නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: විනෝදයට බය වීමත් අමුතු ත්‍රිල් එකක්
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

විනෝදයට බය වීමත් අමුතු ත්‍රිල් එකක්

Published August 14, 2023

ත්‍රාසජනක චිත්‍රපටි නරඹා බියවීම තුළින් ආස්වාදයක් ලබාගැනීමට අපි බොහෝ විට පුරුදුවී සිටිමු. පර්යේෂකයින් පවසන්නේ මෙම මෘදු ත්‍රාසජනක බව දිගුකාලීන මානසික සමබරතාව පවත්වාගැනීමේ මනෝවිද්‍යාත්මක සාධකයක් වන බවයි. බිය ගැන අදහසක් පලකරන මනෝවිද්‍යාඥයින් පවසන්නේ අත්ලෙහි දහඩිය නැගීම, වේගවත් හෘද ස්පන්දනය, මාංශ පේශීන්ගේ ආතතිය, සම රැළි වැඩීම, බඩේ වේදනාව ආදිය පහව ගිය කළ සතුට පිළිබඳ හැඟීමක් සිතෙහි ඇතිවන බවය.

තැතිගැන්මේදී මොනවාද වෙන්නේ?

බිය දනවන වාතාවරණයකදී මොළයේ ගැඹුරු මධ්‍යයෙහි ඇති ඇමිග්ඩලා නමැති ආමන්ඩ් හැඩැති නියුරෝන මිටිය බිය පාලනය කරයි. බියකදී ඇමිග්ඩලා මගින් මොළයේ හයිපොතැලමසය උත්තේජනය කරයි. එවිට ස්නායු සෛල සහ අධිවෘක්ක බාහික පද්ධතිය හෝමෝන වගුරුවමින් බියට එරෙහි ප්‍රතිචාර අරඹයි. ඒ සමගම ඇඩ්රිනල් මගින් සිරුරේ සාවධානය වැඩිකරයි. බාහිකය මගින් හෘද ස්පන්දනය වේගවත් වී වැදගත් ඉන්ද්‍රියන් වටා ඇති රුධිරවාහිනී ප්‍රසාරණය වී ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ තැන්පත් වෙයි. හුස්ම ගැනීම වේගවත් වීමෙන් මොළයට ඔක්සිජන් සැපයෙන අතර රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ ගොස් සිරුරට ඉක්මන් ශක්තියක් ලබාදෙයි.

අනාගතය සඳහා සූදානම් කිරීමක්

මෙහිදී මන්දගාමීව සිදුවන අනෙක් කාර්ය නම් විඥානය, තර්කනය හා මතකය ආශ්‍රිත මොළයේ ඉහළම ස්ථරය වන බාහිකයේ සිට තලමස් වෙත තොරතුරු සැපයීමයි. එමගින් එළඹී ඇති තර්ජනයේ ස්වභාවය ගැන විශ්ලේෂණය කරනු ලබයි. තර්ජනය සැබෑ නම් අනතුරට මුහුණදීම සඳහා මුළු සිරුරම ක්‍රියාත්මකවීමට මොළයේ අනෙකුත් ප්‍රදේශ සක්‍රිය වේ. මෙහිදී චර්යාත්මක ප්‍රතික්‍රියා සම්බන්ධීකරණය වෙමින් නියුරෝන සංවේදක මගින් වේදනාව හඳුනාගැනීම් අවහිරකරමින් අචේතනික කායික ප්‍රතිචාරයකට සිරුර සූදානම් කෙරේ. මේ ක්‍රියාවලිය අවසානයේදී අනාගත හඳුනාගැනීමක් සඳහා අනතුර පිළිබඳ මතකය හයිපතැලමසයේ තැන්පත්වීම සඳහා යොමුකෙරේ.

ත්‍රාසජනක ච්ත්‍රපට තුළින් කළමනාකරණය

මහාචාර්ය Marc Malmdorf-Andersen සහ ඔහුගේ සගයන් සිතන්නේ ත්‍රාසජනක චිත්‍රපට අවිනිශ්චිත අවස්ථා කළමනාකරණය සඳහා ඉගෙනීමේ හැකියාව ඇති බවයි

බියෙන් සතුටක්

පිළිකුල, බිය ආදී මනෝභාවයන් තුළ වැඩි වේලාවක් තුළ රැඳී සිටීමට කිසිවකු කැමති නැති නමුත් ඒවායින් නිදහස් වූ විට ඔවුන් වින්දනයක් ලබන බව පර්යේෂකයෝ හෙළි කරති. අවිනිශ්චිත යථාර්ථයන් තුළ සැරිසැරීමට බියජනක අත්දැකීම් භාවිත කළ හැකි බැවින් භීතිය තුළින් විනෝදය ලබාගැනීම චිත්තවේගීය නියාමනය සහ අවස්ථාවකට සාර්ථකව මුහුණදීමේ කුසලතා වැඩිදියුණු කිරිමේ ඉඩකඩ ළඟාවන බවද පර්යේෂකයින්ගේ අදහසය.

(https://www.theguardian.com/ ඇසුරෙන්)
සුනිල් අල්ගම

 

TAGGED: heguardian, Marc Malmdorf-Andersen, ස්නායු සෛල
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ත්‍රිල් එකේ ගෙදර Clean කරන්න මේ ක්‍රම අනුගමනය කරන්න

September 18, 2023

විසිතුරු මාළු විතරක් නොවේ ජලජ පැළෑටි පිටරට යවල සල්ලි හොයන්න පුළුවන්

September 18, 2023

ජීවිතය දිනන්නනම් හැමදේකම හොඳ දකින්න

September 18, 2023

Harry Potter ට පණ දුන්  J.K  රෝලින්

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?