නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ගෑනු අපටත් හොදම යාළුවෙක් ඕන
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

ගෑනු අපටත් හොදම යාළුවෙක් ඕන

Published August 7, 2023

හැබැයි පණ තියෙන කෙනෙක් වෙන්නම ඕන නෑ

කාන්තාවකගේ හොඳම යාළුවෙක් කිව්වම අපිට බොහෝ වෙලාවට ඔළුවට එන්නෙ තවත් ඒ වගේම කාන්තාවක්. ඒ වගේම මොන්ටිසෝරි කාලෙ ඉඳන්ම ගැහැණු ළමයෙකුගේ හොඳම යාළුවා වුණ පිරිමි ළමයිනුත් ඉන්නවා. නමුත් කාන්තාවකගේ හොඳම යාළුවා මනුස්සයෙක්ම වෙන්න ඕන කියල නියමයක් නෑ. මට මතකයි අපි පාසල් ගිය කාලෙ එක ගුරුවරයෙක් කිව්වා තමන්ගෙ හොඳම යාළුවා පොත් කරගන්න කියල. මොකද පොත් කවදාවත් රිද්දන්නෙ නෑ. පොත් වලින් යහපතක් මිසක් අයහපතක් වෙන්නෙ නෑ. ජීවිතේට දවසින් දවස ඉගෙනගන්න දේවල් හම්බෙනවා.

හොඳම යාළුවෙක් කියන්නෙ අපේ හදවතේ කොන්දේසි විරහිතව සදාකාලිකවම තියාගන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම අපේ හිතේ විශ්වාසනීයම තැන තියාගන්න පුළුවන් කෙනෙක්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් පොත් වගේ දෙයක් තමන්ගෙ හොඳම යාළුවා කරගත්තම අපිට කතා කරන්න, අදහස් හුවමාරු කරගන්න විදිහක් නෑනෙ කියල. අපි කතා කරනකොට ඇහුම්කන් දෙන්න, අපිව දරාගන්න, ඉවසන්න, සනසවන්න කෙනෙක් ඉන්න ඕන. ඒත් හොඳම යාළුවා කියන කෙනා හැමවෙලේම කතා කරන කෙනෙක් වෙන්නම ඕන නෑ. හොඳම යාළුවා කරගත්ත තවත් පිරිමියෙක් හෝ ගැහැණියක් අනිත් යාළුවට කතා කරන්නෙ අවුරුද්දකට සැරයක් දෙසැරයක් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල තමන්ගෙ ජීවිතේ දැල්වෙවී තියෙන පහන නිවල යන්නෙත් ඔය කියන හොඳම යාළුවා වෙන්න පුළුවන්.

තමන්ගෙ ජීවිතේ හැමදේම දැනගෙන, තමන්ගෙ දුර්වලතා හඳුනගෙන අවසානෙ තමන්ව මානසිකව වට්ටලා, අධ්‍යාපනය අඩාල කරන්නෙ හොඳම යාළුවගේ ක්‍රියාකලාපය වෙන්න පුළුවන්. හොඳම යාළුවා විදිහට මනුස්සයෙක් තෝරගන්න එක ඇත්තටම හොඳයි. නමුත් බොහෝ වෙලාවට ජීවිතේ කඩාවැටීම් සිදුවෙන්නෙත් ඔය හොඳම යාළුවා නිසා වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ තෝරාගැනීම ඉතාම සිහිබුද්ධියෙන් තෝරාගත යුතුයි.

ගැහැණියට විතරක් නෙවේ පිරිමියාටත් එයාගෙ ජීවිතේ හොඳම යාළුවෙක් වගේම උපදෙස් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නම ඕනෙ. අපි දැකල තියෙනවා ගොඩක් වයසක අය එයාලගෙ හොඳම යාළුවා කරගෙන තියෙන්නේ සුරතල් සතෙක්. එයාලට ගොඩක් ආදරේ කරනවා. යන යන තැන එක්කන් යනවා. ඒ සතාට හොඳට කන්න බොන්න දෙනවා.

