නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: තේජෝ ශක්තිය ආරක්ෂා වෙන්න කුස්සිය ගිනිකොණට කර හදන්න
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

තේජෝ ශක්තිය ආරක්ෂා වෙන්න කුස්සිය ගිනිකොණට කර හදන්න

Published July 17, 2023

සිරිකත කැන්දන ගෙයක් තනන්නට ශ්‍රමය වැයකළ ඔබ වාස්තු විද්‍යානුකූලව මුළුතැන්ගෙය ඉදිකළේ නම් ඔබටත් ඔබේ නිවසටත් ඉමහත් ආශිර්වාදයක් මේ විශ්වයෙන්ම හිමිවනු ඇත. නිවසක ප්‍රධානතම අංගයක් වන්නේ මුළුතැන්ගෙයයි.

එමෙන්ම වැඩිම වියදමක් දරන්නට වන්නේද ඒ තුළ සිදුවන ඉවුම් පිහුම් වැනි එදිනෙදා පරිභෝජනයන්ට වේ. එබැවින් ආහාර පාන අපතේ නොයන ලෙසත් ඒ හරහා සිදුවන අනවශ්‍ය මුදල් නාස්තිය වළක්වා ගනිමින් ආර්ථික දියුණුව ඇතිවන ආකාරයට මුළුතැන්ගෙයක් ඉදිකර ගැනීම වත්මන් ආර්ථික ගැටලු හමුවේ සිදු කර ගතයුතුම කාරණාවකි.

වර්තමානය වනවිට ඉතා අලංකාරව සිත් බැඳ ගන්නා ආකාරයට නවීන තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් සුබෝපභෝගී ලෙස නිවසේ මුළුතැන්ගෙය ඉදිකර ගත්තද සමහර අවස්ථාවල වාස්තු ශාස්ත්‍රයට පටහැනි අයුරින් සිදුකරගන්නා එම ඉදිකිරීම නිසා ඔබ නොදැනුවත්මව බොහෝ අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. මුළුතැන්ගෙය පිළිබඳ විස්තර කිරීමේදී ගින්දර හෙවත් තේජෝ ශක්තිය පිළිබඳ කතා කළ යුතුමය. විශ්වයේ ඇති පංච ශක්තීන්ගෙන් ප්‍රබලතම ශක්තියක් ලෙස තේජෝ ශක්තිය හැඳින්විය හැක.

මෙම තේජෝ ශක්තිය නිවස තුළ නිසි ආකාරයෙන් ස්ථාන ගත කර ගැනීම ඉතා වැදගත් වේ. එසේ නොමැති වුවහොත් එය අපගේ පැවැත්මට අශුභ ආකාරයෙන් බලපානු ඇත. ගින්දර මෙළවීමට සුදුසු දිශාව ගිනිකොණ දිශාවයි. එසේ නම් අප මුළුතැන්ගෙය ස්ථානගත කළ යුත්තේ ගිනිකොණ දිශාවටය.

ගිනිකොණ දිශාවට මුළුතැන්ගෙය දිශාගත කර ගත්විට ඔබගේ ආර්ථික දියුණුව ස්ථිර වශයෙන්ම ශක්තිමත් වේ. දිනෙන් දින ජීවිතයේ දියුණුව ඇතිවේ. දරුවන්ගේ අධ්‍යාපනයේ මෙන්ම රැකී රක්ෂාවල පවා දියුණුව ගෙන දේ. නිවස තුළ ජීවත්වන සියලු දෙනාටම නිරෝගී සම්පත මෙන්ම දීර්ඝායුෂ හිමිවේ. මුළුතැන්ගෙය නිවසේ ගිනිකොණ දිශාවේ ස්ථානගත කිරීම මෙන්ම එම මුළුතැන්ගෙය තුළ ළිප ස්ථානගත කිරීම ද ඉතා වැදගත් වේ.

එනම් එම මුළුතැන්ගෙය තුළ ගිනිකොණ දිශාවේ හෝ වයඹ දිශාවේ නැඟෙනහිර දිශාව බලා ළිප ස්ථානගත කළ යුතුය. තවත් වැදගත්ම වාස්තු කරුණක් වන්නේ ළිප හා ජල කාරමය එක තැන ස්ථාන කර ගැනීම ඉතා අශුභ වේ. එසේම පෝරණුව උඩ වතුර ටැංකිය තැබීමද ප්‍රබල වාස්තු දෝෂයකි.

