නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ඉඩමේ බෑවුම උතුර, ඊසාන, නැගෙනහිර දිශාවන්ට තිබුණොත් ගොඩම තමයි
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

ඉඩමේ බෑවුම උතුර, ඊසාන, නැගෙනහිර දිශාවන්ට තිබුණොත් ගොඩම තමයි

Published July 31, 2023

භූමිය මත සිදු කරන සියලුම නිර්මාණාත්මක ඉදිකිරීම් වාස්තු ලෙස හැඳින්වේ. එම නිසා වාස්තු සිද්ධාන්ත ඉතා නිවැරදි ආකාරයට නිවසට පමණක් නොව ඉඩමටද යොදා ගැනීම අනිවාර්යෙන්ම කළ යුතුය.

ඉඩමක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු ලෙස ජලය ලබා ගැනීමේ පහසුව, ප්‍රවේශ මාර්ග, පස්වල ස්භාවය, අවට පරිසරය යනාදිය පෙන්වා දිය හැකිය. මෙම කරුණු වලට අමතරව වෘක්ෂායුර්වේදය හෙවත් ඉඩම තුළ ශාක වර්ග රෝපණය කිරීමේදීත්, ඉඩමේ හැඩය, ඉඩමේ බෑවුම, ඉඩමේ දිශාව යන වාස්තු සිද්ධාන්ත පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. වර්තමානයේ බොහෝ දෙනෙකු තමා ජීවත්වන නිවසට පමණක් අදාළ වන අයුරින් වාස්තු සිද්ධාන්ත පිළිපැදීම සිදුකළද තමාට හිමි ඉඩම පිළිබඳව එසේ නොසිතයි. මේ අතර මිලදී ගැනීමට නුසුදුසු ඉඩම් ලෙස පිපිරීම් පැලීම් සහිත , ශල්‍ය හෙවත් සත්ව ඇටකටු වැඩි වශයෙන් ඇති , තුඹස් සහිත , උස්පහත් වීම් සහිත , කර මැටි සහිත , ගංගා දිය පහරවල් අසල , විශාල ගල් සහිත , වළවල් සහිත , විවිර සහිත , කටු ලැහැබ අධිකව ඇති ඉඩම් පෙන්වා දිය හැකිය.

● ගංගා ආශ්‍රිත ඇති ඉඩම් : ගංගා අසල ඉඩම් මිලදී ගෙන නිවාස තැනීමේදී ජල ගැල්මට ලක්වීමට සිදුවේ. ඇළ දොළ ද මෙයට අදාළ වේ. මානසික පීඩා ඇතිවන, දියුණුව අඩුය.

● මහාපාෂාණ ඇති ඉඩම් : මෙහි සඳහන් වන්නේ ඉතා විශාල ප්‍රමාණයේ ඉවත් කිරීමට අපහසු ගල් ඇති ඉඩම් වේ. ජලය රදා පවතින ප්‍රමාණය අඩුය. උෂ්ණත්වය ඉතා අධිකය ශාක වර්ධනය අඩාලය ඉඩම අසලද මෙවැනි විශාල ගල් ඇත්නම් මිලදී ගැනීම නුසුදුසුය.

● දුරගම්‍ය ඉඩම් : ගමන් කිරීමට ඉතා අපහසු ඉඩම් මිලදී ගැනිම නුසුදුසුය. නිවසක් සෑදීමේදීත් ඉතා අපහසුතාවයට පත් වේ.

● වායුනාවාපි පිඩිතම් : සුළන් කපොල්ලකට හසුවන ඉඩම්. ලෙඩ රෝග, නිවාස තුළ දූවිලි වැඩි වීමට හේතුවක් වේ. මිලදී ගැනීමට නුසුදුසුය.

● දත්තකෛඃ පරිපීඩිතම් : විශාල වශයෙන් කටු ලැහැබි ඇති ඉඩම්. මෙම ඉඩම්වල වැලි මිශ්‍ර පසකනම් අවශ්‍යම සාධකයක් වන ජලය අඩු ඉඩමකි. නුසුදුසු ඉඩමකි.

