නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: වැඩිපුර තේ බිව්වොත් ප්‍රශ්න
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

වැඩිපුර තේ බිව්වොත් ප්‍රශ්න

Published July 31, 2023

ලෝකයේ ජනප්‍රියම පාන වර්ග අතරින් උඩින්ම තියෙන පානයක් තමයි තේ කියන්නෙ’ කාර්යබහුල ජීවන රටාවක් ගත කරන බොහෝ දෙනා තේ පානය සඳහා හුරු වී සිටිනවා.නමුත් ඕනෑවට වඩා තේ පානය කිරීම ශරීරයට එතරම් හොඳ ප්‍රතිඵල ගෙන දෙන්නේ නම් නෑ.

නින්ද නොයාම…

අධික ලෙස තේ පානය කිරීම ඔබේ නින්දට බාධා කිරීමට ඉඩකඩ තියෙනවා.තේවල අඩංගු කැෆෙන් ඔබේ නිද්‍රා චක්‍රයට බාධා ඇතිකරන අතර කැෆෙන් නින්දේ රටාවට බළපාන මෙලටොනින් හෝමෝනයට බාධා කරනවා. තේ පානය කිරීමෙන් විනාඩි පහළොවක් ඇතුළත එහි අඩංගු වන කැෆෙන් ඔබේ රුධිරයට ඇතුළු වී ඔබේ ශක්ති මට්ටම වැඩි කරනවා. එය ඔබේ නින්දට බාධා ඇති කරන නිසා රාත්‍රී කාලයේ දී තේ පානය කිරීමෙන් වළකින ලෙසයි පෝෂණවේදීන් පෙන්වා දෙන්නේ.

අඩු පෝශක අවශෝෂණය

ශරීරයේ කැෆෙන් ප්‍රමාණය වැඩිවීම ඔබේ ආහාර ජීරණ ක්‍රියාවලියට බාධා ඇති කරන අතර ශරීරයට පෝෂණය අවශෝෂණය කර ගැනීම අඩු කරනවා. එමගින් පසුකාලීනව ඔබේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි විවිධාකාරයෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි නිසා තේ පානය සීමා කිරීම හෝ හැකිතාක් අවම කිරීම සිදු කිරීමට ඔබ අවධානය යොමු කළ යුතුයි.

■ නොසන්සුන් බව වැඩිවීම

බොහෝ දෙනා විවේක වෙලාව රසවිඳීමට, ආතතියෙන් මිදීමට අවශ්‍ය වේලාවට තේ පානය කිරීමට පුරුදු වී සිටිනවා. නමුත් මෙම පුරුද්ද ඇත්ත වශයෙන්ම ඔබ මුහුණ දෙන ආතතිය සහ නොසන්සුන් බව උග්‍ර අතට හරවනවා. අධික කැෆෙන් පරිභෝජනය නොසන්සුනතාවට හේතු විය හැකි අතර එවැනි තත්ත්වයන් සමනය කරගැනීමට අවශ්‍ය නම් සාමාන්‍ය තේ වෙනුවට Chamomile තේ වැනි පානයකට හුරුවීම ඔබට කළ හැකියි.

බඩ පිපීම

තේවල අඩංගු කැෆෙන් තමයි මෙයට ප්‍රධානම හේතුව වෙන්නේ. ඊට අමතරව ගැස්ට්‍රයිටිස් වැනි තත්ත්වයන් ඇතිවීම ද විය හැකියි. තේවල අඩංගු ටැනින් නැමති සංඝටකය මගින් ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාවලියට බාධා ඇති කරනවා.

■ කුරුලෑ ආසාදන ඇතිවීම

තේ මඟින් ඉතා ඉක්මනින් ඇතිවන අතුරු ප්‍රතිඵලයක් තමයි කුරුලෑ කියන්නේ. අධික තේ පානය ශරීරයේ උෂ්ණාධික බව වැඩි කරන අතර ඒ මඟින් ශරීරයෙ රසායන සංඝටකවල අසමතුලිතතාවන් ඇති කරමින් කුරුලෑ ඇතිවීම සිදුවෙනවා. එම නිසා එවැනි තත්ත්වයන් පාලනය කර ගැනීමට තේ පානය හැකිතාක් අවම කළ යුතුයි.

මළ බද්ධය

තේවල කැෆෙන් තියෝෆිලයින් නම් තවත් රසායනයක් අඩංගු වනවා. ශරීරයේ විෂහරණය කිරීමට, ඔබේ මනස සහ මාංශ පේශි සන්සුන් කිරීමට සහ රුධිර ප්‍රවාහය වැඩි දියුණු කිරීමට තියෝෆිලයින් ඉතා හොඳ වන නමුත් ඔබ වැඩිපුර තේ පානය කරනවානම් මෙම රසායනිකය ඔබේ ශරීරය විජලනයට ලක් කරනවා. එම නිසා මළබද්ධයක් ඇති කිරීමේ හැකියාවක් පවතිනවා.

රුධිර පීඩන අසමතුලිතතාව ඇති කරයි

අධික ලෙස තේ පානය කිරීමේ බරපතළම අතුරු ආබාධයක් වන්නේ රුධිර පීඩනයේ අසමතුලිතතාවක් ඇති කළ හැකි වීමයි. අධික ලෙස තේ පානය කිරීමෙන් හෘද ස්පන්දන වේගය වැඩි කළ හැකි අතර එය අධි රුධිර පීඩනයට එක් හේතුවක් විය හැකියි.ඔබ ඔබේ පහසුව වෙනුවෙන් තේ පානය කිරීමට හුරු වී සිටියත් එය නොසිතන ආකාරවලින් ඔබේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් එල්ල කරනවා.

Smartlady.lk ඇසුරෙන්

අර්චිත ඉඳුවර

TAGGED: Beverages, Caffeine, Drinking Tea, Tea, කැෆෙන්, තේ, තේ පානය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

උරහිස ගල්වෙලා වගේ ඔයාලටත් දැනෙනවාද

September 25, 2023

ඔයාගෙ Ex ආයෙ ඔයාට හම්බ වුණොත් ඔයා මොකද කරන්නේ

September 25, 2023

ලස්සනට ගහන ටැටූ මාරාන්තික වෙන ලකුණු

September 25, 2023

සතර වරිගය නිවන් දැකීමට දරුවන් මහණ කරනවද

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?