නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ලස්සනට පිළිවෙළට Kitchen එක තියාගන්න කැමති අයට
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

ලස්සනට පිළිවෙළට Kitchen එක තියාගන්න කැමති අයට

Published August 28, 2023

නිවසක මුළුතැන්ගෙය කියන්නෙ අනිවාර්යෙන්ම පිරිසිදුව පිළිවෙලට තබාගත යුතුම තැනක්. ඔබේ ආදරණීයන් වෙනුවෙන් සැකසෙන හැම ආහාරවේලකම සෞඛ්‍යාරක්ෂිත බව සහ පිරිසිදු බව තහවුරු වෙන්නෙ ඔබේ මුළුතැන්ගෙයි පිරිසිදු බව මතයි. මුළුතැන්ගෙය පිරිසිදුව තියාගන්න නම් එය හොඳින් සංවිධානය කරල තියා ගන්න ඕන. මේ දේ කිසිම වියදමක් නැතිව ඔබට කරගන්න පුළුවන් නම් කොතරම් හොඳද. ඒ වෙනුවෙන් ඔබට කිරීමට ඇත්තෙ සරල ටිප්ස් කිහිපයක් විතරයි.

සියල්ලම වර්ග කරන්න…

මෙය ඔබේ කටයුතුවලට ඉතාම පහසුවක් වනවා වගේම ඔබ මුළුතැන්ගෙයි වැඩ කරන අතරතුර දී එය අපිරිසිදු වීමත් තරමක් දුරට වළක්වනවා. ඔබට නිතර අවශ්‍ය වන දේවල් වර්ග කර ඔබට පහසු ස්ථානවල තැබීම ගැනයි මේ කියන්නෙ. උදෑසන ආහාරයට ගන්නා ද්‍රව්‍ය, ධාන්‍ය වර්ග, කුළුබඩු සහ වියළි ආහාර ද්‍රව්‍ය ආදී ලෙස සෑම දෙයක්ම වර්ග කර තැබීම ඔබට ඉතා පහසුවක් වනු ඇති.ඊට අමතරව ඔබට අවශ්‍ය උපකරණද මෙසේ වර්ග කර තැබීම ඔබට කරන්න පුළුවන්. කුඩා භාජන සහ විශාල භාජන, හැඳි ගෑරප්පු ආදී ලෙස වර්ග කර තැබිය හැකියි.

ඔබේ ආහාර වේල අනුව සංවිධානය කරන්න..

ඔබ වැඩිපුර ආහාරයට නොගන්නා ද්‍රව්‍යයන් වැඩිපුර මිලදී ගෙන ගබඩා කර ලක් නොවන කාර්යයක් බව ඔබ දන්නවා. එයින් සිදුවන්නෙ ඔබ ආහාර ගබඩා කරන ස්ථානයේ ඇති ඉඩ නිකරුණේ නාස්ති වීම පමණයි. උදාහරණයක් ලෙස ඔබ පාන් පිටි භාවිත කරන්නෙ සතියට එක වරක් පමණයි නම් පාන් පිටි කිලෝ ගණනාවක් ඔබේ බඩු ලයිස්තුවට ඇතුළත් කර ගැනීම ඒ තරම් සුදුසු දෙයක් නෙමෙයි. ඒ නිසා ඔබ බඩු මිලදී ගැනීමට පෙර ඔබට අවශ්‍ය දේවල් අවශ්‍ය ප්‍රමාණවලින් සටහන් කරගෙන මිලදී ගන්න.

ඔබට නිතර අවශ්‍ය වන දේවල් ළඟ තබා ගන්න…

ඔබ එදිනෙදා ආහාර පිසින විට ඔබට අත්‍යවශ්‍ය වන භාජන, පිහි සහ හැඳි වර්ග මුළුතැන්ගෙයි ඔබට පෙනෙන මානයෙම ගබඩා කරන්න. එය ඔබේ කාලය ඉතිරි කර ගැනීමට හොඳ ක්‍රමයක්. ඒ වගේම ඔබ වැඩ කරන ස්ථානය පිරිසිදු කරගැනීමට අවශ්‍ය වන සර්වියට්, ටිශූ, ස්පොන්ජ් ආදියත් ඔබේ සින්ක් එකට ඉහලින් එල්ලා තබන්න ඔබට පුළුවන්.