● නෘපණං තුංගමාශ්‍රිතම් : මෙහිදී පාලකයන්ට උස් භූමි සුදුසු ලෙස සලකති. නමුත් සාමාන්‍ය ජනතාවට සුදුසු නොවේ.

● වෛශ්‍යානං සමභූමිශ්ච : මෙහිදී වෙළදාම් කටයුතු සඳහා ඉඩමක් මිලදී ගැනීමේදී උස් නොවූ සමාන තැනිතලා ඉඩම් සුදුසු වේ. මිලදී ගැනීමට අවශ්‍ය භාණ්ඩ පහසුවෙන් මිලදී ගැනීමට සුදුසු විය යුතු බව මින් අදහස් කෙරේ. මෙම කාරණා ඉතා පැරණි වාස්තු ශාස්ත්‍ර අදහසකි. නමුත් වර්තමානයට ඉතාම ප්‍රායෝගික කරුණක් ලෙස පැහැදිලි කළ හැකිය.

ඉඩමක බෑවුම පිළිබඳව සලකා බැලිමේදි ජලය ගලා බැසිම සඳහා සුදුසු දිශාවන් මෙන්ම නුසුදුසු දිශාවන් ද ඇත. ඉඩමක බෑවුම හෙවත් බැස්ම තිබිය යුතු සුදුසුම දිශාවන් වනුයේ උතුර, ඊසාන සහ නැගෙනහිර යන දිශාවන්ය.

● නැගෙනහිර දිශාවට බෑවුම් ඇති ඉඩම වාසනාව සහ ධන ලාභ අභිවෘද්ධිය ලැබීම් ඇති ඉඩමකි.

● ගිණිකොණ දිශාවට බෑවුම ඇති ඉඩම චිත්ත පීඩා ධන හානි වන ඉඩමකි.

● දකුණ දිශාවට බෑවුම ඇති ඉඩම චිත්ත පීඩා ඇති වන ඉඩමකි.

● නිරිත දිශාවට බෑවුම ඇති ඉඩම ධන හානි සහ ගෘහ හානි වන ඉඩමකි.

● බටහිර දිශාවට බෑවුම් ඇති ඉඩම ධන හානි ඇති වන ඉඩමකි.

● වයඹ දිශාවට බෑවුම් ඇති ඉඩම විදේශගතවීම් හා උද්වේගය ඇති වන ඉඩමකි. නමුත් ඉක්මන් දියුණුව අඩු මධ්‍යම වශයෙන් සුදුසු ඉඩමකි.

● උතුරු දිශාවට බෑවුම ඇති ඉඩම ධන ලාභ ඇති වන ඉඩමකි.

● ඊසාන දිශාවට බෑවුම ඇති ඉඩම සැප සම්පත් විද්‍යා ලාභ ලැබෙන ඉඩමකි. තවද මැද උස් වූ වටේට බෑවුම් ඇති ඉඩමද ඉතා සුදුසුය.

ඉඩමක බෑවුම මත ශුභ අශුභ මේ ආකාරයට බලපාන අතර හැකියාව මත සුදුසු දිශාවකට ඉඩමේ බෑවුම නිර්මාණය කරගෙන යහපත ළඟාකරගත හැකිය. පෙර සඳහන් කළ පරිදිම උතුර, ඊසාන, නැගෙනහිර යන දිශාවන්ට බෑවුම සකස් කර ගැනීම ඉතා සුදුසුය.

ඉඩමක ශුභ අශුභ තීරණය වන තවත් සාධකයක් වන්නේ ඉඩමේ හැඩයයි. මෙහිදී ද ඉඩමක් මිලදී ගැනීමේදී මෙන්ම දැනට තමන් සතුව ඇති ඉඩම ද සුදුසු ආකාරයකට නිර්මාණය කර ගත යුතුය.

