නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: උයන්න ගන්න වළං ගැනත් කලින්ම හිතන්න ඕන
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

උයන්න ගන්න වළං ගැනත් කලින්ම හිතන්න ඕන

Published August 21, 2023

බොහෝ දෙනෙක් වැඩි උනන්දුවක් දක්වන්නෙ නැති කාරණයක් තමයි කෑම පිසින්න අපි පාවිච්චි කරන භාජන ගැන. හිතුමනාපයට භාජන අරගෙන පාවිච්චි කිරිමෙන් අපිටම සිදුවන්නෙ ලොකු පාඩුවක්. ඒ නිසාමයි මේ වගේ උපකරණ මිලදී ගැනීමේදී ඔබ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන.

ඔබේ පසුම්බියට ගැළපෙන ප්‍රමිතිගත නිෂ්පාදන

ඉහළ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් නම් එහි මිල අධික විය යුතුයැයි සමහරු විශ්වාස කරනවා. මෙහිදී ඔබ වඩාත් සැළකිලිමත් විය යුත්තේ ලොව සුප්‍රසිද්ධ වෙළඳ නාමවලින් ඉහළ මිල ගණන් යටතේ ව්‍යාජ නිෂ්පාදන අලෙවි වන නිසයි. නමුත් ඉතාම සහනදායී මිලකටත් තත්ත්වයෙන් උසස් මුළුතැන්ගෙයි උපකරණ වෙළදපොලේ දකින්න ලැබෙනවා.

Cast Iron cookware

තෙල් රහිතව හෝ තෙල් ඉතාම අඩුවෙන් ආහාර පිස ගැනීමට මෙම වර්ගයේ උපකරණ ඔබට උදව් වෙනව. මේ භාජනවලින් ආහාර පිසීමේදී ආහාර පිළිස්සීමක් හෝ කළුපැහැ වීමක් සිදුනොවීමත් විශේෂයෙන් සඳහන් කළ යුතුම ලක්ෂණයක්. හොඳින් පදම් කරන ලද භාණ්ඩවල තත්ත්වය භාජනයෙ වයසත් සමඟම ඉහළ යනව වගේම ශක්තිමත් බව නිසා දීර්ඝ කාලයක් භාවිත කරන්න පුළුවන් වීමත් කැපීපෙනෙන වාසියක් වෙනව.

මිලෙන් ඉතාම අඩු මේ භාජන දර ළිප්, ගෑස් ළිප් වගේම Oven වලත් කිසිම ගැටලුවක් නැතුවම ඔබට පාවිච්චි කරන්න පුළුවන්. Nonstick භාජන වෙනුවට පාවිච්චි කර හැකි රසායනික ද්‍රව්‍යවලින් තොර භාජන වර්ගයක් නිසා සෞඛ්‍යාරක්ෂිත බව ගැන ගැටලුවක් ඇතිවෙන්නෙත් නෑ. මේ භාජන මිලදී ගැනීමට කලින් ඔබ දැනුවත් වී සිටිය යුතු කාරණා කීපයක් තියෙනවා. මෙම වර්ගයේ භාජන සබන් යොදා පිරිසිදු කිරීම යම් තරමක් අපහසු වීම නිසා ඔබට ඒ සඳහා වෙනත් විකල්පයක් පිරිසිදුකාරකයක් අවශ්‍ය වෙනව. නිවැරැදි ලෙස භාවිත නොකිරීමෙන් මෙම භාජනවල මළකඩ බැඳීම සිදුවීමත් දැකගන්න පුළුවන්.

Clay Cookware

ශරීරයට අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු නැති නිසා සෞඛ්‍යාරක්ෂිත බවෙන් ඉහළයි. ඉතාම සහනදායී මිල ගණන්වලට ඔබේ ගමේ කඩෙන් වගේම සුපිරි වෙළඳසැල් වලිනුත් මිලදී ගන්න පුළුවන්. අද වනවිට දර ළිපේ වගේම ගෑස් ළිප්වල හා Oven වල පාවිච්චියටත් ගැළපෙන භාජන අපිට වෙළඳපොලේ දකින්න ලැබෙනව. සෙමින් රත්වීම සිදුවන නිසා ආහාර පිළිස්සීමට ඇති ඉඩකඩ ඉතා අඩු අතර මිලෙන් අඩුවීමත් මෙම භාජන සඳහා විශේෂ උපකරණ අවශ්‍ය නොවීමත් ඔබට ඉතා වාසිදායක බව නොඅනුමානයි.

නමුත් අලුත් මැටි භාජන පාවිච්චියට පෙර පදම් කිරීම අනිවාර්යයි. ඒ වගේම සමහර අවස්ථාවලදී මැටි භාජන පිරිසිදු කිරීමට සබන් පමණක් ප්‍රමාණවත් වෙන්නෙ නෑ.
රත්වීමට වැඩි කාලයක් ගතවීම නිසා මැටි භාජනවල ආහාර පිසගැනීමට ගතවෙන කාලය වැඩියි. ඔබ හොඳ තත්ත්වයේ මැටි භාජනයක් තෝරාගැනීම අත්‍යවශ්‍ය වෙන්නෙ එහෙම නොවුනොත් රත්වීමේදී මැටි භාජන පුපුරා යාමේ අවධානමක් තියෙන නිසයි.

