නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ලයිල්ස් කිරුල පැළදි කඩියා වගේ දුවන මිනිසා
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

ලයිල්ස් කිරුල පැළදි කඩියා වගේ දුවන මිනිසා

Published September 4, 2023

2023 වසරේ ලෝකයේ වේගවත්ම මිනිසා ලෙස නෝවා ලයිල්ස් කිරුළු ලබා සිටිනවා. පසුගිය අගෝස්තු 20 වැනි දින මේ බව ප්‍රකාශයට පත් කරනු ලැබුවා. 1997 වසරේ ඇමරිකාවේ ෆොලරිඩා ප්‍රාන්තයේ උපත ලද නෝවා මේ වනවිට 26 වැනි වියේ පසු වෙන ක්‍රිඩකයෙක්. හංගේරියාවේ බුඩාපේස්ට් හි පැවැති ලෝක මළල ක්‍රීඩා ශුරතා තරඟාවලියේදී මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 9.83 කින් අවසාන කරන ලදී. මේ කාලය ක්‍රිඩකයෙකු විසින් තබන ලද හොඳම කාලය ලෙසින් සැලකෙනවා. තමාගේ ජයග්‍රහණය ගැන මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මම ආවේ රන් පදක්කම් තුනක් අරගෙන යන්න. මට අසීරු ඉලක්කය වුණේ මීටර් 100 දැන් මම ඒ කඩුල්ල පැන්නා. මීටර් 200 වෙනුවෙන් මට ආත්ම විශ්වාසයකින් ඉදිරිපත් වෙන්න දැන් පුළුවන්. කෙසේ වෙතත් 2009 වසරේදී ලෝක මළල ක්‍රීඩා තරඟයේදී මීටර් 100 ඉසව්ව තත්පර 9.58 කින් තබන ලද වාර්තාව බිඳ දැමීමට තවමත් කිසිම මළල ක්‍රිඩකයෙක් සමත් වී නැහැ.

මීටර් 200 වාර්තාවත්

2023 වසරේ මීටර් 200 ඉසව්වෙන් හොඳම කාලය වාර්තා කිරීමටත් නෝවා සමත් විය. ඒ වෙනුවෙන් ඔහුට ගත වුණේ තත්පර 19.31 කි. මේ වනවිට මීටර් 200 ඉසවව් වෙනුවෙන් වාර්තාවක් තබා සිටියේ ඇමරිකානු ජාතිකයෙක් වන මයිකල් ජොන්සන්ය. ඔහු 1996 වසරේදී ඇට්ලන්ටාහි පැවැති ඔලිම්පික් තරඟයේදී තත්පර 19. 32 කින් අවසාන කරමින් තබක ලද වාර්තාව අභිබවා යෑමට නෝවා සමත් විය.

2017 වසරේදීත් නෝවා තමාගේ ගෘහස්ථ මීටර් 300 ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් තබා තිබේ. 2020 ටෝකියෝ හි පවත්වන ලද ඔලිම්පික් තරඟාවලියේදී නෝවා මීටර් 200 ඉසව්වෙන් තෙවන ස්ථානය ලබා ගෙන තිබෙනවා. 2019 වසරේ සහ 2022 වසරේ පැවැති ලෝක මළල ක්‍රීඩා ශුරතාවලියේදී මීටර් 200 ඉසව්වෙන් රන් පදක්කම් ජයග්‍රහණය කිරීමට නෝවා සමත් විය.

ඉක්මනින්ම පරාජිත වීම

නෝවා තමාගේ අභියෝග පරාජය වෙන විට හඬා වැටෙන්නට පත් වූ අවස්ථාවන් තිබේ. 2020 ටෝකියෝ ඔලිම්පික් තරඟාවලියේදී නෝවාට ලැබුණේ තෙවැනි ස්ථානයයි. ඔහු හඬා වැටෙමින් මෙසේ කීවේය.

මීට වඩා මගේ අයියා “ජෝසේප්සු ” යැව්වා නම් හොඳයි. නෝවා සඳහන් කරන ලදී. ඔහුගේ සහෝදරයා වන “ජෝසේප්සු ” ඇමරිකානු මළල ක්‍රිඩා ජාතික සංචිතය නියෝජනය කරන ක්‍රිඩකයෙකි. එපමණක් නොවේ ලෝකය වසාගෙන පැතිරී ගිය කොවිඩ් වසංගතය සහ ඇමරිකාවේ කළු ජාතික පුද්ගයෙකු වූ ජෝර්ජ් ලොයිඩ්ගේ මරණය ගැනත් ඔහු දැඩි සේ කම්පා විය. මෙවැනි මානසික ගැටුම් වෙනුවෙන් ඔහු මානසික උපදේශන සේවාවන්ගේද සහය ලබා ගත් බැව් වාර්තා වේ. නමුත් 2009 වසරේදී උසේන් බෝල්ට් විසින් මීටර් 200 ධාවන ඉසව්ව තත්පර 19.19 කින් අවසාන කරන ලද උසේන් බෝල්ට් ගේ වාර්තාව තවමත් බිඳ වැටී නැත.

(බී. බී. සී පුවත් ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Noah Lyles, ලයිල්ස් කිරුල, ලෝකයේ වේගවත්ම මිනිසා
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

පිළිකා නසන ඉඟුරු තේ

September 25, 2023

ලෝකයා ඉදිරියේ ක්‍රිකට් පරාජය වැසූ ප්‍රේමදාස පිටියේ සැබෑ වීරයන්

September 25, 2023

උරහිස ගල්වෙලා වගේ ඔයාලටත් දැනෙනවාද

September 25, 2023

ඔයාගෙ Ex ආයෙ ඔයාට හම්බ වුණොත් ඔයා මොකද කරන්නේ

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?