නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: සිල්වත් ගුණවත් කෙනෙකු උදෙසා කළ යුතු සිවුරු පිරිකර පූජාව
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
Top Stories

සිල්වත් ගුණවත් කෙනෙකු උදෙසා කළ යුතු සිවුරු පිරිකර පූජාව

Published August 14, 2023

ගිහිගෙය පිළිබඳ කලකිරී එහි සම්බාධක හැඳිනගෙන එයින් නික්ම පැවිද්ද ලබන්නා වූ පුද්ගලයාගේ කාය වස්ත්‍රය සිවුරයි. එය “කහවත” හෙවත් “කසාවත” යනුවෙන්ද ව්‍යවහාර වෙනවා. ගිහි කුල පුත්‍රයෙකු පැවිද්ද ඉල්ලා සිටින්නේ “ඉමං කාසාවං ගහෙත්වා පබ්බාපේඛ මං භන්තෙ” යනුවෙනි. එනම් මේ කසාවත ගෙන මා පැවිදි කරන මෙන් වූ ඉල්ලීමයි. විමුක්තිය සොයා ගිය සිදුහත් කුමරු කසාවත් හැඳ පිණ්ඩපාතයේ නිරත වූ බව සැලවූ මහා ප්‍රජාපතී ගෝතමියද කසාවත පැවිද්ද ඉල්ලා සිටි බැව් ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ අනුව භික්ෂුත්වයේ සංකේතය සිවුරයි.

සිවුරක් දැරීමට නිසි සුදුසුකම් සපුරා තිබීම

සිවුරක් දරා සිටින භික්ෂුන්වහන්සේ චීවර ධාරීයා යැයි හඳුන්වනවා. එයද කම් නැත. නමුත් සිවුරක් දැරීමට නම් නිසි සුදුසුකම් සපුරාලිය යුතුය. භික්ෂුන්වහන්සේ නමක් තුන් සිවුරු දැරීම අනුමත කර තිබෙන අතර තුන් සිවුර යනු තකිපට සිවුර, දෙපට සිවුර සහ අඳනය යනුවෙන් හැඳින්වේ. මෙම සිවුරු කට්ටලයට අඳනය, නානකඩය, දෙපට සිවුර, තනිපට සිවුර බඳපටිය සහ අංශකඩය ඇතුළත් වේ. භික්ෂුන්වහන්සේ නමකට සිවුරු එකක්, දෙකක් හෝ තුනක් පරිහරණය කළ හැක.

අපි වඳින්නේ සිවුරට

බොහෝ දෙනෙක් අපි වඳින්න්නේ සිවුරට යැයි සඳහන් කළත් එය අවභාවිත නොකළ යුතුය. එසේ නම් අපි වැලක වනා තිබෙන සිවුරටත් වැඳුම් පිදුම් කළ යුතුද? සිවුරක් විනයානුකූව සකසා සිල්වත්, ගුණවත් පුද්ගලයෙකු විසින් පොරවා ගත් විටඳ වැඳුම් පිදුම් කිරීමෙන් පින් ලැබේ. සිවුර යනු භික්ෂුවගේ ඇඳුම විනා එය බන්දේසියක තබා වැඳ සිටින පිරිකරයක් නොවේ. ඒ ඇඳුම ඇඳිය හැක්කේ පිංවතෙකුට පමණි. එබැවින් එම ඇඳුම ලාගත් කෙනෙකු බුද්ධශාසනය ශෝභමාන කරන බැවින් වැරදි ක්‍රියා නොකර සිල්වත්ව, ගුණවත්ව වසමින් නිවන කරා ගමන් කළ යුතුය. ගිහිපිංවතාගේ ප්‍රසාදයට ලක්ව සිව්පසය වැළඳිය යුතුය. අවමානයට ලක්වන කිසිඳු ක්‍රියාවක් නොකළ යුතුය.

