නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: බණ අහනවද? බණ ඇහෙනවාද?
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

බණ අහනවද? බණ ඇහෙනවාද?

Published August 28, 2023

අතීතයේ ගමක් කියන්නේ බොහොම සරල, සුන්දර සමූහයක එකතුවක්. ඒ වගේම ආගම දහමට පවා ඔවුන් යොමු වුණේ තුන් සිතම පහදවා ගෙන උපන් ශ්‍රද්ධාවෙන්. වෙසක්, පොසොන් වගේම වස් කාලවලදී ගමේ බණ මඩුවට එකතු වුණ පිරිස් බොහොම ශ්‍රද්ධාවෙන් ධර්මය ශ්‍රවණය කළා. ආහාර ගන්නා ගමන් පවා ධර්ම ශ්‍රවණය කිරීමට යොමු වුණේ නැහැ. ඒ අන්දමින් වෙනත් ඉරියව් පවත්වා ගනිමින් ධර්ම ශ්‍රවණය ධර්මයට කිරීම අගෞරවයක් විදිහට සැලකුවා. ධර්ම ගෞරවය උපදවා ගෙන දේශනාවන්ට සවන් දුන් සතුන් පවා සුගතිගාමී වුණ අන්දම ගැන කතා වස්තු අප අසා තිබෙනවා. ඒ සෑම සිදුවීමක් තුළින්ම ධර්මයට අපි ගෞරව කිරීමේ අනුසස් ගැන සඳහන් වෙනවා.

නමුත් කාලයත් සමග මේ පිළිවෙත් වෙස් වුණා

ගමක බණ මඩුව නොදැනීම ජරාවාස වුණා. කාලයත් සමග ගුවන් විදුළිය වැනි ශ්‍රව්‍ය මාධ්‍යන් ජනප්‍රිය වුණා. ඒක වරදක් නෙමෙයි. අපි සන්නිවේදන තාක්ෂණයෙන් සංවර්ධනය වනවිට අපි ඊට අනිවාර්යෙන්ම අනුගත විය යුතුයි. මේ කාලයේදීත් පවුලක් තුළ හැම දෙනාම එකතු වී බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. ඇත්තටම අපි ධර්ම ශ්‍රවණය කරන්නේ ඇයි? බණක් එහෙම නැත්නම් බුදුරාජාණන්වහන්සේ දේශනා කළ ධර්මය නිසා අපේ සමාජයේ පැවැත්ම ගොඩ නැගෙනවා. අපි ධර්මය හොඳින් ශ්‍රවණය කිරීම (සුනාථ) වගේම ධර්මය ධාරණය කර (ධාරේථ) කර ගත යුතුයි. එතැනින් නැවතිලා බැහැ. මේ සම්බුද්ධ ධර්මයට අනුව අපේ ජිවිත හැඩ ගැසෙන්න (චරාථ) ඕන. නමුත් අද වනවිට ඒ තත්ත්වය ගැන නම් අපට සෑහීමට පත් වෙන්න බැහැ.

අද වනවිට බණ අහනවද? එහෙම නැත්නම් ඇහෙනවාද?

අද සමාජ මාධ්‍ය ජාලා බොහොම දියුණුයි. යූ ටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාලාවලින් ධර්මය ශ්‍රවණය කිරීම පහසුයි. ඒ වගේම බෞද්ධාගම වෙනුවෙන්ම වෙන් වුණ නාලිකා තිබෙනවා. අපි ඒවා අගය කළ යුතුයි. ඒත් අපි ධර්මය අහන්නේ සැබැවින්ම ශ්‍රද්ධාවකින් හෝ අපේ ජීවිත හැඩ ගසා ගැනීමට නම් නොවෙන බව දැන් පෙනෙන කරුණක්. නමුත් මේ ගැනත් සඳහන් කිරීම වැදගත්. අපි ගල් කැට සියයක් ගැහුවොත් එකක් හෝ වැදෙනවානේ ඒ වගේ නිරන්තරව බණ ඇසෙන විටත් යම් අන්දමකින් හෝ හිතට ධර්ම කරුණු දැනෙන්නත් ඉඩ තිබෙනවා.

අද බණත් මුදලට

එදා ධර්මය දේශනා කළ ස්වාමින් වහන්සේට පිරිකර පුජා කළා. ඒ තමන්ගේ අතේ තිබෙන හැටියිටයි. නමුත් අද ධර්ම දේශනාවත් මුදලට ලංසු තබන තැනට පත් වෙලා තිබෙනවා. ස්වාමින්වහන්ස්ගේ විචිත්‍ර ධර්ම කථිකත්වය අනුව මුදල තීරණය වෙනවා. ඒ නිසා එතැනත් දැන් වාණිජ මුහුණුවරක් ගැනෙන අන්දමක් ඇති වෙලා.

වෙනත් කාර්යක නිරත වෙමින් ධර්මය ශ්‍රවණය කිරීම වරදක්ද?