ලාච්චු වෙනස් කරගන්න…

ඔබ ආහාර ගැනීමට, අතුරුපස ගැනීමට, ආහාර පිළිගැන්වීමට භාවිත කරන විවිධ හැඳි වර්ග තියෙන්න පුළුවන්. ඒවගේම පිහි වර්ග, ගෑරප්පු වර්ගත් ඔබ සතුව තියෙන්නට පුළුවන්. මේ සියල්ලම එකම ලාච්චුවක එකට ගබඩා කර තබන විට මොන තරම් අවුල් සහගත ද කියලා ඔබට හිතේවී. එසේ නම් ඔබ කරන්නට ඕන ඒවා එකම ලාච්චුවක වෙන වෙනම ගබඩා කිරීම සඳහා ලාච්චු සකසා ගැනීමයි. ඔබට ඒවා මිලට ගැනීමට හෝ සොයා ගැනීමට අපහසු නම් ඔබේ ලාච්චු සඳහා කුඩා ප්ලාස්ටික් පෙට්ටි වුණත් භාවිතා කරන්න පුළුවන්.

ඇසුරුම් භාවිත කරන්න…

ඔබ බඩු භාණ්ඩ මිලදී ගත් පසු ඒවා එම ඇසුරුම්වල තිබෙන ආකාරයෙන්ම ගබඩා කරන්නට එපා. ඔබ විසින් ලේබල් කරන ලද Plastic බහාලුම්වල නිසි පරිදි ඒවා ගබඩා කරන්න. එය ඔබේ මුළුතැන්ගෙයි ඇති ඉඩ කළමනාකරණය කර ගැනීමට උදව් වනවා වගේම මුළුතැන්ගෙය වෙත අලංකාරයක් ද එකතු කරනවා.

අනවශ්‍ය භාණ්ඩ ඉවත් කරන්න…

ඕනෑම ගෘහණියක් ගෙදරට අවශ්‍ය බඩු මිලදීගන්නා අවස්ථාවල දී තමන්ගේ මුළුතැන්ගෙට අවශ්‍ය උපකරණල වැඩ පහසු කරන උපකරණ සහ පිඟන් බඩු මිලදී ගැනීම සාමාන්‍ය දෙයක්. හැබැයි ඔබ මතක තබා ගත යුතු තවත් කාරණාවක් තිබෙනවා. ඔබ ඔබේ මුළුතැන්ගෙය වෙනුවෙන් යමක් මිලදී ගන්න කොට ඒ හා සමානව දැනටමත් ඔබ සතුව ඇති භාණ්ඩ ඉවත් කිරීමයි. එහෙමත් නැත්නම් ඔබ සතිපතා හෝ මාසිකව ඔබේ මුළුතැන්ගෙය Deep Clean කරනවා නම් ඔබ භාවිතයට නොගන්නා භාණ්ඩ ඉවත් කළ යුතුයි. එහෙමත් නැතිනම් එම භාණ්ඩ ප්‍රයෝජනවත් වන කෙනෙකුට පරිත්‍යාග කිරීමත් ඔබට කරන්න පුළුවන්.

Clear Storage Containers තෝරාගන්න…

ඔබ විවිධ දේවල් ගබඩා කර තැබීම සඳහා බහාලුම් මිලදී ගන්නා විට Clear Storage Containers තෝරා ගන්න අමතක කරන්න එපා. එමඟින් ඒවායේ ගබඩා කර ඇති ද්‍රව්‍ය අවසාන වීමට ආසන්න වන බව ඔබට දැනගන්නට පුළුවන්.මේ වගේ පුංචි ටිප්ස් කිහිපයකින් ඔබේ මුළුතැන්ගෙය වඩාත් හොඳින් සංවිධානය කර තබාගන්නට ඔබට පුළුවන්. එය ඔබේ දෑස්වලට වගේම මනසට ද සුන්දර හැඟීමක් එකතු කරන බවට කිසිම සැකයක් නැහැ.

(smartlady.lk ඇසුරෙන් )

අර්චිත ඉඳුවර



 

TAGGED: Kitchen, tips
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ජීවිතය දිනන්නනම් හැමදේකම හොඳ දකින්න

September 18, 2023

Harry Potter ට පණ දුන්  J.K  රෝලින්

September 18, 2023

දුබල අස්ථිවලට ප්‍රතිකාර හරි හෙළ වෙදකමේ තියෙනවා

September 18, 2023

අහසට යන මුල්ම අම්මයි දුවයි

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?