● හතරැස් ඉඩම සමචතුරස්‍ර ඉඩම දිග පළල සමාන ඉඩමකි. මෙවැනි ඉඩමක් තුළ ජීවත් වන පුද්ගලයින් කායික මානසික වශයෙන් ශක්තිමත් අධ්‍යපනයේ දක්ෂ නිරෝගි පුද්ගලයින් බිහි කරන ශුභදායක ඉඩමකි. සෘජුකෝණාස්‍ර හැඩැති ඉඩම ද මේ හා සමාන ප්‍රතිඵල ලබා දෙන ශුභ හැඩැති ඉඩමකි.

● දණ්ඩාකාර ඉඩම සෘජුකෝණාස්‍ර හැඩ පෙනුනද මෙය පළල මෙන් දෙගුණයකට වඩා වැඩියෙන් දිග ඇති දණ්ඩක් හෝ පටියක් වැනි පවුලේ සමඟිය නැති කරන අශුභ ඉඩමකි.

● වෘත්තාකාර ඉඩම වර්තමානයේ නොමැති වුවත් යස ඉසුරු ලබන ඉතාම ශුභ ඉඩමකි.

● ඊසාන දිශාවට දික් වූ ඉඩම ඉතා ශුභ ඉඩමකි. ඉතා හොඳ ප්‍රතිඵල ලබා දෙන ඉඩමකි.

● “L” හැඩැති හෙවත් පොරව හැඩ ඉඩම ඉතා අශුභ ධන හානි ඇති කරන ඉඩමකි.

● ත්‍රිකෝණාකාර ඉඩම මෙවැනි ඉඩමක ජීවත්වන අයට නීති ගැටලු පාලකයින්ගෙන් බාධා ඇති වන අශුභ ඉඩමකි.

● ඊසාන දිශාව අඩු වූ ඉඩම ධන හානි වන අශුභ ඉඩමකි.

● විශමාකාර ඉඩම් ක්‍රමානුකූල හැඩයක් නොමැති ඉඩම් වේ. අපේක්ෂා නැති කරන අශුභ ඉඩමකි.

● ශුර්පි ඉඩම් කුල්ලක හැඩය ගත් අශුභ ඉඩමකි. ආර්ථික ප්‍රශ්න, අපහාසයන්ට ලක්වන භූමියකි.

ඉඩමේ හැඩය අනුව ශුභ අශුභ ඵල දෙන ලෙස මෙසේ වෙන්කර දැක්විය හැකි අතර පවත්නා මෙම අශුභ ඉඩම් සුදුසු ලෙස සකස්කර ගත හැකි නම් යහපත ළඟා කර ගත හැකිය. තවද ශුභ ඵල දෙන නිවසක් තනා ගැනීම සඳහා සුදුසු ඉඩමක් තෝරා ගැනීමේදි මෙම වාස්තු සිද්ධාන්ත හා සංකල්ප මැනවින් සලකා බලා ඉඩමක් මිලදී ගත යුතුය.

සොබාදහමේ හැසිරීම් සහ වාස්තු ශාස්ත්‍ර සිද්ධාන්ත හා සංකල්ප තුලනාත්මකව තමා ජීවත්වන නිවසට මෙන්ම ඉඩමටද යොදා ගැනීම මගින් බාධා, කම්කටොළුවලින් තොර මානසික හා ශාරීරික සුවය ළඟා කරගෙන ජයග්‍රාහී ජීවිතයක් ගත කළ හැකිය.

වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන

ධම්මික හේවාවසම්

TAGGED: Architecture, Construction, වාස්තු විද්‍යාව
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

අහසට යන මුල්ම අම්මයි දුවයි

September 18, 2023

ෆෝන් එකක් ගත්තට මදි හරියට චාජ් කරන්න ඉගෙනගන්න

September 18, 2023

හරි බදුනක සිටුවිය යුතු බොන්සායි ගස්

September 18, 2023

අත් හැරීම පුරුදු කළ සිත්වලට ඕනම දේත් අතහරින්න පුළුවන්

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?