නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: ඉස්සරහ දොර වගේම පස්සෙ දොර ගැනත් හිතන්න
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

ඉස්සරහ දොර වගේම පස්සෙ දොර ගැනත් හිතන්න

Published July 3, 2023

නිවසකට ඇතුළුවන සහ පිටවන දොරවල් සමග වාස්තු විද්‍යාත්මක කරුණු බොහෝ ලෙස බැඳී පවතිනවා. ප්‍රධාන දිශා 4 වන උතුරු, දකුණ, නැගෙනහිර සහ බටහිර යන දිශා වලට හසුවන පරිදි දොරවල් පිහිටු වීම කළ යුතුය. මෙහිදි එම දිශා වලින් නිවසට ලැබෙන ශක්තීන් පිළිබඳව සැලකීමේදි නිවසක සුබ අසුබ තත්ත්වය තීරණය කර ගත හැකිය.

පංචමහා භූතයන්ගෙන් නිවසට ලැබෙන ශක්තීන් ගැන තීරණය වේ.

උතුර දිශාව – ආපෝ ශක්තිය (ජලය)
දකුණු දිශාව – පඨවි ශක්තිය (පොළොව)
නැගෙනහිර දිශාව – තේජෝ ශක්තිය (ගින්දර)
බටහිර දිශාව – වායෝ ශක්තිය (සුළඟ) ලෙස හඳුනාගත හැකිය.

නිවසක ඇතුළත් වන සහ පිටවන දොරටු යෙදීම් මෙම දිශාවන් වල ඇති ශක්තීන් පදනම් කරගෙන සුබ අසුබ තීරණය වේ. බොහෝ දෙනෙකු නිවසක ප්‍රධාන දොරටුව පිළිබඳව සැලකිලිමත් වුවද පිටවන දොරවල් පිළිබඳව එතරම් උනන්දුවක් නොදක්වයි.

එහෙත් නිවසට ශක්තීන් ලැබීම මෙම සියලුම දොරවල් මගින් සිදුවන බැවින් ඉදිරිපස දොරට මෙන්ම පිටුපස දොරටද විශේෂ තැනක් දියයුතු අතර හැමවිටම පිටවන දොරටු ප්‍රධාන දොරට වඩා අඩු උසකින් සහ පළලකින් යුක්ත විය යුතුය. නිවසකට ඇතුළු වූ පසු නැවත පිටවීමට ඇති දොරටු ලෙස ප්‍රධාන වශයෙන්ම මුළුතැන්ගෙයින් දොරටුවක් යොදා ගන්නා අතරම ඇතැම් නිවාස වල කෑම කාමරයෙන්ද නිවසින් පිටවීම සඳහා දොරටුවක් සැලසුම් කර ගනී.

වර්තමනයේ Door Window ලෙස යොදා ගනු ලබන උළුවහු ක්‍රමයද දොරක් ලෙසම සැලකේ.නිවසක ඇතුළුවීමට හා පිටවීමට දොරටු යෙදීමේදී ප්‍රධාන දොරට අමතරව මුළුතැන්ගෙයින් පිටවීමට දොරටුවක් යෙදීම නිවසේ සැලසුම සාර්ථක කිරීමට හේතුවකි. එසේ නොමැති අවස්ථාවල නිවැසියන්ට විවධ රෝගාබාධ වලට ගොදුරුවීමේ අවදානමක් ඇතිවිය හැකිය. මෙම තත්ත්වය නිවසට ඇතුළත් වීමට හා පිටවීමට එක් දොරටුවක් පමණක් ඇත්නම් වඩාත්ම සැලකිලිමත් විය යුතුය.

යම් යම් අවස්ථාවලදි පුද්ගලයන් තමන්ගේ පහසුව උදෙසා එනම්, තමන් ගමන් කරන මාර්ගයට අසල වීම, තමන් ගමන් කරන වාහනය නවතා ඇති ස්ථානයට අසල වීම මත මුළුතැන්ගෙයින් ඇති හෝ වෙනත් අනෙකුත් දොරවල් මගින් නිවසින් පිටව යයි. මෙය යහපත් කාරණාවක් නොව තමාගේ අධ්‍යාපනයට රැකියාව සඳහා නිවසින් පිටව යෑමේදී ප්‍රධාන දොරම භාවිතා කිරීම ඉතාම සුදුසුය.

