නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: පිළිකාවට අත වනන මත්පැන් බීම
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

පිළිකාවට අත වනන මත්පැන් බීම

Published July 31, 2023

මද්‍යසාර ගැනත් වැඩි උනන්දුවක් ඇති වීම සාමාන්‍ය තත්ත්වයක්. මද්‍යසාර නැති උත්සවයක් ගැන සමහර උදවියට හිතන්නත් අසීරුයි. මද්‍යසාර භාවිතය පිළිකාවට වඩත් සමීප හේතුවක් බැව් මෑතකදී සිදු කරන ලද අධ්‍යයනයන් මගින් පෙන්වා දී තිබෙනවා. මෙම අධ්‍යයන වාර්තාව “American Journal of Public Health” සඟරාව මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

■ එහෙම වෙන්නේ ඇයි?

මද්‍යසාර මගින් පුද්ගලයාගේ සිරුරේ සිදු වෙන වෙනස්කම් නිසා පිළිකා සෛල ඉතාම ඉක්මනින් වර්ධනය වීමටත් හැකියාවක් තිබෙනවා. ඒ නිසා පිළිකාවට එරෙහිව ක්‍රියාත්මක ස්වභාවික සෛල ආරක්ෂිත රසායනයන් ( Retinoic Acide) ට පවා හානි සිදු වෙනවා. මද්‍යසාර භාවිතය නිසා අක්මාව, මුඛය, උගුර, ආහාර නාළ, ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා ඇති වීමට වැඩි අවදානමක් තිබෙන බැව් දැන් ස්ථිර ලෙසින්ම හඳුනා ගෙන තිබෙනවා. ගුද මාර්ගයේ සහ මහ බඩවැල ආශ්‍රිත පිළිකා තත්ත්වයන් ඇති වීමටත් මත්පැන් සමීප හේතුවක් බැව් අමතක කළ යුතු නැහැ.

දිනකට මද්‍යසාර ඒකක 1.5 ක් වැනි ප්‍රමාණයක් පානය කිරීම නිසා සියලුම පිළිකා වර්ග වලින් ඇති වෙන මරණ සඳහා හේතු වෙනවා. එය 30 % ක් බැව් පර්යේෂකයන් විසින් පෙන්වා දෙනවා. මද්‍යසාර භාවිතය නිසා කාන්තාවන්ගේ පියයුරු පිළිකා ඇති වීමේ වැඩි අවදානමක්ද පවතින බැව් පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙනවා.

මද්‍යසාර නිසා කාන්තා සිරුරේ Oestrogen හෝර්මෝන මට්ටම ඉහළ යෑම පියයුරු පිළිකාවට හේතුවක් බවත් තහවුරු වී තිබෙනවා. ඒ නිසා මද්‍යසාර භාවිතය අඩු කිරීම මගින් පිළිකා ඇති වීමේ අවදානමත් සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගත හැකි බවත් පර්යේෂකයන්ගේ අදහසයි.

මද්‍යසාර භාවිතය නිසා ඇති වෙන Acetaldehyde විෂ රසායනය මගින් පුද්ගලයාගේ සිරුරේ DNA ජානයට හානි සිදු වෙනවා. ඒ නිසා මිනිස් සිරුරේ හානියට පත් වෙන සෛල නැවත ප්‍රතිසංස්කරණයක් වීම සිදු වෙන්නේ නැහැ.ඒ තත්ත්වය පිළිකාවක් ඇති වීමේ මූලික සාධකය බව කාටත් නොතේරෙන කරුණක්.

■ මත්පැන් පානය කරනවා නම්

ඔබ මත්පැන් පානය කරනවා නම් දුම්පානයෙන් සම්පූර්ණයෙන්ම දුරස් වෙන්න. ඒ වගේම දිනකට විනාඩි 30 ක් හෝ ව්‍යායාමයන්හි නිරත වෙන්න. ආහාර පාලනයන් සමග නිවරැදි ශරීර ස්කන්ධ දර්ශකයක් පවත්වා ගැනීම ගැනත් වැඩි අවධානයක් දක්වන්න.

(  www.drinkaware.co.uk  ඇසුරෙන්)

■ පුන්‍යා චාන්දනී ද සිල්වා

TAGGED: Alcohol, Cancer, පිළිකා, මද්‍යසාර භාවිතය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

සත්තුන්ගේ ඇටසැකිලි එකතු කරන පුංචි සත්ත්ව විද්‍යාඥයෙක්

September 25, 2023

මොනව කළත් තාමත් හිත යන්නෙ නටන්න – නලින්ද කුමාර

September 25, 2023

නොබිව්වත් හැදෙන සිරෝසිස්

September 25, 2023

හෑන්ඩ් බෑග් එක නිසා ලෙඩ වෙන ගෑනු

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?