මුළුතැන්ගෙයක් නිවැරැදිව ස්ථානගත කිරීම සේම මුළුතැන්ගෙය තුළ තබන උඳුන් ආදියද නිවැරැදිව දිශාගත කළ යුතුවේ. ශීතකරණ හා අනෙකුත් උඳුන් ස්ථානගත කිරීමේදී වයඹ හා ගිනිකොණ දිශා භාවිතා කිරීම වඩාත් සුදුසු වේ. එසේම මුළුතැන්ගෙයට හොඳින් වාතාශ්‍රය ලැබෙන අයුරින් දොර ජනෙල් තැබිය යුතුය. ඉතා පිරිසිදුව හා ක්‍රමානුකූලව මුළුතැන්ගෙය තනා ගැනීමද නිවසේ දියුණුවට බොහෝ සෙයින් හේතු වනු ඇත.

ආහාරපාන ආදිය ගබඩා කර තබන පැන්ට්‍රි කබඩ් සැකසීමේදී දකුණු හා නිරත දිශා යහපත් වේ. විදුලියෙන් ක්‍රියාකරන අනෙකුත් උපකරණ වයඹ හා ගිනිකොණ දිශාවලට ස්ථාන ගත කළ යුතුය. ඉඩමේ මුහුණත කුමන දිශාවකට තිබුණද මුළුතැන්ගෙය ගිනිකොණ දිශාවට ස්ථානගත කර ගැනීම පවුලේ මෙන්ම ඔබගේ ඉදිරි දියුණුවට බොහෝ සෙයින් බලපාන්නා වූ යහපත් කාරණාවකි.

නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඔබ විසින් ඉදිකරගෙන යන නිවසේ ගිනිකොණ දිශාවේ මුළුතැන්ගෙයක් තැනීමට නොහැකි අවස්ථාවලදී පමණක් එම කටයුත්ත සඳහා වයඹ දිශාව භාවිතා කිරීම යහපත් වේ. යම් නිවසක උතුර හෝ ඊසාන යන දිශාවල මුළුතැන්ගෙය පිහිටා ඇත්නම් එකි නිවසට ලැබෙන විශ්ව ශක්තීන්ගේ ආකර්ෂණය බෙහෙවින් අඩුවේ. ඒ තුළින් දියුණුව අඩාල වේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල පවා පැහැදිලි පසුබෑමක් ඇතිවේ.

ඊසාන ආපෝ ශක්තියට මුල් වන අතර එම දිශාවට තේජෝ ශක්තිය හෙවත් ගින්දර මෙලවීම ඉතා අශුභ මෙන්ම තමන් විසින්ම තමන්ව පරිහානියට ලක්කර ගන්නා වාස්තු දෝෂයකි. එසේම සමහර නිවාසවල නිරිත දිශාව භාවිත කර ස්ථානගත කර ඇති මුළුතැන්ගෙයද ඉතා අශුභ පිහිටීමකි. නිවසක ධන නිලය වන්නේ නිරිත දිශාව බැවින් එය ඔබ විසින් හරි හම්බ කරන මුදල් පුළුස්සා අළුකර දැමීමට සමානය.

එවන් ස්ථානයක මුළුතැන්ගෙය ඉදිකිරීමෙන් ජීවිත කාලය පුරා ආර්ථික වශයෙන් විශාල පසුබෑම්වලට මුහුණ දීමට සිදුවනු ඇත. දිනෙන් දින ජීවිතය පරිහානියට ලක්වන අතර නිවැසියන්ගේ සෞඛ්‍යය තත්ත්වය පිරිහීමට හේතු වේ. තවද, නැඟෙනහිර, දකුණ, බස්නාහිර යන දිශාවලද මුළුතැන්ගෙය ඉදිකරීම අශුභ වේ. වර්තමානය වනවිට රූපවාහිනී යන්ත්‍ර පවා මුළුතැන්ගෙය තුළ ස්ථානගතවී ඇති අතර ඒවාද වයඹ දිශාව තුළ ස්ථාන ගත කරගැනීම වැදගත් වේ. එසේ නම් ඔබේ දහඩිය මහන්සියෙන් ගොඩ නැඟෙන නිවස තුළ නිවැරැදි වාස්තු විද්‍යාවට අනුව මුළුතැන්ගෙය දිශාගත කර ජීවිතයේ ඔබ බලාපොරොත්තු වන්නා වූ සතුට සැනසුම අත් විඳීමට කල්පනාකාරී වන්න.

වාස්තු විද්‍යා විශාරද
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී දේශමාන්‍යඅජිත් මද්දුමආරච්චි
සුබසෙත ජ්‍යොතිෂ මධ්‍යස්ථානය දොම්පෙ

ධම්මික හේවාවසම්

TAGGED: Architecture, වාස්තු විද්‍යාව
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

මොනව කළත් තාමත් හිත යන්නෙ නටන්න – නලින්ද කුමාර

September 25, 2023

නොබිව්වත් හැදෙන සිරෝසිස්

September 25, 2023

හෑන්ඩ් බෑග් එක නිසා ලෙඩ වෙන ගෑනු

September 25, 2023

බොන්සායි ගහ බබෙක් වගේ බලාගන්න

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?