නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: බොන්සායි ශාකයක අතු බෙදා කම්බි වෙලීම සිදු කරන්න පහසුම ක්‍රමය
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

බොන්සායි ශාකයක අතු බෙදා කම්බි වෙලීම සිදු කරන්න පහසුම ක්‍රමය

Published August 21, 2023

3 වන කොටස

බොන්සායි කලාව තුල වැදගත්ම අංග දෙකක් තමයි මේ අතු බෙදීම සහ අතු කම්බි යොදා හැඩ කිරීම. අතු බෙදීමේදී කදේ මුල කොටසේ (පාදමේ) වට ප්‍රමාණය මෙන් තුන් ගුණයක් උසින් අතු බෙදීම සිදු කල යුතුයි. පළමු අත්ත වමට විහිදුනහොත් දෙවන අත්ත දකුණටද තෙවන අත්ත පිටුපසට ද විහිදිය යුතු වේ. එසේ මදක් දුර යාමෙන් පසු ඉදිරියට අත්තක් ගන්න අපට පුළුවන්. එතෙක් ඉදිරියට අතු ශාඛාවක් නොගන්නේ එසේ ගතහොත් නිර්මාණය කරන ශාකයේ කඳ කොටස නොපෙනීමට ඉඩ ඇති නිසාවෙන් සහ එය බොන්සායි කලාව තුළ ඇති නීතියක් නිසාය.

යම් යම් අවස්ථාවන් වලදී සහ යම් යම් රූපකායන් (හැඩතල) යටතේ නිර්මාණය කිරීමේදී මෙම ක්‍රියාවලිය වෙනස් වෙන්න පුළුවන්. ඒ වාගේම ඔබ තෝරා ගන්නා ශාකය මත නිර්මාණයට අවශ්‍ය ආකාරයට අතු පිහිටා නැතිනම් ඒ සඳහා අතු බද්ධ කිරීමක් වුවද කරන්න පුළුවන්.

බොහෝ දුරට මෙම ක්‍රමය උපරිමයෙන්ම සාර්ථක වන්නේ නුඟ කුලයේ ශාක සඳහායි. ඒ නුඟ කුලයේ ශාක බොහෝමයක් කිරි සහිත ශාක නිසාවෙනි. මේ ආකාරයට අලුතෙන් සිටුවන ගසක දළු දැමීමෙන් පසු නිර්මාණයට අවශ්‍ය අතු පමණක් ඉතිරි කර අනෙකුත් සියලු අතු ඉවත් කළ යුතුය.

එක් ස්ථානයකින් එක් අත්තක් පමණක් වර්ධනය කළ යුතුය. පසුව පොහොර යෙදීමක් කළ විට ඉතිරි කල අතු වේගවත් වර්ධනයක් පෙන්වයි. ශාකයේ ප්‍රධාන කඳට සාපේක්ෂව තරමක් වර්ධනය වීමෙන් පසු සෑම අත්තක්ම අනු අතු බෙදීමක් නිර්මාණය කළ යුතුය.

කදෙන් මතු වූ සහ වර්ධනය කරගත් අත්ත අඟලක්, දෙකක් හෝ නිර්මාණයේ ප්‍රමාණයට සුදුසු දුරකින් කප්පාදු කිරීම කළ යුතු වේ. පසුව කප්පාදුව සිදු කල මට්ටමින් තවත් දළු දෙකක් වර්ධනය කර ගැනීමට අපට පුළුවන්. ඒ ආකාරයෙන් කඳේ මුල සිට කෙමෙන් කෙළවර සිහින් වී යන ආකාරයට සහ නිර්මාණයට අදාල දුරක් යනතුරු අතු ශාඛාව (Branches) නිර්මාණය කළ හැකිය.

මේ ආකාරයෙන් වර්ධනය කරගන්නා අතු සියල්ල තමන්ගේ නිර්මාණයට උචිත අයුරින් කම්බි ආධාරයෙන් හැඩගස්වා ගත යුතුය. මෙමගින් කෙරෙන්නේ අතු වල සහ ශාකයේ හැඩය (Style) අවශ්‍ය අයුරින් සකසා ගැනීමයි.

බොහෝ අවස්ථාවලදී මේ අතු හැඩ කිරීමේ කාර්යය සඳහා බයින්ඩින් කම්බි යොදා ගන්නා ආකාරය නවකයින්ගේ නිර්මාණයන් තුළ සුලබව දක්නට ලැබෙන කාරණයක්. නමුත් මෙය බොන්සායි කලාව තුල නොකළ යුතුම අංගයක් වනවා. බයින්ඩින් යොදා ගැනීමේදී එය ඉක්මනින් මල බැඳීම හේතුවෙන් ශාකය තුළට දිලීර ආසාදනය වීමට ඇති ප්‍රවණතාවය ඉතාමත් වැඩිය. තවද අතු හැඩ කිරීමට උත්සාහ දැරීමේදී නම්‍යශීලී බවින් අඩු නිසා අත්ත බිඳී යාමට ද පුළුවන්.

එසේ නම් මේ සඳහා අප යොදා ගත යුත්තේ තඹ සහ ඇලුමිනියම් යන ලෝහ වර්ග දෙකයි. වයර් කිරීමට සුදුසු මට්ටමට අතු සවිමත් වූ පසු ඇලුමිනියම් හෝ තඹ කම්බි යොදා අතු හැඩ ගැන්වීම සිදු කළ හැක. හැඩ කිරීමට අවශ්‍ය අත්තට උඩ පැත්තෙන් ශාක කඳේ කම්බිය රදවා ගත් පසු ඇත්තේ මුල සිට කෙළවරට ආකාරයෙන් දකුණට කම්බි යෙදීම සිදුකළ යුතුය. මෙය කළ යුත්තේ සෑම වෙළුම් දාරයකම දුර 450 වන අයුරිනි. එවිට අත්ත බිඳී යාම වළක්වා ගන්න පුළුවන්.

