නවලිය
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • කතුවැකිය
Reading: සුටුස් ගා කැරපොත්තන් මට්ටු කරමු
Aa
නවලියනවලිය
Search
  • නවලිය – වසර 40 ක් ශ්‍රී ලංකික බුද්ධිමත් කාන්තාවන්ගේ තෝරා ගැනීම.
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • කතුවැකිය
  • ePaper
Follow US
© 2023 Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE
Top Stories

සුටුස් ගා කැරපොත්තන් මට්ටු කරමු

Published July 3, 2023

කැරපොත්තන් කියන්නේ ඕනෑම නිවසක පහසුවෙන් බෝ වෙන්න පුළුවන් සත්ත්ව විශේෂයක්. රෝග වාහකයෙක් වන කැරපොත්තන් ඔබේ නිවසෙත් ඉන්නවා නම් ඔවුන් ඉවත් කිරීම ඉතාම වැදගත්. ගෘහණියන්ට තියන ගැටලු අතරින් ප්‍රධාන ගැටලුවක් වන මෙය පහසුවෙන්ම විසඳගන්නා විදිහ අද අපි ඔබට කියල දෙන්න හිතුවා…

■ කැරපොත්තන් බෝවෙන්නේ කොහොමද?

● ආහාර මූලාශ්‍ර

කැරපොත්තන් කියන්නෙ සර්ව භක්ෂක සත්ත්ව විශේෂයක්. ඒ නිසා ඔවුන් ඕනෑම දෙයක් ආහාරයට ගන්නවා. පිෂ්ඨය, තෙල් සහිත ආහාර වර්ග, රස කැවිලි සහ මස් වර්ග යන ඕනෑම දෙයකට ඔවුන් ආකර්ෂණය වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් තවත් ප්‍රිය කරන දෙයක් තමයි කැළිකසළ කියන්නෙත්. ඉතින් මේ වගේ දේවල් පිටතට නිරාවරණය වන විදිහට ඔබේ නිවසේ තියෙනවා නම් කැරපොත්තන් පහසුවෙන් ඔබේ නිවසේ බෝ වෙන්න පුළුවන්.

● නවාතැන්

ඔබේ නිවසේ නිතර පිරිසිදු නොවෙන අහුමුලු, බිත්ති කුහර, තෙත් ස්ථාන, ඉලෙක්ට්‍රොනික උපකරණ පිටුපස, පින්තූර රාමු පිටුපස, කුහර සහිත ලී වැනි ස්ථානයන් තිබෙනවද? කැරපොත්තන් බොහෝ විට ඔවුන්ගේ නවාතැන් සඳහා තෝරාගන්නේ එවැනි ස්ථානයි. ඉතින් ඔබේ නිවසේ එවැනි ස්ථාන තියෙනවා නම් ඒවා පිරිසිදු කර නඩත්තු කිරීමට ඔබ සැලකිලිමත් වෙන්න ඕනෙ.

● ජලය

ඕනෑම සත්ත්වයකුට වගේම කැරපොත්තන් සඳහාත් ජීවත් වෙන්න ජලය අවශ්‍ය වෙනවා. ඉතාම පිරිසිදු නිවසක වුණත් නිතර තෙතමනය සහිත ස්ථානයක් තිබෙනවා නම් එහි කැරපොත්තන් බෝ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ජල කරාම අවට, පොකුණු අවට, වැසිකිළි බඳුන් පිටුපස ආදී ස්ථානවල මේ කැරපොත්තන් බෝවීමේ හැකියාව තියෙනවා.

■ කැරපොත්තන් මර්දනය කරන්න පුළුවන් පහසු ක්‍රම…

● පැඟිරි

පැඟිරි සුවඳ මිනිසුන් ප්‍රිය කරන සුවඳක් වුණත් කැරපොත්තන්ට එය විකර්ශකයක්. විශේෂයෙන්ම ලෙමන් සහ දෙහි සුවඳ කැරපොත්තන් පලවාහැරීමට උපකාරී වෙනවා. ඔබ නිවසේ පොළව, මුළුතැන්ගෙය, ජනේල වැනි ස්ථාන පිරිසිදු කරන විට ඒ පිරිසිදු කිරීමට භාවිතා කරන ජලයට ලෙමන් හෝ දෙහි එකතු කරන්න.

● බේකිං සෝඩා සහ ලෙමන්

කැරපොත්තන් මර්දනය කිරීමට හැකියාව තියෙන වේගවත්ම සහ පහසුම ක්‍රම වලින් එකක් තමයි මේ ක්‍රමය. බේකිං සෝඩා සහ ලෙමන්වලට උණු වතුර ස්වල්පයක් මිශ්‍රකර ඔබේ නිවසේ ඇති තෙත් ස්ථානවලට ස්ථානවලට ඉසින්න. මෙමගින් එවැනි ස්ථානවල කැරපොත්තන් බෝ වීම වළක්වනවා.

