගරු කරන්න. අනිත් කෙනාගේ කැමැත්තට ගරු කරන්න. මොකද ඔයාගෙ හදවත ඔයාගෙ කැමැත්ත වගේම ඒක එයාගෙ හදවත එයාගෙ කැමැත්ත.

ව්‍යාපාර සංවර්ධන,අභිප්‍රේරණ හා නායකත්ව පුහුණු උපදේෂක
කුසල් රත්නපාල

එරංදි කෞශල්‍යා

 

TAGGED: Business Development, life style, love affaire
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ගෲප් චැට්වලදී වාතයක් නොවන්න

September 25, 2023

සත්තුන්ගේ ඇටසැකිලි එකතු කරන පුංචි සත්ත්ව විද්‍යාඥයෙක්

September 25, 2023

මොනව කළත් තාමත් හිත යන්නෙ නටන්න – නලින්ද කුමාර

September 25, 2023

නොබිව්වත් හැදෙන සිරෝසිස්

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?