මේ සෑම නැවුමකදීම නැවෙන ස්ථානයට විරුද්ධ දිශාවෙන් මදක් තදින් ඇඟිල්ල තබා නැවීම ඉතාමත් සුදුසු වේ. එමගින් ද අත්ත බිඳී යාමට ඇති ඉඩකඩ අවම කරගත හැකිය. ඉතා ඉක්මනින් බිඳී යෑමට ඉඩ ඇති අත්තක් නම් වේලුනු කෙසෙල් පට්ට අත්ත මත වෙලා ඊට උඩින් කම්බි වෙලිම සිදුකිරීමට පුළුවනි. නමුත් මෙය කළ යුත්තේ අත්තේ ඇති අවශ්‍ය අනෙක් අංකුර වලට හානි නොවන පරිද්දෙනි. අංකුර වැඩීමට ඇති ඉඩකඩ වැසි නොයන ආකාරයටයි .

ඒ ආකාරයෙන් 400 ට කම්බි වෙලා නිර්මාණයට සුදුසු සහ නිර්මාණය ගෙන යන හැඩතලයට සුදුසු පරිද්දෙන් හැඩගන්වාගත් පසු මඳ කාලයක් ගතවන තුරු එලෙසින්ම තැබිය යුතුය. මසක් පමණ ගතවීමෙන් පසු කම්බි ඉවත් කළ හැක. මෙම කාල සීමාව එක් එක් ශාකය මත වෙනස් වීමට ඉඩ ඇත. තඳ අරටු සහිත ශක්තිමත්ව වැඩෙන ශාක සඳහා කම්බි වෙලීම සිදුකර වැඩි කාලයක් එලෙසින්ම තැබිය යුතුය.

ඒ නිසාවෙන් නිරන්තරයෙන් දැඩි අවධානයක් ඒ සඳහා යොමු කළ යුතුවේ. අවධානය බිඳී කම්බි යෙදූ අතු වැඩි කාලයක් එලෙසින්ම තැබූ විට එහි පොත්ත කම්බිය වෙලා වැඩීමෙන් ශාක අත්ත පලුදු වීමට ඉඩ තිබේ. තවද එමගින් ඇතිවන පොතු පලුදු වූ ස්ථානය නැවත වැඩී වැසී යාමට විශාල කාලයක් ගත වේ.

අතු වල ප්‍රමාණයන් අනුව ඊට අදාල විශාලත්වයකින් යුතු කම්බියක් යොදාගත යුතු අතර එසේ නොවුනහොත් වුවමනා පරිදි අත්තේ හැඩය සකසා ගැනීමට නොහැකි වේ. අත්තේ තිබෙන ශක්තියට වඩා කම්බියේ ශක්තිය අඩු වුවහොත් එහි සාදාගන්නා හැඩය කෙමෙන් දිග හැරී යයි. ඒ අනුව මේ සඳහා කම්බි තෝරා ගැනීමේදී එහි විශාලත්වය පිළිබඳව වැඩි අවධානයක් දැක්විය යුතුය.

විවිධ වයර් තුළ තිබෙන තඹ හෝ ඇලුමිනියම් කම්බි මේ සඳහා යොදා ගැනීමට පුළුවන් වාගේම එහි දැඩි බව වැඩි නම් පමණක් (නම්‍යශීලී නොවේ නම්) මද ගින්නක් ආධාරයෙන් රත් කර නිවා ගත් පසු එහි ඇති දැඩි බව නැති වී යයි. ඉන්පසු මේ කාර්යය සඳහා කම්බිය ඉතාමත් සුදුසු මට්ටමක පවතී. මේ කාර්යය ද ඉතා සුපරීක්ෂාකාරීව සිදු කළ යුතු වේ.

අතපසුවීමකින් හෝ වැඩි වේලාවක් රත් වුවහොත් එහි ඇති නම්‍යශීලී භාවය වැඩි වීම නිසාවෙන් නිර්මාණය සඳහා යොදා ගැනීමට නොහැකි වේ.

ඉහත ආකාරයෙන් අතු ශාඛාව සකසාගෙන සුදුසු කම්බි වර්ගය යොදා අතු හැඩ ගස්වා කම්බි වේලීම මගින් නිවැරදි බොන්සායි නිර්මාණයකට අදාල එක් පියවරක් ඉතා සාර්ථක ලෙස නිම කරලීමට හැකි වනු ඇත.

(බොන්සායි කලාවේ ඇති රූපකායන් (හැඩතල) Style සියල්ලම ඉදිරි ලිපිය තුලින් දැනුවත් කරනු ලබයි.)

තායිලන්ත බොන්සායි සංගමයේ
ශ්‍රී ලංකා සාමාජික
නඳුන් පියුමාල් තිලකරත්න

එරන්දි කෞශල්‍යා

TAGGED: බොන්සායි
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ලෝකයා ඉදිරියේ ක්‍රිකට් පරාජය වැසූ ප්‍රේමදාස පිටියේ සැබෑ වීරයන්

September 25, 2023

උරහිස ගල්වෙලා වගේ ඔයාලටත් දැනෙනවාද

September 25, 2023

ඔයාගෙ Ex ආයෙ ඔයාට හම්බ වුණොත් ඔයා මොකද කරන්නේ

September 25, 2023

ලස්සනට ගහන ටැටූ මාරාන්තික වෙන ලකුණු

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?