අපේ තුන් සිත පහදවාගෙන ධර්මය ශ්‍රවණය කිරීම කිසිම ලෙසකින් බාධාවක් නොවෙයි. නමුත් අද බොහෝ විට ධර්ම දේශනාවක් යද්දී ඒ ගැන ගරුත්වයක් නොමැතිව වෙනත් කටයුතුවල යෙදීම නම් අනුමත කරන්න බැහැ. නිවසේ වී කොටන කාර්යයේ නිරත වෙමින් ඒ සිදු වෙන කාර්ය ගැන අවධානය දැක්වූ කාන්තාවන් පවා රහත් බවට පත් වුණා. නමුත් අද බණ අහන්නෙත් විලසිතාවකට අනිත් අය අහන නිසා වගේම අපි හොඳ බෞද්ධයෝ යැයි ප්‍රදර්ශනයටත් බණ අහන පිරිස් සිටිනවා.

ඒ වගේම අද බොහෝ කාන්තාවන් අතරත් ධර්මයට යොමු වීමක් තිබෙනවා. එය සතුටට කරුණක්. නමුත් ඔවුන් ධර්මයේ ඉගැන්වෙන ලෝභ, ද්වේෂ සහ මෝහ යන අකුසල මූලයන් ඉවත් කර ගෙන තමන්ගේ ජීවිත හැඩගසා ගැනීමට තිබෙන යොමු වීම ගැන නම් එතරම් සැහීමක් නැහැ.අපි බණ අහන තරමට සමාජය හැදෙනවා නම් මේ තරමට අපරාධ වෙන්න බැහැ. සැමියා සහ පුතා සම්මාදම් වෙලා මව මරණවා නම් තමන්ගේම දියණිය පියා විසින් දූෂණය කරනවා නම් තරුණ පුතා ගෙන් මිත්තණිය මැරුම් කනවා නම් මේ තරම් බණ අහන රටක් ගැන අපට සතුටු වෙන්න පුළුවන්ද?

සමහර විට ධර්මය විනෝදයටත් හේතු වෙලා

අද මගී ප්‍රවාහනවලත් ධර්ම දේශනා ප්‍රචාරය වෙනවා. බණ පදයක් හෝ ඇහෙනවා නම් ජීවිතය හැඩ ගසා ගැනීමට ලොකු පිටිවහලක්. නමුත් මේවා බණද කියලා හිතෙනවා සමහර ධර්ම දේශනාවන් හාස්‍ය දනවන අන්දමින් දේශනා වෙනවා. මිනිසුන්ට ගමන් විඩාව මග හරවා ගැනීමට නම් හොඳයි. කාන්තාවන්ගේ ඇඳුම අඟ පසඟ ගැන බොහොම රසවත් විදිහට දේශනා වෙනවා. මේවා අහලා මිනිසුන් සතුටට පත් වෙනවා. අපි විනය ඒ වගේම ශික්ෂණය අගය කළ යුතුයි. විශාඛා මහ උපාසිකාව වයස අවුරුදු හතේදී සෝවාන් වුණා. මහ වැස්සක වුණත් ඉක්මනින් ගමන් ගත්තේ නැහැ.

පාණ්ඩිත්‍ය ප්‍රදර්ශනයට

ඒ වගේම තවත් පුද්ගලයන් සිටිනවා සච්චකයා වගේ තර්ක විතර්ක කිරීමට ධර්මය ශ්‍රවණය කරනවා. ඔවුන්ගේ විනෝදාංශය ස්වාමින්වහන්සේලා සමග හෝ විද්වතුන් සමග තර්ක විතර්ක කිරීමක්. එහෙම නැතුව ධර්මය අනුව තමන්ගේ ජීවිතය හැඩ ගසා ගැනීමත් නොවෙයි.

ධර්ම දේශනාවකින් පුද්ගල සිතේ රාග, ද්වේෂ සහ මෝහ යන අකුසල් මූල නැති කරගෙන ජීවත් විය යුතු මාර්ගය දේශනා කළ යුතුයි. නමුත් අද සමාජය රාගයෙන් දැවෙනවා. ද්වේෂයෙන් පැහෙනවා. කුරුම්බා ඇට්ටියටත් මිනී මරා ගන්නවා. සහෝදරයා පවා ඝාතනය කිරීමට තරම් ද්වේශය දරුණුයි. මෝහය ඊටත් වඩා ඉහ වහා ගිහින් තර්ක බුද්ධියක් ඇත්තේම නැහැ.

ධර්ම පුජාවක කිරීමේදී පවා මුලටම තිබෙන්නේ මෝහය අල්ලපු ගෙදර පුද්ගලයෙක් ධර්ම පූජාවක් කරලා ශබ්ද විකාශන යන්ත්‍රයෙන් නම ප්‍රචාරය වුණත් මම ඊටත් වඩා දෙයක් පුජා කරන මෝහ සිතුවිල්ල ඇති වෙනවා. තමන්ගේ ගෙදර උදේ ඉඳන් රාත්‍රි වෙන තෙක් ධර්ම දේශනා ප්‍රචාරය වුණත් ඒවා ශ්‍රවණය කිරීමෙන් ජීවිතය හැඩ ගසා ගන්නේ නැත්නම් එය කළයක් මුනින් නවා වතුර වත් කිරීමට සමානයි. ඒ නිසා බණ ඇසීමෙන් පමණක් සෑහීමට පත් වෙන්න එපා.

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ
ශ්‍රි අභිනවාරාමය, කතරගම

පුන්‍යා චාන්දනී ද සිල්වා

 

TAGGED: buddhism, Buddhist, බණ
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?