නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: දන්නවද අල බෝලේ ඔයාව බදින්නමයි මට ඕනේ
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

දන්නවද අල බෝලේ ඔයාව බදින්නමයි මට ඕනේ

Published August 14, 2023

මොරිටේනියාවේ පිරිමින්ගේ ආදරය

අධික තරබාරුව සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට බාධාවක් බැව් අපි දන්නවා. ඒ නිසාම අපි ආහාර පිළිබඳව යම් යම් සීමාවන් පනවා ගැනීම සිදු වෙනවා. නමුත් බටහිර අප්‍රිකානු රාජ්‍යක් වන මොරිටේනියාවේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් විසින් අනුගමනය කරන එක්තරා ආකාරයක චාරිත්‍රයක් තිබෙනවා. ගෝත්‍රික ජනතාවක් වන ඔවුන්ගේ විශ්වාසයට අනුව තරබාරුව කියන්නේ ධනවත් බවේ සංකේතයක්. ඒ නිසා මේ ජනතාව විසින් තමන්ගේ ගැහැණු දරුවන්ට බාල කාලයේ පටන්ම අධිපෝෂණයක් ලබා දෙනවා.

ඒ නිසා පවුලක් තුළදී ගැහැණු දරුවාගේ ආහාර ගැනත් වැඩි සැලකිල්ලක් දක්වනවා. ඔවුන්ට අවශ්‍ය වන්නේ ගැහැණු දරුවා ඉතා පෘෂ්ටිමත් ස්වරූපයකින් තබා ගැනීමටයි. මේ කටයුත්ත මව්පියන්ගේ වගකීමක් විදිහට සැලකෙන නිසා දරුවන් පුංචි කාලයේ පටන්ම අධි පෝෂණය ආරම්භ කරනවා. ඒ නිසා වයස අවුරුදු හයක දැරියන් වෙනුවෙන් එක් දිනකට බටර් කෝප්ප දෙකක් සහ මිශ්‍ර කරන ලද කුරක්කන් කිලෝ දෙකක් ලබා දෙනවා. ඊටත් අමතරව ඔටු කිරි ලීටර් 20 ක්ද මේ ආහාර පංගුවකට ඇතුළත් වෙනවා. නමුත් සෑම ගැහැණු දරුවෙක්ම මේ ආහාර රටාව වෙනුවෙන් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒකකාකාරව ආහාර ගැනීම කාට වුනත් අප්‍රියයි. ඒ වුණත් ඔවුන්ට අකමැති වෙලත් බැහැ. මව්පියන් විසින් බලහත්කාරයෙන් හෝ මේ ආහාරය ලබා දෙනවා.

විවාහයට බලපානවා

මොරිටේනියාවේ ගෝත්‍රික ජනතාව තුළ විවාහයේදී මේ තරබාරුව ප්‍රධාන නිර්ණායකයක් ලෙසින් සලකනු ලබනවා. පිරිමින් ආකර්ශනය වෙන්නේ තරබාරු සිරුරක් ඇති කාන්තාවන්ට නිසා එය ඔවුන් ලත් සුදුසුකමක් ලෙසින් සලකනවා. ඒ නිසා තරබාරුව විවිධාකාර රෝගාබාධයන්ට හේතුවක් යැයි අවවාදය මොරිටේනියානුවන්ට ගැළපෙන්නේ නැහැ. මේ නිසා එරට කාන්තාවන්ගෙන් 50% ක් පමණ පිරිසක් තරබාරුවෙන් පසුවෙනවා.

(බී.බී.සී ඇසුරෙන්)
පුන්‍යා චාන්දනී ද සිල්වා

 

TAGGED: marriage life, moritenia, tribal peoples
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?