නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: කඩියා වගේ වැඩ කරන්න එයාලට කුකුල් නින්දක් දෙන්න
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

කඩියා වගේ වැඩ කරන්න එයාලට කුකුල් නින්දක් දෙන්න

Published August 28, 2023

රාජකාරී වේලාව තුළ නිදිමතක් ආවොත් මේසයට හිස තබා ගත් විට එය මහත් වූ ආන්දෝලනයක් බවට පත් කිරීම අපේ සමාජයේ සිරිතක්. ජෛව රිද්මයකට අනුව ක්‍රියාකාරි වන අපේ සිරුරේ මෙලටොනින් මුදාහැරිමේ ක්‍රියාකාරි කාලය පස්වරු 1-3 දක්වා අතර කාලය බව හඳුනාගෙන තිබෙනවා. මොළයේ ආතතිය පාලනය කිරිමට මෙලෙටොනින් හෝර්මෝනය වැදගත් මෙහෙයක් ඉටු කරනවා.

රාත්‍රී නින්ද සුවදායක නොවුණාම හැන්දෑවට අපිට නිදිමත දැනෙනවා. එවිට කැෆෙන් අඩංගු පාන වර්ගයකින් නිදිමත පාලනය කරගෙන නැවත සේවයේ යෙදීම අපේ සිරිතක්. ඒත් නින්දට තහංචි නොපනවා විනාඩි 15 ක් වැනි කෙටි නින්දක යෙදීමෙන් මොළයේ ආතතිය පාලනය වන බව අධ්‍යයනයන් මගින් පෙන්වා දෙනවා. මේ නිසා ගූගල් වැනි සන්නිවේදන තාක්ෂණ ව්‍යාපාරික ජාලයේ පෙරගමන්කරුවන් තමන්ගේ සේවකයන්ට පස්වරුභාගයේ විනාඩි 15 ක කෙටි නින්දක් වෙනුවෙන් අවසර ලබා දි තිබෙනවා.

කෙටි නින්දක වාසි

ඔබේ දිවා ආහාරයෙන් පසුව විනාඩි 15 ක පමණ කෙටි නින්දක් ලබා ගැනීමෙන් ඔබේ ඇසට ඇති වෙහෙසකර බව දුරු කරනවා.

මානසික වෙහෙසකර බව දුරු වී මතක ශක්තිය වර්ධනය කිරීමට සමත් වෙනවා.

මානසික ලෙසින් වූ සහනකාරී බව නිසා හදවත නීරෝගීව තබා ගැනීමට හේතු වෙනවා.

නිර්මාණශීලීත්වය වර්ධනය කරනවා.

තොරතුරු සම්බන්ධීකරණය පිළිබඳව හැකියාව දියුණු කරනවා.

ජපානයේ වැඩ සංස්කෘතිය කර්කශයි

ජපානයේ රාජකාරිය තුළ අද කළ යුතු දෙය හෙට නොව අද දවසේම අවසාන කිරීම මුල් කරගත් ආයතන විනයක් පවතිනවා. ඒ නිසාම ජපන් ආයතන තුළ අතිකාල සේවාවන් වෙනුවෙනුත් වැඩි අවස්ථාවක් ලැබී තිබෙනවා. මාසිකව ඔවුන් පැය 80 කටත් වැඩි කාලයක් අතිකාල සේවයේ යෙදෙනවා. මේ අතිකාල සේවාව ඔවුන් සැබැවින්ම තමන්ගේ සේවා දායකත්වය අනිවාර්යෙන්ම ලබා දිය යුතුයි. නමුත් අධික අවිවේකය ඔවුන්ගේ ජීවිතයටත් බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ජපානයේ කාර්යාලයන්හි සේවයේ නිරත පුද්ගලයන්ට යම් විවේකයක් අවශ්‍යයි.

රාජකාරිය සමගින් විවේකය ලබා ගන්නේ කොහොමද?

රාජකාරි වේලාවේදී කෙටි විවේකයක් ලබා ගන්නේ කොහොමද? ඒ වෙනුවෙන් කෙටි නින්දකට ගැළපෙන මෙට්ටයක් නිර්මාණය කර තිබෙනවා. මෙය ඔවුන් Nap Pod  යනුවෙන් නම් කළා. කෙටි නින්දක් වෙනුවෙන් වූ මෙවැනි මෙවලම් ඉදිරියේදී යුගයේ අවශ්‍යතාවයක් බවට පත්ව ඇතැයි මෙම නිෂ්පාදනයේ අයිතිය ඇති කවෂිහමා සඳහන් කරනවා. තමන්ගේ රාජකාරී ස්ථානයේදී වෙහෙසක් දැනුනොත් කෙටි නින්දක් ලබා ගැනීම වඩාත් ඵලදායක බැව් විවිධ අධ්‍යයනයන් මගින් මේ වන විටත් සනාථ වී තිබෙනවා. ඒ නිසාම ජපානය වැනි රටවල නිලධාරීන්ට කෙටි නින්දක් අවශ්‍ය වූ විට තම සේවා ස්ථානයේදීම නිදා ගැනීමේ පහසුකම් ලබා දීමේ වැදගත්කම පර්යේෂකයන් විසින් පැහැදිලි කර තිබෙනවා.