● උණු වතුර සහ විනාකිරි

උණු වතුරවලට විනාකිරි මිශ්‍ර කර රාත්‍රී කාලයේදී ඔබේ මුළුතැන්ගෙයි පැන්ට්‍රි එකල සින්ක් අවට හොඳින් පිස දමන්න. ඒ වගේම මුළුතැන්ගෙයි ජලය බැස යන කාණුද මෙම උණු වතුර සහ විනාකිරි මිශ්‍රණයෙන් සෝදා හරින්න. එමගින් කාණු විෂබීජහරණය වී කැරපොත්තන් පැමිණීම සහ බෝ වීම වළක්වනවා.

● කුරුඳු කුඩු

කුරුඳුවල ඇති ප්‍රභල සුවඳ නිසා කැරපොත්තන් පැමිණීම සහ බෝවීම පහසුවෙන්ම වළක්වා ගන්න පුළුවන්. ඔබ කළ යුතු වන්නෙ රාත්‍රී කාලයේදී කුරුඳු කැබැල්ලක් හොඳින් කොටා එම කුරුඳු කුඩු කැරපොත්තන් පැමිණිය හැකි ස්ථානවලට ඉසීම පමණයි.

● පිපිඤ්ඤා

ඔබ බොහෝ ප්‍රිය කරන මේ එළවළු කැරපොත්තන් බොහෝ අප්‍රිය කරනවා කියලා ඔබ දන්නවද? පිපිඤ්ඤාවල සාරය සහ එහි ඇති සුවඳ කැරපොත්තන් පිළිකුල් කරනවා. ඔබේ නිවසේ කැරපොත්තන් ගැවසෙන ස්ථානයක් ඔබ දකිනවා නම් පිපිඤ්ඤා පෙති කිහිපයක් තබන්න.

● කොහොඹ

කැරපොත්තන් මර්දනය කරන්න කොහොඹ කියන්නේ ඉතාම හොඳ ක්‍රමයක් ඔබේ මුළුතැන්ගෙයි හෝ කැරපොත්තන් බෝවෙන ස්ථානවල කොහොඹ කොළ කිහිපයක් තබන්න. එසේත් නැත්නම් උණු වතුර සමග කොහොඹ යුෂ ස්වල්පයක් මිශ්‍ර කර ඉසින්න. නිවස පිරිසිදු කරන විට මේ මිශ්‍රණයද පාවිච්චි කරන්න ඔබට පුළුවන්.

● බේ කොළ

කැරපොත්තන්ගේ පැමිණීම වළක්වන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි බේ කොළ. බේ කොළ කිහිපයක් කුඩුකර කැරපොත්තන් පැමිණෙන ස්ථානවල සහ මුළුතැන්ගෙයි සින්ක් එක අවට ප්‍රදේශවල සහ වෙනත් තෙත සහිත ස්ථාන අවට ඉසින්න.

එහෙම නැත්නම් බේ කොළ කිහිපයක් හොඳින් තම්බා එම වතුර මුළුතැන්ගෙයි අවට ස්ථානවල රාත්‍රී කාලයේ දී ඉස තබන්න.කැරපොත්තන්ගේ කරදරයෙන් මිදෙන්න ඔබ මේ ක්‍රම භාවිතා කළත් ඔබ නිරන්තරයෙන්ම නිවස අවට මුළුතැන්ගෙ කැළිකසළ බැහැර කරන ස්ථාන ඉතා පිරිසිදුව තබා ගන්නට ඕනේ. මේ ක්‍රම වලින් ඉතාම සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට පුළුවන් වන්නේ එවිටයි. වෙළඳපොලේ ඇති මිල අධික රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවාට වඩා ඔබේ නිවසේම ඇති ද්‍රව්‍ය වලින් ඔබට මේ කැරපොත්තන්ගේ ගැටලුවෙන් මිදෙන්නට පුළුවන්.

(smartlady.lk ඇසුරෙන්)

අර්චිත ඉඳුවර

TAGGED: Cockroach control, කැරපොත්තන් මර්දනය
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

හරි බදුනක සිටුවිය යුතු බොන්සායි ගස්

September 18, 2023

අත් හැරීම පුරුදු කළ සිත්වලට ඕනම දේත් අතහරින්න පුළුවන්

September 18, 2023

එයාලට පාඩම් වැඩවලදී අම්මෙක් නොවී යාළුවෙක් වෙන්න

September 18, 2023

මගේ චූටි මැණික කොහේහරි ඉඳන් අපි දිහා බලාගෙන ඇති

September 18, 2023
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • harinavaliya@gmail.com

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • dananjayaw@unl.upali.lk

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2023 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Join Us!

නවලිය ඔබ වෙත ගෙනෙන නවතම විශේෂාංග මුලින්ම දැනගන්න Email Address එක දමා Sign Up කරන්න.

Zero spam, Unsubscribe at any time.
Welcome Back!

Sign in to your account

Lost your password?