බොහෝ අවස්ථාවලදී නිවස තුළ සෝදාගත් රෙදි වියළා ගැනීමට නිවසින් එළියට ගෙන යෑමෙදීත්, නිවසට අවශ්‍ය මස්, මාළු ආදිය නිවස තුළට ගැනීමටත්, මුළුතැන්ගෙයින් පිටවන දොරටුව භාවිතා කළද නිවසට ලැබෙන ශක්තීන් මෙම දොරටු හරහා ද නිවසට ලැබෙන නිසාවෙන් මෙම පිටවීමේ දොරටු පිළිබඳව ද අන්වාර්යයෙන්ම අවදානය යොමුකළ යුතුය.

තවද පිටවීමේ දොරටුවද නිවසේ උතුර දකුණ රේඛාව, නැගෙනහිර බටහිර රේඛාව, ඊසාන නිරිත රේඛාව සහ වයඹ ගිණිකොණ යන රේඛාවන් (ගිණිකතිර රේඛාව) කැපී නොයන ස්ථානයන් වල පිහිටා තිබිය යුතු අතරම ප්‍රධාන දොරටුව මෙන්ම පිටවීමේ දොරටුව ඉහළින් යට ලී, බාල්ක, කුරුපා ආදිය නොයෙදෙන ලෙස සැලසුම් කර ගැනීමද ඉතාම වැදගත් වේ.

බොහෝමයක් නිවාස වල ගිණිකොණ දිශාවට මුළුතැන්ගෙය පිහිටා ඇති අතර මෙම මුළුතැන්ගෙයි ගිණිකොණ කෝණයට වන්නට පිටවීමට ඇති දොරටුව පිහිටා ඇත. මෙමගින් නිවැසියන්ට රෝග පීඩා ඇතිවේ. ගිණිකොණ කෝණයට වන්නටම දොරටු තැබීම නොකළ යුතුම දෙයක් බව පෙන්වා දිය යුතුය.

නිවසින් පිටවන දොරටුව ඉදිරියෙන්ද ළිඳ, වැසිකිළි වල ආදිය නොපිහිටන ලෙස තිබීම වඩාත් සුදුසුය. මෙම දොරටු සහ නිවසේ ඇති අනෙක් ජනෙල් දොරවල් එක කෙළින් පිහිටා ඒ තුළින් මෙමගින් එහා මෙහා පෙනෙන ලෙසද සැලසුම් නොකර ගත යුතුය.

ප්‍රධාන දිශා 04 ට සුදුසු දිශාවන් මත ගැළපෙන ලෙස නිවසට දොරටු තැබීම් ක්‍රම 16 ක් මත බැඳී පවතී. මෙය ෂෝඩශ ගෘහ වර්ග ලෙස හඳුන්වන අතර මින් 09 ක් සුබ ලෙසත් 07 ක් අසුබ ලෙසත් සැලකේ.

● ධ්‍රැව නිවස (උර්ධ්වමුඛ) – ඉහළින් දොරටුව ඇත. වර්තමානයේ භාවිතයේ නොමැති වුවත් ශුභ ලෙස සැලකේ.

● ධාන්‍ය නිවස – නැගෙනහිර දිශාවට පමණක් දොරටු ඇත. ව්‍යාපාරික ස්ථාන සඳහා සුදුසුය.

● ජය නිවස – දකුණු දිශාවට පමණක් දොරටු ඇත. සුබ නිවසක් ලෙස සැලකේ. නමුත් නිවැසියන්ට උද්‍යෝගය අඩු අලස ගති ඇති වේ.

● නන්ද නිවස -නැගෙනහිරට දකුණට දොරටු ඇත. කාන්තාවන්ට විශේෂයෙන් අශුභය. උෂ්ණ අධික රෝග, කේන්ති යාම ඇතිවන අසුබ නිවසකි.

● ඛර නිවස – බටහිර දිශාවෙන් පමණක් දොරටු පිහිටා ඇත. ධන හානි, අසමගිය ඇතිවන අසුබ නිවසකි.

● කාන්ත නිවස – නැගෙනහිර සහ බටහිර දොරටු ඇති සෞඛ්‍යය ශක්තිය ඇති ආර්ථික වශයෙන් සමඵල නිවසකි.