ඒ නිසාම තමන්ගේ සේවා ස්ථානයේදී නිදා ගැනීමට හැකි නම්‍යශීලී මෙට්ටයක් නිෂ්පාදනය කිරීම සඳහා ජපානයේ Itoki සමාගම සැලසුම් සකස් කර අවසානයි. මෙය අපිට හුරු පුරුදු කැප්සියුලයකට සමානයි. අවශ්‍යතාවය අනුව ඉතා පහසුවෙන් හසුරුවා ගැනීමටත් පුළුවන්. ඒ නිසා මේ කැප්සියුලයට හේත්තු වී ඉතා පහසුවෙන් කෙටි නින්දක් ලබා ගැනීමේ හැකියාව ආයතනයේ සේවකයන්ට ලැබෙනවා. ජපානය වැනි රටවල ආයතනයන්හි බොහෝ සේවකයන් දිගු පැය ගණනක් සේවය කරන නිසා ඔවුන්ගේ ඇතිවන ශාරීරික විඩාව නිසා ආයතනයේ ඵලදායීතාවය වගේම සේවකයන්ගේ කාර්යක්ෂමතාවයත් නොදැනීම පිරිහෙන තත්ත්වකයට පත් වෙනවා. සමහර විට ඔවුන් රෝගාතුර වීමටත් පුළුවන්. දැනටත් ලෝකයේ දිගු ආයු අපේක්ෂාවක් ඇති රටක් ලෙසින් කිර්තියට පත් ජපානය ඔවුන්ගේ රටට ඇති මේ වාසනාව විහින් අහිමි කර ගැනීමට කැමැත්තක් නැහැ.

නින්දට තැනක් නැහැ

සේවකයන්ට නින්දක් අවශ්‍ය වුණොත් ඒ වෙනුවෙන් ගැළපෙන ස්ථානයක් නොමැති වීමත් ගැටලුවක්. ඉටෝකි නිෂ්පාදන ආයතනයේ විධායක අධ්‍යක්ෂ Saeko Kawashima සඳහන් කරන්නේ සේවය කරන අවස්ථාවේදී යම් පුද්ගලයෙකුට නිදා ගැනීමට අවශ්‍ය වූ විට ඔවුන් වැසිකිළියේ ගොස් ඇස් පියාගෙන ටික වේලාවක් ගත කරන බවයි. එය නින්දට පහසු ඉරියවව්ක් නොවෙයි. ඒ වගේම සුවදායක ලෙසින් නින්දක් ලැබෙන්නෙත් නැහැ. මේ නිසා කෙටි නින්ද සෞඛ්‍ය සම්පන්න නම් ඒ වෙනුවෙන් යෝග්‍ය පරිසර තත්ත්වයක් නිර්මාණය කර දීමත් ආයතනයේ යුතුකමක්. සිරස් අතට පිහිටන සේ නිර්මාණය කරන ලද මෙම Nap Pod  කැප්සියුලය උෂ්ණත්වයට වගේම සීතලටත් ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා.

විවාදාත්මක වැඩක්

ජපන් පර්යේෂකයන් සඳහන් කරන්නේ මේ සිටගෙන නිදා ගත හැකි කැප්සියුලය ගැන විවිධ අදහස් ගොඩනැගෙන්න පුළුවන් වුවත් දිගු වේලාවක සේවය කරන විට කෙටි නින්දක් අවශ්‍ය නම් ඒ නින්ද සුව දායක ලෙසින් ලබා ගැනීමටත් අවස්ථාවක් තිබීම වැදගත් බවයි. එසේ නොවුනහොත් ඒ නින්දෙන් වුණත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. කෙටි නින්ද සෞඛ්‍යයට හිතකර වුණත් එයින් ප්‍රතිලාභ ලැබීමට නම් කෙටි නින්ද වුණත් සුවසේ ලැබීමට අවශ්‍යයි.

( www.gearrice.com ඇසුරෙන්)

පුන්‍යා චාන්දනී ද සිල්වා


 

TAGGED: health, කෙටි නින්ද
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy1
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?