අරහත් ධජය

බුදුන්වහන්සේ සිවුර හඳුන්වා ඇත්තේ අර්හත් ධජය වශයෙනි. අතීතයේ සිවුරක් පිළියෙල කර ගැනීම අතිශය දුෂ්කර වී ඇත. නූල් හිඟකම ඊට ප්‍රධාන හේතුවයි. ඇතැම් භික්ෂූන් වහන්සේලා අමු සොහොනට ගොස් මළමිනිය ඔතා ඇති සුදුරෙදිකඩ රැගෙනවිත් සිවුරක් ලෙස මසාගෙන ඇත. මළමිනිය ඔතා විසිකර දමා ඇති ඒ රෙදිකඩ හඳුන්වන ලද්දේ පාංශුකූල රෙද්ද යනුවෙනි. එය “පස්වලින් ගැවැසීගත් රෙදිකඩකි” මළගමක ආගමික වතාවත්වලදී සුදු රෙදිකඩක් පිදීම සිදුවන්නේ එබැවිනි. සුදුරෙදිකඩ පඬුපොවා ගත් විට එය කසාවතක් බවට පත් වේ. සිවුරේ පැහැය කහපාට වූයේ කාසි ජනපදයේ තිබූ කහපාට දොඩම්වල පැහැය අනුව යමිනි. එම පැහැය චිත්තාකර්ෂණීය වන්නාසේම, සිත නිවයි. එම පැහැය සිවුරට කැප බව බුදුන්වහන්සේ අනුදැන වදාළහ. පසුකාලීනව සිවුරේ පාට වෙනස් වී ඇත. සිවුරක් මැසීමට පෙර කුඹුරක ලියදි මෙන් කපා ගන්නා අතර ඉන්පසු එම සිවුර කාටවත් කිසිම වැඩකට ගත නොහැකි වෙයි.

සිවුරු පූජාවේ අනුසස්

සුවණ්ණ වණ්ණෝ විරජෝ
සප්පහාසෝ පතාපවා
සිනිද්ධං හෝති මේ ගත්තං
භවේ සංසරතෝ මම යනුවෙන් සඳහන් වන අයුරු තුන් සිවුරු පිදීමේ අනුසස් 08 ක් දක්වා තිබේ.

  • රන්වන් ශරීරයක් ලැබීම
  • ශරීරයේ කුණුදූවිලි නොවැදීම
  • ප්‍රභාෂ්වර (රැස් විහිදෙන ශරීරයක් ලැබීම)
  • ප්‍රතාපවත් වීම
  • ශරීරය ඉතා සිනිදුවීම
  • සසරේදී සුදු වස්ත්‍ර ලක්ෂ ගණන් ලැබීම
  • සෑම භවයකදීම රතු වස්ත්‍ර ලැබීම
  • සෑම භවයකදීම කහ වස්ත්‍ර ලැබීම

ඒහි භික්ෂු පැවිද්ද ලැබීම හා සිවුරු ලැබීම

ඒහි භික්ෂු පැවිද්ද ලැබිය හැක්කේ බුදු කෙනෙකු අභියස දී පමණි. එබඳු භාග්‍යයක් ලැබීමට නම් සසරේ බොහෝ පිංකම් කළ යුතුය. ඒ අතර අට පිරිකර පිදීම, සිවුරු පිදීම, කඨින දාන, සාංඝික දාන ආදිය සිදුකළ යුතුය. “එව මහණ” කියන සැණින් කෙස් රැවුල් අතුරුදහන්ව සිවුරු පිරිකර පහළ වන්නෙ එබඳු පිංකම් කිරීමෙනි. නමුත් සාමාන්‍ය පැවිද්ද ලැබීමේදි සිවුරු පහළ වන්නේ නැත. ඒවා දායකයින් විසින් පුදනු ලබති. නිවන් අවබෝධ වනතෙක් සසර පුරා පාරමි දම් ලෙසින් පිංකම් සිදුකළ යුතුය.

අතිරේක සිවුරු පිරිකර බරපැන් ඇරවීම හෝ විකිණීම

අද මෙය විහාරස්ථානවල නිතර සිදුවන්නකි. පන්සලෙන් අටපිරිකරක්, සිවුරක් නොමැතිනම්, වෙනත් පිරිකරයක් බරපනා ගෙවා රැගෙන ගොස් ආයෙත් එම පිරිකරම යළි පූජා කිරීම සිදු වේ. ඇතැම් විට එහි වාණිජමය ස්වරූපයක් දකි. නමුත් විහාරස්ථානවල අතිරේක වශයෙන් ගොඩගැසී ඇති හෝ නැති පිරිකර එසේ හුවමාරුවීමෙන් පවක් සිදු නොවේ. අටපිරිකර ආදියෙහි පවත්නා මිල ගණන් ඉහළ බැවින් සමහර විට නැති බැරි කෙනෙකුට විශාල මුදලක් ගෙවා අටපිරිකරයක් කඩෙන් මිලදී ගෙන පිදීමට නොහැකිය. ආර්ථික හැකියා නැති, ඒත් අටපිරිකරයක් පිදිය යුතුම අවස්ථාවල පන්සලට බරපැන් මුදලක් ගෙවා එය අරන් පුදති.