Enamel Nonstick Cookware

මැටි භාජනවලටවලට වඩා තරමක් මිලෙන් ඉහළ වුණත් Enamel Nonstick Cookware කියන්නෙත් වැඩි කාලයක් භාවිතයට ගන්න පුළුවන් භාජන වර්ගයක්. බරින් අඩුවීම නිසා පාවිච්චිය පහසුවෙනවා වගේම අහිතකර රසායනික ප්‍රතික්‍රියා සිදු නොවීම නිසා සෞඛ්‍යාරක්ෂිත බවෙන්ද ඉහළය. මේ වර්ගය පාවිච්චියේදී ඔබේ අවධානය යොමු කළ යුතුම කාරණාවක් තමයි මේ භාජනවල සීරීමක් ඇති වුණොත් පොතු ගැලවීයාමේ ඉඩකඩක් පවතීම. ඒ නිසා මළකඩ බැඳීම වගේම ආහාර සමඟ රසායනික ප්‍රතික්‍රියා ඇතිවීමේ අවදානමත් තියෙනව. එනැමල් භාජන ඉක්මණින් රත්වීම හා සිසිල් වීම සිදුවන නිසා ආහාර ඉක්මනින් පිළිස්සීමත්, පිසගත් ආහාර ඉක්මනින් සිසිල් වීමත් දක්නට ලැබෙනවා.

Stainless Steel Cookware

කලින් කතා කරපු වර්ග තුනටම වඩා Stainless Steel Cookware මිලෙන් තරමක් ඉහළ වෙනව. නමුත් මිළ තරමක් වැඩි වුණත් දිගු කාලයක් පාවිච්චි කළ හැකි සෞඛ්‍යාරක්ෂිත බවෙන් ඉහළ නිෂ්පාදනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ආම්ලික ආහාර සමඟ ප්‍රතික්‍රියා නොකරනව වගේම හොඳ තත්වයේ Stainless Steel Cookware අවුරුදු 25 ක් වුණත් භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. මෙම භාජනවල මතුපිට ස්ථරය මඟින් භාජන මළ බැඳීමෙන් ආරක්ෂා කිරීම සිදු කරනව වගේම පිරිසිදු කිරීමත් පහසු කරනව.

නමුත් අද වෙළඳපොලේ බොහෝ විට දකින්න ලබෙන්නෙ තත්ත්වයෙන් පහළ Stainless Steel Cookware වීම ප්‍රධාන ගැටලුවක්. ඒවාගේ ආහාර ඇලීමක් සිදුවෙන නිසා ආහාර පිසීමේදී තෙල් එකතු කරගැනීමට ඔබට සිදුවෙනවා. ඉතා ඉහළ තත්ත්වයේ Stainless Steel Cookware වල උෂ්ණත්වය පාලනය කිරීම සඳහා භාජනයේ මැදට කොපර් හෝ ඇලුමිණියම් වලින් සෑදු කොටසක් එකතු කරන නිසා ඒ මඟින් ඉතා සුළු ප්‍රමාණයකින් ආහාරයට නිකල් එකතුවීමත් සිදුවෙනවා.

Nonstick Ceramic Cookware

මිලෙන් වැඩි වුණත් ප්‍රමිතියෙන් ඉහළ මුළුතැන්ගෙයි උපකරණ මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන ඔබට ගැළපෙනම තෝරාගැනීම තමයි Nonstick Ceramic Cookware කියන්නෙ. ඒ මෙහි ශරීරයට විෂ සහිත කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු නොවී තිබීම නිසත් පිරිසිදු කරගැනීමටත් ඉතා පහසු වීමත් කැපී පෙනෙන ලක්ෂණයක් වෙනවා. Nonstick Ceramic Cookware වල පොතු ගැලවීම නිසා කල්පැවැත්ම අඩුවීම සහ ආහාර භාජනයේ ඇලීමට පටන් ගැනීම ප්‍රධාන අවාසි ලෙස හඳුනගන්න පුළුවන්.

මේ භාජනවල ඇති පෝසිලේන් ස්ථරයේ ඉතා සුළු ප්‍රමාණයකින් ලෙඩ් අන්තර්ගත බවටත් ඔබ දැනුවත් වී සිටිය යුතුමයි. ප්‍රමිතිගත නිෂ්පාදනයකින් ඔබ බලාපොරොත්තු වෙන හොඳ ප්‍රතිඵල ලබා ගන්න නම් මිලෙන් අඩු හෝ වැඩි වුණත් මේ සියලුම නිෂ්පාදන මිලදී ගැනීමට පෙර හොඳින් පරීක්ෂා කර බැලීම නම් අනිවාර්යයි.

( smartlady.lk ඇසුරෙන් )

අර්චිත ඉඳුවර

TAGGED: Cookware, kithcen, smartlady
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

නොබිව්වත් හැදෙන සිරෝසිස්

September 25, 2023

හෑන්ඩ් බෑග් එක නිසා ලෙඩ වෙන ගෑනු

September 25, 2023

බොන්සායි ගහ බබෙක් වගේ බලාගන්න

September 25, 2023

පිළිකා නසන ඉඟුරු තේ

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?