ඒ වගේම හොඳම යාළුවා කරගන්න පුළුවන් සංගීතය. නැත්නම් සංගීත භාණ්ඩයක්. ඒ වගේම තමන්ගෙ තියෙන හැකියාවන් ප්‍රගුණ කරගන්න එක. සමහරවිට අපි ලස්සනට අඳින එක. මේ අපි සතුට ලබාගන්නා මාර්ග. සමහර අයගේ හොඳම යාළුවා කෑම. කන්න හොඳ තැනක් හොයාගෙන ගිහින් ඒවා කාල බීලා හොඳට එන්ජෝයි කරනවා.

කෙනෙක්ට තමන්ගෙ රැකියාවත් හොඳම යාළුවා කරගන්න පුළුවන්. මොකද ගොඩක් දෙනා තමන්ගෙ රැකියාවෙන් එන්ජෝයි කරනවා අඩුයි. ඉතා සීමිත දෙනෙක් තමයි රැකියාවෙන් සතුටු වෙන්නෙ. මගේ ජීවිතේ හොඳම යාළුවා තමයි අනිත් අයට මම දෙන මානසික උපදේශන. අපේ තෝරාගැනීම තමයි අපිව සතුටට පත්කරන්නෙ සහ අපිව ජීවිතේ ඉදිරියට අරගෙන යන්නෙ. සමහරු බණ පදයක්, බයිබල් පදයක් තමන්ගෙ හොඳම යාළුවා කරගන්නවා. මේ දේවල් වලට බෑ කොහොමවත් ඔයාට රිද්දන්න. ඒ වගේම ස්වභාවදහම හොඳම යාළුවා කරගත්ත අය ඉන්නවා. ගස් වැල් එක්ක ගැවසෙන එක, ගස් වැල් හිටවන එක, ඒවට සාත්තු කරන එක, මලක් පිපෙනකොට, ගෙඩියක් හැදෙනකොට ඒවා දකිද්දි හිතට දැනෙන සතුට මේ හැමදේම ස්වභාවදහම හොඳම යාළුවා කරගත්ත අය අත්විඳින දේවල්.

අජීවි දේවල් අතරේ සජීවි දේවල් එක්ක හොඳ මිතුරුකම් පවත්වන අය තමයි වැඩියෙන්ම ඉන්නෙ. ඒ කියන්නෙ තමන්ගෙ හොඳම යාළුවා අම්මා, සහකාරයා, සහෝදරයා කරගත්ත අය. ඒ තමයි තමන්ට වැඩියෙන්ම දැනෙන පුද්ගලයා. නමුත් මේ හැමෝම මිනිස්සුනේ. ඒ නිසා මුලින් සඳහන් කළා වගේ මොනම අවස්ථාවකදී හෝ එයාලා වෙනස් වෙන්න පුළුවන් වගේම තමන්ගෙ ජීවිතෙන් අයින් වෙලා යන්න පුළුවන්. විශේෂයෙන්ම සහකාරයා හෝ සහකාරිය. අපේ අවශ්‍යතාවයන් එකිනෙකාට වෙනස්. අපිට අවශ්‍යතාවය දැනෙන තැන, අපිට සතුටු වෙන්න පුළුවන් තැන අනුව අපිට හොඳම යාළුවා තෝරගන්න පුළුවන්.

මනෝ චිකිත්සක, මනෝ උපදේශිකා
රොෂානි පීරිස් වික්‍රමසිංහ


එරංදි කෞශල්‍යා

TAGGED: life style, ගැහැණිය, හොඳම යාළුවන්
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

හරි බදුනක සිටුවිය යුතු බොන්සායි ගස්

September 18, 2023

අත් හැරීම පුරුදු කළ සිත්වලට ඕනම දේත් අතහරින්න පුළුවන්

September 18, 2023

එයාලට පාඩම් වැඩවලදී අම්මෙක් නොවී යාළුවෙක් වෙන්න

September 18, 2023

මගේ චූටි මැණික කොහේහරි ඉඳන් අපි දිහා බලාගෙන ඇති

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?