● මනෝරමා නිවස – බටහිර සහ දකුණට දොරටු පිහිටා ඇති ධනය, දේපළ හිමිවන   නිවසකි.

● සුමුඛ නිවස – බටහිර, නැගෙනහිර, දකුණ යන දිශා වලට දොරටු පිහිටා ඇති මෙම නිවස බොහෝමයක් ශක්තින් පිරි ධනය ලැබෙන නිරෝගී අයවලුන් බවට පත්වන සුබ නිවසකි.

● දුර්මුඛ නිවස – උතුරට පමණක් දොරටු පිහිටා අති රෝගී තත්ත්වයන් බහුලව ඇතිවන අසුබ නිවසකි.

● උග්‍ර නිවස – නැගෙනහිර හා උතුරින් දොරටු පිහිටා ඇති ධන හානි වන අසුබ      නිවසකි.

● රිපුද නිවස – උතුර සහ දකුණ දිශාවට දොරටු ඇති රෝග පීඩා ඇතිවන සොරුන්ගෙන් විපත් වලට මුහුණ දෙන අසුබ නිවසකි.

● ධනද නිවස – උතුර, දකුණ, නැගෙනහිරට දොරටු ඇති බොහෝමයක් ශක්තීන් ඇති ධන ධාන්‍ය, සම්පත් ලැබෙන ඉතා සුබ දායක නිවසකි.

● නාශ නිවස – උතුරට සහ බටහිරට දොරටු ඇත. ධනය අහිමි වන සෙම් රෝග වලට නිවැසියන් පත් කරන නිවසකි.

● අක්‍රාන්ද නිවස – උතුර, නැගෙනහිර, බටහිරට දොරටු පිහිටන අයථා බැඳීම් ඇති කරවන අසුබ නිවසකි.

● විපුල නිවස – උතුර, දකුණ,  බටහිර දොරටු පිහිටා ඇති යස ඉසුරු ලැබෙන සුබදායක නිවසකි.

● විජය නිවස – උතුර, දකුණ, නැගෙනහිර, බටහිර යන 04 දිශාවන්ටම දොරටු ඇති නිවසකි. සුබ වුවත් රාජ රාජ මහාමාත්‍යයන්ට සහ පොදු ස්ථානවලට සුදුසුය.

මෙම සුබ ශක්තීන් නිවසට ලැබීමට නිවසේ ඇති දොරටු නිවසට ඇතුල් වීම් පිටවීම් වශයෙන් නිවැසියන් භාවිතා කළ යුතුය. පිටවීමේ දොරටු දිගු කාලයක් වසා තබා තිබීම නුසුදුසුය.

මේ අනුව බලන විට නිවසින් පිටවීමේ දොරටු පිළිබඳ සහ ඒ මගින් නිවැසියන්ටත් නිවසටත් ඇති කරන බලපෑම ඉතා ඉහළ මට්ටමක පවතී.

සියලුම ශක්තීන් තුලනාත්මකව නිවසට ලැබීමටත්, විවිධ රෝග පීඩා වලින් වැළකීමටත්, ධන හානි වලින් මිදීමටත් නිවසක සියලුම දොරටු බලපායි. මේ නිසා නිවසක ප්‍රධාන දොරටුව මෙන්ම අනෙකුත්  පිටවීමේ දොරටු පිළිබඳව ද සැලකිලිමත් විය යුතු අතර පිටවීමේ දොරටු කිසි විටෙකත් අවතක්සේරු නොකළ යුතුය. මන්දයත් පෙර සඳහන් කළ පරිදිම වාස්තු විද්‍යාත්මක සිද්ධාන්ත මේ සඳහා බැඳී පවතින බැවිනි.

වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන

● ධම්මික හේවාවසම්

TAGGED: Architecture, වාස්තු විද්‍යාව
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love1
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

ලෝකයා ඉදිරියේ ක්‍රිකට් පරාජය වැසූ ප්‍රේමදාස පිටියේ සැබෑ වීරයන්

September 25, 2023

උරහිස ගල්වෙලා වගේ ඔයාලටත් දැනෙනවාද

September 25, 2023

ඔයාගෙ Ex ආයෙ ඔයාට හම්බ වුණොත් ඔයා මොකද කරන්නේ

September 25, 2023

ලස්සනට ගහන ටැටූ මාරාන්තික වෙන ලකුණු

September 25, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?