එය දායක පිංවතාට ලාභයකි. එබඳු ක්‍රමයක් නිර්මාණය කරගෙන ඇත්තේ දායකයින් විසින්මය. භික්ෂුව ඊට හසු වී හමාරය. භික්ෂුව ඊට එකඟ වන්නේ දායක පිංවතා කෙරෙහි ඇති අනුකම්පාවෙනි. ඇතැම් විට එසේ කරන්නේ තමන්ට අලුතින් පිරිකරයක් පිදීමට වත්කමක් නොමැති නිසාය. එසේ පන්සලට ලැබෙන බරපැන් මුදල විහාරස්ථානයේ දියුණුවට හෝ විදුලි බිල්පත් ගෙවීමට යෙදවිය හැකිය. බුදුන් දවස සිටි විශාඛා මහා උපාසිකාව තමන් පැළැඳි කෝටි ගණනක් වටිනා මහාමේල පළඳනාව (මහාලතා පසාදිනි රන් මාළය) විකුණා ඉන් ලද මුදල් යොදවා පූර්වාරාමය සාදා පූජාකරන ලදී.

සමහර විට ඇතැම් පන්සල්වල බොහෝ අගහිගකම් තිබේ. එබඳු පන්සලකට අටපිරිකර හෝ සෙසු පිරිකර අලුතෙන් ලැබෙන්නේ ම නැත. එබඳු පන්සල්වලට අලුතෙන් සිවුරක්, අටපිරිකරක් පිදීම මහඟු පිංකමකි. නමුත් සිවුරු පිරිකර විකුණා එම මුදල් අයථා ලෙස පරහරණය කිරීම කාටත් නොගැළපේ. නමුත් ගොඩ ගසාගෙන විනාශ වන්නට ඉඩදීම ඊටත් වඩා අපරාධයකි. එමෙන්ම භික්ෂුවට අඳින්නට තරම් නොවන සිවුරු පිරිකර පිදීමත්, අනවශ්‍ය පිරිකර පිදීමත් නොකළ යුතුය.

වත්මන් ප්‍රවණතාව

සිවුරක් පිදීම ඉතා දුර්ලභ කරුණක් වූයේ වස්ත්‍ර හිඟ අතීතයේය. එහෙත් අද වස්ත්‍රවල අඩුවක් නැත. වර්තමානයේ සිවුරු පිරිකරවල මිල නියම කරනු ලබන්නේ වෙළෙන්ඳන් විසිනි. දොළොස් පිරිකර, සොළොස් පිරිකර වශයෙන් ව්‍යාජ නම් යොදා පිරිකර විකුණති. නමුත් වත්කමේ හැටියට අතේ මිටේ ඇති හැටියට පිරිකර පිදිය හැකිය. සැමට මුල් වන්නේ සිතය. සිතට හොරා කිසිවක් කළ නොහැකි ය. එබැවින් ව්‍යාජ නම්වලට රැවටෙන්නේ නැතිව ධර්මයට අනුව හැසිරිය යුතුය.

දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි
ශ්‍රී සමාධි විහාරය – බදුල්ල

පුන්‍යා චාන්දනී ද සිල්වා
 

TAGGED: buddhism, Buddhist, සිවුරු පිරිකර පූජාව
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love2
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ශ්‍රීලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය ගැන හරියටම දැනගන්න.

May 5, 2025

වාහනය නවත්වන තැනත් සුබ කරගන්න නිරිතෙන්ම හදන්න

May 5, 2025

දළදා වහන්සේ හැබැහින් දැක කුසල් වැඩීම

May 5, 2025

සෞඛ්‍යයට හිතකර නොවන හුදකලාව

May 5, 2025
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Welcome Back!

Sign in to your account

Lost your password?